[Analytical Trial Report]
The ongoing trial surrounding the procurement of substandard Human Immunoglobulin vials—a scandal that severely jolted Sri Lanka’s healthcare, political, and administrative structures—is currently being heard before the Permanent High Court at Bar in Colombo. The proceedings on the 19th, concerning defendants including former Health Minister Keheliya Rambukwella, set a profound precedent in Sri Lankan judicial history regarding the methodology of witness examination.

The explicit directive issued by the Bench to the prosecution, coupled with the arguments presented by the defense counsel and the testimonies from the witness box, effectively unmasked the profound complexities of this case.
Courtroom Tension: Defense Objects to the Prosecution’s Style
The 203rd witness, Dr. Shirani Chandrika Wickramasinghe (Chairperson of the Subcommittee on Medicines under the Indian Credit Line and Deputy Director General of the Ministry of Health), took the stand to testify. Deputy Solicitor General (DSG) Lakmini Girihagama, leading the prosecution, subjected the witness to a rigorous and seemingly aggressive line of questioning. The interrogation focused on the absence of official seals on documents, pharmaceutical abbreviations (e.g., ‘pow’ for raw material), and the procedural methods of placing signatures on meeting minutes.
- The Defense’s Argument: The defense counsel immediately drew the Bench’s attention to this style of questioning. They argued that interrogating a high-ranking state official—who was merely explaining administrative procedures—in an intimidating and hostile manner akin to questioning a criminal, causes undue distress to the witness. Such an approach, they contended, ultimately hinders the emergence of the actual truth.
- The Bench’s Directive: Acknowledging the merit of the defense’s argument, the President of the Bench, High Court Judge Priyantha Liyanage, delivered a historic directive safeguarding the impartiality of the court and the rights of witnesses.
“When examining a witness, it must be conducted in a ‘gentle’ and courteous manner that ensures the confidence of the witness and allows them to testify with ease. Witnesses must not be subjected to undue pressure or intimidation,” the Judge firmly instructed the prosecution.

[Deputy Solicitor General (DSG) Lakmini Girihagama]
Revelations from the Witness Box: The Reality of the State Machinery and the ‘Credit Line’ Crisis
Testifying in a more relaxed environment following the Bench’s intervention, Dr. Wickramasinghe presented crucial insights during both the prosecution’s examination and the defense’s cross-examination.
1. The Administrative Logic Behind “Photocopied” Minutes: The prosecution questioned why the witness possessed a copy of the meeting minutes bearing only her signature, while another copy contained the signatures of all committee members.
- The Witness’s Rationale: “During every meeting, I would sign the minutes first, keep a photocopy for myself, and circulate the original for others to sign. Once all signatures were obtained, I would discard the photocopy.”
- Analytical Observation: While seemingly suspicious at first glance, this practice highlights the inherent insecurity within the current state administration. It underscores a culture of “Defensive Administration,” where honest officials feel compelled to retain evidence of their actions to protect themselves against missing files, future investigations, or unwarranted shifts in accountability.
2. The Refusal of a “Realistic” US$200 Million Request: The witness was questioned regarding why the subcommittee refused to request an additional US$200 million despite receiving high-level instructions to do so.
- The Witness’s Rationale: “At a meeting with the Minister and the Secretary, I was instructed to request an additional US$200 million. We refused at the committee level. At that time, we were unable to fully utilize even the initial $35 million. We were apprehensive about how we would manage another 200 million. We maintained the steadfast stance that our requests must be ‘realistic’ and practical.”
3. The True Nature of the Indian “Credit Line”: During cross-examination, the defense questioned why the private sector lost interest in importing drugs under the Indian Credit Line, despite the country’s severe dollar shortage at the time.
- The Witness’s Rationale: She clarified that this was not a free ‘grant’ but a ‘loan’ carrying a 7% interest rate. “When that 7% interest is added to the invoice, the price of the medicine inherently increases. Consequently, private suppliers expressed reluctance. Furthermore, the procurement process of the State Pharmaceuticals Corporation (SPC) is highly complex and takes about two years, by which time the interest of private suppliers had completely waned.”

