Latest Posts

PERSONAL TRUST VS. INSTITUTIONAL ACCOUNTABILITY

A Critical Review of Judicial Proceedings in the High Court Counterfeit Pharmaceutical Procurement Trial

The ongoing judicial proceedings before the Permanent Trial-at-Bar of the High Court unveil profound systemic vulnerabilities within the state administrative architecture, public procurement protocols, and the parameters of public institutional accountability. Adhering strictly to the sub judice rule—ensuring zero prejudice to the ongoing judicial process—this critical analysis examines the institutional, procedural, and ethical dimensions exposed through the recorded testimony, within the legitimate bounds of media freedom and public interest reporting.

1. The Primacy of “Personal Trust” Over Institutional Duty

The most striking revelation emerging from the testimony of the prosecution’s witness—the former Director General of the Department of Public Enterprises of the Ministry of Finance—is the reliance on “personal trust” as a functional administrative doctrine. Despite being a qualified Chartered Accountant and a senior public servant with extensive experience since 1991, the witness conceded to executing vital procurement minutes and award sheets without personally verifying the physical files, structural data, or regulatory compliance.

  • The Analytical Observation: In public administration and financial governance, “interpersonal trust” can never supplant codified Financial Regulations (FR) or statutory oversight. For a high-level committee member wielding powers equivalent to a Cabinet-Appointed Procurement Committee (CAPC) to blindly endorse documents based on the explanations of a single official (the 9th defendant, Dr. Jayanath Buthpitiya) represents a severe dilution of fiduciary duty. It exposes a systemic flaw where “faith in colleagues” routinely replaces rigorous documentary audit.

2. “Administrative Urgency” and Operational Overload as a Defense

The defense highlighted that the sheer volume of emergency procurements—evaluating approximately 175 to 180 items within a tight window of two to three hours—coupled with a pressing nationwide pharmaceutical shortage, left no time for comprehensive file reviews. The witness testified that due to this operational bottleneck, the committee explicitly requested the line agency to submit highly summarized or condensed briefs.

  • The Procedural Risk: While crisis management requires swift action, using task overload to justify bypassing financial and safety verification sets a dangerous precedent. Condensing complex procurement files into brief summary sheets creates deliberate blind spots, allowing fraudulent insertions to pass unnoticed. In public law, a national emergency may justify expedited timelines, but it can never legally absolve public officials from their absolute duty to ensure competitive pricing, valid documentation, and quality control.

3. Structural Deficiencies and “Copy-Paste” Governance

Under rigorous questioning by the Deputy Solicitor General, the structural and technical integrity of the procurement records was heavily compromised. The witness admitted that the “Introduction” and multiple analytical clauses of key procurement documents (specifically referenced as documents P-259 and P-280) were indiscriminately “copied and pasted,” leading to inaccurate figures, contradictory statistics, and the replication of erroneous historical data.

  • The Core Vulnerability: The witness’s admission that the Emergency Procurement Committee operated entirely without independent technical experts, and that a “full technical evaluation process” was not anticipated, represents a profound failure in risk management. When dealing with high-risk, life-saving biomedical commodities such as Rituximab and Human Immunoglobulin, the deliberate omission or dilution of a rigorous Technical Evaluation Committee (TEC) review directly jeopardizes public health safety and compromises state financial integrity.

Procedural Deviations from Standard Public Procurement Doctrines

The following matrix systematically cross-references standard public procurement doctrines against the operational realities admitted during the High Court trial:

Procurement PrincipleAdmitted Operational RealitySystemic Impact & Vulnerability
Independent Documentary VerificationTotal reliance on verbal assurances, hand-written sheets, and unverified summaries compiled by a single official.Complete failure to detect forged, falsified, or legally expired registration certificates (e.g., Yaden International).
Collective & Transparent ExecutionMinutes and award sheets were not signed collectively at the conclusion of deliberations, but signed individually, in isolation, at separate offices later.Undermines collective accountability and renders final documents highly vulnerable to unauthorized post-deliberation alterations or insertions.
Price & Compliance OptimizationReversing previous valid decisions to award tenders to un-registered entities or those with expired licenses over valid, lower-priced bidders (e.g., Nora Chem, Sami Chemist).Exposes the state to inflated pricing, anti-competitive monopolies, and the systemic influx of sub-standard or counterfeit clinical products.
Statutory Competence & AwarenessCommittee members signed execution blocks without basic knowledge of specific item codes (e.g., Item 33), stock levels, or supplier default rates.Public officials bindingly execute massive financial liabilities for the state completely blind to the actual material obligations being signed off.

4. Alignment with National Frameworks vs. Sustainable Development Goals (SDGs)

The precise interjections by the judicial bench during the trial serve as a powerful reminder of the constitutional duties of public officials. When the witness asserted that he acted to protect the government from embarrassment and in line with contemporary state political manifestos (specifically citing the ‘Vistas of Prosperity and Splendour’ policy), the Court invoked broader, non-negotiable global frameworks. The bench questioned the witness on the United Nations Sustainable Development Goals (SDGs), which strictly mandate states to guarantee universal access to safe, effective, quality, and affordable essential medicines for all citizens.

Analytical Conclusion:

Public officials owe their primary, non-delegable duty to statutory law and public safety, which completely transcends passing political manifestos, bureaucratic hierarchies, or institutional convenience. The judicial dialogue underscores that administrative urgency, high default rates, or an institutional culture of “absolute trust” cannot be weaponized as a legal defense against charges of gross negligence or financial malfeasance. This trial stands as a landmark case study in public sector jurisprudence, clearly delineating that a signature on a public document carries full, personal, and legally binding accountability.

සම්පූර්ණ නඩු වාර්තාව

2026/05/20


2022 සැප්තැම්බර් 2 සිට 2023 සැප්තැම්බර් 4 අතර කාලය තුළ කොළඹ දී රිටොක්සිමැබ් (Rituximab) සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) යන ඖෂධ ව්‍යාජ ලෙස සකසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදී රුපියල් 144,293,357.32 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය සඳහා කුමන්ත්‍රණය කිරීම, එම මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබ ඇත.

මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව විභාග වේ.

