Saturday, April 4, 2026
spot_img

Latest Posts

The Immunoglobulin Scandal: Forged Certificates, Courtroom Clashes, and the Battle for Credibility

By a Special Legal Correspondent

The Colombo Permanent High Court Trial-at-Bar is currently witnessing intense legal maneuvering in the high-profile Rs. 140 million substandard drug procurement case. The trial, centered on the fraudulent supply of 6,195 vials of Human Immunoglobulin and Rituximab to the Medical Supplies Division (MSD), has brought former Health Minister Keheliya Rambukwella and eleven co-accused into the spotlight.

Yesterday (19th), the courtroom saw strategic cross-examinations and heated exchanges that deeply explored the boundaries of administrative responsibility, criminal liability, and bureaucratic oversight before a bench comprising High Court Judges Priyantha Liyanage, Viraj Weerasuriya, and Thilakaratne Bandara.

The Defense’s Strategy: Building the Chairman’s Credibility

Senior Counsel Chaminda Athukorala, representing the 12th accused—the former Chairman of the National Medicines Regulatory Authority (NMRA)—skillfully utilized his cross-examination to distance his client from the core fraud. The defense’s narrative positioned the former Chairman not as a passive bystander, but as a vigilant administrator who took preemptive action upon sensing irregularities.

This was effectively drawn out during the cross-examination of the prosecution witness, Nishani Lanka Karunathilake, Assistant Pharmacologist at the NMRA.

Defense Counsel: “It was the twelfth accused, currently in the dock, who instructed you to look into these questionable drugs, wasn’t it?”

Witness: “Yes, My Lord. Following his instructions, I contacted the State Pharmaceuticals Corporation (SPC) and informed him that the Drug Evaluation Committee had not issued reports for these two drugs. I also told him that no applications had been received to import them. Furthermore, as instructed, I inquired about the manufacturing company and informed him that no such company in India manufactures this drug.”

Though the witness claimed ignorance of subsequent administrative documents—including a September 2, 2023 directive to the MSD to withhold the drugs, and a complaint lodged with the CID via an administrative officer on October 3, 2023—the defense successfully established the premise that the Chairman proactively initiated internal inquiries long before the matter escalated to criminal investigators.

Tensions Flare: The Courtroom Clash

The high stakes of the trial were vividly reflected in a fiery exchange between the prosecution and the defense regarding the scope of cross-examination. Deputy Solicitor General (DSG) Lakmini Girihagama, representing the Attorney General, raised objections, leading to a direct confrontation with Counsel Athukorala.

Counsel Chaminda Athukorala: “The Honorable Court has already issued an order on this matter. We are operating under those directives. The prosecution cannot reinterpret the order; we must all abide by the rulings given by the Court.”

DSG Lakmini Girihagama (turning to the Defense Counsel): “You are exceeding your limits. I was merely attempting to explain this matter to the bench.”

Counsel Chaminda Athukorala: “Do not try to intimidate the defense by raising your voice like that. You remember what happened in the High Court when you tried to speak that loudly, don’t you?”

The escalating tension prompted the presiding judge to intervene, strictly advising both parties to adhere to proper judicial decorum and confine their arguments to the established legal procedures.

Similarly, when Counsel Isuru Jayawardena—representing the 3rd accused, former MSD Assistant Director Peace Devashanthini Solomons—attempted to cross-examine the witness regarding the responsibilities of the MSD versus the NMRA, the bench firmly directed the defense to remain strictly within the witness’s scope of expertise, preventing the trial from veering off course.

The Prosecution’s Counter-Strike: The Forged Customs Certificate

Unfazed by the defense’s narrative, DSG Girihagama delivered a substantial blow during her re-examination of the witness, solidifying the core of the prosecution’s case: the presence of undeniably fraudulent documentation.

The witness categorically confirmed that the Drug Evaluation Committee certificate (bearing reference CUS/ICT/STATE/3084), allegedly presented to Sri Lanka Customs by the 1st accused on June 3, 2025, was not issued by the NMRA. Furthermore, it was established that the format of the submitted document completely deviated from the official NMRA certificate template. This critical piece of testimony strongly reinforced the prosecution’s argument of a deliberate, premeditated forgery designed to bypass standard procurement protocols.