Summary Conclusion
This day in court served as more than just an evidentiary hearing; it delivered essential lessons for a society governed by the rule of law. The High Court at Bar profoundly reaffirmed that in a criminal trial, the truth must be pursued through logical and meticulous inquiry, not through the intimidation of witnesses. Furthermore, the testimonies painted a comprehensive picture for the public, exposing how political pressure, inefficient state procurement methodologies, and the hidden economic burdens of foreign “credit lines” coalesced to precipitate a devastating national healthcare crisis
Disclaimer: This article and its excerpts serve solely as an independent and analytical observation regarding the reported facts and the nature of the testimony provided. This is by no means an attempt to overstep, prejudice, or influence the law or the ongoing judicial process. Please kindly note that the final verdict and conclusions of the case will be reached exclusively based on the formal judicial proceedings and the determination of the Bench of the Honorable Permanent High Court at Bar.
නඩු වාර්තාව
19/03/2026
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑමක් නොවන අන්දමින් සහ ඔවුන් අපහසුතාවයට පත් නොවන අන්දමින් සාක්ෂි මෙහෙයවන ලෙස එම පැමිණිල්ල මෙහෙයවන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (19) උපදෙස් ලබා දුන්නේය.
ඉන්දියානු ණය යෝජනා ක්රමයේ මිලදී ගැනීම් යටතේ ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපතිනී,සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය අදාල නඩුවේ 203 සාක්ෂිකාරිය ලෙස සාක්ෂි දෙමින් සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ ආකාරය
සම්බන්ධයෙන් අවධානය යොමු කළ විනිසුරු මඩුල්ල මෙම උපදෙස් ලබා දුන්නේය.
අදාළ සාක්ෂිකාරිය ගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ ආකාරය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් විසින් විනිසුරු මඩුල්ලේ අවධානය යොමු කළ අවස්ථාවේදී මෙම දැනුම් දීම කරන ලදි.
එහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නඩුවේ සාක්ෂිකරුවන්ට පහසුවෙන් සාක්ෂි ලබා දිය හැකි පරිදි සෞම්‍ය ලෙස සාක්ෂි මෙහෙයවන ලෙසය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කැදවන ලදි.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ
ඖෂධ සම්බන්ධයෙන් වන අනුකමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය එහිදී තෙවැනි දිනටත් සාක්ෂි දීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියාය.
එම අනුකමිටුවේ රැස්වීම් සටහන් වලට අවධානය යොමු කරමින් සාක්ෂි විමසීමට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කටයුතු කළාය.
ඒ අනුව 2023 මාර්තු 31 වෙනි දින පැවති "අනු කමිටු රැස්වීම් සටහන් සමග එකඟ වන්නේද" යන්න පිළිබඳව ඇති සටහනක සාක්ෂිකාරියගේ අත්සන පමණක් තිබීමත් අනිත් සටහනේ සෙසු සාමාජිකයන්ගේ අත්සන් සමඟ සාක්ෂිකාරියගේ අත්සන් තිබීමත් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එසේ වන්නේ කෙසේද යන්න පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙස සාක්ෂිකාරියට දන්වා සිටියාය.
එහිදී ඇය කියා සිටියේ සෑම රැස්වීම් සටහන් සටහනක දීම එකඟ වන්නේ ද යන කරුණ සම්බන්ධයෙන් තමන් මුලින්ම අත්සන් තබා ඡයාස්ථ පිටපතක් තබාගෙන සෙසු සාමාජිකයන්ගේ අත්සන් ලබා ගැනීම සිදුකරන බවය. සියලු අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව ඡායාස්ථ පිටපත ඉවත් කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය .මෙහිදී එම පිටපත් දෙකම ඇතුළත්ව ඇති බව ඇය සඳහන් කර සිටියාය.
එහිදී විනිසුරු මඩුල්ල විසින් මුල් පිටපත සහ ඡායාස්ථ පිටපත් සසඳා බලන බැලීමක් සිදුකරන ලදි.
"නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් එවන ලද ලිපියක් සම්බන්ධයෙන්
එ දින පැවති රැස්වීමේදී සාකච්ඡාවට ගත්තාද" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර්ජනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් මතු කළ අතර සාක්ෂිකාරිය ,
"ඔව් ,ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් දින දීර්ඝයක් ඉල්ලා ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට සහ ඉන්දියානු රාජ්‍ය බැංකුවට ඉල්ලීම් කර ඇති එබැවින් ඊට අදාළ ඉන්වොයිස් දිගටම බාරගන්නා ලෙස එම ලිපිය මගින් දැනුම් දී තිබුණා. එම ලිපිය ඒවා තිබුණේ මාර්තු මස 28 වැනිදායි" යනුවෙන් ඊට පිළිතුරු ලබා දුන්නාය.
"2023 අප්‍රේල් මස 21 වැනිදා රැස්වීමක් තිබුණාද? "
යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් මතු කළාය .
ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය සඳහන් කළේ" දින දීර්ඝයක් කලාද කියලා හරියටම කිව්වේ නෑ. අපි දිගටම ඉන්වොයිස් භාරගත්තා. ඒ නිසා ඒ ගැන සිහිකැඳවීමක් කරන්න තීරණය කළා ඒ සම්බන්ධයෙන් එදින මම සටහනක් තැබුවා"
යනුවෙනි.
"ඔබට කාගෙන් හරි උපදේශයක් ලැබුණද?"යනුවෙන් යෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය
" වෛද්‍ය සැපයුම් ඒකකයෙන් (MSD) ප්‍රමුඛතා ලේඛනයේ බෙහෙත් පමණක් ලබා ගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) දැනුම් දී ඇති බවක් අපිට දැනගන්නට ලැබුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට එම අංශයේ සැපයුම් අධ්‍යක්ෂකට අප ආයතනය අපේ ඒකකයට එන්න කිව්වා. ඒ අනුව ඔහු අපේ ඒකකයට ආවා. ඔහු කපිල වික්‍රමනායක මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස මෙම අධිකරණ ශාලාවේ ඉන්නවා"යනුවෙන් සඳහන් කළාය.
මුල් අවස්ථාවේදී ඖෂධ වර්ග 1347ක්ව තිබූ ප්‍රමුඛතා ලේඛනය ඖෂධ 850ක් දක්වා අඩු කළ බව ද එම ප්‍රමුඛතා ලේඛනයේ ඇති ඖෂධ පමණක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව ඔහු විසින් තමන්ට දැනුම් දුන් බව සඳහන් කළ සාක්ෂිකාරිය ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද කියා සිටියාය.
"එම චක්‍රලේඛයට ඖෂධ අටසිය පනහක් ඇතුළත් වෙනවාද? එහි 349 වන ඖෂධය සහ 570 යන අංකය යටතේ ඇති ඖෂධ මොනවාද?"
යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය සාක්ෂි කාරිය ගෙන් විමසීමක් කළ අතර ඇය සදහන් කළේ අංක 349 යටතේ හියුමන්ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සහ අංක 570 යටතේ රිටොක්සිමැප් ඖෂධය සටහන්ව ඇති බවය.
එම සටහනේ raw material යනුවෙන් සඳහන් ඖෂධ දෙකක් pow ලෙස සඳහන්ව තිබීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය කළ විමසීමට "තමන් ඒ ගැන නොදන්නා බවට සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී " ඖෂධ සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂකවරියක ලෙස ඔබ වැඩ කළා නේද ?pow දන්නේ නැද්ද?" යනුවෙන් නියෝජ්‍ය ජනරාල්වරිය ප්‍රශ්න කළාය.
එහිදී එහිදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ "මම හරියටම දන්නේ නෑ ඒ ගැන කියන්න. ඒත් මම හිතනවා එහි සඳහන් කර ඇත්තේ පවුඩර් වෙන්න ඇති කියලා හරියටම කියන්න දන්නේ නෑ."යනුවෙන් සඳහන් කළාය.