### විත්තිකරුවන්:
අයිසොලෙස් ෆාමා (Isolez Pharma) හිමිකරු - සුදත් ජානක ප්‍රනාන්දු
2. ඖෂධ සැපයීම් අංශයේ අධ්‍යක්ෂ - වෛද්‍ය කපිල වික්‍රමනායක
3. වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ - පීස් දේවශාන්තිනි සොලමන්ස්
4. වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරී - මරක්කල මානගේ නිරාන් ධනංජය
5. එම ඒකකයේ තොග පාලක නිලධාරි - මහ මදාච්චි වසන්ත කුමාර
6. එවකට හිටපු සෞඛ්‍ය ලේකම් - සීමා හේවගේ ජනක චන්ද්‍රගුප්ත
7. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්
8. හිටපු සෞඛ්‍ය අමාත්‍ය - කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල
9. ඖෂධ සැපයුම් ඒකකයේ වෛද්‍ය නිලධාරි - බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්
10. ඖෂධ නියාමන හා සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම් - රත්නායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක
11. වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ - අරඹෙගෙදර තුසිත සුදර්ශන
12. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට ප්‍රධාන විධායක නිලධාරි - වෛද්‍ය විජිත් ගුණසේකර

සාක්ෂි මෙහෙයවීම

දෙවන දිනටත් සාක්ෂි දුන් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පට්ටිය ආරච්චිලාගේ සුසන්ත අතුල කුමාර මහතා, පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මියගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ලංසු ප්‍රදානය කළ සැපයුම්කරුවන් ඖෂධ ලබා නොදුන් නිසා නැවත සලකා බැලූ බව කීවා. එහි දී සලකා බැලූ නිර්ණායක මොනවාද?
*සාක්ෂිකරු:* EOI (Expressed Interest) යටතේ සපයපු නැති ඖෂධ තිබෙන බව කීවා. ඒ අනුව EOI යටතේ සපයා ඇති තෝරාගත් සැපයුම්කරු හැර තවත් ලංසු ඉදිරිපත් කළ අය තෝරාගන්න තීරණය කළා.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඔවුන් ගැන කුමක්ද යෝජනා වුණේ?
*සාක්ෂිකරු:* ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි අයට දෙන්න කමිටුවට වෛද්‍ය ජයනාත් යෝජනා කළා.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* එහි දී මේ නඩුවට අදාළ ලේඛන පරීක්ෂා කළාද?
*සාක්ෂිකරු:* මේ වගේම වෙනත් ප්‍රසම්පාදන කටයුත්තකදී වෛද්‍ය ජයනාත් කී තොරතුරු අනුව යෝජනා කළා මිස, ලේඛන පුද්ගලිකව පරීක්ෂා කළේ නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* පැ. 280 ලේඛනයේ 2022.10.18 දිනැති කරුණු හා සැසඳීමේ දී ඒකකයේ මිල හා ලබාදුන් ප්‍රමාණය ගැන සලකා බැලුවාද? යාඩන් ඉන්ටර්නැෂනල් (Yaden International) ආයතනයට කල් ඉකුත් වූ ලියාපදිංචි සහතික තිබෙන බව කොහොමද දන්නේ?
*සාක්ෂිකරු:* වෛද්‍ය ජයනාත් තමයි කිව්වේ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* මේ කරුණු සාකච්ඡා කිරීමේ දී ඖෂධ ලැයිස්තුවක් ඉදිරිපත් වුණාද? වෛද්‍ය ජයනාත් කොහේදීද කිව්වේ ඒ අයිතම (Items) ගැන?
*සාක්ෂිකරු:* ඔහු ළඟ තිබුණා.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඔක්තෝබර් 13 සහ 18 දෙදින තුළ ප්‍රසම්පාදන කොපමණ කළාද කියා මතකද?
*සාක්ෂිකරු:* 175 ක් හෝ 180 ක් පමණ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* කමිටුවට වගකීමක් තිබුණාද?
*සාක්ෂිකරු:* නැහැ, අපට අදාළ නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 2023 ජුනි මාසයේ දිනයක ඖෂධ ලැයිස්තුවක් ලබා දුන්නාද?
*සාක්ෂිකරු:* එහෙම මතකයක් නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* මේ කරුණු සියල්ලට කවුරු සපයපු තොරතුරුද පදනම් වුණේ?
*සාක්ෂිකරු:* මාර්ගෝපදේශ (Guidelines), හදිසි අවශ්‍යතා පදනම සහ වෛද්‍ය ජයනාත් කළ පැහැදිලි කිරීම්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ගත් තීරණවලට තැබූ අත්සන් පිටු අංක 44 සිට 77 දක්වා හඳුනාගත්තා. එතන තීරණ 17 ක් තිබුණා නේද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* මේවා ගැන සාකච්ඡා කරද්දී කමිටුව අත්සන් කළාද?
*සාක්ෂිකරු:* නැහැ, පසුව කාර්යාලයේ දීයි අත්සන් කළේ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* සාමාජිකයන් එකතු වෙලාද අත්සන් කළේ?
*සාක්ෂිකරු:* නැහැ, වෙන් වෙන්ව.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* මෙම ලේඛනවල අයිතම අංක 33 කියන්නේ කුමක්ද කියා දන්නවාද?
*සාක්ෂිකරු:* නැත.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* වෛද්‍ය ජයනාත්ගෙන් ඇහුවේ නැද්ද?
*සාක්ෂිකරු:* නැහැ. මම හිතුවේ පැරණි බෙහෙත් අංකය කියායි.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* කමිටුවේ සාමාජිකයන් හැර තව හතර දෙනෙකුගේ නම් තිබෙනවා. ඒ ඇයි කියා දන්නවාද?
*සාක්ෂිකරු:* වෙනත් නඩුවක අය විය යුතුයි. වෛද්‍ය ජයනාත් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඔහු ගැන මේ කාරණයේදී විශ්වාස කළා.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඔබ විසින් දෙවැනි අවස්ථාවේ තීරණ ගනිද්දී ප්‍රධාන අභ්‍යන්තර විගණක එහි සිටියාද?
*සාක්ෂිකරු:* නැහැ, වෙනත් කරුණකට කැඳවූ අවස්ථාවක හිටියා.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* මෙම ලේඛනයේ Introduction (හැඳින්වීම) කියන කොටසට අවධානය යොමු කරන්න. 1.6 යටතේ ඇති කාරණාවට පසු ඇතුළත් කර තිබෙන්නේ. මම අහන්නේ මේ කොපි පේස්ට් (Copy-Paste) එකක්ද කියලයි.
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* පැ. 259 හි 2.1 යටතේ වන කොටස සහ 2.9 යන කොටස සඳහා ඔබ පුද්ගලිකව මැදිහත් වුණේ නැද්ද? පැ. 280 හි 1.2 සහ 1.3 යටතේ ඇත්තෙත් එම කාරණාමද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* පැ. 259 හි 3.1 සහ 3.2 යන කාරණයට සමාන කරුණු 280 හි 1.3 හා 1.4 ට ඇතුළත් කරලා තියෙනවා නේද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* පැ. 280 හි 2.6 යටතේ HSEPC කමිටුව (සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව) පෙර සඳහන් කළ කමිටුව යටතේ ඔක්තෝබර් 13 වනදා තෝරාගැනීම් කළ බව තිබෙනවා. එය හරිද?
*සාක්ෂිකරු:* නැහැ, ඒක වැරදියි.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 1.6 හි පළමු ඡේදයේ දෙවන පේළියෙහි 158 ක නම් සඳහන් ව තිබෙනවා. ඒක හරිද?
*සාක්ෂිකරු:* මට ඒ ගැන කතා කරන්න වුණේ නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* පැ. 280 අත්සන් කරද්දී ප්‍රදානයන් ගැන මතක තිබුණාද? තීරණ ගැන සංක්ෂිප්ත වාර්තා තිබුණාද?
*සාක්ෂිකරු:* නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 1.8 යටතේ තිබෙනවා අයිතම ලැබීම් හා නොලැබීම් ගැන. ඒ ගැන රාජකාරිමය දැනුමක් ලැබුණාද?
*සාක්ෂිකරු:* නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 1.9 යටතේ සඳහන් කර තිබෙනවා අයිතම අයිති සැපයුම්කරු ඉවත් කළාම වෙනත් කෙනෙක් ගන්නා අන්දම.
*සාක්ෂිකරු:* ඒ අවස්ථාවේ රටේ හදිසි අවස්ථා තිබූ බවයි කමිටුවට කීවේ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* දෙවන අවස්ථාවේ සැපයුම්කරුවන් 138 දෙනෙකු ගැන සලකා බැලුවාද?
*සාක්ෂිකරු:* නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඔබේ රාජකාරිය මාස හතකින් පමණ අවසන් වුණා.
*සාක්ෂිකරු:* ඔව්.

