කම්කරු විනිශ්චය සභා නියෝග යටතේ අයවිය යුතු රුපියල් ලක්ෂ 34 කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් සැලසිනේ රූපවාහිනී ආයතනයට එරෙහිව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ඊයේ (18) නඩු පවරන ලදී.

කම්කරු දෙපාර්තමේන්තුවේ මැද කොළඹ දිස්ත්රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස් විසින් අදාළ නඩුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.
කම්කරු විනිශ්චය සභා නියෝග යටතේ අයවිය යුතු රුපියල් තිස්හතර ලක්ෂ අසූතුන් දහසක (34,83,000) මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අංක 224, බෞද්ධාලෝක මාවත, කොළඹ 7 පිහිටි සැලසිනේ රූපවාහිනී ආයතනයට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් එලෙස නඩු පවරා තිබිණි.
Source: www.srilankamirror.com