අදාළ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇති ඖෂධ පමණක් බාරගන්නා ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් දැනුම් දෙන විටත් අනුකමිටුව විසින් එම ලැයිස්තුවෙන් පරිබාහිර ඖෂධ ලබාගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය එම හේතුව මත මාර්තු මස 31 වැනිදාට පෙර අනුමත කළ බෙහෙත් බාරගන්නා ලෙසත්, ඊට පසු මෙම ලැයිස්තුව අනුව ඖෂධ භාරගන්නා ලෙසත් වෛද්‍ය සැපයුම් අංශයට දැන්වීමට තීරණය කළ බව සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්රමයේ භාවිතා කිරීම සැප්තැම්බර් මස 30 වැනිදා දින තෙක් දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය 2023 වසරේ සැප්තැම්බර් මස දහ අටවැනි දින නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් විසින් රැස්වීමක් පැවැත්වූ බවත් ඒ සම්බන්ධ සටහන්ද තමන් විසින් තැබූ බවත් සඳහන් කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය තවත් වසරක කාලයකට දීර්ඝ කළ බවත් එම ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ආනයනය කරන අවසන් දවස 2024 ජනවාරි මස 31 වැනිදා විය යුතු බවත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් එහිදී දැන්වීමක් කළ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
"තව මොනවද ඔහු කිව්වේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් "පොඩි පොඩි ගණන්වල ඉන්වොයිස් භාර නොගන්නා ලෙසත්, ඇමරිකානු ඩොලර් දහදාහට වැඩි ඒවා පමණක් බාරගන්නා ලෙසත් එහිදී උපදෙස් ලබා දුන්නා. ඉදිරියේදී අවශ්‍ය වන්නේ කොපමණ ප්‍රමාණයක්ද යන්න පිළිබඳව දැනුම් දෙන ලෙස එම රැස්වීමට පෙර අපට දැනුම් දී තිබුණා. ඒ වන විටත් අනෙකුත් අංශ වෙත ලබාදී තිබූ මුදල් වියදම් කර නොතිබූ නිසා එම මුදල් අතිරේක මුදල් ලෙස ලබාගත හැකි බවට දැනුම් දී තිබුණා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඇමතිතුමා, ලේකම්තුමා සමග රැස්වීමක් තිබ්බා. එහිදී ම ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ඉල්ලන්න කියල කිව්වා .නමුත් කමිටු රැස්වීම් දී අපි ඊට එකඟ වුණේ නෑ. ඉල්ලන දෙය රියලිස්ටික් විදියට ඉල්ලන්න ඕන කියන එකේ තමයි අපි හිටියේ"
යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය .
"රියලිස්ටික් " යනුවෙන් ඔබ මොකක්ද අදහස් කරේ. "
යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ළ ප්‍රශ්න කළ අවස්ථාවේදී. " ඒ වන විටත් මිලියන 35ක් වියදම් කරගන්න බැරුව හිටියේ .තවත් දෙසීයක් අරගෙන කොහොමද වියදම් කරන්නේ කියන බය තිබුණා. ඒ නිසා අත්‍යවශ්‍ය වන්නේ මොකක්ද කියලා බලන්න තීරණය කළා .
ඒ අනුව සියලු අංශ සමග රැස්වීමක් පවත්වන්න තීරණය කළා ඒ පිළිබඳව සටහන් තැබුවා." යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය අවසන් වන දිනය පිළිබඳව සඳහන් කරමින් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් විසින් ලිපියක් එවා තිබුණේද යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටි අතර 2024 මාර්තු මස 31 වැනිදා එවැනි ලිපියක් ලැබුණ බව සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේ දී අදාළ ලිපියෙහි ඇති නිල මුද්‍රා අධිකරණය ට ඉදිරිපත් කර ඇති ඡායාස්ථ පිටපත් වල නොතිබීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කර සිටියාය.
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලැබුණු ලිපියෙහි නිල මුද්‍රා ඇති බවත් එම ලිපියේම ඊමේල් පිටපත්වල එවැනි මුද්‍රාවන් නොමැති බවටත් එම ඊමේල් ලිපි අධිකරණය හමුවේ ඇති බවටත් සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය.
"ඒ වන විට ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක් මුලින්ම ලැබුණා. පසුව ඩොලර් මිලියන 35ක් ලැබුණා. පසුව තවත් මිලියන 200ක් ලැබුණා. ඒ මුදල් පාවිච්චි කරාද? ආපසු හරවා යැව්වා ? යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්න කළාය .
