Friday, December 19, 2025
spot_img

Latest Posts

“ආර්ථික විද්‍යාව ‘ලීක්’ වුණාද?”  හරි දේශය හෙළිදරව්ව!! විභාග කොමසාරිස් ගෙන් CID යට පැමිණිලි..

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසා තිබේ.

පසුගියදා පැවති උසස් පෙළ විභාගයේදී ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාළව එක්තරා ටියුෂන් ගුරුවරයෙකු විසින් ලබාදී තිබූ අනුමාන ප්‍රශ්න පත්‍රය හා බොහෝ සෙයින් සමාන වීමත් සමග යම් ආකාරයක වංචා සහගත සිදුවීමක් වීද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවට හරි දේශය හෙළිදරව්වක් සිදු කළේය.


ඒ අනුව ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලබාදීම, ප්‍රශ්න පත්‍ර පිටවීම ඇතුළු චෝදනා කිහිපයක් සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශ වන බවත් ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී එවැනි සිදුවීමක් අනාවරණය වී නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසන්නීය.



කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගැනීමට අවශ්‍ය නිසා විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව කොමසාරිස් ජනරාල්වරිය පවසයි.


Latest Posts

spot_imgspot_img