Latest Posts

FCIDය කැඳවද්දී ශිරන්ති සිංගප්පූරු පනී: ‘සිරිලිය සවිය’ නමින් රිජ්වේ රෝහලටත් තබා ඇති Black Cap එක මෙන්න!

නොදන්නා අයට ‘සිරිලිය සවිය’ යනු හිසට සෙවනැල්ලක් වූ අහිංසක පදනමකි. නමුත් නීතිය හමුවේ දැන් හෙළිදරව් වෙමින් පවතින්නේ, එය අසරණ දරුවන්ගේ නම විකුණා කෝටි ගණනින් ජපන් පැදුරට අඟුරු එකතු කළ සුපිරි මුදල් විශුද්ධිකරණ ජාලයක් බවයි!

ලබන සැප්තැම්බර් 24 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදී, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම 01.10 ට SQ-469 ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. නීතිය හමුවේ උත්තර බැඳීමට කොන්ද පණ නැති වූ විට, අසනීප ගණන් හදාගනිමින් හෝ විදේශගත වීම රාජපක්ෂලාගේ පැරණි සිරිතයි. FCIDය හමුවට යාමට තිබියදී මෙසේ රහසේම රටින් පැන යන්නේ සාධාරණකම පෙන්වීමටද, නැතහොත් කළ වැරදිවල තරම දන්නා නිසාද?

රු. මිලියන 10ක CT ස්කෑනර් ජපන් ජායාරූපය!

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනරයක් ලබා දෙන බව පවසමින්, ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් (NSB) රුපියල් මිලියන 10ක ‘සමාජ වගකීම්’ අරමුදල් සිරිලිය පදනමට ලබාගෙන තිබේ. නමුත් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ කුමක්ද? එම CT ස්කෑනරය යනු චීන රජයේ වාණිජ අමාත්‍යාංශය හරහා ලැබුණු ද්විපාර්ශ්වික ණය ගිවිසුමකින් රජයට ලැබුණු එකකි!

අනුන්ගේ උපකරණ තමන්ගේ ගිණුමට දමාගෙන බැංකු සල්ලි ගිල දැමීමේ මෙම තක්කඩි කම සඳහා කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක්වත් තිබී නැත. මීට පෙරද මූල්‍ය දූෂණවලට දඬුවම් ලැබූ, එසමයෙහි NSB සභාපති ප්‍රදීප් කාරියවසම්ගේ ‘වාචික උපදෙස්’ මත අසරණ මහජනතාවගේ තැන්පත් මුදල් සිරිලිය ගිණුමට හුවමාරු වී ඇත.

හැඳුනුම්පත “222222222V”: රාජ්‍ය බලයෙන් කළ මහා සූරිය මංකොල්ලය

තමන් නීතියට ඉහළින් සිටින බව සිතූ මේ පිරිස බැංකු ගිණුම් ආරම්භ කර ඇත්තේ සම්පූර්ණයෙන්ම ව්‍යාජ තොරතුරු යොදමිනි.

  • ශිරන්ති රාජපක්ෂ ලබා දුන් NIC අංකය: 222222222V
  • ඒ.එම්.ජී.ඒ. කුමාරි ලබා දුන් NIC අංකය: 111111111V

ව්‍යාජ හැඳුනුම්පත් අංක යොදාගනිමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති පවා තඹයකට මායිම් නොකළ මෙම ගිණුම්වල, පරීක්ෂණ ආරම්භ වන විටත් රුපියල් මිලියන 43.8ක මුදලක් සංසරණය වී තිබුණි. ලිපිනය තංගල්ලේ “කාල්ටන් නිවස” ලෙසත්, දුරකථන අංකය ජනාධිපති මන්දිරයේ නිල අංකය ලෙසත් යොදාගනිමින්, රාජ්‍ය බලයේ අනුහසින් NGO නියාමනයන් පවා තලා පෙළා දමා ඇත.

දේශපාලන පළිගැනීම් නාඩගම අවසන්!

ප්‍රශ්න කිරීමට කැඳවන සෑම අවස්ථාවකදීම “අසනීපයි” කියමින් මගහැරීමත්, පොහොට්ටුවේ වහලුන් ලවා “මේවා දේශපාලන පළිගැනීම්” යැයි කෑගැසීමත් දැන් වලංගු නැත. 2023 අංක 09 දරන නව දූෂණ විරෝධී පනතේ 106(1) වගන්තිය යටතේ රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික ආයතනවල මහා පරිමාණ දූෂණ සෙවීමට අල්ලස් කොමිසමට පූර්ණ බලතල හිමිව තිබේ.

අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම විමර්ශනය හමුවේ සිංගප්පූරු ගොස් හැංගීමට ශිරන්ති රාජපක්ෂට ඉඩ ලැබෙන්නේ නැත. අසරණ ළදරුවන්ගේ සෞඛ්‍යය විකුණාගෙන කෑ මේ මහා මූල්‍ය වංචාවේ සියලු පාර්ශ්වකරුවන්ට ලබන සතියේදී නීතියේ රැහැනට හසුවීමට සිදුවනු ඇත!

Latest Posts

spot_imgspot_img