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ එම සියලුම මුදල් නොලැබුණු බවත් අවසාන වශයෙන් ඩොලර් මිලියන 350 ක් ලැබුණු බවත්ය.
"ඩොලර් මිලියන 130 ක් නැවත හරවා යැවීම සම්බන්ධයෙන් සාකච්ඡාව ලක් කළේ නැතිද?" නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය එහිදී නැවතත් සාක්ෂිකාරියකින් ප්‍රශ්න කර සිටියාය .
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ වන විටත් ලැබී තිබූ ඩොලර් මිලියන 35 පාවිච්චි කිරීම ට අපහසුව තිබූ බවය. පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් ඖෂධ ගෙන්වීමට කැමැත්ත පළ නොකළ බව සඳහන් කළ සාක්ෂිකාරිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණේ ණයක් බවත් එය ට 7%ක පොලියක් ගෙවිය යුතු බවත්, එම මුදල ඉන්වොයිස් පතට එකතු කළ විට ඖෂධ වල මිල වැඩිවන බවත් එම කරුණ හේතුවෙන් පෞද්ගලික සැපයුම්කරුවන් එම ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමට අකමැත්ත පළ කළ බවත් සඳහන් කළාය.
"අපි මුදල් දුන්නට ඒ ගානට බෙහෙත් ගෙනාවේ නෑ . රටේ ඩොලර් හිඟයක් තිබුන අවස්ථාවේදී මුල් කාලයේදී ඔවුන් බෙහෙත් ගේන්න කැමති උනා .එහෙත් රටට ඩොලර් එද්දි ඔවුන් මේ ක්‍රමය යටතේ බෙහෙත් ගේන්න අකමැති වුණා. ඒ බව මම 2024 පෙබරවාරි මස 21 වැනි දින සටහන් තැබුවා"
යනුවෙන් සාක්ෂිකාරිය තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළාය.
මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත සාක්ෂිකාරිය විසින් ඉදිරිපත් කළ ලේඛන ගොනුව ට එවැනි ලේඛනයක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය "අධිකරණ නියෝගයකට එලෙස අවනත නොවූයේ කෙසේදැ"යි සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කළාය.
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රශ්න කිහිපයක් විමසා තිබුන අතර ඊට අදාළ සටහන් යැවූ බවය. එම සටහන් ලබාදීමෙන් අනතුරුවත් රැස්වීම් දෙකක් පවත්වා ඇති බව සාක්ෂිකාරිය තවදුරටත් සඳහන් කළාය.
අනතුරුව එම සටහන් සාක්ෂිකාරිය ගෙන් ඉල්ලා සිටි නියෝජ්‍ය ජෙනරාල් වරිය ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව
"නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් සමඟ 2024 පෙබරවාරි 1 දින පැවති සාකච්ඡාව ගැන කරුණු මෙහි තිබෙනවාද"යනුවෙන්
සාක්ෂිකාරිය ගෙන් ප්‍රශ්න කර සිටියාය.
"ඔව් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිතා කිරීමට අත්‍යවශ්‍ය හා කර්මාන්ත අංශයේ අය අකමැති බව සටහන් කළා"
යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී "ඔබ කිව්වේ පෞද්ගලික අංශය සැපයුම්කරුවන් අකමැති බව කොතැනද එවැනි සටහනක් තිබෙන්නේ"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් නැවතත් ප්‍රශ්න කර සිටියාය.
"
ඒ ගැන මෙහි සටහන් තබා නෑ ඔවුන් සමග කතා කරාම තමයි කිව්වේ ඔවුන් මෙයට අකමැති බව. ඖෂධ මණ්ඩලය අපට ඒ බව ලිඛිතව දන්වා හිටියා."
යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළ
අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා
" ඒ සම්බන්ධ ලිපි තිබෙනවාද?"
යනුවෙන් සාක්ෂිකාරියකින් විමසීමක් කළේය.
එම ලිපි ඇති බවට ප්‍රකාශ කළ සාක්ෂිකාරිය අදාළ ලිපි විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කළාය.
