Latest Posts

නීතියේ සීමා පැනගිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගමට මහාධිකරණ විනිසුරුගෙන් දැඩි අවවාද!

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල් කෝටි 14 කට අධික රජයේ මුදල් වංචා කළේ යැයි කියන සිද්ධිය ඇතුළු චෝදනා 13 ක් යටතේ, අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (09) යළි කැඳවිණි.

නමුත් ඊයේ දින අධිකරණ භූමිය තුළින් මතුවූයේ හුදෙක් චෝදනා විභාග කිරීමකට එහා ගිය බරපතල නීතිමය සහ වෘත්තීය ගැටලුවකි. එනම් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මියගේ නීති විරෝධී සහ අත්තනෝමතික ක්‍රියාකලාපයයි.

සාක්ෂිකරුවන් මෙහෙයවීමද? නැතහොත් තර්ජනය කර මර්දනය කිරීමද?

නඩු විභාගය අතරතුරදී ජනාධිපති අතිරේක ලේකම්වරියගෙන් විත්තියේ නීතිඥ නයන්ත ජයසුන්දර මහතා හරස් ප්‍රශ්න ඇසීමට පටන් ගත් අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අත දිගු කරමින් සාක්ෂිකාරියට නොගැලපෙන ලෙස නියෝග කළේ එම ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වළකින ලෙසයි. මෙහිදී පැහැදිලි වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක සාක්ෂිකරුවෙකුට විත්තිය අසන ප්‍රශ්න හමුවේ නීතියට පිටින් යමින් සෘජුවම බලපෑම් කිරීමට සහ නීත්‍යානුකූල හරස් ප්‍රශ්න ඇසීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවයි.නඩු විභාගය අතරතුරදී ජනාධිපති අතිරේක ලේකම්වරියගෙන් විත්තියේ නීතිඥ නයන්ත ජයසුන්දර මහතා හරස් ප්‍රශ්න ඇසීමට පටන් ගත් අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අත දිගු කරමින් සාක්ෂිකාරියට නොගැලපෙන ලෙස නියෝග කළේ එම ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වළකින ලෙසයි. මෙහිදී පැහැදිලි වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක සාක්ෂිකරුවෙකුට විත්තිය අසන ප්‍රශ්න හමුවේ නීතියට පිටින් යමින් සෘජුවම බලපෑම් කිරීමට සහ නීත්‍යානුකූල හරස් ප්‍රශ්න ඇසීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවයි.

අධිකරණය හමුවට පැමිණෙන සාක්ෂිකරුවෙකු යනු කිසිසේත්ම පැමිණිල්ලේ හෝ විත්තියේ පෞද්ගලික බුදලයක් නොවේ. ඔවුන් ස්වාධීන අධිකරණයේ සාක්ෂිකරුවන් වේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නිල ඇඳුමට මුවා වී සාක්ෂිකරුවන් මර්දනය කිරීමටත්, අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීමටත් ලක්මිණී ගිරිහාගම මහත්මිය දැරූ මෙම උත්සාහය හුදෙක් වෘත්තීය අතපසුවීමක් නොව, සමස්ත අධිකරණ පද්ධතියම නොසලකා හැරීමකි.

1895 අංක 14 දරන සාක්ෂි ආඥා පනත අමු අමුයේ උල්ලංඝනය කිරීම

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන 1895 අංක 14 දරන සාක්ෂි ආඥා පනත (Evidence Ordinance) අනුව, අධිකරණයේ විභාග වන නඩුවකදී පැමිණිල්ලේ නීතිඥවරයාට සාක්ෂිකරුවෙකුට “උත්තර දෙන්න එපා” යැයි සෘජුවම නියෝග කිරීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නැත.

