The Immunoglobulin Trial: A Legal Tug-of-War and the Unveiling of Procurement Secrets
The high-profile Immunoglobulin vaccine case at the Colombo Permanent High Court-at-Trial-at-Bar on January 29th transcended routine legal proceedings, evolving into a intense battle for procedural justice. President’s Counsel Priyantha Nawana’s address to the court highlighted a fundamental concern regarding the “Equality of Arms” in the Sri Lankan legal system.

The “Same Spoon” Doctrine and Defendant Rights
Emphasizing that the defense must have the same right to produce evidence as the prosecution, the PC argued:
“The Attorney General and the defense should not be served with different spoons. It is not enough to conduct a fair trial; the court must act in a manner that creates confidence in all parties that the trial is being conducted fairly.”
“Pre-school” Retorts and Threats to Withdraw: Intense Courtroom Friction
The friction between Deputy Solicitor General (DSG) Lakmini Girihagama and PC Priyantha Nawana reached a boiling point during the cross-examination of the 213th witness.
Frustrated by the prosecution’s persistent objections to marking defense documents, the PC remarked sharply:

“I cannot understand why you keep interrupting me like this. I have to say, sadly, that you might need to go back to pre-school (Montessori) to learn again.”
Later, as the DSG continued to challenge the validity of certain documents being marked through the witness, the PC expressed his ultimate protest:
“If the learned DSG objects even to questioning a witness who clearly has knowledge of the matter, then I will step down from this case.”
Collective Responsibility in Procurement: The Hidden Reality
Amidst the verbal fireworks, a pivotal investigative fact emerged regarding the Technical Evaluation Committees (TEC).
Under cross-examination, the witness admitted that all members of a committee are “collectively responsible” for the approval of emergency drug procurements. This raises a critical investigative question:
- Why was only one member of a three-person committee indicted as a defendant?
- What criteria were used to exclude the other members from legal accountability?

Conclusion
This trial is beginning to peel back the layers of a complex administrative process that mainstream media trends often simplify. It is no longer just about a financial scandal; it is a diagnostic test of state accountability and the unwavering independence of the judiciary.
29/01/2026 නඩු වාර්තාව
කුමන චෝදනාවක් යටතේ නඩු පැවරුවත් සෑම විත්තිකරුවෙකුටම සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය තියෙනවා. සාධාරණ නඩු විභාගයක් පැවැත්වූවාට මදි සාධාරණ අයුරින් නඩු විභාගය පැවැත්වෙන බවටත් සියලු පාර්ශ්ව තුළ විශ්වාසයක් ඇතිවන අයුරින් ක්‍රියාකළ යුතුයි. ඒ වගේම සාධාරණ නඩු විභාගයක් පවත්වා වරදකරු කරන තුරු සෑම විත්තිකරුවෙකුටම නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය හිමියි. නීතිපතිවරයාට එක හැන්දකිනුයි විත්තියට එක හැන්දකිනුයි බෙදීම නොකළ යුත්තේ ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඊයේ (29) කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවසීය.
ඔබතුමන්ලාගේ ගරු අධිකරණය මෙම ලේඛනය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස අධිකරණය හමුවේ ලකුණු කිරීමට අවසර දී තිබෙන්නේ නීතිපතිවරයාට විවර කර දුන් ඒ පාරේම විත්තියටත් ගමන් කරන්න පුළුවන්, පැමිණිල්ල විරුද්ධ වුනා කියලා විත්තියට ඒ පාර වසා නොදැමිය යුතු යැයිද ජනාධිපති නීතිඥවරයා ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීර සූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම් ලද ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවසීය.
ප්‍රමිතියෙන් තොර ඉමියුගෝග්ලොබියුලීන් එන්නත් කුප්පි 6195 සෞඛ්‍ය අමාත්‍ය අංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යාස හරණය කිරීම ඊට ආධාර අනුබලදීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ ඊයේ (29) කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.
