ලක්සල ආයතනයේ සිදුවන බව කියන අක්‍රමිකතා පිළිබඳව අපගේ හරි දේශය වෙබ් අඩවිය විසින් කළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින්, මීට පෙර පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවකු වූ සලා ග්ලෝබල් හි හිමිකරු චින්තක විජේවික්‍රම මහතා අප වෙත ලිපියක් එවා අපගේ අනාවරණයන් වැරදි බව සඳහන් කළේය. පිළිතුරු දීමේ අයිතිය සුරකිමින් අප එම ලිපිය ප්‍රකාශයට පත් කළෙමු.
ඊයේ (නොවැම්බර් 20), අප වෙත ලැබී ඇත්තේ එම විෂය සම්බන්ධයෙන් ලක්සල ආයතනයට ‘ආදරය කරන සේවක පිරිසකගේ’ යැයි සඳහන් ලිපියකි. ඔවුන් විසින් නව සභාපතිනිය යටතේ සිදුවන බව කියන බරපතල අක්‍රමිකතා සහ දුර්වලතා පිළිබඳව කරුණු ගණනාවක් ඉදිරිපත් කර ඇත.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අවධානයට යොමු කරනු පිණිසත්, අපගේ විමර්ශනයේ තවත් පැතිකඩක් ලෙසත්, මෙම ලිපියේ ඇතුළත් ප්‍රධාන චෝදනා සංක්ෂිප්ත කර පහතින් දක්වමු. මේ පිළිබඳව යම් අදහස් දැක්වීමක් වේ නම් එයටද අදාළ පාර්ශ්වකරුවන්ට අවස්ථාවක් ලැබෙනු ඇත.
ලක්සල සේවකයන්ගෙන් බරපතල චෝදනා!
මෙම ලිපියෙහි ලක්සලට ආදරය කරන සේවක පිරිසක් විසින් වත්මන් සභාපතිනිය සහ කළමනාකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් පහත සඳහන් චෝදනා එල්ල කර ඇත:
එමගින්,
- නව සභාපතිනියගේ සුදුසුකම් ප්‍රශ්න කිරීම: ඇය Chartered Accountant වරියක බව ප්‍රකාශ කළද, සත්‍ය වශයෙන්ම ඇයට එම සුදුසුකම නොමැති බව සොයා බැලීමේදී ඔප්පු වී ඇති බව සේවකයෝ පවසති.
- පැරණි වංචාකරුවන් සමඟ කටයුතු කිරීම: පක්ෂපාතී සේවකයන් බලාපොරොත්තු වූයේ ඇය පැරණි වංචා සොයා බලනු ඇතැයි වුවද, ඇය පෙර නීති විරෝධී ගිවිසුම් අත්සන් කරන ලද පාර්ශව සමඟ කුළුපගව ආශ්‍රය කරමින් එම ගිවිසුම නැවත සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බව සේවකයෝ චෝදනා කරති.
- තුන්මුල්ලේ මැණික් අංශය බදු දීම: තුන්මුල්ල ප්‍රදර්ශනාගාරයේ මැණික් හා ස්වර්ණාභරණ අංශය අවුරුදු දහයකට ‘ග්ලෝබල් ලින්ක්’ නමැති ආයතනයකට බදු දීමෙන් විශාල පගාවක් ලබා ගැනීමක් සිදු වී ඇති බවත්, මෙය රාජ්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කළ වංචාවක් බවත් ලිපියේ සඳහන් වේ.
- නව වංචනික ව්‍යාපෘති: නව සභාපතිනිය රුපියල් මිලියන 10ක් වැයකර මීගමුව නව ප්‍රදර්ශනාගාරයක් පිහිටුවීමට අත්තිකාරම් ලබා දී ඇතත්, මාස 5-6ක් ගත වී ඇතත් කිසිදු ප්‍රදර්ශනාගාරයක් පිහිටුවා නොමැති බවත්, ඇතුළාන්ත ආරංචි මාර්ග අනුව ඇය හොර ජාවාරම් පටන් ගෙන ඇති බවත් සේවක පිරිස පවසති.
