කොළඹ අහස් තලයේ ඉදිකරන හෝම් ලෑන්ඩ්ස් සමූහයේ ‘පෙන්ටාරා’ රෙසිඩන්සීස් සුපිරි නිවාස සංකීර්ණය වටා ගෙතෙන රහස් කතාව, දැන් ව්‍යාපාරික කේලමක් පමණක් නොව, රටේ නීතියේ විහිළුවක් බවට පත්වෙලා.
ගැටලුවේ සැබෑ බරපතලකම පවතින්නේ, ඉඩමේ මිල හෝ සෞභාග්‍යය ගැන නොව, නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නිලධාරීන් විසින් නීතියට පිටුපාමින් දුන් අනුමැතිය සම්බන්ධවයි.
“තට්ටු 4ක නීතිය; තට්ටු 40ක අනුමැතිය”
තුම්මුල්ල ප්‍රදේශයේ පවතින නාගරික රෙගුලාසි අනුව, එය ‘විශේෂ ප්‍රාථමික නේවාසික සංවර්ධන කලාපයකට’ (Special Primary Residential Development Zone) අයත් වන අතර, එහිදී ඉදිකළ හැකි මහල් ගණන තට්ටු හතරක් (G+3) වැනි අඩු ඝනත්වයකට සීමා වී තිබුණා.
නමුත් හෝම් ලෑන්ඩ්ස් සමාගමට අවසර දී ඇත්තේ මෙම නීති රීති සියල්ලම උල්ලංඝනය කරමින් තට්ටු 40ක දැවැන්ත නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටයි කියලයි රට්ටු කතාවෙන්නෙ.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ UDA නිලධාරීන් මෙම ඉඩම ‘මධ්‍ය ඝනත්ව මිශ්‍ර සංවර්ධන කලාපයකට’ අයත් යැයි වැරදි ලෙස වර්ගීකරණය කරමින්, හිතාමතාම රහසිගතව සහ ශීඝ්‍රගාමීව අනුමැතිය ලබා දී ඇති බවයි.
“තට්ටු 36ක්ම පගාවෙන්ද?”
කොළඹ ස්ථිර පදිංචිකරු:
“යූඩීඒ එකේ වැඩේ තමා මේකෙදි මට නම් දිරවන්නෙ නැත්තෙ. අපිට පුංචි ගෙයක් හදන්න ප්ලෑන් එකක් අනුමත කරගන්න ගියත්, මාස ගණන් කල් දානවා. නැති නීති පෙන්වලා අදිනවා. හැබැයි තට්ටු 4ක් හදන්න තියෙන තැනක තට්ටු 40ක් හදන්න ‘රහසින්ම’ අනුමැතිය දෙනවා! මේක හිතාගන්න පුළුවන්ද?
සමාජ මාධ්‍ය ක්‍රියාකරු:
“ඒක තමයි ඇත්ත කතාව. යූඩීඒ නිලධාරීන් ‘සාමාන්‍ය මිනිහගේ’ ගෙදර ප්ලෑන් එක මාස ගණන් බලද්දී, ‘මිල අධික ව්‍යාපෘතියේ’ නීති කඩවීම් දැක්කේ නෑ වගේ ඉන්නවා. තට්ටු 4ක් යන්න පුළුවන් තැන තට්ටු 40ක් යද්දි, අතිරේක තට්ටු 36ක්ම පගාවෙන් යටවෙලා වෙන්න බැරිද? ‘අදූෂිත ආණ්ඩුවක්’ යටතේ මේ තරම් විවෘතව නීති කඩ වෙන්නේ කොහොමද?”
ලිපිකරුවෙක් :
“මේ මුළු චෝදනාවම තියෙන්නේ හිටපු UDA සභාපතිවරයාට. එතුමා තමයි මේ ‘ශීඝ්‍රගාමී අනුමැතිය’ පිටුපස හිටියේ. මාලිමා ආණ්ඩුවෙන් ඔහුව තනතුරෙන් අයින් කළා තමයි. ඒත් ගොසිප් එක ඇත්ත නම්, එයාට ආයෙම තවත් වැදගත් අමාත්‍යාංශයක ලේකම්කමක් දීලා! නීති කඩකරපු කෙනෙක්ට දඬුවම් දෙනවා වෙනුවට ‘උසස් වීමක්’ වගේ දෙයක් දීලා තියෙන්නේ! වැඩේ තවත් නරකම වෙන්නේ, අදටත් එයා යූඩීඒ එකට මේ ව්‍යාපෘතිය ගැන ‘යටින්’ බලපෑම් කරනවාලු!“
සමාජ මාධ්‍ය ක්‍රියාකරු:
“දැන් නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක මහත්තයා. එතුමා බලයට ආවේම නීතිය හා විනය රැකීමේ පොරොන්දුවෙන්. ප්‍රදේශවාසීන් මේ වෙද්දි අධිකරණ ක්‍රියාමාර්ගවලටත් ගිහිල්ලා තියෙනවා. මේ සියල්ල ඉවර කරන්න පුළුවන් අවසාන තීන්දුව තියෙන්නේ ඇමති බිමල් රත්නායක අතේ. අදූෂිත ආණ්ඩුවකට තමන්ගේ විශ්වසනීයත්වය රැකගන්න ඕන නම්, කලින් සිදුවූ නීති විරෝධී ක්‍රියාවන් ගැන පූර්ණ විමර්ශනයක් කරලා, නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්න වෙනවා. නැතිනම් මේක තවත් ‘සුපිරි වංචාවක්’ පමණක් වේවි!”
‘අදූෂිත’ පාලනයක අඳුරු පැත්ත
‘පෙන්ටාරා’ ව්‍යාපෘතියේ නීති උල්ලංඝනය සම්බන්ධ කතාවෙන් පෙනී යන්නේ, ‘අදූෂිත ආණ්ඩුවක්’ යටතේ වුවද, බලය සහ මුදල් හමුවේ නිලධාරීන්ගේ සදාචාරය බිඳී යන ආකාරයයි. තට්ටු 4ක සීමාව තට්ටු 40ක් බවට පත්වන විට, අනීතික, පරිසර සහ ඉදිකිරීම් නියාමනයන් මුළුමනින්ම යටපත් වී අවසන්. සියලු දෙනාගේම අවධානය දැන් යොමුව ඇත්තේ, අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම දැවැන්ත වංචාව සම්බන්ධ කාරණයට අවසන් තිත තබන්නේ කෙසේද යන්නයි. එසේ නොවුණහොත් ‘අදූෂිත’ යන ලේබලය තවත් විහිළුවක් බවට පත්වනු ඇත.
පිළිතුරු ලබාදීමේ අයිතිය:-
මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය පවතී. harideshaya.lk නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වේදිකාවක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් කරුණාකර අපට දැනුම්දෙන්න..
Email – [email protected]
WhatsApp – +94771474028

