Latest Posts

කෝටි 3.6ක මල්බෙරි වංචාව: ගුවන් යන්න ආපු මුසම්මිල්ගේ පුත් ‘හාඩි’ කටුනායකදී අත්අඩංගුවට!

හිටපු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම කොළඹ හිටපු නගරාධිපතිවරයෙකු වන ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් හෙවත් ‘හාඩි’ නමැත්තා ඊයේ (02) දහවල් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

47 හැවිරිදි වියේ පසුවන ‘හාඩි’ නමැති මෙම තැනැත්තා, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-503 දරන ගුවන් යානයෙන් ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට ඊයේ දහවල් 1.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මෙලෙස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ග්‍රහණයට හසුව ඇත.

මොහු ‘මල්බෙරි හෝල්ඩිංග්ස්’ නැමැති සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි 3.6 කට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබේ. කොළඹ මූල්‍ය හා වංචා අපරාධ විමර්ශන අංශය මගින් සිදු කෙරෙන මෙම විමර්ශනයට අදාළව ඔහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පසුව ඊයේ සවස 3.20 ට පමණ ඔහුව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සවස 4.30 ට පමණ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබේ.

Latest Posts

spot_imgspot_img