එම නඩුවේ පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසම්පාදන ලෙස කටයුතුු කළ යුනුස් ලෙබ්බේ මොහොමද්දු නවවි මහතා දහවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
විත්තියේ ජනාධිපති නීතිඥවරයා විසින් විත්ති කූඩුවේ සිටි පැමිණිල්ලේ සාක්ෂිකරු වෙත ලේඛනයක් ඉදිරිපත් කර ඒ පිළිබඳව දැනුවත්භාවයක් ඇතිදැයි ඔහුගෙන් ප්‍රශ්න කර සිටි අතර එම ලේඛනය පිළිබඳව එතරම් දැනුවත් භාවයක් නොමැති බව සාක්‍ෂිකරු පැවසූ අතර එම අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා නැවත ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කළ විට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර්
ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය එම ලේඛනය එම සාක්ෂිකරු මගින් විත්තියේ සාක්ෂියක් ලෙස ලකුණු කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දැක්වීය.
ජනාධිපති නීතීඥ ප්‍රියන්ත නාවාන මහතා ; ස්වාමීනි මේ ලේඛනයේ පැමිණිල්ලට ලකුණු කිරීමට ඔබතුමන්ලාගේ ගරු අධිකරණය අවසර ලබාදීලා තියෙනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; පැ 54 හා පැ 55 යන මෙම ලේඛන පැමිණිල්ල අධිකරණය හමුවේ ලකුණු කරන විට අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පැමිණිල්ලට විරෝධතා මතු කළා. මේක දසවන විත්තිකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙකු ලෙස පත්කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයක හා කැබිනට් මණ්ඩලයේ තීරණයකි. ඒ නිසා ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා මෙම අධිකරණයට පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස ගෙන්වා මේ ලේඛණය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස නම් කිරීමට පැමිණිල්ල අපේක්ෂා කරනවා. විත්තියේ උගත් නීතිඥ මහතා ඒක මේ සාක්ෂිකරුට ඉදිරිපත් කළ පසු ඔහු අපේක්ෂා කළ පිළිතුර සාක්ෂිකරුගෙන් නොලැබීම නිසා දේශනයක් ලෙසින් දොස්තබනවා. විත්තියට එහෙම කරන්න ඉඩ දෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් දසවන විත්තිකරුට අවවාද කරන ලෙස ඉල්ලා සිටිනවා.
ජනාධිපති නීතිඥවරයා ; විත්තිකරුට අවවාද කරලා වැඩක් නැහැ. මම ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ වී 10 වී ලෙස මම එම ලේඛනය ලකුණු කළා.
ඔප්පු කිරීමේ භාරයට යටත්ව එම ලේඛනය ලකුණු කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
අධිකරණය ; වි 10 වි ලෙස කළ යෝජනාවට පැමිණිල්ල විරෝධතා ඉදිරිපත් කර ඇත්තේ එම ලේඛනය ඉදිරිපත් කිරීම ගැන නොව එය ඉදිරිපත් කළ ආකාරය ගැනයි. එම ලේඛනය සාක්ෂිකරුට හඳුනාගන්න පුළුවන් නම් විතරක් එය විත්තියේ සාක්ෂියක් ලෙස ලකුණු කරන්න පුළුවන්. ලේඛන ලකුණු කළ යුත්තේ කුමන සාක්ෂිකරු මගින්ද කියලා පෙර තීන්දු මගින් පෙන්වා දී තියෙනවා. මෙම සාක්ෂිකරු මගින් මෙම ලේඛනය ලකුණු කළ හැකි බවට තහවුරු කරගෙන මෙම ලේඛනය ඔහු වෙත ඉදිරිපත් කර ඇති නිසා මෙම ලේඛනය ලකුණු කිරීම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණයට නොහැකියි.
ජනාධිපති නීතිඥවරයා ; නවවි වීහත්මයා විත්තිකාර රත්නායක මහතා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ බවත් එම රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි කිරීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍ය රාජකාරී වල නියැලී සිටි බවත් ඔබතුමා දන්නවාද?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ; එම විත්තිකරු පෙර සඳහන් කළ ඖෂධ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බවත් ඔබතුමා දන්නවාද?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ; ඔහු අධි ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙක් බව ඔබ දන්නවාද?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී.