- මිලදී ගැනීම්වල අක්‍රමිකතා සහ ආදායම් කඩා වැටීම: සභාපතිනියගේ දුර්වල පාලනය හේතුවෙන් 2024 වර්ෂයේ රුපියල් මිලියන 900ක් වූ ආදායම සීඝ්‍ර කඩා වැටීමකට ලක්ව ඇති බවත්, සැපයුම්කරුවන්ට ගෙවීම් පැහැර හැරීමෙන් ඔවුන් භාණ්ඩ ලබා නොදෙන තත්ත්වයක් උදා වී ඇති බවත් සේවකයෝ පෙන්වා දෙති.
- අභ්‍යන්තර පත්වීම් සහ බලපෑම්: ඇය මුදල් අංශයට ඇයට හිතවත් කිහිප දෙනෙක් පත් කර ගනිමින් ගෙවීම් කටයුතුවලට බලපෑම් කිරීමට උත්සාහ කරන බවත්, පැරණි සේවකයන් පසෙකට දමා වංචනික අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා හිතවත් සේවකයන් ඇතුළත් කර ගන්නා බවත් චෝදනා කරයි.
තවද ලක්සල සේවක පිරිස රජයේ අදාළ නිලධාරීන්ගෙන්, කෝප් කමිටුවෙන් සහ රජයේ විගණකාධිපතිගෙන් වහාම මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටී.



සම්පූර්ණ ලිපිය පහත පළවේ.
ප්‍රධාන කතෘ හරි දේශය
හිතවත් සංස්කාරක,
ලක්සල ආයතනයේ සිදුවී අති විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා පිළිබඳව හෙලිදරව්වක්
ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය තුල පසුගිය කාල සමයේ ප්‍රදාන පෙලේ අක්‍රමිකතා කිහිපයක් පිලිබදව පහත අනාවරණය කර ඇත.
i ආයතනයේ තුන්මුල්ල ප්‍රදර්ශනාගාරය පහල මාලයේ තුල පවතින්නා වූ මැණික් හා ස්වනාබරණ අංශය වෙනත් පාර්ශවයකට බදු දීම ආයතනයේ ප්‍රදාන අරමුණු වලින් සම්පුර්ණයෙන්ම බැහැර වීම මගින් මෙමගින් විශාල පගාවක් ගැනීමක් සිදු වී ඇති බව පැහැදිලිවම පෙන්නුම් කෙරෙන කරුණු කිහිපයක් ඉදිරිපත් කල හැක. මෙම බදු දීම අවුරුදු දහයකට ග්ලෝබල් ලින්ක් නමැති ආයතනයකට දී ඇති බව අනාවරණය වී ඇත. ග්ලෝබල් ලින්ක් ආයතනය, සලා ග්ලෝබල් නමැති ආයතනයේ අනුබද්ධිත ආයතනයක් බව හෙළි වී ඇත. තවද චීන හවුල්කරයෙක් සම්බන්ද කරගෙන මෙම මගඩිය කරන්න සැලසුම් කර ඇති බව අභ්යන්තර ආරංචි මාර්ග වලින් හෙළි වේ.
මෙම ගිවිසුමේ පළමු වන හෙළිදරව්ව නම් රාජ්‍ය ආයතනයකට සභාපති සහ ඉහල කළමනාකාරිත්වයට ස්ව කැමැත්ත නොමැතිව අවුරුදු දහයකට රාජ්‍ය ආයතනයක කොටසක් බදු දිය හැකිද? මෙවැනි කාලයකට බදු දීමට කැබිනට් මණ්ඩල අනුමැතියක් අවශ්‍ය නොවන්නේද? මෙය හුදෙක්ම පෞද්ගලික වාසි සඳහා සභාපති ඇතුළු කළමනාකාරිත්වය විසින් ග්ලෝබල් ලින්ක් ආයතනයට දී ඇති බව ඕනෑම පොඩි දරුවෙකට වුවත් පැහැදිලි වනු ඇත.