What Lies Ahead

After eight grueling days, the testimony of Assistant Pharmacologist Nishani Lanka Karunathilake officially concluded. The Trial-at-Bar has adjourned the hearings until February 23. Summons have been issued for the next phase of the trial, with the 33rd prosecution witness, Pharmacist Amila Kumari Ekanayake from the Colombo South Teaching Hospital, and the 52nd witness, NMRA Pharmacist Ayantha Sandaruwan Abeywickrama, slated to take the stand.

As the trial unfolds, it is evolving from a mere financial fraud inquiry into a critical judicial autopsy of Sri Lanka’s healthcare administration, exposing bureaucratic loopholes and testing the ultimate accountability of the nation’s public servants.

නඩු වාර්තාව

19/02/2026


ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත ආනයනය කළ හියුමන් හිමියුනෝග්ලොබියුලීන් සහ රිටක්සිමැබ් ( Human Immunoglobulin and Rituximab) යන ඖෂධ දෙක ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ යම් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේදී පොලිසියට පැමිණිලි කිරීමට පෙර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු  වගකිවයුතු ආයතන වලින් නිසි සොයා බැලීමක් කරන ලෙසට එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 12වන චූදිත තමාට උපදෙස් ලබා දුන්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ සහකාර ඖෂධ ඇගයීම් නිලධාරිනි නිෂානි ලංකා කරුණාතිලක මහත්මිය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී සාක්ෂිදෙමින්  ඊයේ (19) ප්‍රකාශ කළාය. එකී ඖෂධ ආනයනය කිරීම සඳහා ඖෂධ ඇගයීම් කමිටුව විසින් සහතික නිකුත් කර ඇතිදැයි සොයා බලන ලෙසටත් ඒවා නිෂ්පාදනය කළ බව කියන ඉන්දියානු සමාගමෙන් සොයාබලන ලෙසටත් දොළොස්වන චූදිත ලබා දුන් උපදෙස් අනුව ක්‍රියාත්මක වූ තමා ඒ පිළිබඳව සොයා බැලීමක් කලේ යැයිද දොළොස්වන චූදිත වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පැවසුවාය.


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14ට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී පැවැත්විණි.


නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ; සාක්‍ෂිකාරිය අමතමින් ; ඔබට අවබෝධයක් තිබෙනවා නේද ප්‍රශ්නගත  පෙර මා කිවූ, ඖෂධ දෙක ගැන. ඔබ එම සිද්ධියට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කීපයක්ම දුන්නා කියලා මූලික සාක්ෂි මෙහෙයවීමේදී ඔබ කීවා නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබගෙන් ප්‍රකාශ සටහන් කරන විට ඒ පිළිබඳව ඔබට කියන්න ඇති කියලා මා යෝජනා කරනවා.


සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි


විත්තියේ නීතිඥවරයා ; අද විත්තිකූඩුවේ සිටින දොළොස්වන විත්තිකරු තමයි ඔබට උපදෙස් දුන්නේ ප්‍රශ්නගත එකී ඖෂධ ගැන සොයා බලන්න කියලා.


සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී ඔහු කළ දැනුම් දීම අනුව මම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට කතා කරලා බලලා එතුමාට කීවා එම ඖෂධ දෙකට අදාලව ඖෂධ ඇගයීම් කමිටු වාර්තා ලබාදී නොමැති බව. ඒවා ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍ර ලැබී නොමැති බවත් මා ඔහුට කීවා. නිෂ්පාදිත සමාගම ගැන සොයා බලන ලෙසට ඔහු ලබා දුන් උපදෙස් අනුව මා ඒ පිළිබඳව සොයා බලා එවැනි ඖෂධයක් ඉන්දියාවේ සමාගමෙන් නිෂ්පාදනය කර නොමැති බවත් මා එතුමාට කීවා.

