(හරි දේශය – ගොසිප් කෝණරය සති අන්ත හෙළිදරව්ව)
‘හරි දේශය – ගොසිප් කෝණරය’ පසුගිය දින කිහිපය පුරා ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය යටිබිම්ගතව ගොසිප් ලෝකය හොල්මන් කරන අතිශය රසවත්, නමුත් බරපතල සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.
මෙය කේක් කෑල්ලක් මෙන් රසවත් වුවද, එහි අන්තර්ගතය දේශපාලන ජීවිත කිහිපයක්ම සිරගෙදර රිලෝඩරයක් බවට පත් කළ හැකි තරමට භයානකය.
කේක් මුදලාලිගේ ‘අල්ලස්’ ගනුදෙනුව
කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා නගරයක විශිෂ්ට රසැති කේක් වර්ගයක් නිෂ්පාදනය කරන වාසනාවන්ත ව්‍යාපාරිකයකු පසුපස මේ වන විට නීතියේ දැල එලෙමින් තිබේ. මෙහිදී අල්ලස ලෙස දී ඇත්තේ කේක් නම් නොවේය; ඒ කෝටි ගණනක අති විශාල මුදලකි. මෙම ගනුදෙනුවේ හරය වී ඇත්තේ හොරණ පළාතේ විපක්ෂයට වැඩි බලයක් ඇති ප්‍රාදේශීය සභාවක බලය, කෙසේ හෝ ආණ්ඩුවට ලබා දීමේ අතිශය කූට ව්‍යාපෘතියකි.
අපගේ ගොසිප් කෝණරය තවදුරටත් අනාවරණය කරන්නේ, මුදල් හුවමාරු වූ නමුත්, මුලින් කියාපු විදිහට ගනුදෙනුව කෙරුණේ නැති නිසා වැඩේ ජංජාලයක් වී ඇති බවය. අවසානයේදී සිදුවූයේ වැඩි බලය තිබූ විපක්ෂයේ පාර්ශ්වය අධිකරණයට යෑමය. දැන් මෙය අධිකරණයේ විභාග වන ‘මාර නඩුවක්’ බවට පත් වී හමාරය.
වීඩියෝ සාක්ෂි සමග ඉහළ පෙළේ දේශපාලනඥයෝ මාට්ටු!
මෙම සිද්ධිය සැබවින්ම බරපතල තත්ත්වයකට පත් කර ඇත්තේ, අල්ලස් ලබා දීමට කතාබස් කළ ආකාරය මෙන්ම, අල්ලසෙන් කොටසක් ලබා දුන් ආකාරය පිළිබඳව වීඩියෝ දර්ශන සහ හඬ පටි සාක්ෂි සහිතව අධිකරණයට ඉදිරිපත් වී තිබීමය.
මෙම රහස්‍ය වීඩියෝවල සහ හඬ පටිවල තොරතුරු අනුව, අපේ රටේ දේශපාලනයේ 'ඉහළම පට්ටමක් දරන' තනතුරේ හැටියට නිතර කටකියවන්නට සිදුව ඇති නලියන දේශපාලනඥයෙක්, ආණ්ඩුව වටා මුල්ගලක් සේ සිටින ඩීල්වලටම සෙට් ය කියා විරුදාවලිය ලත් උපඇමති සයිස් පොරකුත්, තවත් මන්ත්‍රී නෝනා කෙනෙකුත් මෙම 'කේක්' ගනුදෙනුවට පැටලී සිටින බවට තොරතුරු ලැබී ඇත. මෙම ප්‍රබල අලි පාටියේ සහ ආණ්ඩු පාටියේ මුදලාලිලා දැන් හත්පලේ ගාගෙන සිටින බවට අපගේ තතු දත් ආරංචි මාර්ග තහවුරු කරයි.
යුක්තිය ඉදිරියේ සිදුවන්නට යන්නේ කුමක්ද?
දේශපාලන කේන්ද්‍රස්ථානවල පැසවමින් ඇති මෙම අභ්‍යන්තර හුටපටය, සාමාන්‍ය දූෂණ සිද්ධියක් නොවේ. මෙය ප්‍රාදේශීය සභාවක බලය කූට ලෙස අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය බලය දරන ප්‍රබලයන් විසින් කළ, මුදල් කළුතර කේක් මුදලාලි කෙනෙකුගේ වූ කෝටි ගණනක අල්ලස් ගනුදෙනුවකි.
අපේක්ෂාව වන්නේ, ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ යටතේ විභාග වන මෙවැනි බරපතල සිද්ධි, දේශපාලන බලපෑම් මත යට නොගැසී යුක්ති සහගතව විසඳීමයි. මෙම සාක්ෂි සත්‍ය නම්, අදාළ දේශපාලනඥයන්ට වසර ගණනක සිර දඬුවම් මෙන්ම, දේශපාලන ජීවිතයම කපෝති වීමේ අවදානමක් ද තිබේ.
අලුතින් බිහිවූ, දූෂණ වංචා නැති පාලනයක් පොරොන්දු වූ රජයක් යටතේ පවා, එහිම ප්‍රබලයන් මෙවැනි අල්ලස් ජාවාරම්වල පැටලෙන්නේ නම්, “සැබවින්ම දූෂණයෙන් තොර රටක් අපට කවදා හෝ උදාවන්නේ ද?” යන බරපතල ප්‍රශ්නාර්ථය දේශපාලන විචාරකයන් මෙන්ම සමස්ත ජනතාවම හමුවේ මතු වේ.
කොහොම උනත් මේ වැඩේට මාට්ටු වෙන අල්ලස් ජවනිකාවෙ යාව ජීව කාට උනත් ගොසිප් කෝණරයෙන් චරිතයට කැලලක් වූවානම් සොරි වෙන්නට ඔිනෑය.

