Saturday, February 14, 2026
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය ඉතිහාසයට එක්වෙයි: පැත්ෆයින්ඩර් පදනමෙන් එරික් සෝල්හයිම්ගේ ප්‍රධානත්වයෙන් නව තොරතුරු කේන්ද්‍රයක් ඇරඹේ

(කොළඹ)

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පැවති ගැටුම් නිරාකරණය කිරීමේ අරමුණින් දියත් කෙරුණු සාම ක්‍රියාවලීන් හා සබැඳි ඉතිහාසය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අරමුණින්, පැත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation) විසින් ස්ථාපිත කළ “ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු කේන්ද්‍රය” (Repository for Sri Lanka Peace Initiatives) විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය සඳහා නෝර්වීජියානු විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර, පැත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා සහ එහි සභාපති බර්නාඩ් ගුණතිලක මහතාගේ ආරාධනයෙන් ඔහු මෙම අවස්ථාවට එක්විය. එවක සාම සාකච්ඡා සඳහා රජය වෙනුවෙන් සහභාගී වූ ප්‍රධාන සාකච්ඡාකරුවන් ලෙස මිලින්ද මොරගොඩ සහ බර්නාඩ් ගුණතිලක යන මහත්වරුන් කටයුතු කිරීම ද විශේෂත්වයකි.

ඉතිහාසයේ හිඩැසක් පිරවීම

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී ගැටුමට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට විවිධ උත්සාහයන් ගැනුණද, ඒවා සාර්ථක අවසානයක් කරා ළඟා නොවීය. කෙසේ වෙතත්, 2002 සිට 2008 දක්වා කාලය තුළ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (SCOPP) සහ නෝර්වීජියානු පහසුකම් සපයන්නන් සතුව තිබූ වටිනා ලියකියවිලි එක් තැනක සුරක්ෂිතව නොතිබීම ඉතිහාස අධ්‍යයනයේදී පැවති විශාල අඩුපාඩුවකි.

එම අඩුව පුරවමින්, දේශීය හා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ලබාගත් සාම ක්‍රියාවලියට අදාළ ලිපි ලේඛන සහ දත්ත එක් රැස් කරමින් පර්යේෂකයන්ගේ සහ විද්වතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම නව තොරතුරු කේන්ද්‍රය විවෘත කර ඇත.

පැත්ෆයින්ඩර් මූලස්ථානයේ ස්ථාපිත මෙම ‘References Room’ හි ඇති පැරණි පුවත්පත් වාර්තා, ඩිජිටල් දත්ත සහ සටන් විරාම සාකච්ඡා වලට අදාළ ලේඛන එරික් සෝල්හයිම් මහතා ඇතුළු පිරිසගේ නිරීක්ෂණයට ද ලක්විය.

Latest Posts

spot_imgspot_img