ගමේ එකෙක්ගෙන් ඇමතිතුමාට යවන පුංචි මතක් කිරීමයි.
අනේ මන්දා විජිත සහෝදරයා, අපිනම් ගමේ කඩපිලට වෙලා මාලිමාවට කඩේ ගියේ, “මෙන්න බොලේ අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා හොරු ටික අල්ලලා රට හදන්න හදනවා” කියලා.
ඒත් දැන් සංචාරක මණ්ඩලයේ වෙන ජාති දැක්කම අපේ ගමේ ගොඩේ උන්ටත් පිස්සු වගේ.
ජනාධිපති අනුර සහෝදරයා එක පැත්තකින් දූෂිතයන්ගේ කෙරුවාවල් අල්ලන්න හදද්දී, ඔබතුමා පිටුපසින් ඉඳන් ඒ ගමනටම කැපිල්ල දානවාද කියලා අපිට නිකමට වගේ හිතෙනවා.
‘HariDeshaya’ එකෙන් දාලා තිබ්බ සටහන දැක්කම තමයි අපිටත් ඇස් ඇරුණේ.
බුද්ධික හේවාවසම්ව හිටිගමන් කැපුවේ සරල වෙනසකට නෙමෙයිනේ?
බුද්ධික හේවාවසම් කියන්නේ අනුර සහෝදරයාම පෞද්ගලිකව කතා කරලා මේ පුටුවෙන් වාඩි කරවපු, මාලිමාව දිනවන්න රෑ තිස්සේ මොළේ වෙහෙෙසපු, දූෂණ විරෝධී වැඩපිළිවෙලේ කෙලින් වැඩ කරපු මිනිහෙක්.
සංචාරක අරමුදලේ කෝටි ගණන් ගිලින්න බලන් හිටපු කෝටිපති ජාවාරම්කාරයින්ටයි, දිල්මා (Dilmah) වගේ ලොකු ලොක්කන්ටයි යට නොවී, හිඟ බදු ටික අඩිය මුලටම අල්ලලා නීතිය ක්‍රියාත්මක කරපු කෙලින් මනුස්සයෙක්.
ඔන්න ඉතින් ඒ කෙලින් වැඩ කරපු ජනාධිපතිගේ මිනිහට පයින් ගහලා එළියට දාලා, ඒ වෙනුවට පත්කරලා තියෙන්නේ සුරංජිත් වේවිටව.
අපිට ආරංචි වෙන විදිහට නම් එතුමා අර කෝටිපති ව්‍යාපාරිකයන්ගේ විතරක් නෙමෙයි, ඔබතුමාගේත් හොඳම හොඳ යාලුවෙක්ලු.
හැබැයි මම නම් ගමේ කඩේ හන්දියේදී අපේ උන්ට කිව්වේ, “අනේ පලයන් යන්න, අපේ විජිත සහෝදරයා ජනාධිපතිතුමාගේ දූෂණ විරෝධී ගමන පිටිපස්සෙන් කපලා ඕවාකාර ඩීල්කාරයෝ එක්ක ගනුදෙනු දාන්නේ නැහැ” කියලා.
ඒත් දැන් වෙන හරිය දැක්කම ගමේ උන් මගෙන් අහනවා “කෝ බං උඹේ විජිත සහෝදරයා?” කියලා.
මටත් දැන් කියන්න දෙයක් නැතුව අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ!
ඇත්තටම දැන් ජනාධිපතිතුමායි ඔබතුමායි යන්නේ දෙපාරකද සහෝදරයා?
ජනාධිපතිතුමා දූෂිතයන්ට එරෙහිව සටන් කරන්න හදද්දී, ඇමති වන ඔබතුමා කරන්නේ ඒ සටනට පිටිපස්සෙන් කැපිල්ල දාලා ඔබේ හිතවතුන්වයි ව්‍යාපාරික මිතුරන්වයි ඒ පුටුවල වාඩි කරවන එකද?
ජනාධිපතිගේ තේරීම වැරදිද, නැත්නම් ඔබතුමා ජනාධිපතිටත් උඩින් ගිහින් ඔබේම සූත්‍රයක් ක්‍රියාත්මක කරනවාද කියලා අපිට තාමත් හිතාගන්න බැහැ.
අපිට ඕන වුණේ ජනාධිපතිතුමා කියපු “ක්රමයේ වෙනස” මිසක්, ජනාධිපතිගේ මිනිස්සු කැපෙනකල් බලන් ඉඳලා ඇමතිගේ ගෝලයින්ටයි ව්‍යාපාරික යාලුවන්ටයි මණ්ඩල සූරාකන්න ඉඩ හදලා දෙන පැරණි සිස්ටම් එකම නෙමෙයි.
බුද්ධික හේවාවසම් ආරම්භ කරපු දූෂණ විරෝධී වැඩ ටික ඒ විදිහටම කරගෙන යන්න ඔබගේ අලුත් යාලුවාට ශක්තියක් තියෙයිද?
නැත්නම් ඔහු කරන්නේ ජනාධිපතිගේ ප්‍රතිපත්තිය පැත්තකට දාලා ඇමතිතුමාගේයි ව්‍යාපාරික යාලුවන්ගේයි උවමනාවල් ඉටුකරන එකද කියලා අපි බලන් ඉන්නවා.
ජනාධිපතිතුමාගේ ජනතා වරමට පිටිපස්සෙන් කැපිල්ල නොදා, දූෂිතයන්ට යට නොවී වැඩ කරන්න කියලා නිකමට වගේ මතක් කළා.
මෙයට, මාලිමාවට ඡන්දය දීලා දැන් අන්දමන්ද වී සිටින ගමේ අවංක පුරවැසියෙක්.