---

### විනිසුරුවරුන්ගේ ප්‍රශ්න කිරීම්

මේ අවස්ථාවේ දී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.

*සභාපති විනිසුරු:* ඇයි ඔබ ප්‍රශ්න නොකර අත්සන් කළේ?
*සාක්ෂිකරු:* කිසිම අවිශ්වාසයක් නැතැයි සිතා අත්සන් කළා. කිසිම අවස්ථාවක ඔවුන් අපේ විශ්වාසය කඩ කර තිබුණේ නැහැ.

*සභාපති විනිසුරු:* 1.6 හා 1.9 හි ඇති මේ තොරතුරු නිවැරදිද?
*සාක්ෂිකරු:* නැහැ. 1.6 හි සඳහන් සංඛ්‍යාව වැරදියි. 1.9 ත් වැරදියි කියා මා හිතනවා.

---

 නැවතත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂි ලබාගැනීම ඇරඹීය.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* මාස හතකට පසු අයිතම කීයක් ගැන තීරණ ලබා දී තිබුණාද කියන එක මතකද?
*සාක්ෂිකරු:* නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* පරීක්ෂා කිරීමට ලේඛනයක් දුන්නාද?
*සාක්ෂිකරු:* නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඇයි එහෙම කළේ?
*සාක්ෂිකරු:* ප්‍රසම්පාදන විශාල ප්‍රමාණයක් කළා. අපි ඒ වනවිට ලොකු විශ්වාසයකින් බැඳී සිටියා. අපේ කාර්යබහුලත්වය නිසා කියවන්න වෙලාවකුත් නැති නිසා අත්සන් කළා.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඔබ කියන්නේ ඩිෆෝල්ට් (Default - පැහැර හැර ඇති) ප්‍රමාණය 136 ක් කියන එකද, නැත්නම් ඒ 136 සලකා බැලුවේ නැහැ කියන එකද?
*සාක්ෂිකරු:* අපි 180 ගණනක් ඔෆර් (Offer) කළා. 136 ක් ගැන දැනගෙන හිටියේ නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 158 කියන අංකය 2023 ජුනි මාසයේ දී අත්සන් කරන අවස්ථාවේ දී, ඔක්තෝබර් 18 සහ 25 කීයකට ප්‍රදානය කර තිබුණාද කියා මතකද?
*සාක්ෂිකරු:* නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 1.9 හි තිබෙන අගය පිළිබඳව 1.8 හි පැහැදිලි කර තිබෙනවාද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* සැපයුම්කරුවන් 136 ක් අයිතම ලබා දී නැහැ කියා තිබෙනවාද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 1.9 යටතේ ඇති ඩිෆෝල්ට් අයිතම ගැන දැනුමක් ලබා දීමට කටයුතු කර තිබුණාද?
*සාක්ෂිකරු:* නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඔබට ඒ ගැන අවබෝධයක් ලැබුණේ කෙසේද?
*සාක්ෂිකරු:* වෛද්‍ය ජයනාත්ගෙන්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඩිෆෝල්ට් අයිතම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ තීරණ සලකා බලා තිබෙනවාද කියා බලන්න.
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඔබට මම පැ. 280 පෙන්නුවා, පිටු අංක 44 සිට 77 දක්වා වෙනතුරු. එතන තීරණ 17 ක් තියෙන බව ඔබ කීවා. දෙවැනි සැරේට තීරණ 136 ක් ගත් බව ඔබට මතක නැහැ කීවා.
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (Indian Credit Line) EOI යටතේ 2023 ජුනි වනවිට ඖෂධ ගෙන්වලා තිබුණාද?
*සාක්ෂිකරු:* ඒ ගැන අවබෝධයක් නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඒ මිනිත්තුවට (Minute) ඇතුළත් කළේ ඇයි කියා ඔබට ප්‍රශ්නයක් ආවේ නැද්ද?
*සාක්ෂිකරු:* නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි හෝ පෙර සැපයුම්කරුවන් සලකා බලා ඊළඟ සැපයුම්කරුවන් තෝරාගත යුතු බව ඔබ කීවා. වෛද්‍ය ජයනාත් ලියාපදිංචිය හා පෙර සැපයුම්කරුවන් ගැන ඔබට පැහැදිලි කළාද?
*සාක්ෂිකරු:* නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඒ ගැන හොයලා බැලුවාද?
*සාක්ෂිකරු:* ඒ වනවිටත් සපයා නැති නිසාත්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගන්න තීරණය කර තිබුණු නිසාත් විමසුවේ නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* දෙවන වතාවට ලියාපදිංචිය දෙනවා කියලා තිබුණා නේද?
*සාක්ෂිකරු:* ඒ නිරීක්ෂණය නිවැරදියි.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* යාඩෙන් ඉන්ටර්නැෂනල් ආයතනයට පෙර ලියාපදිංචිය තිබූ බව සඳහන් වෙනවා.
*සාක්ෂිකරු:* එම ආයතනයට යළි ලියාපදිංචි කළ යුතු ය යන්න අදහස් වුණා.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* එහෙම තීරණයක් ගැනීම ලියාපදිංචිය හෝ පෙර සැපයීම මතද තීරණය කළේ?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 75 පිටුවේ ඇති අයිතමයන් ලබාදුන් තීරණයක් නැවත සලකා බැලීමක් සේ සැලකෙනවාද?