"ජුනි 27 දින ය අවධානය යොමු කරන්න .
මෙම රැස්වීමේදී පුද්ගලික සැපයුම් ගැන කරුවන් ගැන පමණයි ඇත්තේ. spc හා msd ගැන සඳහන් කර නැහැ"
යනුවෙන් විමසීමක් කළ අවස්ථාවේදී එම ප්‍රශ්න කිරීමේ විලාශය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරු විසින් විනිසුරු මඩුල්ලේ අවධානය යොමු කරන ලදී .
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල්වරිය අමතමින් සාක්ෂිකාරියට බලපෑම් නොවන ආකාරයෙන් සාක්ෂිය විමසීම සිදු කරන ලෙස දන්වා සිටියේය.
සාක්ෂි විමසීමක් සිදුකිරීමේදී එය සාක්ෂිකරුවන්ගේ විශ්වාසය සහ පහසුවෙන් සාක්ෂි ලබාගත හැකි පරිදි සෞම්‍ය ලෙස සිදුවිය යුතු බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවට උපදෙස් ලබා දුන්නේය.
අනතුරුව සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න
විමසීම සිදුකළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය"ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ කාලය දීර්ඝ කළා කිව්වම එයට අකමැති බව දැන්වූ පාර්ශව කවුද?" යනුවෙන් විමසා සිටියාය .
"ඖෂධ නිෂ්පාදකයින් ලිපියක් එවා තිබුණා. පෞද්ගලික සැපයුම්කරුවන් දෙන්නෙක් ලිපියක් එව්වා. අනෙකුත් අය කිසිදු පිළිතුරක් එව්වේ නෑ. MSD සහ spc අකමැත්ත පළ කළේ නෑ."යනුවෙන් ඇය ඊට පිළිතුරු ලබා දුන්නාය.
මෙම ණය මුදලින් මිලියන සියයක් වැය කිරීමට හැකි බව වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය වෛද්‍ය හේරත් විසින් වෛද්‍ය රත්නායකට දන්වා යවා ඇති බවත් ඔහු මෙම අධිකරණයේ විත්තිකරුවන් අතර සිටින බවත් සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඒ වන විටත් ආනයන සහ සැපයුම් ලෙස ලකුණු කර තිබූ ඉන්වොයිස් පත් 45කින්
දෙකකට අදාල මුදල් ලැබී තිබූ බවත්, තවත් ඉන්වොයිස් පත් තිස් අටකින් එකකට
අදාලව මුදල් ලැබී තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.
ඒ සමගම සාක්ෂිකාරියගෙන්
මූලික සාක්ෂි විමසීම අවසන් කළ අතර පළමු විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම නොකරන බව නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරමින් සාක්ෂිකාරියගෙන් විමසා සිටියේ මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිතා කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ තිබේද යන්න පිළිබඳවය.
එවැනි මාර්ගෝපදේශයක් ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
එම ඉන්දියානු ණය ආධාරය ඖෂධ පමණක් නොව ආහාර සත්ව, ආහාර සිමෙන්ති ,,ඇඟලුම්, පොහොර සහ අමුද්‍රව්‍ය වර්ග ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා භාවිතා කිරීමට තිබුණා නේදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට "ඔව්" යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.
"මෙය ආධාරයක් නොව මෙමගින් සිදුවන්නේ ඉන්දියානු රාජ්‍ය බැංකුවෙන් ඉන්දියාවේ සිට ඉන්දියාවේ අපනයන පාර්ශ්වයට මුදල් ලබාදීමක් නේද?"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අවස්ථාවේදී
සාක්ෂිකාරිය ඊට එකඟතාවය පළ කළාය.
ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ සාක්ෂිකාරිය"
එය සරල නැහැ මට අවබෝධ වන විදිහට එම මුදල් අපිට ලැබුනේ ණයක් විදියටයි. ඇමරිකන් කානු ඩොලර් මිලියන දාහක්. පොලියද ඇතුළත්ව. එල් සී .ඕපන්කිරීමෙන් පසුව ඉන්දියාවේ සැපයුම්කරුවන්ට මුදල් ගෙවනවා. ඒ සම්පූර්ණ මුදල ඉදිරියේදී ශ්‍රී ලංකා රජය පොලියට සමග ඉන්දියාවට ගෙවිය යුතුයි"
යනුවෙන් සඳහන් කළාය.
