Latest Posts

HPCයේ පුහුණුකරු තෝරන සෙල්ලම ඒක පාක්ෂිකයි: රුවන් කල්පගේ ඇතුළු පිරිසකට චෝදනා – බාල්දු වූ තේරීම් හමුවේ පුහුණුකරුවන් අධිකරණයට!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඛෙත්තාරාමයේ පවත්වාගෙන යනු ලබන උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ (High Performance Centre – HPC) පුහුණුකරුවන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඒක පාක්ෂික, අසාධාරණ සහ අක්‍රමවත් එකක් බවට පත්ව ඇති බවට එහි අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

HPC අංශ ප්‍රධානී රුවන් කල්පගේට ඕනෑ හැටියට නව තෝරා ගැනීම් සහ පත් කිරීම් සිදුකරන බවට චෝදනා නැඟෙන අතර, පරිවර්තන කමිටුවේ සාමාජිකයකු ද ඔහුට ඒ සඳහා පූර්ණ අනුබලය ලබා දෙන බව වාර්තා වේ.

අසාධාරණ තේරීම් සහ අධිකරණ බලපෑම

පුහුණු අංශය ‘පරිවර්තනයකට’ ලක් කරන මුවාවෙන් අලුතින් අයදුම්පත් කැඳවීම සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සම්පූර්ණ රැවටිල්ලක් බව දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවෝ පවසති. සිදුව ඇති මෙම අසාධාරණයට එරෙහිව තමන්ට සාධාරණය ඉෂ්ට කරගැනීම සඳහා අධිකරණය හමුවට යාමට මේ වන විටත් කිහිප දෙනෙකුම සූදානමින් සිටිති.

විහිළුවක් වූ ‘Skill Audit’

අයදුම්කරුවන් ඇගයීම සඳහා ‘Skill Audit’ නමැති පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ ද, එය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි මට්ටමක පැවැති බව හෙළි වේ. වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ එම පරීක්ෂණයෙන් අසමත් වූ ඇතැම් පුහුණුකරුවන්ට පවා නව පත්වීම් පිරිනමා තිබීමයි.

තේරීම් ක්‍රියාවලියේ ඇති අඥාන බව තවදුරටත් තහවුරු කරමින්, කඩුලු රකින්නෙකු ලෙස කටයුතු කළ අයෙකුට ‘වේග පන්දු පුහුණුකරු’ තනතුර ලබා දීමට පවා පාලනාධිකාරිය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය තීරණය කරන HPCය, පුද්ගලික න්‍යායපත්‍ර සහ ගෙතූ නාടക හරහා මෙලෙස බාල්දු කිරීම පිටුපස ඇති සැබෑ හෙළිදරව්ව ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

HariDeshaya.lk

Latest Posts

spot_imgspot_img