Friday, December 19, 2025
spot_img

Latest Posts

කලාපීය දේශපාලනයේ විශේෂඥයෙක්: ඉන්දියා-ජපාන සංසදයේ දී මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාවට හිමි තැන යළි ලකුණු කරයි

නවදිල්ලියේ දී ඉහළ පෙළේ ඉන්දීය නායකයන් සමඟ සාකච්ඡා; පශ්චාත්-විපත ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දීය නායකත්වය සහ ජපාන හවුල්කාරිත්වය යෝජනා කරයි.

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා දේශපාලන විචාරකයෙකු වන මිලින්ද මොරගොඩ මහතා, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අනන්තා කේන්ද්‍රය විසින් නවදිල්ලියේ දී සංවිධානය කරන ලද 4 වැනි ඉන්දියා–ජපාන සංසදයට ආරාධිතයෙකු ලෙස සහභාගී වීම තුළින්, කලාපීය දේශපාලනය හැසිරවීමේ සිය නිපුණතාවය යළිත් වරක් තහවුරු කර තිබේ.

මෙම ප්‍රබල සංසදයේ දී සිය ඉදිරිපත් කිරීම සිදු කළ මොරගොඩ මහතා, ශ්‍රී ලංකාවේ පශ්චාත්-විපත ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවන ක්‍රියාවලිය සඳහා ඉන්දියාවට ප්‍රධාන නායකත්වය ගත හැකි බවට ඓතිහාසික යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, මෙම උත්සාහය සඳහා ජපානය උපායශීලී හවුල්කරුවෙකු ලෙස සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ හැකි බවට ද එතුමා පෙන්වා දුන්නේය.

සුළි කුණාටු විපත්වලට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ හා පුණර්ජීවනයක් ඇති කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දියාවට නායකත්වය ගත හැකි බව පෙන්වා දී ඇති මිලින්ද මොරගොඩ මහතා එහිදී උපායශීලී හවුල්කරුවෙකු ලෙස ජපානයට සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ හැකි බව ද පවසයි.
ඉන්දියාව හා ජපානය ගොඩනැගෙන සහයෝගීතාව තුළින් ආර්ථීක ආරක්ෂාව, වෙළඳාම, න්‍යශ්ඨික බලය, ඩිජිටල්කරණය, ඛනිජ සම්පත් සහ ආයෝජන ක්ෂේත්‍රවල සැලකිය යුතු අවස්ථා අලූතින් අත්පත් කරගත හැකි බව ද මිලින්ද මොරගොඩ මහතා මෙම සංසදයේ සිය දේශනයේදී පවසයි. දෙරට අතර ඉහළ පෙලේ නායකත්වයට රටවල් අතර ද්වී පාර්ශවික හා බහු පාර්ශවික සබඳතා උපායශීලීව ඉදිරියට ගෙන යා හැකි ආකාරය සම්බන්ධයෙන් නවතම පැතිකඩ ඉන්දීය -ජපාන සංසදය මගින් ඉදිරියේ පවතින බව ද දක්වා තිබේ.


ඉන්දියානු ඉහළ පෙළේ නායකයන් හමුවීම

මිලින්ද මොරගොඩ මහතාගේ මෙම නවදිල්ලි සංචාරය හුදු සංසදයකට සහභාගී වීමකට වඩා වැඩි යමක් වූයේ, එතුමා ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට අවස්ථාව ලබා ගැනීමෙනි. මෙම සාකච්ඡා මගින් කලාපීය වශයෙන් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවේ ඇති සමීප මිත්‍රත්වය සහ විශ්වාසය පිළිබඳව පැහැදිලි ඉඟියක් ලබා දෙයි.

මොරගොඩ මහතා හමුවූ ප්‍රමුඛ නායකයන් අතර:

  • විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් (Dr. S. Jaishankar)
  • මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් (Smt. Nirmala Sitharaman)
  • ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් (Shri Ajit Doval)
  • භාරතීය ජනතා පක්ෂ රාජ්‍ය සභා මන්ත්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා (Harsh Vardhan Shringla)
  • විදේශ ලේකම් වික්‍රම් මිශ්රි (Vikram Misri)

යන අය වූහ. මෙවැනි ඉහළ පෙළේ නායකයින් සමූහයක් හමුවීමට හැකිවීම, කලාපීය දේශපාලනයේ දී මොරගොඩ මහතා සතු පුද්ගලික බලපෑම හා පිළිගැනීම මැනවින් කියා පායි.

කලාපීය මිත්‍රත්වය සහ උපායශීලී බැඳීම්

මොරගොඩ මහතා ඉන්දියාවේ ප්‍රමුඛ පුවත්පතක් වන ‘හිංදුස්ථාන් ටයිම්ස්’ වෙත මෑතක දී ඉදිරිපත් කළ මතය පළ කරන ලිපියෙහි ද, ශ්‍රී ලංකාවේ ආර්ථික සහයෝගිතාව සඳහා ඉන්දියා-ජපාන සම්බන්ධතාවයේ වැදගත්කම අවධාරණය කර තිබුණි.

මෙම සංසදයේ දී මොරගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, ඉන්දියාව සහ ජපානය අතර වර්ධනය වන සහයෝගීතාව තුළින් ආර්ථික ආරක්ෂාව, වෙළඳාම, න්‍යෂ්ඨික බලය, ඩිජිටල්කරණය, උපායශීලී ඛනිජ සම්පත් සහ ආයෝජන ක්ෂේත්‍රවල සැලකිය යුතු නව අවස්ථා අත්පත් කරගත හැකි බවයි. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉන්දියානු සහයෝගය අතිශයින් තීරණාත්මක වන මොහොතක, කලාපීය බලවතුන් අතර උපායශීලී සමබරතාව පවත්වා ගැනීමේ මොරගොඩ මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාව පෙන්නුම් කරයි.

ඉන්දියා–ජපාන සංසදය, ඉන්දියානු සහ ජපන් නායකයින්ට ද්වීපාර්ශ්වික සහ උපායමාර්ගික හවුල්කාරිත්වයේ අනාගතය හැඩගැස්වීමට වේදිකාවක් සපයන අතර, එහි දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබා දීමට මොරගොඩ මහතා දැරූ උත්සාහය, මෙරට ජාත්‍යන්තර දේශපාලන ගනුදෙනු ඉදිරියට ගෙන යාමේ දී එතුමා සතු විශිෂ්ට නිපුණතාවට කදිම නිදසුනකි.

Latest Posts

spot_imgspot_img