The quest for truth in the LKR 140 million Immunoglobulin procurement scandal reached a fever pitch yesterday (02) at the Permanent High Court at Trial-at-Bar. In a move to safeguard the integrity of the judicial process, the court issued a stern directive to secure all procurement records, as a fierce legal battle erupted between the State’s prosecutors and some of the country’s most seasoned defense counsels.
This was not merely a day of testimony; it was a high-stakes masterclass in legal maneuvering. The courtroom atmosphere crackled with tension as procedural objections collided with allegations of “misrepresented testimony,” prompting the bench to intervene in a clash that defined the fine line between zealous advocacy and judicial cooperation.

The Judicial Order: Safeguarding the Paper Trail
The three-judge bench, comprising Hon. Priyantha Liyanage, Hon. Viraj Weerasuriya, and Hon. Thilakaratne Bandara, directed the Chairman of the State Pharmaceuticals Corporation (SPC) to immediately secure all original files and documentation pertaining to the emergency procurement of medical supplies under the Indian Credit Line (ICL).
The court emphasized that these documents must be preserved intact and produced upon further notice, ensuring that the “paper trail” of the controversial procurement remains beyond the reach of potential tampering or loss.
The Courtroom Clash: Verbatim of a Legal Storm
The highlight of the proceedings was the spirited exchange regarding the conduct of the Re-examination and the availability of trial transcripts. The following dialogues capture the intensity of the debate:
On Professional Duty and Transcripts:
When the Defense sought to halt cross-examination citing the unavailability of previous transcripts, the Prosecution responded with vigor:
Deputy Solicitor General (DSG) Lakmini Girihagama:
“Your Honors, the primary duty of a legal counsel is to assist the court. Justice for one’s client must be sought within that framework. It is common sense that in a complex trial of this nature, verbatim transcripts cannot be produced instantaneously. The Defense is entitled to fairness, but not to an exceptionalism that hinders the trial’s progress.”
On the Scope of Re-examination:
As the DSG proceeded to re-examine the witness using various documents, the Defense benches rose in unison, alleging that the Prosecution was overstepping the bounds of the Evidence Ordinance:
Counsel Amitha Ariyaratne:
“My Lady is conflating the beginning, middle, and end of my cross-examination questions to create entirely new premises. She is ‘stitching together’ fragments that were never put to the witness in that manner. I move to record my strongest objection!”
DSG Lakmini Girihagama:
“I do not require instructions from the Defense on how to conduct my re-examination. I am grounding my questions in the documentary evidence available to all parties. Anyone is free to verify them; they are records of this court.”
Counsel Asela Serasinghe:
“You are straying far beyond the permissible limits of re-examination. You may not realize it, but I am well-versed in these boundaries!”
DSG Lakmini Girihagama:
“I am not ‘stitching’ anything. I am asking what is necessary for the State’s case. I will not ask the questions you want me to ask. Under which specific provision of the Act is this objection being raised?”
Analytical Postscript: The Technicality of Truth
Beyond the dramatic dialogue, the day’s proceedings underscored a critical pivot in the Defense strategy: the comparison between the Asian Development Bank (ADB) funded procurement and the Indian Credit Line (ICL) process. By highlighting the rigid compliance structures of the ADB, the Defense appears to be carving out a narrative of “procedural necessity” or “administrative pressure” during the emergency period.
However, the Court’s refusal to delay proceedings based on transcript availability signals a “fast-track” approach to justice in a case that has gripped the public conscience.

[02/02/2026]
නඩු වාර්තාව
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට අදාල සියලුම ලේඛන අඩංගු ගොනු සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (02) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට නියෝග කළේය.
තම අධිකරණය නැවත නියෝගයක් කලහොත් එකී ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ ලේඛන අඩංගු ලිපිගොනු තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටද ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යාසහරණය කිරීම ඇතුළු චෝදනා දහතුනක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (2) එම විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසම්පාදන ලෙස එවකට රාජකාරි කල වර්තමාන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් යුනූස් ලෙබ්බේ මොහොම්මදු නවවි මහතා දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා වැඩිදුරටත් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.
දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පැමිණිල්ලේ එම සාක්ෂිකරුගෙන් සිව්වන දිනටත් හරස් ප්‍රශ්න අසමින් එම සාක්ෂිකරු විසින් 2022 වසරේදී හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා සාක්‍ෂිකරු විසින් සිදුකළ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විමසා සිටියේය. එකී ණය ක්‍රමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීමට අදාළව සිදුකළ මිල කැඳවීම්, එලෙස මිලදී ගැනීමට අපේක්‍ෂා කළ ඖෂධ හා වෛද්‍ය උපකරණ පිළිබඳ විමසූ ජනාධිපති නීතීඥවරයා එකී ලේඛන සාක්ෂිකරු මගින් විත්තියේ ලේඛන ලෙස අධිකරණය හමුවේ සලකුණු කිරීමටද පියවර ගත්තේය. ඖෂධ මිලදී ගැනීමට අදාලව නිකුත් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2008 දෙවන සංශෝධන අත්පොත සාක්ෂිකරුට ඉදිරිපත් කොට ඒ පිළිබඳව දැනුවත් දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටි ජනාධිපති නීතිඥවරයා එකී අත් පොත විත්තියේ සාක්ෂියක් ලෙස සාක්ෂිකරු ලකුණු කිරීමටද පියවර ගත්තේය. එමෙන්ම පෙර කී ආසියානු සංවර්ධන බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට පත්කළ ඇගයීම් කමිටු සාමාජිකයන් පිළිබඳව ද ජනාධිපති නීතිඥවරයා සාක්‍ෂිකරුගෙන් විමසා සිටි අතර මේ මොහොත වන විට එම කමිටු සාමාජිකයින්ගේ නම් තමාට පැහැදිලි මතකයක් නොමැති බව සාක්ෂිකරු පැවසීය.
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ;
මෙම සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමට මට අවශ්‍යයි. නමුත් මොහුට පෙර පැමිණිල්ලේ දොළොස්වන සාක්ෂිකාරිය ලෙස මෙම අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂ්කා විමල ජීව මහත්මියගේ සාක්ෂිවල පිටපත් අපිට තවමත් ලැබී නැති නිසා එම හරස් ප්‍රශ්න ඇසීම මා අවසන් කරනවා. මගේ ඉල්ලීම පරිදි ඔබතුමාලාගේ ගරු අධිකරණය කැඳවූ මෙකී ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදනවලට අදාල ලේඛන සුරක්ෂිතව තබන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා සිටිනවා.
පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය ;
ස්වාමීනී මේ නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වීමට පෙර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වූවා. එතනදී පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු සියලු ලේඛන ලබාදීලා තියෙන්නේ එකී ලේඛන විත්තිය භාරයේ තිබූ නිසා ඔවුන්ට දැනුවත්භාවයක් තිබිය යුතුයි මෙම සාක්ෂිකරු ලබාදෙන්නේ කුමන කරුණු ගැනද කියලා. එහෙම වුණත් විත්තිය මෙම සාක්ෂිකරු ලබාදෙන සාක්ෂිවලට අදාළ ලේඛන කිසිවක් ඉල්ලා සිටියේ නැහැ. දහවන විත්තිකරු වෙනුවෙන් ප්‍රශ්නගත ඖෂධ 66ට අදාල ලේඛන සහිත ගොනු ඉල්ලා සිටියේ මේ සාක්ෂිකරුගේ සාක්කිය මේ අධිකරණය හමුවේ ආරම්භ කළාටත් පසුවයි. ගරු අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව පැය පහක කාලයක් ඇතුළත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නඩු ගොනු කීපයක් අධිකරණයට ගෙනත් දුන්නා. දොළොස් වන සාක්ෂිකාරියගේ සාක්ෂි සටහන් නෑ කියලා මෙම සාක්ෂිකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න අහන්න අමාරුයි කියලා විත්තියේ උගත් නීතිඥ මහත්තයා කියනවා. විත්තියට එහෙම විශේෂත්වයක් දක්වන්න ඕන නෑ. විත්තියටත් පැමිණිල්ලටත් දෙපැත්තටම සාධාරණ විය යුතුයි. සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙවැනි සංකීර්ණ නඩුවක සාක්ෂි සටහන් එදිනෙදා දීමට නොහැකි බව. කුමන පාර්ශ්වයක් නියෝජනය කළත් නීතිඥවරයෙකුගේ උතුම් කාර්යය විය යුත්තේ අධිකරණයට සහය වීමයි. ප්‍රථම කොට අධිකරණයට සහාය දක්වලා තමයි තම සේවාදායකයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිය යුත්තේ.