විත්තියේ ජනාධිපති නීතිඥවරයා ; විවිධ ලේඛන ඉදිරිපත් කර පැමිණිල්ලේ සාක්‍ෂිකරු මගින් සිය සේවාදායකයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කළ කාලසීමාව තුල දැරූ තනතුරු හා ඉටුකළ රාජකාරි මෙන්ම ඔහු පත් කරනු ලැබූ තනතුරු පිළිබඳ සනාථ කිරීමට උත්සාහ දැරීය. එම අවස්ථාවකදී නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ඇමතු ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; මට තේරුම් ගන්න බෑ ඔබ මට මෙලෙස දිගින් දිගටම බාධා කරන්නේ ඇයි කියලා. මට කියන්න සිද්ධ වෙනවා කනගාටුවෙන් හරි ඔබතුමියට නැවත පෙර පාසල් (මොන්ටිසෝරි) ගිහිල්ලා ඉගෙනගන්න කියලා යයිි පැවසීය.
අධිකරණයේ අවසරය හා නියෝගය මත ප්‍රශ්නගත ඖෂධ 66 මිළදී ගැනීමට අදාල ලේඛන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් මගින් ගෙන්වා ගත් විත්තියේ නීතිඥවරයා ඉන් එක් ඖෂධයක් මිලදී ගැනීමට අදාල ලිපි ගොණුව සාක්‍ෂිකරු වෙත ඉදිරිපත් කොට එකී ඖෂධය හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගැනීමට අනුමත කල තාක්ෂණ කමිටුවේ සාමාජිකයන් තිදෙනාගෙන් කීදෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස සිටින්නේ දැයි පවසා සිටියේය.
සාක්ෂිකරු ; 10 වන විත්තිකාර සමන් රත්නායක මහතා විත්තිකරුවෙක් ලෙස සිටිනවා.
විත්තියේ නීතිඥ ; එම ඖෂධය මිලදී ගැනීමේ ක්‍රියාවලියේ යම් වරදක් වී ඇත්නම් එම ඖෂධය අනුමත කළ කමිටු සාමාජිකයන් තිදෙනාම එම වගකීමෙන් බැඳෙනවා නේද මහත්මයා.
සාක්ෂිකරු ; ඔව් පොදු වගකීම හැම කෙනෙක්ටම පැවරෙනවා.
අද දින (29) සුපුරුදු පරිදි එම නඩුව කැඳවූ අවස්ථාවේදී මේ වනවිට අධිකරණය මගහැර සිටින 9 වන විත්තිකාර ප්‍රශ්න ගත ඖෂධ මිලදී ගැනීමේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ වෛද්‍ය බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත් මහතා හැර සෙසු විත්තිකරුවන් 11 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ. අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝගී තත්ත්වයකින් පසුවීම නිසා ඔහුව රෝද පුටුවක තබා විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.
දිවා ආහාර විවේකයෙන් පසුව පස්වරු 2.15 ට පමණ නැවත නඩුව කැඳවූ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
වෛද්‍ය නිර්දේශ අනුව එම විත්තිකරුට දිවා ආහාර විවේකයට අමතරව තවත් පැයක කාලයක් ඔහුට අධිකරණයට නොපැමිණ සිටීමට තම අධිකරණය විසින් අවසර ලබාදී ඇති බැවින් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ නියෝජනයක් තිබෙන බැවින් ඔහුගේ අයිතිවාසිකම්වලට අගතියක් නොවන පරිදි නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය අවසර දුන්නේය.
එකී අවසරය ප්‍රකාරව පැමිණිල්ලේ 213 වන සාක්‍ෂිකරුගෙන් දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ලේඛන ඉදිරිපත් කරමින් හරස් ප්‍රශ්න අසනු ලැබීය.
විත්තියේ නීතිඥවරයා යම් යම් ලේඛන එම සාක්ෂිකරු වෙත ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් විමසා සිටි අතර එම සාක්ෂිකරු නිශ්චිත පිළිතුර ලබා දීමට පසු බසින බව නිරීක්ෂණය කළ විත්තියේ නීතිඥවරයා ; ඔබතුමාට ඊයේ විසි අට අධිකරණය යම් අවවාදයක් කළ නිසාද අද යම් ආතතියකින් සාක්ෂි දෙන බවයි මට නම් පෙනෙන්නේ. ඒකට පසුබිම මොකක්ද කියලා මම දන්නේ නෑ. නවවි මහත්මයා කරුණාකර එය 2022.08.12 දරන ලිපිය කියවලා බලලා කියන්න ඕකේ තියෙන්නේ යම් පත් කිරීමක් ගැන නේද කියන එක.