*සාක්ෂිකරු:* එය නැවත සලකා බලා තිබෙනවා.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* අංක දෙක යටතේ පෙර තෝරාගත් සැපයුම්කරු ලබා නොදුන් නිසා තීරණයක් ගත් බව සඳහන් වෙනවාද?
*සාක්ෂිකරු:* ඔව්, තිබෙනවා. කමිටුව නිරීක්ෂණය කර තිබෙනවා.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 2.3 යටතේ සඳහන් ද යාඩෙන් ඉන්ටර්නැෂනල් වෙත ලියාපදිංචිය තිබූ බව?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඔබ හඳුනාගත් තීරණ 17 සඳහන් වෙන්නේ කොතැනද?
*සාක්ෂිකරු:* 73 පිටුවේයි සඳහන් වෙන්නේ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 73 පිටුවේ උඩින් ඇති නිර්ණායක යටතේ ලබා දී ඇති කල් ඉකුත් වීම මත පදනම් වී නැවත ලියාපදිංචිය ලබා දී තිබෙනවාද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* යාඩෙන් ඉන්ටර්නැෂනල් ආයතනයට කල් ඉකුත් වූ ලියාපදිංචියක් තිබෙන නිසාද ලියාපදිංචිය දෙන්න තීරණය කළේ?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* එම ලියාපදිංචි අයිතිය මත නොව, 'නෝරා කෙම්' (Nora Chem) ආයතනයට නැවත එම ඖෂධය සැපයීමට ලබා දෙන්න තීරණය කළාද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* යාඩෙන් ඉන්ටර්නැෂනල් සහ සමී කෙමිස්ට් (Sami Chemist) යන ආයතන දෙකටම කල් ඉකුත් වූ ලියාපදිංචියක් තිබෙනවාද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* මුලින් කී ලියාපදිංචිය හා පෙර සැපයුම් යන කාරණා මතද යාඩෙන් ඉන්ටර්නැෂනල් වෙත මේ ප්‍රදානය දුන්නේ?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* 60 පිටුවේ ජනිකියුලා ඉන්ටර්නැෂනල් (Janicula International) වෙත මෙම අයිතමය ලබා දී ඇති බවත්, යාඩෙන් ඉන්ටර්නැෂනල් වෙත මෙය ලබාදුන් බවත් සඳහන් ද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* WR (Waiver of Registration - ලියාපදිංචියෙන් නිදහස් කිරීම) හෝ නැවත ලියාපදිංචිය යන ක්‍රම දෙකෙන් එකක් දෙන ලෙස නිර්දේශ කර තිබේද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* මේ අය අතරින් අඩුම මිල මත නෝරා කෙම් ආයතනය තෝරාගෙන තිබෙනවාද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* එය වෙනත් තැනකටත් දීලා තිබෙනවාද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* මෙම අයිතමය සක්‍රිය ක්‍රියාකාරී ජෝන් ස්ටුවර්ට් (John Stewart) සමාගමට දී තිබෙනවාද?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඖෂධ සංස්ථා නිරීක්ෂණ ගැන අවධානය යොමු කරන බව කීවත් මේ වෙනස්කම් දුටුවේ නැද්ද?
*සාක්ෂිකරු:* මේ අවස්ථාව වනවිට මීට පෙර නිකුත් කළේ කවුද යන්න දැනුවත් නැති නිසා, මේ ලියාපදිංචිය නිවැරදි යැයි අපි විශ්වාස කළා.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* යාඩෙන් ඉන්ටර්නැෂනල් වෙත ලබාදී තිබෙනවාද WR හෝ නැවත ලියාපදිංචිය ලබාගත යුතුය යන්න ගැන? මීට පෙර ඔබ සාක්ෂි දෙද්දී 259, 261 තොරතුරු දැක්කාද? ඔබ මීට පෙරත් කිව්වා 33 ආව හැටි දැක්කේ නැහැ කියලා. ඒ ගැන ජයනාත් බුත්පිටිය විස්තර කළාද?
*සාක්ෂිකරු:* නැහැ.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* මේවා විවිධ අවස්ථාවලද අත්සන් කළේ?
*සාක්ෂිකරු:* ඔව්.

*නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්:* ඔබේ කමිටුවේ සාමාජිකයින් අත්සන් කර ඇති ලේඛන දෙකක් මෙහි තිබෙනවා. මෙහි වෙනස්කම් මොනවාද?
*සාක්ෂිකරු:* තනි අයිතමයක් ලෙස ඉදිරිපත් කිරීමයි.

---

### හරස් ප්‍රශ්න විමසීම

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ සාක්ෂි මෙහෙයවීම අවසන් වූ අතර සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම නීතිඥවරුන් විසින් ආරම්භ කරන ලදී.

#### නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා කළ හරස් ප්‍රශ්න:

*නීතිඥ:* මිල තීරණය කිරීම කියන කාරණය ගැන ලංසු ලේඛනයක ඇති වටිනාකම් ගැන, අදාළ කාලය සම්බන්ධයෙන් ඒ සාකච්ඡා (Negotiations) ලිඛිත දැන්වීම් මඟින් කළ හැකි බව කියනවා. ඒ සඳහා සමහර සමාගම් සහභාගි වූ බව කීවා. දුරකතනයෙන් සහභාගි කරගත් බව කී අය කවුද?
*සාක්ෂිකරු:* දන්නේ නැහැ.

*නීතිඥ:* දුරකතනයෙන් සාකච්ඡා කළ අය කවුදැයි දන්නේම නැද්ද?
*සාක්ෂිකරු:* මතකයක් නැහැ.