විත්තියේ නීතිඥවරයා ; ඖෂධ නියාමන අධිකාරියට යම් ඖෂධයක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන විට ඒ සඳහා යම් රැඳවුම් ගාස්තුවක් ගෙවීමට අවශ්‍යයි නේ. එකී ගාස්තුව ගෙවා ඇති බවට ඔබ සොයා බැලීමක් කළාද? එය සොයා බලන්න ඕනා මුදල් අංශයෙන් කියා ඔබ ඔහුට කීවාද?

සාක්ෂිකාරිය ; මට ඒ ගැන දැනීමක් නෑ.

විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ; දොළොස්වන චූදිත යටතේ සේවය කළ පරිපාලන නිලධාරිනී. මනෝජා ප්‍රියංගනී මහත්මිය මගින්  ඒ පිළිබඳව 2023.10.03 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔබට දැනීමක් ඇති කියලා මා යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; ඒ පිළිබඳව මට දැනීමක් නෑ.

විත්තියේ නීතිඥ ; දොළොස්වන චූදිත එකී ඖෂධ වර්ග දෙක නිකුත් නොකර වෛද්‍ය සැපයුම් අංශයේ  රඳවා තබා ගැනීමට වෛද්‍ය සැපයූම් අංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට  2023.09.02 වැනිදා නියෝග කොට තිබූ බව ඔබ දන්නවා ඇතැයි මා යෝජනා කරනවා. ඔබ ඒ ලිපිය දැකලා තියෙනවද?

සාක්ෂිකාරිය ; ඒ ගැන මම දන්නේ  නෑ. එම ලිපිය මම දැකලා නෑ.

විත්තියේ නීතිඥවරයා ; ඔබ වර්තමානයේ සේවය කරන ඖෂධ ඇගයීම් අංශයේ රාජකාරි භාර ගන්නා අවස්ථාවේ දී එකී අංශයට අදාළ කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා එකී කටයුතුවලට අදාල ලිපිගොනු ලේඛන අධ්‍යයනය කළ බව සාක්ෂි දෙමින් කීවානේ. ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා ඔබ දැකලා ඇතිනේ? මෙම ලේඛනය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් සහ ඒ සමඟ අමුණා තිබූ මෙමෝ සටහන් පත්‍රයක් කියලා ඔබට හඳුනාගන්න පුළුවන්ද ? 12 වී 1 ලෙස ලකුණු කර තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් කියලා ඔබ පිළිගන්නවාද ? (විත්තියේ නීතිඥවරයා අධිකරණ භාෂණ පරීක්ෂකවරිය මගින් අංක 6 ගොනුවේ 126 (O) ලෙස ලකුණු කර තිබූ ලේඛණය සාක්ෂිකාරියට ඉදිරිපත් කරයි)

විත්තියේ නීතිඥවරයා ; එම ලේඛනය ඔබගේ කේත අංකය ඇතුලත් කර යොමු කළ ප්‍රතිග්‍රාහක ලිපියක් නේද? එහි අත්සන් කර තිබෙන්නේ එම සමයේ දොළොස්වන චූදිත විදේශගතව සිටීම නිසා ඔහුගේ රාජකාරී ආවරණය කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් ප්‍රියදර්ශන මහතා බව ඔබ පිළිගන්නවාද ? ඔබ විෂය පිළිබඳ හැදෑරූ වෘත්තීයවේදිනියක් ඔබ දන්නවා ඇතිනේ! විෂයට අදාළ තාක්ෂණික වචන. පෙරකියුටින් ගුඩ්ස්  ලෙසින් හඳුන්වන්නේ මොනවාද ? මම එලෙස ඇසුවොත් එමගින් හඳුන්වන්නේ ඖෂධ වෛද්‍ය උපකරණ දේවල් කියලා ඔබ පිළිගන්නවාද ?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි සමහර ඖෂධ වර්ගත් එම ඝනයට අයත් වෙනවා.