විත්තියේ නීතිඥවරයා ඉදිරිපත් කළ එම ලේඛනය ඔප්පු කිරීමේ භාරයට යටත්ව සාක්‍ෂිකරු මගින් ලකුණු කිරීමට අධිකරණය අවසර දෙයි.
සාක්ෂිකරු ; ඔව් ඒක වෛද්‍ය සමන් රත්නායක මහතා පත්කිරීමට අදාල ලිපියක්
හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා; "මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. එකම ගොනුවේ තිබෙන ලිපි දෙකක් ගැන ඔහු දරන්නේ මත දෙකක් ඒ නිසා එම ගොනුව අධිකරණයට කැඳවන ලෙස ඉල්ලා සිටිනවා "
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහා ගම මෙනෙවිය ; ඒ ගොනුව පැමිණිල්ලේ නඩු භාණ්ඩයක් (මෙම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල විනාඩි කිහිපයක් එකිනෙකා සමග සාකච්ඡා කරනු දක්නට ලැබිණි.)
සභාපති විනිසුරු ; ප්‍රියන්ත ලියනගේ මහතා ; පැ 56 දරන ගොනුවේ මේ ලිපිය තිබෙනවාද?
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; නෑ ස්වාමීනී
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; මේ 10වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න අසන අවස්ථාව. හයවන විත්තිකරුගේ ඉල්ලීම ඔහු හරස් ප්‍රශ්න ඇසූ අවස්ථාවේදී ඉදිරිපත් කළේ නෑ. මේ අවස්ථාවේදී එම විත්තිකරු කරන ලද ඉල්ලීමට අවසර දෙන්න බැහැ.
ජනාධිපති නීතිඥවරයා ; 10 වන විත්තිකරු තනතුරකට පත් කිරීමට අදාල ලේඛනයක් ඉදිරිපත් කොට එය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දස වන විත්තිකරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇති ලිපියක් නොවන්නේ දැයි සාක්‍ෂිකරුගෙන් අසා සිටියේය. එම ලේඛනය ඔප්පු කිරීමේ භාරයට යටත්ව විත්තියේ සාක්ෂියක් ලෙස (වි 11 ලෙස) ලකුණු කිරීමට අවසර ලබාදෙන ලෙසටද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලිපියේ තියෙන්නේ මෙම සාක්ෂිකරු කරන ලද කාර්යයක් හෝ ඔහුගේ කර්තව්‍යය යටතේ තිබූ ලිපියක් නෙවෙයි මේක.
ජනාධිපති නීතිඥවරයා ; මෙච්චර දවස් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සාක්ෂි දුන්නේ ඔවුන් දන්නා කරුණු ගැන මිස ඔවුන් සිදුකළ කාර්යයන් ගැනම නෙමෙයි. දහවන සාක්ෂිකරු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කළ බව මෙම සාක්ෂිකරු දන්නවා. එහෙම දන්න සාක්ෂිකරුවෙකුගෙන් ඒ ගැන අහන එකටත් උගත් නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය විරුද්ධ වනවා නම් මම මේ නඩු කටයුත්තෙන් අයින් වෙන්නම්.
ලක්මිණි ගිරිහාගම මෙනවිය ; මම කියන්නේ මේක මේ සාක්ෂිකරු ලවා ආදේශ කර ගත හැකි දෙයක් නෙමෙයි කියලයි.
විත්තියේ නීතිඥවරයා ; මේ ලේඛන දැන් මගේ සේවා දායකයා ළඟ නෑ. මේ ලේඛන ශ්‍රී ලංකා ජනරජය භාරයේ තිබෙන ලේඛන මේ චූදිතයන්ට අධි චෝදනා ගොනු කරලා තියෙන්නෙත් ශ්‍රී ලංකා ජනරජය මේ ලේඛන නීත්‍යානුකූලව ඉදිරිපත් කරන්න මගේ සේවාදායකයාට පුළුවන්
වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම (30) දක්වා කල් තැබිණි
සටහන - සුජීවා