*නීතිඥ:* කමිටු රැස්වීමට ඉදිරිපත් කළ කාරණා මත පසුව ලිඛිතව දැනුම් දෙන්න පුළුවන් කීවා. අවසන් දිනයට තීරණයට එළැඹුණාද?
*සාක්ෂිකරු:* ඉක්මන් දිනයක් ඉල්ලුවා. ලිඛිතව දැනුම් දුන්නේ නැහැ. අපි ලිඛිතව සනාථ කරන්න කිව්වා ඒ අයට.

*නීතිඥ:* ඖෂධ මිල දී ගැනීමට ඉන්දියානු හෝ වෙනත් මූල්‍ය පහසුකම් කොහෙන්ද ලැබුණේ?
*සාක්ෂිකරු:* ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණා. මුදල් සහ අදාළ මිල කිරීම් අදාළ අංශයෙන් (Division) සිදු කරනවා.

*නීතිඥ:* ඔබට ඉන්දීය ණය යෝජනා ක්‍රමය ගැන අවබෝධයක් තිබේද?
*සාක්ෂිකරු:* නැත ස්වාමීනි.

*නීතිඥ:* ඔබ කමිටුවට සහභාගි වෙද්දී මුදල් තිබෙන බව දැන සිටියාද?
*සාක්ෂිකරු:* නැත ස්වාමීනි.

*නීතිඥ:* අදාළ මිල ගණන් තවදුරටත් අඩු කරගන්න ඔබ කමිටුවක් ලෙස සැලකිලිමත් විය යුතුයි නේද?
*සාක්ෂිකරු:* ඔව්.

*නීතිඥ:* කුමන හෝ ගැටලුවක් හෝ විමර්ශනයක් මේ ඖෂධ ගැන පවතින බව දැනගන්නට ලැබුණාද?
*සාක්ෂිකරු:* පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කතා කළාම තමයි දැනගත්තේ.

*නීතිඥ:* මොන වගේ කාරණයක්ද දැනගත්තේ?
*සාක්ෂිකරු:* මාධ්‍යයෙන් දැනගත්තේ ඖෂධ පිළිබඳ ප්‍රශ්නයක් ගැනයි.

*නීතිඥ:* කොරෝනා (Covid-19) හදිසි ප්‍රසම්පාදන කමිටුවේ ඔබ සිටියාද? ඇන්ටිජන් (Antigen) කිට්ස් ගෙන ඒමට සහභාගි වුණාද?
*සාක්ෂිකරු:* මතක නැහැ ස්වාමීනි.

---

නීතිඥ අසේල සේරසිංහ මහතා කළ හරස් ප්‍රශ්න:

*නීතිඥ:* ඔබේ රාජ්‍ය සේවයේ පළපුරුද්ද කොපමණද?
*සාක්ෂිකරු:* 1991 ඉඳන්.

*නීතිඥ:* ඔබට රජයේ මුදල් කටයුතු ගැන අවබෝධයක් ඇති.
*සාක්ෂිකරු:* ඔව්.

*නීතිඥ:* ඔබ ගණකාධිකාරී වෘත්තියේ ලබා ඇති සුදුසුකම් මොනවාද?
*සාක්ෂිකරු:* මම වරලත් ගණකාධිකාරීවරයෙක් (Chartered Accountant).

*නීතිඥ:* ඔබ ප්‍රසම්පාදන (Procurement) විශාල ගණනක ඉඳලා තිබෙනවා නේද?
*සාක්ෂිකරු:* නැහැ, සුළු ප්‍රමාණයක විතරයි. මේ හැර තවත් හතරක විතර ඉඳලා තියෙනවා.

*නීතිඥ:* ප්‍රසම්පාදන තීරණ ගනිද්දී නිත්‍යානුකූල ආකාරයට, ප්‍රසම්පාදන මූලධර්ම අනුව කටයුතු කරනවාද?
*සාක්ෂිකරු:* පොදුවේ කමිටුවක වාඩි වුණාම අපි දන්නා නීතිරීති අනුව කටයුතු කරනවා.

*නීතිඥ:* මේ ඖෂධ පිළිබඳ ප්‍රසම්පාදනය කළේ HSEPC මාර්ගෝපදේශ අනුවද?
*සාක්ෂිකරු:* ඔව්.

*නීතිඥ:* මේ අනුව අදාළ ප්‍රසම්පාදන තීරණ ලබාදෙන්නේ කමිටුවේ සාමාජික තිදෙනා විසින්?
*සාක්ෂිකරු:* ඔව්.

*නීතිඥ:* ඔබ හැරුණු විට එම කමිටුවේ ඖෂධ සංස්ථා සභාපති හිටියා. ඔහු වසර ගණනාවක් එහි සභාපති. එම සංස්ථාව රජයට අවශ්‍ය ඖෂධ ප්‍රසම්පාදනය නිතර සිදු කරන ආයතනයක්. 2022 ඔක්තෝබරයේ දී සිදු කළ ප්‍රසම්පාදන ඒ මාසය තුළම අවසන් කර තිබෙනවා. මේ ප්‍රසම්පාදන සිද්ධ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සැපයුම් හා නියාමන අංශය මඟින්?
*සාක්ෂිකරු:* ඔව්, සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි ස්වාමීනි.

*නීතිඥ:* පැ. 259 ප්‍රසම්පාදන ආයතනය (Procurement Entity) විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින්.
*සාක්ෂිකරු:* නැහැ. එසේ විය යුතු වුවත් එය කළේ වෛද්‍ය ජයනාත් සහ වෛද්‍ය රත්නායක මේ ප්‍රසම්පාදනයට අදාළවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එහි කමිටුව සංයුක්ත වුණේ ඖෂධ සංස්ථා සභාපති සහ අමාත්‍යාංශ ලේකම්වරයාගෙනුයි.

*නීතිඥ:* මෙහි දී ප්‍රසම්පාදන තීරණ සීයයක් විතර ලබා දී තිබෙනවා නේද?
*සාක්ෂිකරු:* ඔව්, නීතියට අනුව ලබා දී තිබෙනවා.

*නීතිඥ:* ශ්‍රී ලංකාවේ ඖෂධවල ගුණාත්මකභාවය ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරිය බලනවාද?
*සාක්ෂිකරු:* ඔව්.

*නීතිඥ:* ඖෂධ පරීක්ෂාව එම අධිකාරිය මඟින් ගෙන්වන්නට කටයුතු කර තිබෙනවා නම්, WOR (ලියාපදිංචියෙන් නිදහස් කිරීම) එකට යටත්ව ටෙන්ඩරය පිරිනමා ඇත්තේ ඇයි?
*සාක්ෂිකරු:* තේරුණු අය ලියාපදිංචි අය නෙවෙයි. අපට තාක්ෂණික දැනුම නැති නිසා අපි අගැයීම් කමිටුවක් දාලා තියෙන්නේ. ගුණාත්මකභාවය ගැන තීන්දුව දෙන්නේ ඒ අනුවයි.