අධිකරණය ;
දසවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාට මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට පුරා දින හතරක්ම ලබාදී තිබෙනවා. දොළොස්වන පැමිණිල්ලේ සාක්ෂිකාරියගේ සාක්ෂි සටහන් ලබා ගැනීමට නොහැකි වීම නිසා මෙම සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමට නොහැකි බවට කරන ප්‍රකාශය මගින් පෙන්වා දෙන පරිදි විත්තියට අගතියක් සිදුවී නැති බව අධිකරණයට පෙනී යනවා. විත්තිය එකී ඉල්ලීම කර ඇත්තේ ආරක්ෂිත පියවරක් ලෙසින් බවයි අධිකරණයේ නිගමනය. එබැවින් එය පිළිගත නොහැකි ඉල්ලීමක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කරනවා. මෙම සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් සකස් කොට ඇති බවත් ඒවා විත්තියේ නීතිඥවරුන් ලබා ගැනීමට ඉල්ලීමක් කර නැති බවත් අධිකරණ රෙජිස්ටාර්වරිය කියනවා. විත්තියේ හරස් ප්‍රශ්න අහලා අවසන් වූ පසු පැමිණිල්ලේ නැවත ප්‍රශ්න අහන්නත් සැලකිය යුතු කාලයක් යනවා. අපරාධ නඩු විභාග සංග්‍රහයේ පනත යටතේ දිනපතා විභාග කරන නඩුවක සාක්ෂි සටහන් එදාම නිකුත් කරන්න බැහැ. දොළොස්වන විත්තිකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් රාජසිංහ ගුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතාගේ කනිෂ්ඨ නීතිඥවරයා එම විත්තිකරු වෙනුවෙන් අදාළ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න නොඇසන බව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය 213 වන පැමිණිල්ලේ සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
ඔබතුමා ලබා තිබෙන අධ්‍යාපන සුදුසුකම්, ඉගෙනගත් විද්‍යාලය, කරපු රැකියා, ප්‍රසම්පාදනය පිළිබඳව ඉන්දියාවෙන් ලබපු පුහුණුව හා ප්‍රසම්පාදනයට අදාළ විශේෂඥභාවය යනාදී සියලු තොරතුරු විත්තියේ නීතිඥවරුන් ඔබෙන් ඇසුවා නේද මහත්මයා.
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ;
පැ 54 හා පැ 55 දරන ලේඛන ඉදිරිපත් කරමින් ඔබෙන් ප්‍රශ්න ඇසුවා. දස වන චූදිතට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයක් ලබාදීමට කැබිනට් සන්දේශය හා ඊට අනුමැතිය ලබාදීමේ ලිපියක් ඉදිරිපත් කරමින් දසවන චූදිතට අතිරේක ලේකම් ධූරයක් ලබාදීමට අදාලව හයවන චූදිත වෙත ලැබුණ ලිපිත් ඉදිරිපත් කරමින් ඔබෙන් ප්‍රශ්න ඇසුවා.
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි කිරීමෙන් පසුව දසවන විත්තිකරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරකට පුද්ගලිකව පත්කිරීමට අදාලවත් ඔබෙන් ඇසුවා.
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී. යම් අමාත්‍යාංශයක ස්ථිර තනතුරක් දැරූ එම විත්තිකරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුු ලෙස පුද්ගලිකව පත්කිරීම සිදු සිදුකරන්න පුළුවන්. අපේ අමාත්‍යාංශයේ තනතුරක් ඇති කරලා එයා විශ්‍රාම යනතුරු එම තනතුරට පුද්ගලිකව පත් කරන්න කියලයි එමගින් අනුමැතිය දාලා තිබුණේ.
ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ලබා ගැනීම සඳහා තමා ප්‍රසම්පාදන කටයුතු සිදුකළත් ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය කාර්යාලය විසින් එකී ක්‍රියාවලිය අනුමත නොකිරීම නිසා එකී ඖෂධ මිලදී ගැනීමක් සිදු නොවූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දීර්ඝ ලෙස නැගූ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු පැවසීය.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය එම සාක්ෂිකරු වෙත විවිධ ලේඛන ඉදිරිපත් කරමින් නැවත ප්‍රශ්න නගන අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය සාක්‍ෂිකරු වෙත උත්තර සමග ඉදිරිපත් කරමින් හා විත්තිය නැගූ හරස් ප්‍රශ්න විකෘති කරමින් සාක්‍ෂිකරුගෙන් නැවත හරස් ප්‍රශ්න අසන බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල, අමිත ආරියරත්න, රහුල් රුවිහාර ජයතිලක, ඉසුරු ජයවර්ධන හා අසේල සේරසිංහ යන නීතිඥවරුන් ඇතුළු අදහස් දැක්වූහ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ;
මට විත්තියේ නීතිඥවරුන්ගේ උපදෙස් ඕන නැහැ. මම නැවත ප්‍රශ්න අහන්නේ ලේඛන උපයෝගී කරගෙනයි ඕන කෙනෙකුට පුළුවන් ඒවා පරීක්ෂා කරන්න ඒවා අධිකරණයේ තියෙනවා.
නීතිඥ අමිත ආරියරත්න මහතා ;
මම අහපු ප්‍රශ්න අග, මුල, මැද එකතු කරලයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමිය ප්‍රශ්න අහන්නේ. ඇය අදහස් කරන ප්‍රශ්නය මම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්නයක් ලෙස අහලා නෑ. එතුමිය කෑලි මූට්ටු කරලයි නැවත ප්‍රශ්න අහන්නේ.
අධිකරණය ;
හරස් ප්‍රශ්න නැවත අහන එක නෙමෙයි නැවත ප්‍රශ්න අහනවා කියන්නේ.
නීතිඥ අමිත ආරියරත්න මහතා ;
මම අහපු හරස් ප්‍රශ්න එයාට ඕන විදිහට එකතු කරලා නැවත ප්‍රශ්න ලෙස අහන්න බෑ. මගේ විරෝධතාවය සටහන් කර තබන්න.
අධිකරණය ;
විත්තිකරුවන් වෙනුවෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවල සාමාජිකයන් ගැන හරස් ප්‍රශ්න අසා තිබෙනවා. 11 වන විත්තිකරු වෙනුවෙන් එවැනි ප්‍රශ්න අසා නැති වූවද එම නැවත ප්‍රශ්න කිරීම්වලට ඉඩ දෙනවා. ඔය ඔක්කොම ප්‍රශ්න එක ප්‍රශ්නයකින් අහන්න බෑ නේ.
නීතිඥ චමින්ද අතුකෝරළ මහතා ;
සාක්ෂි ආඥා පනත අනුවයි නැවත ප්‍රශ්න නගන්න පුළුවන්. සාක්ෂි ආඥා පනත අනුවයි නැවත ප්‍රශ්න අහන්න ඕනා. එහෙම නැත්නම් සාක්ෂි ආඥා පනත ඉවත් කරලා නැවත ප්‍රශ්න අහන්න ඕනා.
නීතිඥ අසේල සේරසිංහ මහතා ;
නැවත ප්‍රශ්න අසන සීමාවෙන් පැනලයි ඔබතුමිය ප්‍රශ්න අහන්නේ. ඔබතුමිය දන්නේ නැතුවට මම ඒ ගැන හොඳට දන්නවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
මම කැබලි අමුණලා නෑ. මට අහන්න ඕන දේයි මම අහන්නේ. ඔබතුමාලාට ඕන ප්‍රශ්න මම අහන්නේ නෑ. මොන පනත යටතේද විරුද්ධත්වය දක්වන්නේ ?
නීතිඥ රුවිහාර ජයතිලක ;
පනතේ නැතිබ නිසා තමයි මේ අහන්නේ.
වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම අද (3) දක්වා කල් තැබිණි.