තවත් කාරණයක් නම් රජයේ ටෙන්ඩර පටිපාටියෙන් බැහැරව එක ආයතනයකට පමණක් රජයේ ගොඩනැගිල්ලක කොටසක් බදු දිය හැකිද? මෙතන විශාල වංචාවක් සිදු වී ඇති බව තහවරු වනු ඇත.
ආයතනයේ සේවකයන්ගේ අදහස් පරිදි මෙම වංචනික ගිවිසුමට මුල් වී කටයුතු කර ඇත්තේ එවකට සිටි සභාපති සහ සලා ග්ලෝබල් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂකවරයා බවය.
ආයතනයේ සේවකයන්ගේ ලද තොරතුරු අනුව වැඩ බලන අධ්‍යක්ෂක පිරිස් පාලන යටතේ පවතින පාලන අංශය තුල මෙම ගිවිසුම් හොර රහසේ පිළියෙළ කර ඇත. මෙම නිලදාරියා ලවා සියලුම හොර ගිවිසුම් පිළියෙළ කර ඇති බව එම අංශයේම නිධාරීන්ගෙන් දැනගන්නට ලැබිණි. එබැවින් මෙම නිලධාරියා සෘජුවම මෙම වංචා වලට සම්බන්ද බව ආයතනයේ එම අංශයේම නිධාරීන් පැවසීය.
මෙම අනීතික ගිවිසුම ඔස්සේ ලොකු අල්ලස් මුදලක් ගිවිසුමට සම්බන්ද බාහිර ආයතනයේ පාර්ශව විසින් ලක්සලේ මෙම ගිවිසුමට සෘජුවම සම්බන්ද නිලධාරීන් වෙත ලබා දී ඇති බව පැහැදිලිය.
එබැවින් මෙම දුෂිත නිලස්රින්ට විරුද්ධව පුළුල් පරීක්ෂණයක් කර මෙම ධුෂිත නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.
2 2023/2024 වර්ෂ තුලදී කෞතුකාගාර ප්‍රදර්ශනාගාරය වසා දැමීමේදී රු.මිලියන 100ක් පමණ විකුණුම් තොග ප්‍රමාණයක් පැවතුනි. මෙම ප්‍රධාර්ශනාගාරය වසා දැමීමේදී තොග විශාල ප්‍රමාණයක් වෙනත් වාහන වල දමා තොග පිටින් වෙනත් පාර්ශව වෙත කුණු කොල්ලයට විකුණා ඇති බවට අනාවරණය වී ඇත. මෙම තොග විශාල ප්‍රමාණයක් තොග වශයෙන් වෙනත් කඩ වලට විකුණා කොමිස් මුදල් ලබා ඇති බව පැවසේ. තොග පාලන අංශයේ සේවය කරන ප්‍රදාන නිලධාරියා වංචා සහගත ලෙස සභාපති සමග මෙම විකුණුම් එක්ව මෙම ලක්ෂ ගානක් වටින භාණ්ඩ සොරකම් කරවා කොමිස මුදල් ලබාගෙන ඇති බවත් තොග පාලන නිලධාරියා තොග සම්පුර්ණයෙන්ම පද්දතිය තුලින් ඉවත් කරන්නට කටයුතු කර ඇත. මෙයට කළමණාකාරිත්වයේ අනුමැතිය හෝ සභාපතිගේ අනුමතියවත් ලබා නොමැති බව ආයතනයේ නිලධාරීන් පැවසීය. මේ පිලිබදව වහ අදාළ අයගෙන් කරුණු විමසා නිසි පරිදි දඩුවම් ලබා දෙන මෙන් ඉල්ලමි.
