හරි දේශය ගොසිප් කෝණරය
දෙයියෝ සාක්කි! අලුත් ආණ්ඩුව ඇවිත් විනිවිදභාවය ගැන කතා කළාට, ඇතුළේ වෙන්නේ පරණ කාලේ ගජමිතුරු ඩීල් වලටත් වඩා බරපතළ දේවල්! අපේ රටේ බලශක්ති අංශය ඇතුළේ ලොකුම පුපුරණ ද්‍රව්‍යයක් පොළව යටින් යමින් තියෙනවා කියලා ආරංචියි. ඒක තමයි, ත්‍රීකුණාමලයේ අලුතින් එන සෝලා (Solar) ව්‍යාපෘතිය වටේ කැරගෙන යන අම්බානක අවශ්‍යතා අතර ගැටුමක් (Conflict of Interest)!
අමාරු කාලේ පිහිට වුණ යාලුවා: “A” සමාගම සහ ඇමති ‘කුමාර‘
සෝලා ප්‍රොජෙක්ට් එකට ඉල්ලලා තියෙන කම්පැනි ලිස්ට් එකේ ඉන්නවා “B” කම්පැනියක්. වැඩේ කියන්නේ, මේ B කම්පැනි එකේ ලොකුම කොටස් ප්‍රමාණයක් අයිති රටේ ප්‍රසිද්ධම කොන්ත්‍රාත් සමාගමක් වන “A” කම්පැනියට!
අපේ වත්මන් බලශක්ති ඇමතිතුමා, ඉංජිනේරු ‘කුමාර‘ ජයකොඩි මහත්තයාගේ කතන්දරේ තමයි මේකේ නියම ෆ්ලෑෂ් බැක් එක. ඇමතිතුමාට 2015 කාලේ පොහොර සංස්ථාවේ සිද්ධියක් නිසා (මතකද ඒ කාලේ ටෙන්ඩර් සොරකම්/ෆන්ඩ්ස් මාරු කිරීම් ගැන ආපු අල්ලස් කොමිසමේ රිපෝට්!) රස්සාව නැති වෙලා, වැඩ තහනමට ලක් වෙලා ඉන්නකොට, කරුණාවන්ත වෙලා රස්සාව දීලා තියෙන්නේ මේ “A” කම්පැනියෙන්ම තමයි!
හරි! අමාරු කාලේ පිහිට වුණේ ඒ සමාගම. දැන් ඇමතිතුමා බලයේ ඉන්නවා. ඉතිං දැන් වෙන්නේ අර “A” සමාගමේ ලොක්කන්ට ‘කුමාර’ මහත්තයා කළගුණ සැලකීමක් විදියට, ඒ අයගේ වැඩිම කොටස් තියෙන “B” කම්පැනියට අර කෝටි ගණන් වටින ත්‍රීකුණාමලේ සෝලා ඩීල් එක දෙන්න බලපෑම් කරන එකලු! පුදුමයි නේද? මේක රාජ්‍ය සම්පත් කළමනාකරණයද, එහෙමත් නැත්නම් පෞද්ගලික මිත්‍රත්ව සාදයක්ද කියලා අපිටත් පැහැදිලි නැහැ!
සුදුසුකම් පට්ට ගහනවා: “නැහැ, නැහැ, නැහැ!”
වැඩේ තවත් උණුසුම් වෙන්නේ, මේ “B” කම්පැනියට ප්‍රොජෙක්ට් එක දෙන්න හදන්නේ, ඒ අයට කිසිම මූලික සුදුසුකමක් නැති වෙලාවේදී!
- පරිසර අනුමැති (Environmental Approvals): නැහැ!
- ඉඩම් අනුමැති (Land Approvals): නැහැ!
- CEB ග්‍රිඩ් එකට සම්බන්ධ වෙන්න Concurrence එක: ඒකත් නැහැ!
ප්‍රොජෙක්ට් එකකට අත්‍යවශ්‍යම තුනම නැති සමාගමකට ඇමතිතුමා බලපෑම් කර කර මේ ඩීල් එක දෙන්න තල්ලු කරන්නේ ඇයි? අනෙක් සුදුසුකම් තියෙන කම්පැනි දිහා ඇහැක් ඇරලා බලන්නේවත් නැතිලු! අමු අමුවේ රජයේ ටෙන්ඩර් නීති කඩලා, මිත්‍රත්වයේ නාමයෙන් රටේ සම්පත් මාරු කරනවා නේද?