විත්තියේ නීතිඥවරයා ; 2022.09.16 පැවැති අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව හා එයට අමුණා තිබූ මෙමෝ පත්‍රය තමයි 12 වි 1 ලෙස ලකුණු කර ඇත්තේ කියන එක ඔබට පිළිගන්න පුළුවන්ද?

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි

විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ; මේ සංශෝධිත අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවෙන් ජයිකා ව්‍යාපෘතිය හා ආසියානු සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු හදිසි ප්‍රසම්පාදන ක්‍රමවේද යටතේ ඖෂධ ආනයනය කිරීමට අදාළව නේද සඳහන් කර තිබෙන්නේ. එවැනි ඖෂධ ගෙන්වීමේදී ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳව පරීක්ෂා කිරීමේ ක්‍රමවේද තියෙනවා කියා මා යෝජනා කළොත් ඔබ ඒක පිළිගන්නවාද ?

සාක්ෂිකාරිය ; ඔව් අදටත් ඒ ක්‍රමවේද තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය ;  මට ඒ හරස් ප්‍රශ්න ගැන නිවැරදි කිරීමක් කරන්න තිබෙනවා. දොළොස්වන චූදිතගේ නීතිඥ මහතා ඇසුවා ඔහු ඉදිරිපත් කළ අධ්‍යක්ෂ මණ්ඩල සටහන් හා මෙමෝ පත්‍රය ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද? ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ  මණ්ඩල රැස්වීම පැවැත්වෙන ආකාරය පිළිබඳව? ඔබ එම රැස්වීම් වලට ගිහින් තියෙනවාද? එවැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සාකච්ඡා වලට ලැබෙන්නේ ඊමේල් මාර්ගයෙන් කියලනේ ඔබ පෙර සාක්ෂි දුන්නේ ඊමේල් ලැබෙන තුරු ඔබ දන්නේ නෑනේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළේ වෙන සාකච්ඡා පිළිබඳව? එවැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් යාවත්කාලීන කිරීම් ගැන ඔබ දැනුවත්ද ?

සාක්ෂිකාරිය ; මම ඒ බව දැනගත්තේ ඊමේල් පණිවිඩ ලැබුණට පසුවයි. 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඔබගෙන් දොළොස්වන විත්තිකරුගේ නීතිඥ මහතා ඇසුවා ප්‍රශ්නගත ඖෂධ නිෂ්පාදනය කර  ඇති ඉන්දියානු සමාගම ගැන සොයා බලන්න කියලා දොළොස්වන විත්තිකරු ඔබට උපදෙස් දුන්නා කියන කාරණය ගැන. ඒ වගේම එම හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ් කියන ඖෂධ දෙක රඳවා තබා ගැනීමට එම විත්තිකරු උපදෙස් ලබාදීමක් ගැනත් ඇසුවා. ඔය ලිපි දෙක ගැන කතා කරන්න ඔබට අවබෝධයක් තිබෙනවාද ? ඖෂධ සුරක්ෂිත කමිටුව විසින් කළ යුතු රාජකාරී කටයුතු ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද ?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; දොලොස්වන විත්තිකරු මනෝජා නමැති පරිපාලන නිලධාරිනිය මගින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව දන්නවාද කියලත් විත්තියේ නීතිඥ මහතා ඇසුවා. ප්‍රශ්නගත ඖෂධ දෙක ගැන 2023.10 මස ඖෂධ සුරක්ෂිත කමිටුව මගින් උපදෙස් ලබාදීමක් ගැන ඔබට අවබෝධයක් තිබුණාද ?

නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ; මම සුරක්ෂිත කමිටුවක් ගැන මෙම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්නයක් ඇසුවේ නෑ. ඒ නිසා පැමිණිල්ලට බෑ මම අහපු නැති කරුණක් ගැන සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න අසන්න.

