හරි දේශය ගොසිප් කෝණරය
අද පසළොස්වක පොහොය දවස. පෝය දවසේ අපි බණක් දේශනා කරන්න හදන්නේ නැහැ… ඒ ගැන විශේෂයෙන්ම මතක් උනේ දේශනා විතරක්ම කරන අපේ විපක්ෂ නායක තුමා ඔන්න අද ඉන්දියාවට ගිහින් ‘ඉල්ලගත්’ ටුවර් එකක්!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දීය සංචාරයකට ගියා කිව්වට මොකෝ, මේක පිටින් පේන තරම් ‘රාජ්‍යතාන්ත්‍රික’ නැති බවටයි ආරංචි. හරිනි අගමැතිනිය ඉන්දියාවේ ගිහින් ආවම, “මටත් ඉන්දියාවට යන්න ඕනෑ” කියලා, තමුන්ගේ දකුණු අත වෙලා ඉන්න ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රකට ව්‍යාපාරික ලකී ෆොන්සේකාට කියලා, කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් මේ ‘පැකේජය’ ලෑස්ති කරගත්තාලු!
ෂොට් එක වදින්නේ කාටද?
මේ ටුවර් එකේ විශේෂත්වය තමයි, සජබ නියෝජනය කරන කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව මේකට සහභාගී කර නොගැනීම! ඒ වෙනුවට ගෙනියන්නේ තමුන්ගේ දකුණු අත වෙච්චි ලකී ෆොන්සේකා, කෝට්ටේ නගර සභාවේ සජබ මන්ත්‍රී චමිත් විජේසුන්දර, සහ තමාගේ දේශපාලන/ආර්ථික උපදේශක කුසුම් විජේතිලක වගේ කිහිප දෙනෙක්.
ලොකු උවමනාවකින් ඉන්දියානු ටුවර් එකක් බලාපොරොත්තුවෙන් හිටිය, ප්‍රසිද්ධ ආර්ථික විශේෂඥයෙක් මෙන්ම කෝට්ටේ සජබ සංවිධායක වෙච්චි ආචාර්ය හර්ෂ ද සිල්වා මේකෙන් සම්පූර්ණයෙන්ම කැපිලා ගිහින්! ඒ විතරක් නෙවෙයි, කෝට්ටේ නගර සභාවේ චමිත් විජේසුන්දර මහතාව මේ ටුවර් එකට එක්කරගෙන යාමෙන්, විපක්ෂ නායකවරයා හර්ෂට ‘කණ හරහා ෂොට් එකක්’ දුන් බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි!
විපක්ෂ නායකවරයාගේ ඔළුවේ තිබ්බේ මෙහෙම දෙයක්ද?: “ආවා මෙතැන මාව අයින්කරලා පක්ෂයේ නායකකම ගන්න! මම වෙන සංවිධායකයෙක් කෝට්ටෙට හදනවා!”
මේ නිසා, හර්ෂ මහතා ගිලන් රථ සේවාව ගැන ඉන්දියාවට ගිහින් කතා කරන්න බලාපොරොත්තුවෙන් සිටියත්, සජිත් ගැහුවේ පෞද්ගලික දේශපාලන ගේමක් බවයි රහසෙන් කියවෙන්නේ.
ලකී ෆොන්සේකාගේ කපටි සෙල්ලම්
පහුගිය කාලේ “ලකීව සජිත්ගෙන් කැපිලා” කියලා කතා පැතිරුණාට, ඒවා මේ පක්ෂය ඇතුළේ ඉන්න පිරිස රවටන්න සජිත් දෙන ‘මෝඩ ආතල්’ විතරක් බව දැන් පැහැදිලියි නේද? මොකද ටුවර් එක ලෑස්ති කරලා තියෙන්නේත් එයානේ!
දේශපාලන උවමනාවකට විදේශගත වෙනවනම්, කබීර් හෂීම්ලා, එරාන් වික්‍රමරත්නලා, හර්ෂ ද සිල්වලා වගේ ජ්‍යෙෂ්ඨයින් දාලා ගමනක් යන එක ගුප්තයි නේද? මේකෙන් පෙනෙන්නේ නායකත්වයේ තනි තීරණ සහ ජ්‍යෙෂ්ඨයින් කෙරෙහි ඇති අවිශ්වාසය බවටයි මත පළවන්නේ.
පක්ෂ අභ්‍යන්තරයේ කතාව
මේ දවස්වල සජිත් කියන්නේ අනුර කුමාර මහතාට ඕන විදිහට දේශපාලන තීන්දු තීරණ ගන්න විපක්ෂ නායකවරයෙක් වගේ! ආණ්ඩු බලය නෙවෙයි, වැඩිපුර රහ වැටිලා තියෙන්නේ විපක්ෂ නායකකමට නේද?
හැබැයි, එයා හිතන්නේ හැමදාම විපක්ෂ නායක වෙන්න නම්, එයා වටේ ඉන්න පිරිස දිගටම රැඳෙන්න ඕනෑනේ කියලයි පක්ෂයේ හිතවත්තු අහුමුළුවල කතාවෙන්නෙ. සජිත්ගේ මේ වගේ ‘දෙකයි පනහේ වැඩ’ හින්දා, ඒ පිරිස ලඟදීම තීරණයක් ගන්න සූදානම් වෙනවා කියලා තමයි පක්ෂය ඇතුළේ රහසින් කතාවෙන ආරංචි!
විශේෂයෙන්ම, සජිත්ගේ පවුලේ නඩු ටික වෙනුවෙන් සජබ ජ්‍යෙෂ්ඨයෝ තවදුරටත් ඉවසන්නේ නැතිවෙයි කියලයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 21 වෙනිදා විපක්ෂයෙ ජන රැළියත් සජබය වර්ජනය කරලනේ. සජබට නැති තැන ඔිව හුරතල් වැඩය කියල දිලිත්ලා, විමල්ලාත් හිතනවලු.
ඔන්න ඔිකයි මිත්‍රවරුනි, අපේ විපක්ෂයේ ප්‍රධානම පක්ෂය ඇතුළෙයි, විපක්ෂ නායකගේ හුරතල් ඔලුව ඇතුළෙයි තියෙන ඇත්තම සිද්ධිය!