*නීතිඥ:* පුද්ගලික ආනයනකරුවන්ගෙන් මේ ඖෂධ මිල දී ගන්නේ. පුද්ගලික ආනයනකරුවන් ඔවුන්ගේ වියදමින් මේවා ගෙන්වන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ආනයනකරුට ගෙවනවා. ඒ ගැන ඔබට අවබෝධයක් ඇති.
*සාක්ෂිකරු:* මම ආනයන කටයුතු ගැන දන්නේ නැහැ.

*නීතිඥ:* පුද්ගලික වියදමින් ගෙන එන මේ ඖෂධවලට මුදල් ගෙවන්න සෞඛ්‍ය අමාත්‍යාංශය බැඳී සිටිනවා. මිනිත්තු (Minutes) වලත් තිබෙනවා වෙනත් මුදලකින් හෝ ගෙවිය හැකි බව.
*සාක්ෂිකරු:* මම ඒවා දන්නේ නැහැ.

*නීතිඥ:* ණයවර ලිපි (LC) නිකුත් කරන්න වෙනවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ දී රජයේ මුදල් ඩොලර්වලින් ගෙවන්නේ නැතිව ඉන්දියන් රුපියල්වලින් ඉන්දියානු නිෂ්පාදකයාට ගෙවිය හැකියි.
*සාක්ෂිකරු:* මම ඒ ගැන දැනුවත් නැහැ.

*නීතිඥ:* 83 ගොනුවේ 5 පිටුව බලන්න. එහි අංක 6 ලෙස ඇති කමිටු තීරණයට ඔබලා අත්සන් කර තිබෙනවා. 6 කොටසේ ඉහළින් ඉන්දියානු ණය සහ වෙනත් මුදල්වලින් ගෙවිය හැකි බව කියා තිබෙනවා. 2022 ඔක්තෝබර් මාසයේ සියලු තීන්දු තීරණ අවසන් කර ප්‍රසම්පාදන තීරණ සියල්ල වෛද්‍ය සැපයීම් අංශය වෙත භාර දුන්නා කියා දන්නවාද?
*සාක්ෂිකරු:* නැහැ ස්වාමීනි.

---

#### නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා කළ හරස් ප්‍රශ්න:

*නීතිඥ:* ඔබ දන්නවාද ප්‍රසම්පාදන කමිටුවේ සංයුතිය ගැන?
*සාක්ෂිකරු:* ඔව් දන්නවා ස්වාමීනි, මමත් අමාත්‍යාංශ ලේකම්වරයාත්, සංස්ථා සභාපතිවරයාත් පත් කර ඇති බව දන්නවා.

*නීතිඥ:* ඔබ කොවිඩ් සමයේ හදිසි මාර්ගෝපදේශ කමිටුවට පත් කළ බව කීවා.
*සාක්ෂිකරු:* ලේකම්වරු දෙදෙනෙක් යටතේ වුවත් මාර්ගෝපදේශ එකයි.

*නීතිඥ:* මූල්‍ය සීමාවක් තිබුණෙත් නැහැ. ප්‍රමාණය නොසලකා කටයුතු කරන්න පුළුවන් කියලා තිබුණා නේද?
*සාක්ෂිකරු:* ඔව් ස්වාමීනි.

*නීතිඥ:* 2022 ඔක්තෝබර් 13 වැනිදා සිට යම් ප්‍රමාණයක ක්‍රියාවලියකට සහභාගි වී සිටියාද? එහි තාක්ෂණික අගැයීම් කමිටුවක් (TEC) තිබුණාද? මම යෝජනා කරනවා තාක්ෂණික කමිටුවක් තිබුණේ නැහැ කියා. තිබුණේ හදිසි මිල දී ගැනීම් අගැයීම් කමිටුව පමණයි.
*සාක්ෂිකරු:* නැහැ. සෞඛ්‍ය ලේකම් විසින් කමිටුවක් පත් කර තිබුණා.

*නීතිඥ:* ඔබ 2023 දෙසැම්බර් 05 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ප්‍රකාශයක් ලබා දී තිබුණා.
*සාක්ෂිකරු:* දිනය මතක නැහැ, නමුත් ප්‍රකාශයක් ලබා දුන්නා.

*නීතිඥ:* එහි දී ඔබ ප්‍රකාශ කළා "සාමාන්‍ය ප්‍රසම්පාදනයක් මෙන් පූර්ණ තාක්ෂණික ක්‍රමවේදයක් බලාපොරොත්තු නොවුණත්" යනුවෙන් සඳහන් කර තිබෙනවා.
(මෙහි දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්නය පිළිබඳව විරෝධය ප්‍රකාශ කළාය)

*නීතිඥ:* මෙම කමිටුවේ තාක්ෂණික නිලධාරීන් සිටියේ නැහැ කියා මා යෝජනා කරනවා.
*සාක්ෂිකරු:* පිළිගන්නවා.

*නීතිඥ:* අවසන් තීරණය ගන්නේ ඔබ ඇතුළු කමිටුව මඟින්?
*සාක්ෂිකරු:* ඔව් ස්වාමීනි.

*නීතිඥ:* ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශ කර එවන ලද යම් යම් තීරණ වෙනස් කරන ලද බව පිළිගන්නවාද? මිල ගණන් වෙනස් කිරීම් සිදු වුණා නේද?
*සාක්ෂිකරු:* ඔව්, මිල ගණන් අඩු වුණා.

---

 නීතිඥ නුවන් ජයවර්ධන මහතා කළ හරස් ප්‍රශ්න:

*නීතිඥ:* රාජ්‍ය පරිපාලන මාර්ගෝපදේශ සකස් කරන්නේ කවර ආයතනයකින්ද?
*සාක්ෂිකරු:* එය සකස් කරන්නේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව මඟින්.

*නීතිඥ:* පැ. 40 කියන මාර්ගෝපදේශ අනුව ඔබව පත් කරන ලද්දේ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයා විසින්?
*සාක්ෂිකරු:* මා පත් කරන ලද්දේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.

*නීතිඥ:* ඔහු විසින් ඔබව නිර්දේශ කර ඇත්තේ ඇයි කියා දන්නවාද?
*සාක්ෂිකරු:* මම දන්නේ නැහැ.

