Saturday, February 14, 2026
spot_img

Latest Posts

Immunoglobulin Scandal: Court Stunned as Ex-Treasury Official Claims “No Knowledge” of State Bankruptcy

The high-profile trial involving the procurement of substandard human immunoglobulin—an alleged scam costing the state over Rs. 140 million—took a dramatic turn at the Colombo Permanent High Court Trial-at-Bar recently.

Intense verbal exchanges between legal counsel and witnesses dominated the proceedings, exposing startling gaps in the memory of high-ranking officials regarding the country’s economic collapse.

Here are the key flashpoints and heated dialogues from the courtroom:

“I Was Unaware of the Country’s Bankruptcy”

During the cross-examination of the 182nd witness, former Deputy Treasury Secretary R.M.P. Rathnayake, questions raised by Defense Counsel Rahul Jayatilaka led to a revelation that baffled the courtroom.

Counsel Rahul Jayatilaka:

“Are you aware that the government had officially declared the country as a bankrupt nation unable to repay foreign debts, and had suspended foreign debt repayments?”

Witness:

“I am not aware of that.”

Counsel Rahul Jayatilaka:

“As the Deputy Treasury Secretary and the official monitoring the Indian Credit Line, is it acceptable for you to testify under oath that you are unaware of such a critical and specific fact?”

Witness:

“Your Honour, it has been about two years since I retired. I do not remember exactly.”

“Yes or No?” – A Clash of Counsels

Tensions flared between the defense and the prosecution regarding the manner of questioning, specifically concerning the extension of the credit line.

Counsel Rahul Jayatilaka:

“Didn’t the Department of External Resources request this extension with the aim of utilizing the loan more effectively?”

Deputy Solicitor General (DSG):

(Objecting) “He cannot ask cross-questions by putting the answer in the witness’s mouth, like ‘Isn’t it?’ or ‘Yes, right?’!”

Counsel Rahul Jayatilaka:

“You don’t need to say that. He will answer. If it’s yes, he’ll say yes; if no, he’ll say no!”

Judge Priyantha Liyanage:

“You cannot ask questions in a manner that implies the answer, such as ‘No, isn’t it?’.”

Defining a “Crisis”: A Linguistic Battle

Another pivotal moment occurred when President’s Counsel (PC) Priyantha Nawana grilled the witness on the terminology used in official documentation.

PC Priyantha Nawana:

“In the letters you issued, you used the English word ‘Crisis’. What is the meaning of this?”

Deputy Solicitor General:

“I object to that question. While he is a witness in this case, he is not an expert in the English language.”

Witness:

“By ‘Crisis’, I meant economic problems.”

PC Priyantha Nawana:

“Doesn’t ‘Crisis’ imply a critical emergency or a disaster?”

Witness:

“It can be interpreted that way.”

The Mystery of the Unspent $522 Million

A crucial revelation emerged regarding the utilization of the Indian Credit Line (LOC). It was disclosed that by the time the agreement expired, a staggering $522 million remained unutilized. The defense implicitly questioned the logic of procuring substandard medicines under the guise of urgency while such vast funds lay idle during a national drug shortage.

Furthermore, the Attorney General’s Department expressed strong disapproval regarding the reinstatement of two accused officers (the Accountant and the Stock Controller of the Medical Supplies Division) despite ongoing High Court proceedings. The Deputy Solicitor General emphasized that “no officer, regardless of rank, can remain in active duty after an indictment is filed in the High Court,” and vowed to report on the matter after consulting the Health Secretary.

නඩු වාර්තාව

09/02/2026


2020.01.08 වැනිදා අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා රජයට ලබාදීමට ගිවිසුම් ගත වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය මුදල ලබා ගැනීමට අදාළ කටයුතු සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස තමාව පත්කළ බවත් එකල අප රට විදේශ රටවලින් ලබාගත් ණය ගෙවීමට නොහැකි බංකොලොත් රටක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර විදේශ නය ගෙවීම් තාවකාලිකව අත්හිටවූ බවක් තමා නොදන්නේ යැයි මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. එම්. පී.  රත්නායක මහතා  විත්තියේ නීතිඥ රහුල් ජයතිලක මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

