Saturday, February 14, 2026
spot_img

Latest Posts

ශ්‍රී ලාංකික ධීවරයින්ට පහර දුන් බවට එල්ල වන චෝදනා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ – 2026 පෙබරවාරි 05)

පසුගිය ජනවාරි 29 වැනිදා මුහුදේදී ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට පහර දීමේ සිද්ධියට ඉන්දීය නාවික හමුදාව හෝ වෙරළාරක්ෂක බලකාය සම්බන්ධ නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. 

ශ්‍රී ලාංකික ධීවරයින්ට ඉන්දීය ආරක්ෂක අංශ විසින් පහර දුන් බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහ කොමසාරිස් කාර්යාලය මෙම ප්‍රකාශය සිදු කර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ බවත්, ඒ අනුව ඉන්දීය නාවික හමුදාවේ හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ කිසිදු සාමාජිකයෙකු විසින් එවැනි පහරදීමක් සිදු කර නොමැති බව තහවුරු කළ හැකි බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

ධීවරයින්ගේ ජීවනෝපාය ගැටලු සම්බන්ධයෙන් ඉන්දියාව සැමවිටම මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කරන බව පෙන්වා දෙන එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, කිසිදු තත්වයක් යටතේ ධීවරයින්ට එරෙහිව බලය භාවිතා නොකළ යුතු යන්න ඉන්දියාවේ ස්ථාවරය බවයි.

මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Latest Posts

spot_imgspot_img