සෝලා අයින් කරලා ඩීසල් මාෆියාවට පාර කපන හැටි
මේ ගජමිතුරු සෝලා ඩීල් එක එක්කම ඇමතිතුමා ඩබල් ගේම් එකක් ගහනවා කියලත් ආරංචියි. අපේ රටට පුනර්ජනනීය බලශක්තිය (Solar) ඕනෙම වෙලාවේ, ඇමතිතුමා ලු LTL කම්පැනියත් එක්ක ඩීල් දාගෙන, පුළුවන් තරම් අඩුවෙන් සෝලා අරගෙන, ඩීසල් බලාගාර (Diesel Plants) වලට අවස්ථා වැඩි කරන්න හදන්නේ!
මේකෙන් පැහැදිලියි, බලශක්ති මාෆියාව තාමත් මැරිලා නැහැ! ඒක අලුත් ඇඳුම් ඇඳගෙන, පරණ යාලුවෝ එක්ක එකතු වෙලා, රටේ ඩීසල් සිහිනය යළිත් පණ ගන්වන්න හදනවා.
කතා කරන්නේ ෆෝන් එකෙන් විතරයි: ලේකම් නිහඬයි
ඇමතිතුමාගේ මේ හැම බලපෑමක්ම සිද්ධ වෙන්නේ ලිඛිතව (in-writing) නම් නෙවෙයිලු! හැමදේම කරන්නේ ඇමතුම් (Phone Calls) වලින් විතරයි. ඇමතිතුමා එහෙම කරන්නේ ඇයි කියලා අමාත්‍යාංශ ආරංචි මාර්ග කියන්නේ, පොහොර සංස්ථාවේ සිද්ධියෙන් පාඩම් ඉගෙනගෙන, නැවත අහුවෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙනවා ඇති කියලා!
මේ සිදුවීම් දිහා අමාත්‍යාංශයේ ලේකම්තුමා බලන් ඉන්නේ කට වහගෙනලු! ඇමති-ලේකම් දෙන්නා අතරේ හොඳටම විරසකයක් තියෙන නිසා, ලේකම්තුමා නිහඬව මේ නාඩගම බලන් ඉන්න බවයි ආරංචිය!
වැඩේ තවත් සැර කරන්නේ, මේ ඩීල් එකේ ප්‍රධාන නළුවා විදියට කටයුතු කරන්නේ ඇමතිතුමාගේ පුද්ගලික ලේකම්තුමා වීමයි. නගර සභාවකට ඡන්දෙත් ඉල්ලලා තිබුන මෙතුමා මෑතකදී සුප්‍රසිද්ධ වුනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ සහෝදරයෙක්ලු.
ගජමිතුරන්ගේ අවසානය: පිටසක්වල ජීවීන් සොයන්න වෙයි!
ආණ්ඩුවක් විදියට මේ රටේ මිනිස්සු විශ්වාසය තියලා බලයට ගෙනාවේ පරණ කුණු ටික අතුගාලා දාන්න කියලා මිසක්, පරණ යාලුවන්ට ටෙන්ඩර් දෙන්න නෙවෙයි!
මේ වගේ මිත්‍රත්වයේ ඩීල් දිගටම ගියොත්, ඊළඟ ඡන්දෙදී ආණ්ඩු කරන්න සුදුසු මිනිස්සු හොයාගෙන අපිට අන්තිමට අභ්‍යවකාශයට, පිටසක්වල ජීවීන් හොයාගෙන යන්න වෙයි කියන ජනතා විවේචනය නම් ඇත්ත වෙන්න පුළුවන්!
මේක නිකම් ගොසිප් එකක් නෙවෙයි! මේ ගැන වහාම පුළුල් විමර්ශනයක් ඕනේ. නැත්නම්, අපේ අනාගත බලශක්තියත් යන්නේ මේ වගේ ගජමිතුරු ඩීල් අස්සට වෙන්න පුළුවන්!