එම ණයයෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික ආනයනකරුවන්ට ඖෂධ ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබූ බව හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය.
එහෙත් සැපයුම්කරුවන් එම ණය මුදල් භාවිතා කිරීමට උනන්දුවක් නොදැක්වූ බව ද ඒ බව සඳහන් කරමින් ඔවුන් ලිපි දෙකක් එවා ඇති බවද ඇය එහිදී සඳහන් කළාය.
"
ඔබ අධිකරණයේදී හඳුනාගත් කපිල වික්‍රමනායක අධ්‍යයන කටයුතු සඳහා 2022 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මස දක්වා විදේශගත වී සිටි බව දන්නවාද ?"
යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කර සිටි අතර "ඔහු විදේශ ගත වූ බව මම දන්නවා නමුත් කාල වකවානු මම දන්නේ නෑ". යනුවෙන් ඇය සඳහන් කර සිටියාය.
වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්ව සිටි වෛද්‍ය හේරත් නිවාඩු සිටි කාලයේදී සත් මාස දෙකක් කාලයක් දක්වා තමන් වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කළ බව
සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
වෛද්‍ය සැපයුම් අංශය මගින් ඖෂධ ලබාගෙන ගබඩා කර රෝහල්වලට ලබාදෙන අතර ඖෂධ ප්‍රමාණය කොපමණද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද එය දාහකට වඩා වැඩිවන බව තමන්ගේ අදහස බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය.
එසේම දෛනිකව ඖෂධ සහ උපකරණ තොග වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබෙන බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.
ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ගේ ඉල්ලුම මන්දගාමී වීමට හේතුව කුමක්දැයි නීතිඥවරයා සාක්ෂිකාරියකින් විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කර සිටියේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදුකරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතාමත් දිගු සහ ක්‍රියාදාම රාශියකින් යුක්ත වන අතර එම ප්‍රසම්පාදන කාලය තුළ පෞද්ගලික අංශය අදාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හොඳින් කටයුතු කළ බවය. එහෙත් එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්ව එම ඖෂධ ගෙන එන අවස්ථාව වන විට පෞද්ගලික අයදුම්කරුවන්ගේ උනන්දුව අවම වී තිබූ බව ඇය සඳහන් කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හැර වෙනත්
ක්‍රම ඔස්සේ ඖෂධ ගැන්වීමට හැකියාව තිබේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට "ඔව්" ලෙස පිළිතුරු ලබා දුන්නාය.
"ඉන්දියානු ණයයෝජනා ක්‍රමය හෝ වෙනත් ක්‍රමයක් මගින් ඖෂධ ලබාදී රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම මූලික පරමාර්ථය නේද ?" නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට එකඟතාවය පළ කළාය.
මෙම ණයයෝජනා ක්‍රමය යටතේ ඖෂධ සම්බන්ධයෙන් වන ඉන්වොයිස් පත්‍ර සම්බන්ධයෙන් කටයුතු කිරීම තමන්ට පැවරී තිබුණු අතර ඖෂධ සම්බන්ධයෙන් වන මිල ගෙවීම් හෝ ලැබීම් තමන්ගේ වප්පසරියට අයත් නොවන බවද ඒ සම්බන්ධයෙන් සාක්ෂි දීමට තමන්ට දැනුමක් නොමැති බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය.
දෙවැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමෙන් අනතුරුව නවවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයවර්ධන මහතා සාක්ෂිකාරියගෙන් හරස්
ප්‍රශ්න විමසීම සිදු කළේය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සෞඛ්‍ය සමුළුවලට තමන් සහභාගිවී ඇති බව
සාක්ෂිකාරිය එම හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
2022 වසර වන විට ඩොලර් හිඟයක් තිබුණු බවත් ඒ කාලයේදී ඉන්දියානු ණය ආධාරය ලැබුණු බවත් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් වන අනුකමිටුවේ සභාපතිනිය ලෙස තමන් කටයුතු කළ බවත් සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
"2022 වසරේදී ලංකාවට ඖෂධ ගෙන්වා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණා නේද"
යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය
"කොයි කාලයේදීත් ලංකාවට ඖෂධ ගෙනා ගෙන්වා ගැනීමට අවශ්‍යතාවය තිබුණා. ඩොලර් හිඟය නිසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සැපයුම්කරුවන්ට ඖෂධ ගෙන්වීමට ඉඩ දී තිබුණා. මුදල් අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් විශාල කාර්යභාරයක් කරලා සෞඛ්‍ය ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කළා"
යනුවෙන් පිළිතුරු ලබාදුන්නාය.
"එයින් අදහස් වෙන්නේ ඖෂධ කඩිනමින් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තිබූ බවද?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ විට
"කඩිනමින් ඖෂධ ලබාගැනීමේ ක්‍රමයක් නෑ සැපයුම් ක්‍රියාදාමයක් තමයි තිබෙන්නේ. එම ක්‍රියාදාමයට වසර දෙකක් පමණ කාලයක් යනවා. "යනුවෙන් සඳහන් කළ සාක්ෂිකාරිය
යම් ආකාරයකින් ඖෂධ ගෙන්වීමට නොහැකි වුවහොත් ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවද සඳහන් කළාය.
කෙසේ වුවද ඉන්දියාවේ රුපියල් භාවිතා කර කර ඉන්දියාවේ ම නිෂ්පාදනය කරන ඖෂධ ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය පැමිණියද එය එම අවස්ථාවේදී ඩොලර් හිඟයට ප්‍රතිකර්මයක් වූ බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් තවදුරටත් සඳහන් කළාය.
අනතුරුව මෙම නඩුවේ එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසමින් ප්‍රශ්න කර සිටියේ "බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂකවරියක වන සාක්ෂිකාරිය බෝ වන රෝගයක් වන පිළිකා රෝගය සඳහා ලබාදෙන ඖෂධ අධික මිලකින් යුක්ත බව දන්නේද ?"යනුවෙනි
පිළිකා රෝගය සඳහා භාවිතා කරන ඖෂධ මිල අධික ද යන්න තමන්ට ප්‍රකාශ කළ නොහැකි බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය.
රෝගීන්ගේ නමින් ඖෂධ ගැන්වීමක් සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ
විශේෂ අවස්ථාවලදී අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා එවැනි ඖෂධ ආනයනය කරන බවය. එම ඖෂධ මිලෙන් අධික බව සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.
රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟයක් නොමැතිව පවත්වාගෙන යාම නිලධාරීන්ගේ වගයක් වගකීමක් බව සඳහන් කළ සාක්ෂිකාරිය එම හිඟය මගහැරවා ගැනීම සඳහා ස්වාරක්ෂක තොග
පවත්වාගෙන යන බවද සඳහන් කළාය.
වාර්ෂික ඖෂධ අවශ්‍යතාවය පිළිබඳ සලකා බලා ප්‍රසම්පාදන කටයුතු යි සිදුකළද මිගැනීමේදී සම්පූර්ණ ඖෂධ තොගය ම මිලදී නොගැනීමට කටයුතු කරන බවද සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුත්ව තුන්වැනි තුන්වැනි විත්තිකාරිය වෙනුවෙන්
හරස් ප්‍රශ්න විමසීම සිදු කරන ලදී.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන ඒම සඳහා වෛද්‍ය සැපයුම් අංශයෙන් සකස් කළ ප්‍රමුඛතා ලේඛණය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට එම අංශයේ සහකාර අධ්යක්ෂ ජනරාල් අධ්යක්ෂකවරියන් ලෙස කටයුතු කර ද චන්දනීය වන්‍යාරච්චි සහ සොලමන්ස් තම ඒකකය වෙත කැඳවූ බව සාක්ෂිකාරිය එම හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම හෙට දින සිදු කිරීමට නියම වූ අතර ඒ අනුව සාක්ෂිකාරියට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කෙරිණ.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.



