Latest Posts

ලෝකයේ ලොකුම ක්‍රිකට් ‘බෙටින්ග්’ ලීගය ලංකාවේ? LPL තරගාවලිය වටා මහා සැකයක සෙවණැලි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සහ අනිල් මොහාන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය, ලෝකයේ වැඩිම ඔට්ටු (Betting) සමාගම් සංඛ්‍යාවක් අනුග්‍රහය දක්වන ක්‍රිකට් ලීගය බවට පත්ව ඇතැයි වාර්තා වේ.

තොරතුරු වාර්තා වන ආකාරයට මෙම තරගාවලියේ කණ්ඩායම් සඳහා සහ ප්‍රචාරක කටයුතු සඳහා ප්‍රමුඛ පෙළේ ඔට්ටු සමාගම් රැසක් කෙළින්ම සහ වක්‍රව අනුග්‍රහය දක්වයි.

LPL පිටුපස සිටින ප්‍රධාන ඔට්ටු සමාගම්:

  • 1XBat
  • Dafanews
  • ST bet (දේශීය)
  • SS bet (දේශීය)
  • MelBat
  • Dangal 365

මෙම සියලුම සමාගම්වල ජංගම යෙදවුම් (Mobile Apps) හරහා LPL තරග සඳහා සෘජුවම ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ පහසුකම් සලසා දී තිබේ.

‘තරග පාවාදීම්’ සහ පන්දු වාරයෙන් පන්දු වාරයට ඔට්ටු!

සාමාන්‍යයෙන් තරගයක ජය පරාජයට අමතරව, තරගයේ ඇතුළත සිදු වන වෙනත් බොහෝ සිදුවීම් මතද ඔට්ටු තැබීමට මෙම ඇප්ස් හරහා ඉඩ සැලසී ඇත:

  • ක්‍රීඩකයෙකු දැවී යන ලකුණු සංඛ්‍යාව සහ දැවී යන ආකාරය.
  • පන්දුවාරයකදී ලබා දෙන ලකුණු සංඛ්‍යාව.
  • නිපන්දු (No-balls) සහ වයිඩ් (Wide) පන්දු යැවීම.

මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ පන්දු යවන්නෙකුට හෝ පිතිකරුවෙකුට තරගයේ ජය පරාජයට බලපෑමක් නොවන අයුරින් යම් පන්දුවාරයක් හෝ සිදුවීමක් පමණක් වෙනස් කරමින් විශාල ලෙස මුදල් ඉපයීමට මෙයින් ඉඩකඩ සැලසීමයි.

ඩුබායි ගිණුම් සහ හිමිකරුවන්ගේ සැබෑ මුහුණුවර

  • කණ්ඩායම් කළමනාකරුවන්: මෙම ක්‍රිකට් කණ්ඩායම්වල සිටින ඇතැම් කළමනාකරුවන් ඩුබායි හි වෙනම බැංකු ගිණුම් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇත.
  • ඔට්ටු හිමිකරුවන්ගේ කණ්ඩායම්: තරගාවලියේ ප්‍රධාන කණ්ඩායම් බොහොමයක හිමිකරුවන් යනුද මෙම ඔට්ටු සමාගම්වලම අයිතිකරුවන් බව පැවසෙයි. LPL ආරම්භක දිනයේදීම Jaffna Kings කණ්ඩායමේ හිමිකරු එවැනි චෝදනාවක් මත පොලිස් අත්අඩංගුවට පත්වීම මීට හොඳම උදාහරණයයි.

ICC දූෂණ මර්දන ඒකකයත් හැලෙයි?

වඩාත්ම සැකකටයුතු කරුණ වන්නේ මෙවර LPL තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ (Anti-Corruption Unit) සෘජු අධීක්ෂණයට ලක් නොවීමයි. ඒ වෙනුවට තරගාවලියේ අධීක්ෂණ කටයුතු ඉන්දීය පෞද්ගලික දූෂණ මර්දන සමාගමකට පවරා ඇති බවට තොරතුරු වාර්තා වේ.

HariDeshaya.lk සටහන: ක්‍රිකට් ක්‍රීඩාවේ නාමයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මෙම මහා පරිමාණ ඔට්ටු ජාලය සහ තරග පාවාදීමේ අවදානම පිළිබඳව බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතුව තිබේ.

Latest Posts

spot_imgspot_img