Latest Posts

චීන කටු වෙද ප්‍රසාද්ට ලක්ෂ 476ක චෙක් වංචාවට වැඩ වරදියි: දඬුවම් නියම කිරීම ඔක්තෝබර් 28

ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 476ක අගරු චෙක්පත් ලබා දී වංචා කිරීමේ නඩු හතරකට අදාළව චීන කටු වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය නමැති විත්තිකරුට ලබන ඔක්තෝබර් 28 වැනිදා දඬුවම් නියම කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් ජයසිංහ මහතා ඊයේ (15) තීරණය කළේය.

නුගේගොඩ පදිංචි ව්‍යාපාරිකයකු වන සුදර්ශන මංගල නමැති අයට මෙලෙස අගරු චෙක්පත් ලබාදී වංචා සිදුකර තිබේ.

  • රුපියල් ලක්ෂ 400ක වංචාව: අගරු චෙක්පත් ලබාදීමේ නඩු දෙකකට අධිකරණය විසින් විත්තිකරු වරදකරු කර ඇත.
  • රුපියල් ලක්ෂ 76ක වංචාව: අදාළ අනෙක් නඩු දෙක සඳහා විත්තිකරු අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

මෙලෙස දඬුවම් නියම වීමට නියමිතව ඇත්තේ කොළඹ 07, ග්‍රෙගරි පාරේ සහ කළුබෝවිල දුටුගැමුණු මාවතේ චීන කටු වෛද්‍ය සායනය පවත්වාගෙන ගිය ප්‍රසාද් දේශප්‍රිය විතාරණ නැමැත්තාටය.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා සමඟ නීතීඥ තිලංග පොල්ගම්පොළ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

Latest Posts

spot_imgspot_img