Saturday, April 4, 2026
spot_img

Latest Posts

හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘතියකට පරිසර සංවිධානයක් ගිනි තියලා

හම්බන්තොට ප්‍රදේශයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති භූමියකට, අනවසරයෙන් ඇතුල්වූ, පරිසර සංවිධානයක පිරිසක් විසින්, එහි ශාක සදහා ගිනි තබා ඇති බවට එම ව්‍යාපෘති සමාගම විසින් හම්බන්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


මෙම ව්‍යාපෘතියට එරෙහිව පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරයක කොටසක් ලෙස සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය දර්ශන ලබා ගැනීමට අදාළ සංවිධානය මෙලෙස ව්‍යාපෘති භූමියේ ගස්වලට ගිනි තබා විනාශ කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

තමන්ට අයත් පෞද්ගලික දේපළකට අනවසරයෙන් ඇතුළුවීම සහ දේපළ හානි කිරීම සම්බන්ධයෙන් මෙන්ම, අදාළ ගිනි තැබීම ව්‍යාපෘති සමාගම විසින්ම සිදු කළ බව පවසමින් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් දියත් කර සමාගමේ කීර්තිනාමයට හානි කිරීම පිළිබඳව ද වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස සමාගම මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.


ගෝලීය වශයෙන් දරුණු බලශක්ති අර්බුදයක් පවතින පසුබිමක සහ විශේෂයෙන්ම ආනයනික ඉන්ධන මත යැපීම හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික පීඩාවකට ලක්ව සිටින මෙවැනි සමයක, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට එරෙහිව පරිසර සංවිධානයක් මෙලෙස කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කිරීම පිළිබඳව මහජනතාවගේ දැඩි විරෝධයක් ද එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Latest Posts

spot_imgspot_img