Friday, April 3, 2026
spot_img

Latest Posts

බුද්ධිමත් විපක්ෂයක් හදමු

සමබිම පක්ෂය

පසුගිය දිනවලදී උදය ගම්මන්පිල ගේ පාස්කු ප්‍රහාරයේ මහමුලකරු සොයා යාම නැමැති ග්‍රන්ථය එළිදැක්වීම සඳහා පැවති උත්සවයට එක්සත් ජාතික පක්ෂයද සහභාගී විය. මෙය සම්පූර්ණයෙන්ම “එක්සත් ජාතික පක්ෂය ” – එහි නම තුළම ඇති දේ පාවා දීම- ජාතිවාදයට උඩ ගෙඩි දීමකි. රනිල් වික්‍රමසිංහ මෙයින් ඉතා කපටි ලෙස ගැලවී ගියද ඉතිරි පිරිසට මේ සඳහා සහභාගි වීමට සිදුවිය. මේ අය තොත්ත බබාලා නොවේ. විපක්ෂයේ මූලික චෝදනාව වන්නේ මාලිමා ආණ්ඩුවට කිසිදු ඉදිරි දර්ශනයක් නොමැති බවයි. නමුත් මේකෙන් ඔප්පු වන දෙයක් වන්නේ වර්තමාන විපක්ෂයට ද ඉදිරි දර්ශනයක් තබා හෙට මොකද කරන්නේ කියා හෝ අදහසක් නොමැති බවයි. විපක්ෂය උත්සාහ කරන්නේ ජාතිය ආගම කුලය මත පදනම් ව සමාජය සංවිධානය කර බලය ලබාගැනීමට නම් පක්ෂයක් ලෙස අප ප්‍රකශ කරන්නේ එවැනි ආකාරයේ බලය ලබාගැනීමක් වැඩි කල් යෑමට ප්‍රථමව අසාර්ථක වන බවයි. මේ ආකාරයෙන් ජාතිවාදයට ගොස් සිදුකිරීමට උත්සාහ කරන්නේ යාළුවො ටික එකතුවෙලා පොදු අපේක්ෂකයෙක් නම් කරලා ආයෙත් හොරකම් කිරීමට පටන් ගැනීමයි. අවසානයේ බෙදා වෙන් කර ජනයා පාලනය කිරීමට මීට වඩා හොඳ උදාහරණ නැත.

“සමබිම පක්ෂය ” ලෙසට අපට කිසිදු චෝදනාවක් එල්ල කිරීමට කිසිවෙකුට හැකියාවක් නැත. මන්ද අප මීට ප්‍රථමව ආණ්ඩු බලයක් ලබා ගැනීම හෝ අමාත්‍යාංශයක් පාලනය කිරීම සිදු කර නොමැති බැවිනි. එහෙත් වර්තමානයේ විපක්ෂයේ සිටින බහුතර දෙනෙක්ගේම කිල්ලෝටවල හුණු ඇත.

මේ සඳහා උදාහරණයක් ලෙස ගල් අඟුරු ගැටලුව පෙන්වා දිය හැක. මාලිමා ආණ්ඩුවට ප්‍රථමව ගල් අඟුරු ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා පැවති ආණ්ඩු සිදු කළේ ඒ සඳහා ඒ පිළිබඳ අගක් මුලක් දන්නේ නැති පිරිස් යොදාගැනීමයි. ඒ සඳහා සිවිල් නිලධාරී Clark ලා පත් කිරීමෙනි. ඒ තුළින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවුල් කර හොරකමට පදනම දමන ලදී. මාලිමා ආණ්ඩුවට ප්‍රථමව ලංකාවට ගල් අඟුරුගෙන්වුවේ st. Thomas විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් දෙදෙනෙකි. (ලංකාවේ හොරු විදිහට කප් ගහපු white collar criminals ලා හැදුවේ රාජකීය සහ ශාන්ත තෝමස් විද්‍යාල විසිනි.). මාලිමා ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විදිහට සිදුකිරීමට පටන් ගන්නා ලදී. ඒත් සමගම පැරණි අයගෙන් එම ටෙන්ඩරය වෙනත් අයට මාරු කරන ලදී. මින් ඒතෙක් මෙතෙක් ලංකාවට ගල් අඟුරු ගෙන්නපු දෙදෙනා විශාල අවුලකට ගියේය. එයින් සිදු වූවේ මාලිමා ආණ්ඩුවට ගල් අඟුරු සඳහා අඩුම ලන්සුව ඉදිරිපත් කළ පිරිස පස්සේ වෙලාවක කිව්වා “අපි මේ අඩු ලන්සුව ඉදිරිපත් කළේ වැරදීමකින් මේ ලංසුව තව ඉහළ යන්නන ඕනේ කියලා.” එයටත් මුල් උනෙත් මේ ගල් අඟුරු මෙතෙක් ගෙන්වපු තෝමියන්ස්ලා දෙන්නා. ඒකෙන් වුණේ මුලු ක්‍රියාවලියම විකාර සහගත වීමක්. මේ ගේම් එක ගැන මාලිමාණ්ඩුව දැනගෙන හිටියේ නැහැ. (හැබැයි ලබන අවුරුද්දේ මේ වරද ආයෙත් සිද්ධ වෙන එහෙකුත් නෑ. මොකද මාලිමාව දැන් වැඩේ ඉගෙන ගනීවී.)

