Gossip
කළුතර රත්තරං, රෝහිත අබේගුණවර්ධන අද හොර රහසේම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ඇවිත් ගිහින්.
ඒ පරීක්ෂන අංශයේ කැඳවීමකට ප්‍රශ්න කිරීමකටලු.
පහුගිය කාලෙම දේශපාලකයින් පක්ෂ විපක්ෂ කව්රු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ආවත් මාධ්‍ය මගින් ප්‍රචාරය දුන්නෙ දවසකට දෙකකට කලින් ඉඳලමයි.
ඒත් අද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සීඅයිඩීයට ආවට කව්රුවත් දන්නෙ නැතිලු.
අද අපි කතාකරන්නේ ඇයි මෙහෙම උනේ කියල.
ඒක තමයි අද ගොසිප් එකේ හොඳම හරිය.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරීක්ෂන අංශයේ OIC උදයංගගේ හපන්කමක් හින්ඳලු මේ පැමිණීම ලෝකයාගෙන් වසන් කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
මේ OIC උදයංග කියන්නෙ රෝහිතගේ (රත්තරංගෙ) ඉස්සර කළුතර හිටපු ගෝලයා ලු.
ඒ හින්ඳ අද ගමන ලෝකයාගෙන් වසන් කරල තියන්නත් උදේ 10 ඉඳල හවස 3 වෙනකල් ප්‍රකාශ දීලත් මාධ්‍යට ලීක් නොකරන්න තරම්ම මේ ගුරු ගෝල සම්බන්ධය බලවත්ලු.
ඉතිං ඔන්න ඔහොමයි මේ කාලයේත්, ඒ කාලෙ වගේම අපක්ෂපාතී පරීක්ෂන සිද්ධ වෙන්නෙ.



