Wednesday, January 14, 2026
spot_img

Latest Posts

“කුණු ගල් අඟුරු ගෙනත් ජනතාවගේ මුදල් සාක්කුවට දාගන්න එපා!” – මරික්කාර් පාර්ලිමේන්තුව උණුසුම් කරයි

කෝට්ටේ වාර්තාකරු:

ඊයේ පාර්ලිමේන්තුවේදී ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් ඇවිලී ගිය ගින්නට තවත් පිදුරු දමමින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවේ බලශක්ති ප්‍රතිපත්තිය සහ ගල් අඟුරු මාෆියාව දැඩි ලෙස විවේචනය කළේය.

ජනතාවට බර පටවන්නේ මේ වංචාව වහගන්නද?”

මරික්කාර් මන්ත්‍රීවරයාගේ කතාවේ ප්‍රධානතම තර්කය වූයේ ගල් අඟුරු ගනුදෙනුව හුදු ව්‍යාපාරික ගනුදෙනුවක් නොව, එය ජනතාවගේ විදුලි බිලට සෘජුවම බලපාන අපරාධයක් බවයි.

“එක පැත්තකින් ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල බහිනවා. අනිත් පැත්තෙන් ඔයාලා බාල ගල් අඟුරු (Low Quality Coal) ගේනවා. හැබැයි ගෙවන්නේ සුපිරි ගල් අඟුරුවල මිල. මේ අතරමැද තියෙන ඩොලර් මිලියන ගණනක ගැප් එක යන්නේ කාගේ සාක්කුවටද?”

යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.

ප්‍රමිතිය ගැන ප්‍රශ්නයට ඇමතිවරයා නිරුත්තරයි?

ලංකා කෝල් ආයතනයට ලැබුණු බව කියන ගුණාත්මක වාර්තා (Quality Reports) පිළිබඳව ඩී.වී. චානක මන්ත්‍රීවරයා මතු කළ කරුණ තවදුරටත් තහවුරු කරමින් මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, මෙය සැලසුම් සහගත මංකොල්ලයක් බවයි.

“ඔබතුමන්ලා මේ ගේන ගල් අඟුරුවලින් හරියට කරන්ට් එක හදන්න බෑ. මොකද මේවා කුණු ගල් අඟුරු. හැබැයි බිල දාන්නේ ජනතාවට. අන්තිමට විදුලි බිල වැඩි කරන්න වෙන්නේ මේ වගේ හොරකම් නිසා නෙවෙයිද?”

මාධ්‍ය විශ්ලේෂණය

එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ගල් අඟුරු අර්බුදය නව මානයකට ගමන් කරයි. මීට පෙර තාක්ෂණික දත්ත (Technical Data) මත පදනම්ව විපක්ෂය එල්ල කළ චෝදනාව, මරික්කාර් මන්ත්‍රීවරයා විසින් “පාරිභෝගික අයිතිය” සහ “ජනතාවගේ ජීවන වියදම” යන කාරණා සමඟ ගැටගසනු ලැබීය. ආණ්ඩුව වහාම මෙම මිල ගණන් සහ ප්‍රමිතීන් පිළිබඳ ස්වාධීන විගණනයක් සිදු නොකළහොත්, මෙය ඉදිරියේදී විශාල දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය විය හැකිය.

Latest Posts

spot_imgspot_img