*නීතිඥ:* ඔබ කවර තත්ත්වයක් යටතේ වුවත් ඉල්ලා අස්වෙන්න හිතුවෙත් නැහැ?
*සාක්ෂිකරු:* එහෙම අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ.

*නීතිඥ:* ඔබේ කමිටුවේ බලතල, කැබිනට් මණ්ඩල ප්‍රසම්පාදන කමිටු (Cabinet Appointed Procurement Committee) බලතලවලට සමානද?
*සාක්ෂිකරු:* ඔව්, මේ බලතල එකතු කරලයි මේ කමිටුව හදලා තිබෙන්නේ.

*නීතිඥ:* එම මාර්ගෝපදේශ සකසා ඇත්තේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, කැබිනට් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට අදාළව පත් කරන කමිටුව වැනි කමිටුවක් මඟින්?
*සාක්ෂිකරු:* මම හිතන්නේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව කියායි.

*නීතිඥ:* ඔබේ කමිටුව ඔක්තෝබර් 13, 18, 25 දිනවල රැස්වුණ බව කීවා?
*සාක්ෂිකරු:* ඔව්, එය නිවැරදියි.

*නීතිඥ:* ඔබේ පත්වීම සමඟ මාර්ගෝපදේශ ලැබුණා කිව්වොත් ඔබ පිළිගන්නවාද?
*සාක්ෂිකරු:* ඔව්.

*නීතිඥ:* ඔබ ඔක්තෝබර් 13 පළමු රැස්වීමට සහභාගි වෙද්දී ඊට මාස හතරකට පෙර පත්වීම් ලිපියක් ලැබී තිබුණා. ඔබ එය බැලුවාද?
*සාක්ෂිකරු:* ඔව්, එවැන්නක් ලැබී තිබෙනවා.

*නීතිඥ:* ඒ අනුව දැනුවත් සාමාජිකයෙකු ලෙසයි ඔබ කමිටුවට ගියේ. 259 ලේඛනයේ සඳහන් වෙනවා කමිටුවේ නම. ප්‍රධාන කමිටු සාමාජිකයන් හැරුණු විට තවත් පිරිසක් ලෙස නම් 12 ක් තිබෙනවා. 259 ලේඛනයේ මුල් පිටුවේ ඔබේ අත්සන තිබෙනවාද?
*සාක්ෂිකරු:* ඔව් ස්වාමීනි.

*නීතිඥ:* එහි ඔබේ අත්සන යෙදුවේ ඇයි?
*සාක්ෂිකරු:* විශ්වාසය මතයි ස්වාමීනි.

*නීතිඥ:* සාමාජිකයන් තුන්දෙනෙක් සිටි බව ස්ථිරද?
*සාක්ෂිකරු:* ඔව්.

*නීතිඥ:* වෙනත් නම් කියන එක හැරුණාම කමිටුව ගැන අනෙක් විස්තර නිවැරදිද?
*සාක්ෂිකරු:* මම මෙතන අත්සන් කරන්නේ අවබෝධයක් ඇතිවයි. කවදාවත් කවුරුවත් වරද්දලා ඉදිරිපත් කරලා නැහැ. අනෙක් සාමාජිකයන් නිවැරදියි කියන විශ්වාසය මත අත්සන් කළා. පුද්ගලයන් වශයෙන් අනෙක් සියලු දෙනාම දන්නේ නැහැ.

*නීතිඥ:* අයිතම 1 සිට 188 දක්වා යන්න ඊට අදාළ නිල ලේඛන ඉදිරිපත් කළාද?
*සාක්ෂිකරු:* මතක විදිහට ඉදිරිපත් කළේ නැහැ. මට 188 ක් ගැන අවබෝධයක් නැහැ.

*නීතිඥ:* 2022 ඔක්තෝබර් 13 රැස්වෙද්දී ඖෂධ 188 ක් ලැබී නැහැ. ලැයිස්තු ඉදිරිපත් කරලත් නැහැ. එහෙම තියෙද්දී අත්සන යෙදුවාද?
*සාක්ෂිකරු:* අපි අත්සන් කළේ පසුකාලීනවයි ස්වාමීනි.

*නීතිඥ:* පැ. 259 ලේඛනය පසුකාලීනව ඉදිරිපත් වුණාම කියවන්නේ නැතිව අත්සන් කළාද?
*සාක්ෂිකරු:* අපි 2021 සිට ප්‍රසම්පාදන කටයුතු කළා. කිසිදු අවස්ථාවක ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. පුද්ගලික විශ්වාසය මත අත්සන් කළා.

*නීතිඥ:* මම සාක්ෂිකරුට යෝජනා කරනවා එම ප්‍රසම්පාදන කමිටුවට ඖෂධ ලැයිස්තු ඉදිරිපත් කළේ නැහැ කියා.
*සාක්ෂිකරු:* මම එය පිළිගන්නේ නැහැ.

*නීතිඥ:* කමිටුවට ඖෂධ ලැයිස්තුවක් ඉදිරිපත් කළ බව කීම ඌණතාවයක් (සියලු තොරතුරු නොමැති වීමක්) ලෙස මම යෝජනා කරනවා. තමුන් නිත්‍යානුකූලව කළ ප්‍රසම්පාදනයන් පිළිබඳව වෙනස් වීමක් මත හිඳ ප්‍රකාශ කරන බවට මම යෝජනා කරනවා.
*සාක්ෂිකරු:* අතින් ලියූ ලැයිස්තුවක් ගෙනාවා.

*නීතිඥ:* ඔක්තෝබර් 18 වැනිදා අතින් ලියූ ලැයිස්තුවක් ඉදිරිපත් කළාද?
*සාක්ෂිකරු:* නැහැ. අවශ්‍යතාව තිබුණත් ඉදිරිපත් කළේ නැහැ. වෙනදා වගේ කරන්න බැහැ, රටේ ඖෂධ හිඟයි. ඒ නිසා දිගු වාර්තා සංක්ෂිප්ත කර දෙන්න කීවා.

*නීතිඥ:* ඇයි සංක්ෂිප්ත කරන්න කීවේ?
*සාක්ෂිකරු:* ලොකු ලිපිගොනු තිබුණේ. අපේ කාලය ප්‍රමාණවත් නැහැ ඒවා කියවන්න. අපි ඔක්කොම පැය දෙක තුනක දී කරනවා. ඒ නිසා තීන්දු ගන්න පුළුවන් මට්ටමට සාරාංශ කර ඉදිරිපත් කරන්න කීවා.