X විශේෂම කාරණය වන්නේ 2025 වර්ෂයේ පටන් නව සභාපතිනියක් පත් වුවද ඇය මෙම ලක්සල ආයතනය මේ වන විට ලොකු අරුබුද රැසකට මැය යටතේ පත්ව ඇති බවය. මෙම සභාපතිනිය කළමනා කරණය පිලිබඳ කිසිම දැනුමක් නැති පුද්ගලයෙක් බව මේ වන විට ඔප්පු කර ඇත. ඇය පවසා ඇත්තේ ඇය Chartered Accountant කෙනෙක් බවය. එහෙත් සොයා බැලීමේදී ඇයට එම සුදුසුකම නැති බව මේ වන විට ඔප්පු වී හමාරය. සේවකයන් පවසන ආකාරයට ඇය මෙම ආයතනය අගාදයට පත් කරමින් පවතින බවය. සේවකයන් බලාපොරොත්තු වුයේ ඉහත දක්වා ඇති වංචා ඇය සොයා බලා අදාළ පියවර ගෙන නිසි දඩුවම් අදාළ පාර්ශවයන්ට ලබා දෙනු ඇති යන ඇදස්සෙන්ය. එහෙත් ඇය මේ වනවිට මෙම ගිවිසුම් අත්සන් කරන ලද පාර්ශව සමග ඉතා කුළුපගව ආසරය කර මෙම ගිවිසුම නැවත සංශෝදනය කිරීමට කටයුතු කර ඇති බවය. ඇය ඇමැතිතුමාවත් මේ වන විට මුලාවට ලක්කර ඇති බව පැහැදිලි වේ. මේ නිසා අමාත්‍යාංශය අනුමැතිය ඇතිව නොබෝ දිනකින් මෙම මැණික් හා ස්වන බරණ අංශය විවුර්ථ කිරමට සැලසුම් කර ඇත.
නව සභාපතිනියටත් අපට වැටහෙන ආකාරයට විශාල කොමිස් මුදලක් අදාළ ආයතන වලින් ලබා දී ඇති බවය.
X මෙම නව සභාපතිනිය රුපියල් මිලියන 10ක් වැයකර මීගමුව නව ප්‍රදර්ශනාගාරයක් පිහිටු වීමට අත්තිකාරම් ලබා දී ඇත. කෙසේ වෙතත් මාස 6ක් මේ වන විට ගත වී ඇතත් කිසිදු ප්‍රදර්ශනාගාරයක් පිහිටුවා නොමැත. ඇතුලාන්ත ආරංචි මාර්ග අනුව මෙම නව සභාපතිනිය රුපියල් මිලියන 10ක් වැයකර මිගමුව නව ප්‍රදර්ශනාගාරයක් පිහිටු වීමට අත්තිකාරම් ලබා දී ඇත. කෙසේ වෙතත් මාස 5ක් මේ වන විට ගත වී ඇතත් කිසිදු ප්‍රදර්ශනාගාරයක් පිහිටවා නොමැත. ඇතුලාන්ත ආරංචි මාර්ග අනුව සභාපතිනිය ඇයගේ හොර ජාවාරම් පටන් ගෙන ඇති බවය. ඇය ඇයගේ සමීප හිතවතෙක් ලවා මීගමුව ප්‍රදර්ශනාගාරයට Interior design කරවා ගැනීමට මේ වනවිට කටයුතු සලසමින් පවතී. ඇය ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට බලපෑම් කරමින් ඇයගේ හිතවත් පුද්ගලයට මෙම ටෙන්ඩරය ලබා දෙන ලෙස තරය බලපෑම් කිරීමට පටන් ගෙන ඇත. තවද මේ වන විට ආයතනයේ මුදල් අංශයට ඇයට හිතවත් කිහිප දෙනෙක් දැමීමට කටයුතු කර ඇත. මෙමගින් ඇය උත්සහ ගනුයේ ගෙවීම් කටයුතු වලට බලපෑම් කිරීමටය.