අධිකරණය ; එම කරුණු ගැන නිසි ක්‍රමවේදයට අසන්න මේ විදියට අහන්න එපා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; නෑ ස්වාමිනි! විත්තියෙන් මේ සාක්ෂිකාරියගෙන් විවිධ කරුණු ගැන හරස් ප්‍රශ්න ඇසුවා. එකී කරුණු වලට පිවිසීමටයි මම එම ප්‍රශ්නය ගැන සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්නයක් ඇසුවේ.

විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ; දැන් ගරු අධිකරණය ඒ ගැන නියෝගයක් දීලයි තියෙන්නේ. අධිකරණය දුන් නියෝග අනුව කටයුතු කරනවා මිස එකී නියෝගය ගැන නැවත විග්‍රහ කරන්න පැමිණිල්ලට බැහැ. අධිකරණය ලබාදෙන නියෝග වලට අපි කවුරුත් අවනත වෙන්න ඕනා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා දෙසට හැරී ඔබතුමා ඔබතුමාගේ සීමාව ඉක්මවා යනවා. මම විනිසුරු මඩුල්ලට ඒ ගැන පහදාදීමටයි හැදුවේ.

නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ; ඔය විදිහට හයියෙන් කතා කරලා විත්තිය බය ගන්වන්න හදන්න එපා. ඔහොම හයියෙන් කතා කරන්න ගිහින් මහාධිකරණයේදී සිද්ධ වුන දේ මතකයිනේ?

පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලකුණු කර ඇති පළමුවන විත්තිකරු විසින් 2025.06.03 දින ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කළැයි කියන අංක CUS/ ICT/STATE/3084 දරන ඖෂධ ඇගයීම් කමිටු සහතිකය ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ සහතිකයක් නොවන බවත් එම සහතිකයේ ආකෘතියද ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරනු ලබන සහතික වල ආකෘතිය අනුව සකස් කර නොමැති බවත් එම සාක්ෂිකාරිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය නැගූ නැවත ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්  පැවසුවාය.

තුන්වන විත්තිකාර වෛද්‍ය සැපයූම් අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂිකා පීස් දේවශාන්තිනී සොලමන්ස් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා එහිදී එම සාක්ෂිකාරියගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න නගමින් ඖෂධ නියාමන අධිකාරියේ වගකීම වනුයේ ගුණාත්මක තත්ත්වයෙන් යුත් ඖෂධ මිලදී ගැනීමට වගබලා ගැනීම නොවන්නේ දැයි විමසා සිටියේය. එමෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ  වගකීම වනුයේ රටට අවශ්‍ය ඖෂධ තොග පවත්වාගෙන යාම හා බෙදාහැරීම නොවන්නේ දැයි විත්තියේ නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර තමන්ට ඒ පිළිබඳව දැනීමක් නොමැති බව සාක්ෂිකාරිය එම පැනයට පිළිතුරු දෙමින්  පැවසුවාය. විත්තියේ නීතිඥවරයා එම සාක්ෂිකාරියගෙන් ඇයට අදාළ නොවන විෂයක් පිළිබඳව හරස් ප්‍රශ්න සම්බන්ධයෙන් නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය විරුද්ධත්වය දැක්වූ අතර සාක්ෂිකාරියගේ විෂයපථයට අයත් නොවන කරුණු ගැන සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න නොඅසන ලෙසට  සභාපති විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයාට අවවාද කළේය.

පුරා දින අටක් තිස්සේ සිදු කළ එම සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීම ඉන් අවසන් කළ අතර ලබන 23 වැනිදා දක්වා සාක්‍ෂි විභාගය කල් තැබූ විනිසුරු මඩුල්ල  පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ 33වන සාක්ෂිකාරිය වන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ  ඖෂධ වේදනියක ලෙස රාජකාරි කරන අමිලා කුමාරි ඒකනායක මහත්මියට හා පැමිණිල්ලේ  52වන සාක්ෂිකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  ඖෂධවේදී අයන්ත සඳරුවන් අභයවික්‍රම මහතාට සිතාසි යැවිමට නියෝග කළේය.

සටහන – සුජීවා

Latest Posts

spot_imgspot_img