ලෝකයේ සියලුම රටවල් පාහේ ශ්‍රී ලංකාවට කිසිදු නය මුදලක් ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබියදී ශ්‍රී ලංකාවට එවැනි ණය මුදලක් දීමට එකඟ වූ එකම රට ඉන්දියාව නොවන්නේ දැයි  නමවන විත්තිකාර වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා හරස් ප්‍රශ්න නගමින් එම සාක්ෂිකරුට යෝජනා කළ අතර හැම රටක්ම එලෙස ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට විත්තිය කරන යෝජනාවට පිළිතුරු දිය හැක්කේ අදාල ලේඛන පරිශීලනය කිරීමෙන් අනතුරුව බවත් ඒ බව සැබෑ ලෙසම දැනගත හැක්කේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් වන්නේ යයිද එම සාක්ෂිකරු පැවසීය. එකී ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා ලෙසත් මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලෙසත් කටයුතු කළ සාක්ෂිකරු එවන් සුවිශේෂී කරුණු හෝ නොදැන සිටින බවට හා ඒ පිළිබඳව නිශ්චිතව නොදන්නා බවට ගරු අධිකරණය හමුවේ දිවුරුම් පිට සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටීම පිළිගත හැක්කේ දැයි විත්තියේ නීතිඥවරයා එම සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

සාක්ෂිකරු ; ස්වාමීනි, මම දැන් විශ්‍රාම ගිහින් අවුරුදු දෙකක් විතර වෙනවා. මට ඒ ගැන හරියටම මතක නෑ.

විත්තියේ නීතිඥ ; ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ එකී ණය මුදල ලබා ගැනීමේ කාලය දීර්ඝ කිරීමට කිසිම බලධාරියකු සමග සාකච්ඡාවක් තිබුනේ නෑ කියලා මම ඔබට යෝජනා කරනවා.

සාක්ෂිකරු ; මම එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.

විත්තියේ නීතිඥ ; ඒ බව සනාථ කරන්න අවශ්‍ය ලේඛන කිසිවක් ඔබ අධිකරණයට ඉදිරිපත් කරලා නෑ. කවුද එම සාකච්ඡාව කළේ. එම කාලය දීර්ඝ කර ගැනීම සඳහා 2022 සැප්තැම්බර් ඔක්තෝබර් මාස වලදී කළ බව මම යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?

සාක්‍ෂිකරු ; හරියටම දින මතක නෑ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව තමයි එම සාකච්ඡා කළේ.

විත්තියේ නීතිඥ ; රහුල් ජයතිලක මහතා ; විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එවැනි ඉල්ලීමක් කරන්න ඇත්තේ එකී ණය මුදලින් සම්පූර්ණයෙන්ම වඩාත්  ඵලදායී ලෙස ප්‍රයෝජන ගැනීමේ අරමුණින් නේද ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සාක්ෂිකරුගේ කටට උත්තරය දීල ඔව් නේද ? නෑ නේද ? කියලා හරස් ප්‍රශ්න අහන්න බෑ.

නීතිඥ රහුල් ජයතිලක මහතා; ඔබතුමිය කියන්න ඕන නෑ. එතුමා ඒකට උත්තර දෙයි ඔව් නම් ඔව් කියයි. නැතිනම් නෑ කියයි.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; කිව්වේ නෑ නේද වගේ? හැඟෙන ලෙස ප්‍රශ්න අහන්න බෑ.

දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ  ප්‍රියන්ත නාවාන මහතා ; ලංකා රජය සහ ඉන්දියානු රජය අතර ඇති කරගත් ණය ගිවිසුමේ සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් වලින් එම ණය ආපසු ගෙවිය යුතුයි කියලනේ?

සාක්ෂිකරු ; ඒක හරියට මතක නෑ.

ජනාධිපති නීතිඥවරයා ; ණය මුදලේ උපයෝජනය අවසන් වූ පසු උපයෝජන හා උපයෝජිත මුදල ලෙස සටහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් වලින්නේ. දෙරට අතර ඇති කරගත් ගිවිසුම අනුව එකී ණය මුදල බැංකුගත වී තිබුණේ ඉන්දියානු රාජ්‍ය බැංකුවේ නේද?

සාක්ෂිකරු ; ඔව්

ජනාධිපති නීතිඥවරයා ; නේබර් ෆස්ට් ( අසල්වැසියාට ප්‍රමුඛතාවය ) කියන සංකල්පය මත ඉන්දියාව එම අර්බුදකාරී අවස්ථාවේදී අපේ රටට උදව් කළා. ඔබ නිකුත් කළ ලිපිවල සඳහන් කොට තිබුණා  ක්‍රයිසීස්  කියන ඉංග්‍රීසි වචනය. ක්‍රයිසීස් කියන ඉංග්‍රීසි වචනයේ  තේරුම මොකක්ද ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ ප්‍රශ්නය සාක්ෂිකරුගෙන් අහනවාට මම විරුද්ධයි. මොහු මෙම නඩුවේ සාක්ෂිකරුවෙක් වුණාට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශාරදයෙක් නෙමෙයිනේ.  අද පත්තරයක තිබුණා. මේ සාක්ෂිකරුගේ සාක්ෂි හෑල්ලුවට, අවතක්සේරුවට ලක්වන ආකාරයේ ප්‍රවෘත්තියක්.