සභාපතිනිය පැරණි සේවකයන් පසකට තබා ඔවුන් ඉවත් කිරීමටත් ඇයට හිතවත් සේවකයන් ඇතුලට ගෙන ඇයගේ වංචනික අඛිලාසයන් ඉටු කරගැනීමට කටයුතු සලසමින් පවතී. ඇයට මෙම ක්‍රම වේදයට සහය ලබා දෙනුයේ සැපයුම් ජාල අධයක්ෂක සහ වංචනික ලෙස සභාපතිනිය පැරණි සේවකයන් පසකට තබා ඔවුන් ඉවත් කිරීමටත් ඇයට හිතවත් සේවකයන් ඇතුලට ගෙන ඇයගේ වංචනික අඛිලාසයන් ඉටු කරගැනීමට කටයුතු සලසමින් පවතී. ඇයට මෙම ක්‍රම වේදයට සහය ලබා දෙනුයේ සැපයුම් ජාල අධ්යක්ෂක සහ වංචනික ලෙස කෞතුකාගාර ප්‍රදර්ශනාගාරය තුල භාණ්ඩ මිලියන ගානක් පන්නවා කොමිස් ගත් තොග පාලන ඒකකයේ ප්‍රධානියාය.
2024 වර්ෂයේදී රුපියල් මිලියන 900ක් වූ ලක්සල ආදායම මේ වන විට නව කළමනාකාරිත්වය යටතේ සීග්‍ර කඩා වැටීමකට ලක්ව ඇති බව සියලුම ආයතනයේ සේවකයෝ පැවසීය. මෙයට හේතුව වී ඇත්තේ මෙම සභාපතිනියගේ දුර්වල පාලනය සහ විදේශික පාරිබෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගනිමක් කිරීමට මිලදී ගැනීමේ අංශය කිසිදු උත්සහයක් නොදැක්වීම මතය. සැපයුම් කරුවන්ට ගෙවීම් පැහැර හැරීමෙන් ඔවුන් භාණ්ඩ ලබා නොදෙන තත්වයක් උදා වී ඇත. තවද මිලදී ගැනීමේ අංශය සැපයුම් කරුවන්ට කිසිදු සැලකීමක් නොදක්වන බව ද ඔවුන් ඔ ලක්සල මිලදී ගැනීමේ අංශය වෙත ගිය විට බැණ වදිමින් ඔවුන්ට නොයෙකුත් අපහස වදින්නට සිදුවන බවද සැපයුම් කරුවන් පැවසීය.
අපි රටක් හැටියට මෙම රජයෙන් බලාපොරොතු වුයේ වංචාව නැතිකොට ජාතියක් හැටියට වැටුණු රට ගොඩ ගනිවී යන අදහසයි. ඒ අනුව ජනතාව මෙම ආණ්ඩුව පිහිටුවීමට චන්දය ලබා දුනි. එහෙත් ප්‍රධාන අමාත් යාංශයක් යටතේ පවතින ලක්සල ආයතනයේ වී ඇති වංචා සගවන්නටත් එවැනි ලෙස නැවත වංචා සහගත වියපෘති යලින් කරගෙන යාමටත්, නව වංචනික ක්‍රියාවලි කිරීමටත් නව සභාපතිනිය සහ ඇයට සමීප නිලධාරීන් කටයුතු සලසමින් පවතී. එබැවින් මේ පිළිබඳව වහා විමර්ශනය කරන ලෙස අදාළ රජයේ නිලධාරීන්ට, කෝප් කමිටුවට සහ රජයේ විගණකාධි පතිගෙන් ලක්සලේ සේවක පිරිස බලාපොරොත්තු වෙමු.
මෙයට,
ලක්සලට ආදරේ කරන සේවක පිරිස
#සබැඳි ලිපි

