එජාපයෙන් ප්‍රමාද වූ ප්‍රතිචාරයක්!
විපක්ෂයේ දේශපාලන පක්ෂ සන්ධානයක් එක්ව මේ වන විටත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු ආරම්භ කර ඇති පසුබිමක, එක්සත් ජාතික පක්ෂයද ප්‍රමාද වී හෝ ඒ සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දක්වා තිබේ.
ඒ අනුව, සුරේෂ් සලේ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනිව සලකන ආකාරය එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනය හරහා තරයේ හෙළා දැක ඇත.
එම නිවේදනය මඟින් අවධාරණය කර ඇති ප්‍රධාන කරුණු:
මන්ත්‍රී කණ්ඩායමක් යැවීම:
සුරේෂ් සලේ මහතාට සලකා තිබෙන ආකාරය පරීක්ෂා කර බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසු බවට යෝජනා කිරීම.
භයානක පූර්වාදර්ශයක්:
යම් හෙයකින් මෙම අමානුෂික සැලකීම සාමාන්‍යකරණය වුවහොත්, ඉදිරියේදී එය විපක්ෂයේ කණ්ඩායම්වලටද අදාළ කරගැනීමේ අතිශය භයානක ප්‍රවණතාවයක් පවතින බවට අනතුරු ඇඟවීම.
නීතියට අනුකූල වීම:
ඔහුට එරෙහිව ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල විය යුතු බවට රජයට දැනුම් දීම.
දැඩි අවධානය:
රජය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව පක්ෂය දැඩි සුපරීක්ෂාකාරීව පසුවන බවට තහවුරු කිරීම.
(එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.)






