Latest Posts

ව්‍යාජ සමාගම් 36කින් කළ ඩොලර් ජාවාරම: යූනියන්, සෙලාන්, නේෂන්ස්, සම්පත් බැංකු නිලධාරීන්ට තද ඇප කොන්දේසි!

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ සමාගම් 36ක් පිහිටුවා ඇමරිකන් ඩොලර් බිලියනයකට අධික (ඩොලර් මිලියන 80කට ආසන්න) දැවැන්ත මුදලක් නීති විරෝධී ලෙස විදේශගත කිරීමේ අතිශය සංකීර්ණ මහා පරිමාණ මූල්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (17) නියෝග කළේය.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.

ඇප හිමිවූ බැංකු නිලධාරීන්:

  • ධර්මලිංගම් ප්‍රසාද් – කළමනාකරු, යූනියන් බැංකුව (කොටුව ප්‍රධාන වීදිය ශාඛාව)
  • ශිරාන් මාරියෝ ප්‍රනාන්දු – කළමනාකරු, සෙලාන් බැංකුව (පරණ යොන්වීදිය ශාඛාව)
  • අමිල උදාර ලියනමාන්න – කළමනාකරු, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (පරණ යොන්වීදිය ශාඛාව)
  • උමේෂ් රන්දික ප්‍රනාන්දු – ප්‍රධාන කාර්යාල නිලධාරී, සම්පත් බැංකුව

තදබල ඇප කොන්දේසි සහ තහනම් නියෝග:

  • මුදල් හා ශරීර ඇප: එක් එක් සැකකරු සඳහා රුපියල් 25,000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කෙරිණි. මෙහිදී මහේස්ත්‍රාත්වරයා විශේෂයෙන් දැනුම් දුන්නේ ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවයි.
  • විදෙස් ගමන් තහනම: සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමට නියෝග කෙරිණි.
  • සේවා ස්ථාන තහනම: අදාළ බැංකු නිලධාරීන්ට ඔවුන් සේවය කළ බැංකු ශාඛාවලට මෙන්ම ප්‍රධාන කාර්යාල පරිශ්‍රයන්ට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම වළක්වාලමින් අධිකරණය මගින් විශේෂ නියෝගයක්ද නිකුත් කෙරිණි.

ප්‍රධාන ජාවාරම්කරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි:

මෙම ජාවාරමේ ප්‍රධාන මහ මොළකරු ලෙස සැලකෙන ව්‍යාපාරික මොහොමඩ් ජෙෆ්රි (ජෙෆ්රි මොහොමඩ්) සහ ඊට සම්බන්ධ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉන්ෆාඩ් යන දෙදෙනා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් දෙදෙනා ලබන මස 1 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග විය.

මත්ද්‍රව්‍ය හා මුදල් විශුද්ධිකරණ බැඳීම:

අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ, පළමු සැකකාර මොහොමඩ් ජෙෆ්රිට එරෙහිව මත්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණයේ දැනටමත් අධිචෝදනා ගොනුකර ඇති බවයි. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම ඔස්සේ උපයාගත් රුපියල් ලක්ෂ 65කට අධික මුදලක් බැංකුගත කර ඇති බවටද තොරතුරු හෙළිව තිබේ.

ඩොලර් බිලියන 190ක මහා නීති විරෝධී ගනුදෙනු ජාලය:

විමර්ශන නිලධාරීන් හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව:

  • මහා පරිමාණ පරීක්ෂණය: මෙරටින් ඇමරිකන් ඩොලර් බිලියන 190ක් නීති විරෝධී ලෙස බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ පුළුල් විමර්ශනවලදී මෙම අතිශය සංකීර්ණ ජාවාරම අනාවරණය වී ඇත.
  • ව්‍යාජ සමාගම්: ජෙෆ්රි මොහොමඩ් නැමැත්තා විසින් ව්‍යාජ ලෙස පිහිටුවා ඇති සමාගම් ගණන 36කි. ඊට අමතරව තවත් සමාගම් 5ක් සහ මුස්ලිම් බැංකුවක් පිළිබඳවද තොරතුරු පරීක්ෂණයට ලක්වෙමින් පවතී.
  • ගනුදෙනු නීති විරෝධී රටාව: ප්‍රධාන සැකකරු විසින් නීති විරෝධී ලෙස ගනුදෙනු 1,554 වතාවක් සිදුකර තිබේ.
  • මුදල් විශුද්ධිකරණය: රුපියල් බිලියන 12ක්, මිලියන 415ක් සහ 759,147ක මුදලක් මෙසේ හුවමාරු කරගෙන ඇති අතර, දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව මොහු රටින් පිටකර ඇති මුළු මුදල රුපියල් බිලියන 86කි.

සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) වැඩිදුර විමර්ශන පවත්වයි.

Latest Posts

spot_imgspot_img