Saturday, February 14, 2026
spot_img

Latest Posts

තෙල් සේවක පඩි අලකලංචිය – තෙල් සංස්ථාව නුගේගොඩ රැළියට සල්ලි දුන්නද?

හරි දේශය ගොසිප් කෝනරය

ආයුබෝවන්! අදත් ඕගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ හරි දේශය ගොසිප් කෝනරයට! 😉

නොවැම්බර් 21 වැනිදා වූ අද දවස දේශපාලන පිටියේ අලුත් කතා ගොඩක් නිර්මාණය කළා.

එක පැත්තකින් හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට මාතර උසාවියේ පෙනී ඉන්න තිබුණු දවස වුණත්, සුපුරුදු විදිහට එතුමා නම් පෙනී සිටියේ නැහැ. අනිත් පැත්තෙන්, කවුරුත් බලාගෙන හිටපු නුගේගොඩ ‘විපක්ෂයේ’ ජන රැළිය.

ඔය අලකලංචි ටීක්බෝල මැද්දෙ වුණත්, “ඉටියෙන් හරි මැටියෙන් හරි” කියලා කියමින් නුගේගොඩට සෙනඟ අද්දලා ගන්න රැළියට පුළුවන් වුණා කියලයි ආරංචිය.

ඉතින් සමාජ මාධ්‍ය දිහා බලලා උන හැදෙන අනුර ජනාධිපතිතුමාට නම් අද දවස ටිකක් අමාරු දවසක් වෙන්න ඇති.

උදේ පාන්දර නන්නාදුනන ලියුම්කරුවෙකුත් එතුමාට කියන්න තියෙන දේ සහසුද්දෙන්ම කියලා තිබුණා මතක ඇති. ✍️

ඉතින්, අද නුගේගොඩ රැළිය සාර්ථකව ඉවර වෙද්දි, ස්පීකර් කැපිලි ඇතුළු කාරණා කීපයක්ම කට්ටිය කතා වුණා. ඒත් මේ කියන්න යන්නේ 21ට සම්බන්ධ වුණත්, 21න් ඈත තියෙන ආයතනයක මාසෙ වැටුප සම්බන්ධව වෙච්චි අලකලංචියක් ගැනයි.

තෙල් සේවක වැටුප දේශපාලන උවමනාවක්ද?

කතාව මේකයි…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ ගබඩා පර්යන්ත සමාගමේ සේවක වැටුප් දිනය නොවැම්බර් 21 වුණත්, අද සිකුරාදා වීම සහ හෙට-අනිද්දා නිවාඩු දින වීම නිසා මුදල් අංශය කල් ඇතිව නොවැම්බර් 20 වැනිදාට වැටුප් බැංකුගත කරලා තිබුණා.

නියමිත දිනට වැටුප් ගෙවීම කම්කරු නීතියක් බව කවුරුත් දන්නවා.

ඉතිං… මෙන්න ගොසිප් එක!

🚨 සංස්ථාවේ සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය නෙත්ති කුමාර මහතා අද මුදල් අංශයට ගිහින් එහි නිලධාරීන්ට බැන තර්ජනය කරලා තියෙනවා. ඒකට හේතුව, නුගේගොඩ රැළියට සහභාගී වීමට යන අයට ආර්ථික හයියක් දෙන්න වැටුප කලින් දුන්නා” කියලා එතුමාට සැක හිතිලා! වැටුප කලින් ගෙවීම දේශපාලන උවමනාවක්ද කියලා කළමනාකාරවරයාට ගැටලුවක් වෙලා!

මේ සම්බන්ධයෙන් තත්ත්වය තවත් රත් වෙන්නේ, වෘත්තීය සමිති කියන විදිහට, මේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (මුදල්) විසින් සේවකයන්ට වැටුප් පත්‍රිකා මුද්‍රණය කර නොදීම සම්බන්ධයෙන් දැනටමත් කම්කරු විනිශ්චය සභාවේ නඩු ගොනු කරලා තිබීම. ඒ නඩු දෙසැම්බර් 01 දා විභාග කරන්නත් දින දීලා! ඒ විතරක් නෙවෙයි, ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පවා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් බලශක්ති අමාත්‍යාංශ වැය ශීර්ෂය ගැන කතා කරනකොට මේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ දූෂිත ගනුදෙනු කිහිපයක් ගැන ප්‍රශ්න කරලත් තියෙනවා.

අවසාන වශයෙන්, නුගේගොඩ රැළියට යන්න සේවකයන්ගේ පඩිය කලින් බැංකුගත කළා යැයි කියමින් මේ නිත්ති කුමාර කළමනාකාර අධ්‍යක්ෂකවරයා කොලොන්නාව මුදල් කාර්යාංශයට ගිහින් මුදල් කළමනාකාරවරයාට සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ඇතුළු වැටුප් ඒකකයේ නිලධාරීන්ට සැර වැර කරලා, ඝණකාධිකරණයක් පවා කරලා තියෙන බවටයි වාර්තා වන්නේ.

සේවක වැටුප නියමිත දිනට කලින් ගෙවීම, දේශපාලන උවමනාවක්ද නැත්නම් කළමනාකරණ ගැටලුවක්ද?

🤫 මොකක් වුණත්, මේ සිදුවීමෙන් පැහැදිලි වෙන්නේ රාජ්‍ය ආයතනවල පරිපාලනයට දේශපාලන බලපෑම් කොයිතරම් දුරට විනිවිදගෙන ගිහින් තියේද කියල විතරක් නෙවෙයි මේ පත්කරන උන්නැහේලට වැටුප ගෙවන හැටි ගැනවත් අත්දැකීමක් නැති හැටි.

Latest Posts

spot_imgspot_img