ජනාධිපති නීතිඥවරයා ; ඔබ අදාළ සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ අතිරේක  භාණ්ඩාගාර ලේකම් ලෙස  කටයුතු කළ දැන උගත් ඒ පිළිබඳව දැනුමක් තියෙන අයෙක්.

සාක්ෂිකරු ; මම අදහස් කලේ crisis  කියන වචනයෙන් ආර්ථික ගැටලු කියන එකයි.

 ජනාධිපති නීතිඥවරයා ; crisis කියන්නේ අර්බුදයක් කියන එක නේද?

සාක්ෂිකරු ;  එහෙම විග්‍රහ කරන්නත් පුළුවන්

එහිදී හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා පැමිණිල්ලේ 182 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකරුගෙන්, හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; එකී ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි අවශ්‍යතාවක් ලෙස ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් මුලින් වෙන් කර තිබුණා. පසුව එම මුදල් ඇමරිකානු ඩොලර් 360 දක්වා වැඩිකර තිබුණා නේද? ඔබට ඒ පිළිබඳව අවබෝධයක් තිබෙනවාද?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥ ; 2023.03.31 වැනි දින අවසන් වීමට නියමිතව තිබූ ඉන්දියාව හා ලංකා රජය අතර  ඇති කරගත් ගිවිසුමේ කාලය 2024.03.31 දක්වා දීර්ඝ කිරීමක් සිදුවුණා කියලා මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද ?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥවරයා ; ඒ ගිවිසුම් කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන විට ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් කොපමණ මුදලක් සම්පූර්ණයෙන්ම උපයෝජනය වෙලා තිබුණාද ? කොපමණ මුදලක් ඉතිරිවීී තිබුණාද?

සාක්ෂිකරු ; ඇමරිකානු ඩොලර් 522ක් ඉතිරිවී තිබුණා.   

නඩු විභාගය ආරම්භ කිරීමට පෙර හතරවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ  ඝණකාධිකාරීවරයා ලෙස කටයුතු කළ මරක්කල මානගේ නිරාන් ධනංජය මහතා හා පස්වන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක ලෙස සේවය කළ සුජිත් වසන්ත කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක සේරසිංහ මහතා එම විත්තිකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමක් සිදු කිරීමට විනිසුරු මඩුල්ලෙන් අවසර ඉල්ලා සිටියේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක සේරසිංහ මහතා ; ස්වාමීනි, මෙම විත්තිකරුවන් දෙදෙනාම රජයේ සේවකයන් ඔවුනට එරෙහිව සිදු කළ අභ්‍යන්තර විගණන පරීක්‍ෂණවලින් හා විනය පරීක්‍ෂණවලින් අනතුරුව ඔවුන්ව යළි සේවයේ පිහිටවලා තියෙන්නේ. පස්වන විත්තිකරු මේ වන විට කරාපිටිය මූලික රෝහලේ ඖෂධ වේදියෙක් ලෙස රාජකාරි කරනවා. ඔහුගේ බිරිඳ ගැබිණි මවක්. ඇය ඉතා සංකූලතා සහිත රෝග තත්ත්වවලින් පෙළෙන කාන්තාවක්. ඔවුන් දෙදෙනා පමණයි නිවසේ ජීවත් වන්නේ. බිරිඳට දැඩි ලෙස අසනීප වන අවස්ථාවලදී මගේ සේවාදායකයාට නිසි වෙලාවට මෙම අධිකරණයට පැමිණීමට නොහැකි වෙනවා. එමෙන්ම ඔහු අධිකරණයට පැමිණි බව සනාථ කරන්න රාජකාරී කරන ස්ථානයට පැමිණීමේ සහතික ඉදිරිපත් කරන්න සිදුවෙනවා. ඒ නිසා ඉල්ලුම් කළ විට අදාල සහතික විත්තිකරුවන්ට ලබා දෙන ලෙස රෙජිස්ටාර්වරියට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නීතිපතිවරයා අධි චෝදනා පත්‍ර ගොනුකොට මහාධිකරණයක් හමුවේ. නඩු පැවරූ පසු කුමන තරාතිරමේ රජයේ සේවකයෙකුට වුවත් යළි රාජකාරි කරන්න බෑ. ආයතන සංග්‍රහය අනුව එහෙම රාජකාරි කරන්න බෑ. ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසා සතියක කාලයක් ඇතුලත ඔබතුමාගේ අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නම්.

අධිකරණය ; ඉල්ලුම් කළ විට කාර්ය සටහන් ලබා ගැනීමට විත්තිකරුවන්ට අවසර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් ව්‍යපහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් යටතේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය අද (10 ) දක්වා කල් තැබීමට ප්‍රියන්ත ලියනගේ , විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ  විනිසුරු මඩුල්ල නියෝග කළේය.


සටහන -සුජීවා

Latest Posts

spot_imgspot_img