Latest Posts

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක

කෝරාළගේ ලියුම (4)

ඊයේ රෑ යහලුවෙක් කතා කරා. යහලුවෙක් කියන්නේ, පරණ පත්තර කාරයෙක්. මිනිහත් එක්ක කතා කරන කොට තමයි දන්නේ, ආණ්ඩුව අළුත් මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් පත් කරලා කියලා.

නලින්ද ජයතිස්ස ට , ඔය වැඩ ඔක්කෝම අස්සේ, මාධ්‍යට ප්‍රකාශක තනතුර කරන්න බැහැ කියලා, T.B සරත් වගේ එකෙක්ටත් තේරෙනවා. 

සුදත්ත තිලකසිරි. මිනිහා දන්නවා, රටේ එවුන්ට කතා කරන විදිය. ඒ භාශාව, ඒ වාග් විලාශය. ඉස්සර, එක්සත් ජාතික පක්ශයේ, රණසිංහ ප්‍රේමදාස මිනිස්සුන්ට කතා කලේ, ඔය වගේ අමුතු භාෂාවකින්.

සුදත්ත, දවසට අඩුම තරමේ වීඩියෝ පහක් එළියට දානව. අඩුම තරමේ, දවසට 100,000 ක් වත් ඔය වීඩියෝ බලනව. මමත්, ආන්ඩුවේ ගමන් මග දැන ගන්නේ සුදත්ත ගෙන්. අගමැතිනි, ආණ්ඩුවේ කිසිම තීරනයක් ගැන දන්නේ නැහැ. කැබිනට් ඇමතිලා, මෙලා දෙයක් දන්නේ නැහැ. හැබයි, සුදත්ත දන්නවා. සුදත්තට, ආණ්ඩුවේ අභ්‍යන්තර ලිපි ලේඛන, තීරණ ඔක්කෝම තියෙනවා. 

කාටහරි වැඩක් කරගන්න ඕනෑ නම්, ඩීල් එකක් දාගන්න ඕනෑ නම් කතකරන්න් ඕනෑ සුදත්තට. ඒකට, ඔහු ගානක් අය කර ගත යුතුයි. එතොකොට, ඔහුගේ චැනල් එකට, ඔය බිස්නස් කාරයෝ, දැන්විම් හරහා මුදල් දිය යුතුයි. සුදත්තව තරහා කරගත්තොත්, හිට්ලර්ගේ ගොබෙල්ස්ව තරහා කරගත්තා වගේ තමයි කියලා මට හිතුනා. 

මම සුදත්තට බයක් නැහැ. මොකද මම වැලේ වැල් නැතිව ඉන්න මිනිහෙක්. නැති වෙන්න දෙයක් නැහැ. මට සුදත්ත ගැන තියෙන්නේ සෙනෙහසක්. අපිට, දශක ගණනාවක් තිස්සේ කරන්න බැරි වැඩක් කීරීම ගැන. 

ඒ තමයි, YOUTUBE චැනලයක් කරලා, මාසකෙට මිලියන 5 ක් විතර ඉතා සාධාරණ ලෙස හම්බ කරලා, මුලු ආණ්ඩුවට නැති බැරි මිනිහෙක් වෙලා, විපක්ශයේ ඉන්න එවුන්ට කුඩු වෙන්න ගහලා, බිස්නස්  කරන හැම එකාවම බය කරලා, මේ කරන විප්ලවයට මම ආසයි. 

විපක්ශය හිරේ යන්නේ, අනුර නිසා නෙමේ. ඒ සුදත්ත නිසා. සුදත්ත වගේ එකෙක්, සජිත්ගේ පුටුවේ හිටියනම්, ආන්ඩුවේ එවුන් කරන මරි වැඩ වලට, මිනිස්සු මිරිස් කුඩු ගහලා.

අදට ඇති.

Latest Posts

spot_imgspot_img