Latest Posts

රත්මලාන ගුවන්තොටුපළේ Cessna 152 යානා අනතුර: ‘ෆ්ලයි සදර්න්’ සහ ‘රෙඩ් බර්ඩ්’ අතර තිබෙන රහස් ගනුදෙනුව…

රත්මලාන ගුවන්තොටුපළට ගොඩබස්වනු ලැබූ අවස්ථාවේදී ඊයේ (25) පූර්ව භාගයේ අනතුරට ලක්වූ Cessna 152 වර්ගයේ ‘රෙඩ් බර්ඩ්’ (Redbird) පුහුණු ගුවන් යානය ‘ෆ්ලයි සදර්න්’ (Fly Southern) සමාගමට අයත් එකක් බව HariDeshaya.lk වෙත විශේෂයෙන් වාර්තා වේ.

ගොඩබෑමේදී හෝදුව (හොම්බ) බිම ඇනීමෙන් සිදු වූ මෙම අනතුරෙන් පසු, එහි ගමන් කළ ගුවන් නියමුවා පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) විසින් වහාම පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය වූ ස්ථානයට ගුවන් මෙහෙයුම් පරීක්ෂකවරයෙකු, පරීක්ෂකවරයෙකු සහ වෛද්‍ය නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යැවීමටද කටයුතු කර තිබේ.

HariDeshaya.lk සිදු කළ ගවේෂණාත්මක සොයාබැලීමේදී හෙළි වූ තොරතුරු:

  • අයිතිය සහ මෙහෙයුම්: රෙඩ්බර්ඩ් ඒවියේෂන් ශ්‍රී ලංකා (Redbird Aviation Sri Lanka) ආයතනය විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ලබාගෙන ඇති ‘අනුමත පුහුණු ආයතන ලියාපදිංචිය’ (ATO) යටතේ ‘ෆ්ලයි සදර්න්’ සමාගම මෙම පියාසර පුහුණු පාසල මෙහෙයවා ඇත.
  • හිමිකාරීත්වයේ අතීතය: රෙඩ්බර්ඩ් ඒවියේෂන් ආයතනය මුලින්ම ආරම්භ කර ඇත්තේ මෙරට ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙකු වන ඩුලිප් ද අල්විස් මහතා විසිනි. පසුව එය ඉන්දීය ජාතික කපිතාන් කරන් මාන් හට අයත් ඉන්දීය ගුවන් සමාගමක් විසින් මිලදී ගෙන ඉන්දීය කළමනාකාරීත්වයක් යටතේ පවත්වාගෙන ගොස් ඇත.

  • දේශපාලන සබඳතා සහ වත්මන් හිමිකරරු: පසුව මෙම ආයතනය ‘ෆ්ලයි සදර්න්’ සමාගම විසින් මිලදී ගෙන තිබේ. ෆ්ලයි සදර්න් ආයතනය සමිත අබේගුණවර්ධන මහතාට අයත් එකක් වන අතර, ඔහු කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍යවරයෙකුගේ ලඟම ඥාති පුත්‍රයෙකු බවද HariDeshaya.lk වෙත තහවුරු විය.

ගුවන් යානය අනතුරට පත්වීමට හේතුව තාක්ෂණික දෝෂයක්ද නැතහොත් නියමුවාගේ දෝෂයක්ද යන්න සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පරීක්ෂණ කණ්ඩායම මේ වන විට තවදුරටත් සොයා බලමින් සිටී.

Latest Posts

spot_imgspot_img