කෝරාළගේ ලියුම – (2)
අද උදේ පොඩි වැඩකට ආවේ ලංගම ටාටා ටකරං බස් එකේ. ටොරින්ටන් එකෙන් බැහැලා, රූපවාහිනිය ඉස්සරහා තියෙන කඩයෙන් සීනී නැතිව රුපියල් පනහේ කහට කෝප්පයක් බීලා, කල්පනා කලේ ලිමිණි ගැන. ඔය කඩෙන් තමයි, ඉස්සර ප්‍රේමකීර්ති ඇතුළු පතාක යෝධයන් තේ බිව්වේ.
දැන් අද කතාවට එමු.
මට නම්, ලිමිණි, 12 වනදා, අනුරාධපුර, පොහොට්ටුවේ වේදිකාවට එනවද , නැද්ද කියන එක අදාළම නැහැ.
මං හිතන්නේ, ලිමිණි, නාමල්ට ඇත්තටම ආදරෙයි කියලා. මොකද, ලිමිණි, නාමල්ව කසාද බදිනකොටම, නාමල් කීප පාරක් හිරබත් කාලා, කුල්ල කුජීත වෙලා, හොරෙක්, මිනීමරුවෙක්, සල්ලාලයෙක්, පජාතයෙක්, කුපාඩියෙක්, දූශිතයෙක් බවට සමාජ ගත වෙලා ඉවරයි.
ඔය ඔක්කොම තියෙද්දි තමයි, ලිමිණි, නාමල් එක්ක පෝරුවට නගින්නේ. අනිත් එක, ලිමිණිගේ, අම්මයි, තාත්තයි, ඒ කියන්නේ, තිලක් හා අරුනි, මේ කසාදය බකල් කරන්නෙත් නැහැ. ඒ වුනාට අපේ ගම්වල නම්, ඔය වගේ කසාද වලට, ඉරාන – ඇමරිකානු යුද්ධ ඇතිවෙලා, අන්තිමට නවතින්නේ, ලංකාවේ බන්ධනාගාරයක. ඊට පස්සේ, බන්ධ පොලීසියේ, වෙඩි තැබීමකින් මැරෙනවා.


මට නිකන් හිතුනේ, ලිමිණිගේ ජීවිතය කොයි වගේද කියලා. ඔය සමහර මිනිස්සූ කථාවෙන විදිහට, ලිමිණිගේ මාමන්ඩියා, හොරෙක්, මිනීමරුවෙක් හා ගැහැනු සොඩෙක්. නැන්දම්මා, හෙරක්, තාජූඩීන් ගේ මිනිමැරුමේ මහමොලකාරිය. එතොකට, තමුන්ගේ මිනිහා, නාමල්, ඉස්සෙල්ලා කිව්ව විදිහට, මරුසිරෙක්. යෝශිත මස්සිනා, හොරෙක් මිනීමරුවෙක්. රෝහිත මස්සිනා, හොරෙක්, කිසිම රස්සවක් කරපු නැති එකෙක්.
ඉන් එහාට ගියොත්. බැසිල් බාප්පා, ලොකේ කාලා වතුර බීපු හොරෙක්. ගෝඨා බාප්පා, හොරෙක්, මීනිමරුවෙක්. චමල් මහප්පා, හොරෙක්. ශශීන්ද්‍ර අයියා හොරෙක්. ශමීන්ද්‍ර අයියා හොරෙක්. ඔය වගේ තව රාජපක්ෂලා ඉන්නවා. ඒ ගැන කියන්න ගියොත් තව අවුරුද්දක් වත් ලියන්න වෙනවා.
මම නම් කියන්නේ, ලිමිණිව අපි අගය කල යුතුයි. මේ වගේ පවුලක් ඇතුළේ ජීවිතය ගෙවනවා කියන්නේ, පවුල් ජීවිතය වෙනුවෙන් වෙනම ජනාධිපති සම්මානයක් හදලා, අනුර කුමාරගේ දෑතින්ම ඒ සම්මානය දෙන්න ඕනේ.
ඔය අස්සේ, මම බෑග් එක කරේ දාගෙන පාරේ ඇවිදනකොට හිතුනේ, ලිමිණි කොහොමද මේ වාතාවරණයක, අර පොඩි පුතුන් දෙන්නා හදන්නේ කියලා.
මටත් තියෙන ප්‍රශ්න. මගේ දරුවෝ ගැන මම මෙච්චර හිතුවානම්, පත්තර කාරයෙක් වෙලා, අවුරුදු හතලියක් වැඩ කරලා, ආව හැම ආණ්ඩුවකින්ම ගුටි කන්නේ නැහැ.
ලිමිණි අනුරාධපුර ගියත් නැතත්, මුලු ලෝකෙටම එයා කියන්න ඕනේ, මේ රාජපක්ෂලා එක්ක ජීවිතේ ගත කරන්නේ කොහොමද කියලා. ලෝකයා, කොහොම හිතුවත්, ඔය රාජපක්ෂ පවුල, ඉතා දැහැමි, අදූශිත, බොහොම අමාරුවෙන් දිවි ගැට ගහගන්න පවුලක් නම්? එහෙනම්, ගරහන හැම එකාටම, කුවේණිගේ සාපයට උඩින් ලිමිණිගේ සාපයත් වදිනවා.
අදට එච්චරයි.



