පහත සමබිම පක්ෂය ඉදිරිපත් කර ඇති රචනාව, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට රජයේ රැකියා අහිමි වීමේ තර්ජනය (2027 විගණකාධිපති වාර්තාව) ඉදිරියේ, සමාජය පදනම් වී ඇති කල්පිතමය වටිනාකම් (The Imaginary) බිඳ වැටෙන ආකාරය පිළිබඳ විවරණයකි.
වසර ගණනාවක් තිස්සේ, දරුවන් වෛද්‍යවරුන් කිරීමේ “මවගේ සිහිනය” තුළින් සමාජයීය පිළිගැනීම (Symbolic Recognition) ලබා ගැනීමට පිරිස් උත්සාහ කළහ. මෙය, සැබෑ ආර්ථික අවශ්‍යතා මත නොව, මහත් අනෙකාගේ (The Big Other) ඉල්ලීම මත ගොඩනැඟුණු මුළාවක් විය. GMOA හි කෘත්‍රිම හිඟතාව පිළිබඳ තර්කයද මෙම මුළාවේම කොටසකි.
2027 වසරේදී රාජ්‍ය රැකියා අහිමි වීමේ යථාර්ථයේ (The Real) කම්පනය පැමිණෙන විට, මෙම කල්පිතය බිඳ වැටේ. පිරිමින්ට තම “සරම බිම හෙළීමට” සිදුවන්නේ, දරුවන්ගේ අනාගතය පිළිබඳ සැබෑ දේශපාලනික වගකීම (Policy-making) පැහැර හැරීම නිසාය.
කෙසේ වෙතත්, රචකයා විසින් මෙම අර්බුදයේදී විකල්ප විසඳුම ලෙස “කාර්මික විශ්වවිද්‍යාලවලට අවධානය යොමු කිරීම” පෙන්වා දෙමින්, වෛද්‍ය සිහිනය වෙනුවට තවත් නව සමාජයීය ‘සිහිනයක්’ ආදේශ කිරීමට උත්සාහ දරයි. මෙහිදී, ඔහු වෛද්‍ය වෘත්තියේ අගය බිඳ දමන අතරම, නූතන “වැඩ ලෝකය” නම් වූ නව මහත් අනෙකාගේ ඉල්ලීම ඉටු කරන ලෙස පිරිමින්ට බල කරයි.
මෙ මඟින් රචකයා පෙන්වන්නේ තමා පැරණි කල්පිතය ප්‍රතික්ෂේප කළද, නව කල්පිතයකට (තාක්ෂණික අධ්‍යාපනය) පිවිසීමට ඇති උනන්දුවයි. එනම්, රචකයා විසින්ම පවා යථාර්ථයට මුහුණ දෙනවා වෙනුවට, පැරණි සිහිනය වෙනුවට නව ආදේශක සිහිනයක් ඉදිරිපත් කරමින්, සමාජය කල්පිතය තුළ රඳවා තබා ගැනීමේ දේශපාලනික දෝෂයක් ඔහුගේ විවරණය තුළම ගැබ් වී ඇත.
පිරිමියනි! 2027දී ඔබලාගේ සරම බිම
දීප්ති දීර්ඝ කාලයක සිට කියමින් සිටි කරුණක් වන්නේ අනාගතයේදී වෛද්‍යවරුන්ට රැකියා නොමැති වන බවයි. නමුත් ඒ කාලයේදී විශාල පිරිමින් පිරිසක් දීප්තිට හිනා විය. (මෙම පිරිමින් යනු දරුවා නිර්මාණය මවට බාර දුන් පිරිමින් ය.) මෙම පිරිමින් ප්‍රකාශ කළේ දීප්ති දන්න දෙයක් නෑ, එහෙම වෛද්‍යවරුන් ට රස්සා නැති වෙනවද කියලයි. ඔවුන්ට අනුව වෛද්‍ය වෘත්තිය යනු නිවන් යන ගරුකටයුතු වෘතියකි. එහෙත් ජාතික විගණන කාර්යාලයේ විගණකාධිපති 2027 සිට මෙරට වෛද්‍යවරුන්ට රජයේ රැකියා දිය නොහැකි බව ප්‍රකාශ කර ඇත. මේ අනුව 2027 සිට වෛද්‍යවරුන් වන අයට රජයේ රැකියා අහිමි වේ. (දේශපාලනය යනු අනාගතය සියල්ලන්ටම පෙර දැක ඊට අදාළ ප්‍රතිපත්ති සම්පාදකයාය. ඒ අර්ථයෙන් දීප්ති හැර දේශපාලකයෙක් සිටී ද?)