මෙතෙක් කලක් ගල් අඟුරු ගෙන්නපු තෝමියන්ස්ලා දෙන්නා තමයි ගල් අඟුරු ගැන කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සල්ලි දෙන්නේ, youtubers ලාට සහ මාධ්‍ය ආයතන වලට සල්ලි දෙන්නේ. ඩී. වී. චානකට අපි අභියෝග කරනවා පුළුවන් නම් අපිත් එක්ක ගල් අඟුරු ගැන කතා කරන්න එන්න කියලා.(ඩී. වී. චානක ඔයාට වගේම අපිටත් කොළ පුරවපු ෆයිල් ගොඩක් තියෙනවා. ඒක නිසා එන්න මෙතන නටන්න.) අපිටත් හොරකමට විරුද්ධ යහපත් මිනිස්සු තොරතුරු ලබා දෙනවා.

පක්ෂයක් ලෙස අප පවත්වාගෙන ගිය “සත්හඬ” පත්තරේට වක්‍රව උදව් කළේත් ලංකාවට ගල් අඟුරු ගෙන්නපු කෙනෙක්. (ඔන්න දැන් අපි ගැනත් කිව්වා. ඔයාලත් ඔයාලා ගැන කියන්න).

විපක්ෂය විසින් ගල් අඟුරු ගැටලුව දිගින් දිගටම කරේ තියාගෙන යන්නේ රට ජාතිය දියුණු කිරීම සඳහා නෙමෙයි. මීළඟට ආණ්ඩු බලය අරගෙන කොහොම හරි මේ කොමිස් මුදල බෙදාගන්නා අරමුණින්.

සමගි ජන බලවේගයේ ඉතා ප්‍රගතිශීලී මන්ත්‍රීවරයකු වන හර්ෂ ද සිල්වා youtube වීඩියෝ දදා ඉන්නෙ නැතුව අපිට කතා කරන්න. අපි කැමතියි ඔයාට ස.ජ.බ. යේ ඉන්න ගල් අඟුරු වලට අදාල මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛනයක් ලබා දෙන්න. ඒ වගේම නාමල් රාජපක්ෂත් අපිට කතා කලොත් අපිට පුළුවන් පොහොට්ටුවේ ගල් අඟුරු එක්ක සම්බන්ධ මන්ත්‍රීවරුන් ගේ නාම ලේඛනයක් ලබා දෙන්න.

ඒක නිසා එක එක විහිලු වැඩසටහන්, මාලිමා ආණ්ඩුවත් එක්ක හැප්පෙනවා නම් වැඩක් නෑ. අවශ්‍ය වෙන්නේ හොඳට හිතන පතන විපක්ෂයක්. එහෙම නැතුව දිලීත් එක්ක රෙනෝ ද සිල්වත් එක්ක ප්‍රේම සම්බන්ධතා පවත්වන ජාතියේ හුරතල් විපක්ෂයක් නෙමෙයි. බාහු බලය වැඩක් නැත. අවශ්‍ය වන්නේ සිතීමයි. පවතින විපක්ෂය හදන්නේ පැරණි සෙල්ලම නටන්න නම් පක්ෂයක් විදිහට අපි විපක්ෂය කොටස් වලට කඩනවා. අපි විපක්ෂයට දිගින් දිගටම පහර දෙනවා. මේ රටට දැන් අවශ්‍ය ඉදිරි දර්ශනයක් සහිත විපක්ෂයක් මිස ගල් අඟුරු මුට්ට කරේ තියාගෙන යන මෝඩයන් පිරිසක් නොවේ.

උපුටාගැනීම – “සමබිම පක්ෂය ” පිටුවෙන්.

Latest Posts

spot_imgspot_img