Saturday, February 14, 2026
spot_img

Latest Posts

පාර්ලිමේන්තු රහස් – කතානායකගේ සෙවනැල්ල සහ සභානායකගේ විදෙස් ගමන් පිපාසය!

හරි දේශය ගොසිප් කෝණරය:

අපේ “හරි දේශය ගොසිප් කෝණරයට” ලැබෙන අලුත්ම තොරතුරු අනුව, වත්මන් පාර්ලිමේන්තුව තුළ පැරණි සම්ප්‍රදායන් උඩු යටිකුරු කරමින් යන අභ්‍යන්තර යුද්ධයක්පිළිබඳව ගිනි පුපුරු පැතිරෙමින් තිබෙනවා. කාගේවත් ලිංගික ප්‍රශ්න අපට අදාළ නැතත්, බලයක් හදාගෙන ඒවායින් අනවශ්‍ය බලපෑම් සිදුවන්නේ නම්, ඒවා හෙළිදරව් කරන්නට අපි පසුබට වන්නේ නැහැ!

ඉතිහාසයේ නොවූ විරූ පරිදි කාර්ය මණ්ඩලයට එල්ලවන චෝදනා!

පාර්ලිමේන්තුවේ කවර ආණ්ඩුවක් හෝ කතානායකවරයෙක් බලයේ සිටියත්, මෙතෙක් කල් මහත් ගෞරවයෙන් සහ සහයෝගයකින් කටයුතු කළ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය වෙත, වත්මන් කතානායකතුමා සහ සභානායකතුමා විසින් අභූත චෝදනා එල්ල කරන්නට පටන්ගෙන ඇති බවයි අභ්‍යන්තරයෙන් අපිට ආරංචි වෙන්නෙ. මේ තත්ත්වය පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදා නොවූවක් බව පැරණි නිලධාරීන් රහසේ කතාවෙනවා.

කතානායකගේ “පෞද්ගලික සෙවනැල්ල” සහ බල අරගලය

කතාවේ ප්‍රධාන හොට් ස්පොට්එක තමයි වත්මන් කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා. ඔහු කතානායකගේ තනතුරේ ගෞරවය හෑල්ලුවට ලක්වන ආකාරයෙන් කටයුතු කරන බවට රහස් ලියුම් ගණනාවක් අපට ලැබී තිබෙනවා. කතානායක විසින් කළ යුතු කාරක සභා ඇමතීම් පවා, කතානායකතුමා සිටියදීත්, මෙම පෞද්ගලික ලේකම්වරයා විසින් සිදු කිරීම කතානායක ධුරය ගැන ප්‍රශ්න රැසක් මතු කරනවා.

  • නිලධාරීන් පෙළීම: ඔහුගේ නිල තනතුර පෞද්ගලික ලේකම්වුවත්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් පවා කතානායකගේ රැස්වීම් යැයි පවසමින් තමා හමුවට කැඳවා නියෝග දීමට තරම් ඔහු බලවත් වී තිබෙනවා.
  • පළිගැනීමේ කතාව: මෑතකදී පිළිගැනීමේ නිලධාරියෙකු දුරකථන ඇමතුමකදී මොහුව කටහඬින් හඳුනා නොගැනීම නිසා, එම නිලධාරියාව තනතුරින් ඉවත් කර හුදකලාකිරීමට කතානායකවරයා නියෝග කළේ ද මෙම පෞද්ගලික ලේකම්ගේ කැමැත්තට බවයි ආරංචි.

  • මුළුතැන්ගෙයි ගින්න: වෘත්තීයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වූ ඔහුගේ පැරණි බලයපාර්ලිමේන්තුවේ ආහාරපාන දෙපාර්තමේන්තුව වෙත පෑමට උත්සාහ කරමින්, පාර්ලිමේන්තු මුළුතැන්ගෙය අපිරිසුදුබවට කතානායකගේ මුවින් මාධ්‍යයට අසත්‍ය ප්‍රකාශයක් මුදා හැරීමෙන් කතානායක අගෞරවයට පත් වූ බව ද රහසක් නොවේ.

සභානායකගේ ලේකම්ගේ “විදේශ ගමන් පිපාසය”

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පෙළීමේ කුමන්ත්‍රණයේ අනෙක් ප්‍රධාන විශ්‍රාමික බලකණුවතමයි සභානායකගේ ලේකම් තනතුර දරන්නා. පාර්ලිමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් සිටින මොහු, සිය සේවා කාලය තුළදී සියලු වරප්‍රසාද උපරිමයටත් එහා භාවිතා කළ අයෙක් බවට චෝදනා එල්ල වෙනවා.

දැන් ඔහු තැත් කරන්නේ, ස්ථිර නිලධාරීන් වෙනුවෙන් වෙන් වූ විදේශ සම්මන්ත්‍රණ සහ ගමන් සභානායක කාර්යාලයේ තාවකාලිකව අනුයුක්තව සිටින අතළොස්සක් වූ පිරිසකට උදුරා ගැනීමටයි. ස්ථිර පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය අයිති නැති මේ විදේශ ගමන් තාවකාලික කාර්ය මණ්ඩලයට හිමිවිය යුතු බව මොහුගේ අදහස වී ඇතැයි වාර්තා වෙනවා.

අනතුරු ඇඟවීම

වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වූ කතානායකතුමාගේ සහ පාර්ලිමේන්තු අත්දැකීම් ඇති සභානායකතුමාගේ ගෞරවය රැකගැනීමට නම්, මෙම පෞද්ගලික ලේකම්වරුන්ගේ උවමනා එපාවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පෙළීම සහ නීති උල්ලංඝනය කරමින් වරප්‍රසාද අවභාවිතා කිරීම වහාම නැවැත්විය යුතු බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තු සංස්කෘතියට හානි කරමින් පරිපාලනයට අත පෙවීම සිස්ටම් චේන්ජ් එකක් වෙන්නත් පුළුවන්. ඒත් ඒ සිස්ටම් චේන්ජ් වෙන්නෙ තමංගෙ කොටසකට වරප්‍රසාද අරන් දෙන්න නම් චේන්ජ් වෙච්චි දෙයකුත් නෑ කියලයි කනින් කොනින් ඇහෙන්නෙ.

මේ පිළිබඳව මීට වඩා තොරතුරු සහඋණුසුම්ම රහස්” සමගින් අපි නොබෝ දිනකින් ඔබ හමුවට එන්නම්!

Latest Posts

spot_imgspot_img