  • හරස් ප්‍රශ්න ඇසීමේ අයිතියට බලපෑම් කිරීම (Cross-examination Rights): සාක්ෂි ආඥා පනතේ 138, 146 සහ 148 වන වගන්ති මගින් විත්තියේ නීතිඥවරයාට සාක්ෂිකරුගේ විශ්වසනීයත්වය, සත්‍යවාදී බව සහ කරුණු පිළිබඳ පරීක්ෂා කිරීමට හරස් ප්‍රශ්න ඇසීමට පූර්ණ අයිතිය ලබා දී ඇත. යම් ප්‍රශ්නයක් නීති විරෝධී නම්, පැමිණිල්ලට කළ හැක්කේ අධිකරණය හමුවේ “විරෝධතාවක්” (Objection) ගොනු කිරීම පමණි. එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම විනිසුරු මඩුල්ලේ කාර්යයකි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය පෙනී සිටියදීම සාක්ෂිකරුට කෙලින්ම අණදීම මගින් විනිසුරු මඩුල්ලේ නීතිමය බලතල පවා තමන් වෙත පැහැරගෙන ඇත.
  • සාක්ෂිකරුගේ ස්වාධීනත්වය හෙවත් “අධිකරණයේ සාක්ෂිකරු” (Witness of the Court): සාක්ෂි ආඥා පනත යටතේ අධිකරණ කූඩුවට නඟින ඕනෑම සාක්ෂිකරුවෙකු අධිකරණයේ සාක්ෂිකරුවෙකි. පැමිණිල්ල විසින් කැඳවූ පමණින් එම සාක්ෂිකරු පැමිණිල්ලේ “පෞද්ගලික අයිතියක්” නොවේ. සාක්ෂිකරුවාට බිය ගැන්වීම, බලපෑම් කිරීම හෝ මඟපෙන්වීම (Coaching or Intimidation) සාක්ෂි ආඥා පනතේ පදනමට පටහැණි වන අතර, එය සාධාරණ නඩු විභාගයක (Fair Trial) මූලික නීතිමය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමකි.

මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ලැබුණු ප්‍රහාරාත්මක අවවාදය

මෙම අත්තනෝමතික හැසිරීම හමුවේ විත්තියේ නීතිඥවරුන්ගේ දැඩි විරෝධය හමුවේ, ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට සිදුවූයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට දැඩි ලෙස අවවාද කිරීමටය.

"පැමිණිල්ල සාක්ෂිකරුවන් ගෙන්නුවාට ඒ අය අධිකරණයේ සාක්ෂිකරුවන්. ඔවුන් මැඩ පැවැත්වීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට ඔබට බැහැ. අධිකරණය මේ සියල්ල නිරීක්ෂණය කරමින් ඉන්නේ." — මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා

විනිසුරුවරයාගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ පැමිණිල්ලේ මෙහෙයවීම් භූමිකාව සහ අධිකරණ බල සීමාව අතර වෙනස හඳුනා ගැනීමට තරම්වත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සන්සුන්ව හා වගකීමෙන් කටයුතු කර නැති බවයි.

“රෝගී ජීවිත” පිටින් තබා සාධාරණ නඩු විභාගයක අයිතිය උල්ලංඝනය කිරීම

තමන් කළ නීති විරෝධී මැදිහත්වීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කරමින් ලක්මිණී ගිරිහාගම මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමන් පෙනී සිටින්නේ “දහස් ගණනක රෝගී ජීවිත වෙනුවෙන්” බවයි.

නමුත් ප්‍රශ්නය වන්නේ, දහස් ගණනක රෝගී ජීවිත වෙනුවෙන් පෙනී සිටීම යනු අධිකරණ නීති හා රීති උල්ලංඝනය කිරීමට හෝ සාධාරණ නඩු විභාගයක (Fair Trial) මූලික පදනම අහෝසි කිරීමට ලබාදී ඇති බලපත්‍රයක්ද යන්නයි. චූදිතයින් දොළොස් දෙනෙකු දිනපතා අධිකරණයට පැමිණෙන අතර, නීත්‍යානුකූල හා සාධාරණ නඩු විභාගයකින් පසුව මිස අත්තනෝමතික ලෙස සාක්ෂි වසන් කරමින් කිසිවෙකු වැරදිකරුවන් කිරීමට හෝ නිවැරදිකරුවන් කිරීමට නීතියේ ඉඩක් නැත.

චිත්තවේගීය ප්‍රකාශ ඉදිරිපත් කරමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට උත්සාහ කිරීම මගින් ලක්මිණී ගිරිහාගම මහත්මිය පෙන්නුම් කර ඇත්තේ, නීතිපති දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතී සහ වෘත්තීය නීතිඥ භූමිකාවට වඩා තමන්ගේ අභිමතය පරිදි නඩුව මෙහෙයවීමේ අසාර්ථක උත්සාහයකි. නීතියේ උත්තරීතරභාවය සුරැකීමට බැඳී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකගෙන් අධිකරණය හමුවේ මෙවැනි ආවේගශීලී සහ අතපෙවීම් සහිත ක්‍රියාකලාපයක් සිදුවීම කණගාටුදායකය.

Latest Posts

spot_imgspot_img