*නීතිඥ:* නිසි පරිදි අගැයීමට ලක් කර ප්‍රසම්පාදන තීන්දු ගත් බව මම යෝජනා කරනවා.
*සාක්ෂිකරු:* මම පිළිගන්නේ නැහැ. ලේඛන ඉදිරිපත් කළේ නැහැ ස්වාමීනි.

*නීතිඥ:* තොග ශුන්‍ය බව සෞඛ්‍ය ලේකම්වරයා කී බව ඔබ කීවත්, 13 වැනිදා හෝ 18 වැනිදා කිසිදු අවස්ථාවක ඔහු එසේ කීවේ නැහැ.
*සාක්ෂිකරු:* ඔහු කිව්වා. කැබිනට් අනුමැතිය ගත් බවත් කිව්වා.

*නීතිඥ:* ගරු ස්වාමීනි, 10/13 සහ 10/18 ප්‍රසම්පාදනයේ ඇති ඖෂධ ශුන්‍ය මට්ටමක ඇතැයි සඳහන් ප්‍රකාශය ඌණතාවයක් බවට දන්වා සිටිනවා. ඔබ පැ. 259 ලේඛනය අත්සන් කරන්නට පෙර ඇමුණුම් බැලුවේ නැහැ නේද?
*සාක්ෂිකරු:* මම බැලුවේ නැහැ ස්වාමීනි.

*නීතිඥ:* ඔබ ඒ වනවිටත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
*සාක්ෂිකරු:* ඔව්.

*නීතිඥ:* ඇමුණුම් පරීක්ෂා කළේ නැහැ?
*සාක්ෂිකරු:* ඇමුණුම් බැලුවේ නැහැ, තීරණ පමණයි බැලුවේ. නිරීක්ෂණ හා තීරණ බලා අනෙක් පිටු නොබලා අත්සන් කළා. එදා සිට මම මේ කමිටුවල ඉඳලා තියෙන නිසා අවිශ්වාස කළේ නැහැ.

*නීතිඥ:* නැහැ, ඔබ සියලු පිටු පරීක්ෂා කර බලා අත්සන් යෙදූ බවට මම යෝජනා කරනවා.
*සාක්ෂිකරු:* එහෙම නෙවෙයි, විශ්වාසය මත බොහෝ දේ රැඳුණා.

---

#### සභාපති විනිසුරු සාක්ෂිකරු අමතා:

*සභාපති විනිසුරු:* තමන් (මීට පෙර) කමිටු කීයක හිටියාද?
*සාක්ෂිකරු:* මේ කමිටුවේ විතරයි ස්වාමීනි.

*නීතිඥ:* රාජකාරි බහුලත්වය නිසා කියවාගන්න බැරිවුණා කියලනේ කියන්නේ. අනෙක් වැඩ අතර ප්‍රසම්පාදන කමිටුවේ වැඩ කරන්න බැහැ කියලා අස්වෙන්න හිතුවේ නැද්ද?
*සාක්ෂිකරු:* එහෙම අවශ්‍යතාවයක් ආවේ නැහැ ස්වාමීනි.

---

#### විනිසුරු තිලකරත්න බණ්ඩාර මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරයි:

*විනිසුරු:* ඔබේ සාක්ෂිවල දී විශ්වාස කරමින් කටයුතු කළ බව කියන්නේ කවුරුන් ගැනද?
*සාක්ෂිකරු:* කමිටුවේ සාමාජිකයන් දෙදෙනා වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය සහ වෛද්‍ය සමන් රත්නායක.

*විනිසුරු:* ඔබ රාජ්‍ය ප්‍රතිපත්ති අනුවද කටයුතු කළේ?
*සාක්ෂිකරු:* ඔව්, රජය අපහසුතාවයට පත් නොකර කටයුතු කරන්න හැම වෙලාවෙම උත්සාහ කළා.

*විනිසුරු:* මොන ප්‍රතිපත්ති මතද?
*සාක්ෂිකරු:* 'සෞභාග්‍යයේ දැක්ම' මත.

*විනිසුරු:* ඒවකට තිබූ රජයේ ප්‍රතිපත්ති?
*සාක්ෂිකරු:* ඔව්, එය රකින්න බැඳී සිටියා.

*විනිසුරු:* හදිසි මිල දී ගැනීම් පිළිබඳ ප්‍රසම්පාදන කමිටු නිර්දේශවල කවුරුන් හෝ මත විශ්වාසය තබා කටයුතු කරන්නැයි කියා තිබෙනවාද? ඔබ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. තමන් 'සෞභාග්‍යයේ දැක්ම' ගැන කිව්වා, ඒවා ඉෂ්ට වුණාද?
*සාක්ෂිකරු:* නැත ස්වාමීනි.

*විනිසුරු:* තිරසාර සංවර්ධන අරමුණු (Sustainable Development Goals) ගැන දන්නවාද?
*සාක්ෂිකරු:* අහලා තියෙනවා.

*විනිසුරු:* කියන්නේ කුමක්ද? තිරසාර සංවර්ධන අරමුණුවල දී අඩු වියදම්, ආරක්ෂිත, ප්‍රමාණවත් ඖෂධ ලබාගැනීමට සියලු දෙනාටම අවස්ථාව ලබාගැනීමට හැකි විය යුතුයි. එසේ සඳහන් බව දන්නවාද?
*සාක්ෂිකරු:* නැත ස්වාමීනි.

*විනිසුරු:* මෙවැනි පසුබිමක් තුළ ඔබට කිව හැකිද කාර්යබහුල නිසා එහෙම සොයා බලන්නේ නැතිව අත්සන් කළ බවක්?
*සාක්ෂිකරු:* මම කිව්වේ එදා ඉඳන් අපි විශ්වාසවන්තව වැඩ කළා කියලයි.

*විනිසුරු:* ඔබ රාජකාරිය හරියට කරලා තිබෙනවාද?
*සාක්ෂිකරු:* ඔව් ස්වාමීනි. අපට තිබුණු කාලයත් එක්ක සාධාරණත්වයක් ඉෂ්ට කරලා තිබෙනවා.

---

පී. ඒ. සුසන්ත අතුල කුමාර මහතා ඊයේ සාක්ෂි දුන්නේ දෙවන දිනටය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරු සාක්ෂි දීමෙන් අනතුරුව, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බාලගල, නීතිඥ නුවන් ජයවර්ධන, නීතිඥ අසේල සේරසිංහ, නීතිඥ ඉසුරු ජයවර්ධන සහ නීතිඥ අමිත ආරියරත්න යන මහත්වරු සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසූහ.

නඩුව අදත් (21) විභාගයට ගැනීමට නියමිතය.

Latest Posts

spot_imgspot_img