අනෙක් අතට ගත් කල පිරිමින් විසින් ළමයින්ට ඉගැන්වීමේ සිට සියලුම කර්තව්‍යයන් ගැහැණුන්ට භාරදෙන ලද අතර ඒ හරහා ගැහැණුන් උත්සාහ කරන ලද්දේ සිය දරුවන් කෙසේ හෝ වෛද්‍යවරුන් බවට පත් කිරීමටයි. 2027 සිට වෛද්‍යවරුන්ට රජයේ රැකියාව ලබාදීමට නොහැකි බැවින් මව්වරුන්ගේ මෙම සිහිනයද ඒ ඔස්සේ විනාශ වී යයි. මීට කිසිඳු විකල්පයක් පෙනෙන මානයේ හෝ නැති බැවින් පිරිමින්ට නැවත සිය පාලනය අතට ගෙන මේසයක වාඩිවී අලුතින් කල්පනා කර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සිදුවී ඇත. දැන් ඉතින් අනුර කුමාර ජනාධිපතිවරයා සමඟ කල්පනා කරන්න.
GMO එක පසුගිය වසර හතලිහක පමණ කාලයක සිට සිය ආධිපත්‍යය ජනතාවට පෙන්වමින් සමාජයේ නිවන් යන රැකියාවක් තමන් කරන බව පවසමින් සිය බලය හා ආධිපත්‍යය සමාජයට ප්‍රදර්ශනය කළේය. රාජ්‍ය ත්‍රස්ත කිරීම සඳහා ඔවුන් භාවිතා කළ අවිය වන්නේ වෛද්‍යවරුන්ගේ හිඟතාවයයි. එමගින් සිය රැකියාවේ නිශ්චිතභාවය තහවුරු කර ගැනීමට ඔවුන් උත්සාහ දරනන ලදී. විගණකාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ මොවුන්ගේ මෙම උත්සාහය ද එතැන් පටන් අහෝසි වී යයි. අප කියන්නේ වෛද්‍යවරුන්ගේ හිඟතාවය පිළිබඳ ගැටලුව අපි එක දවසින් විසඳෙනබවත් වෛද්‍යවරුන් හිඟනම් ඉන්දියාවෙන් වෛද්‍යවරුන් ගෙන්වා මෙරට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බවත්ය. ඒ සඳහා කළ යුත්තේ වෛද්‍ය ordinance එක වෙනස් කර පණතක් හඳුන්වා දීම පමණි. මෙරට තුළ කිසිදු ආකාරයක වෛද්‍යවරුන්ගේ හිඟතාවයක් නොමැත. එය GMOA එක සහ නලින්ද ජයතිස්ස නිර්මාණය කළ කෘතීම ගැටලුවක්ය.
ටියුෂන් ගුරුවරුන් ද මවුවරුන් ගේ මෙම වෛද්‍ය සිහිනය නිසා විෂාල වාහන ගෙන අපේ මූනේ උලන ලදී. දැන් ඉතින් එම සිහිනය 2027 සිට අවසන් වන බැවින් ටියුෂන් ව්‍යාපාරිකයන් ට ද ඉදිරියේ දී විකල්ප රැකියාවන් වල නිරත වීමට සිදු වේ.
මෙම තත්වය හේතුවෙන් තව වසර දෙකකින් වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය වන්නේ ඇයි ද යන ගැටලු ව වෛද්‍ය සිහිනය පසුපස මෙලෝ සිහියක් නොමැතිව දුවන සියලු දෙනාට නිවිහැනහිල්ලේ කල්පනා කිරීමට සිදු වේ. අපට අනුව නම් ඇත්තේ එකම එක විකල්පයකි. එනම් නූතන “වැඩ ලෝකයට ” අවශ්‍ය ලෙස දරුවන්ගේ අධ්‍යානය සකස් කිරීමයි. එනම් කාර්මික විශ්වවිද්‍යාල වලට අවධානය යොමු කිරීමයි. එසේ නොමැතිව ඉදිරියේ දී මගුල් ගෙවල් වල මවුවරුන්ට අපේ “පුතා ඩොක්ටර් කෙනෙක්, අපේ දුව ඩොක්ටර් කෙනෙක්” කියා කිවීමට හැකි වන්නේ නැත. නමුත් මේ රැල්ලේ මෙහෙම්ම ගසාගෙන ගියහොත් “අනේ බලන්නකෝ අපේ පුතා මෙඩිකල් පාස් උනාට තම රස්සා නෑනේ.” කිවීමට නම් අවකාශයක් උදා වනු ඇත. එවිට රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගොඩට වෛද්‍යවරුන් ද පැමිණෙනු ඇත. එවිට සංවර්ධන නිළධාරීන් ලෙස රැකියාවක් ලැබීමට වෛද්‍ය පුතාට, දුවට ද හැකිය. එතෙක් ඔබට අඹ සරණයි….! අනුර කුමාරට කියා සිහින ලෝකය වෙනස් කරන්න.
(සමබිම පක්ෂයේ සමාජ මාධ්‍ය පිටුවෙන් උපුටාගත් ලිපියකි)

