The trial against former Minister of Health Keheliya Rambukwella and 12 other defendants—indicted by the Attorney General under 14 counts, including the criminal misappropriation of over Rs. 140 million in public funds through the procurement of counterfeit drugs—continued before the Permanent Trial-at-Bar of the Colombo High Court. The proceedings yielded critical revelations as defense counsel relentlessly challenged prosecution witnesses regarding procedural oversights within the Medical Supplies Division (MSD) and technical findings from the National Medicines Quality Assurance Laboratory (NMQAL).

1. Document Discrepancies and the Challenge to Witness Credibility
During cross-examination by Defense Counsel Chaminda Athukorala, appearing for the 12th accused, former MSD Assistant Director Lathika Chandani Wanniachchi was questioned extensively regarding the verification protocols observed when accepting consignments of ‘Rituximab’ and ‘Human Immunoglobulin’.
- Counsel Chaminda Athukorala: “Did you or did you not inspect the Human Immunoglobulin? Did you even look at it?”
- Witness: “When it is presented alongside the stock control file, there is no need to inspect it. I did not find it necessary to look at it.”
- Counsel Chaminda Athukorala: “I suggest to you that you are an untrustworthy witness who is intentionally evading direct answers.”
- Witness: “I deny that suggestion.”
Counsel Athukorala further highlighted glaring physical and typographic discrepancies between authentic Waiver of Registration (WR) documents issued by the National Medicines Regulatory Authority (NMRA) and the contested document (marked p. 135).
- Counsel Chaminda Athukorala: “In all WR documents contained in File 5, paragraph 3 is consistently printed in italics. However, on page 135, it is not in italics. Furthermore, there is no officer’s name specified alongside the official seal, is there?”
- Witness: “That is correct, Your Honour. No name is mentioned on that official seal. Looking at it now, I can see a visible difference.”
Analytical Legal Assessment:
The defense’s primary line of questioning seeks to establish that the entry of substandard drugs into the state healthcare system stemmed from severe administrative negligence and procedural failures within the MSD, rather than a centralized conspiracy involving the accused. By demonstrating that the witness failed to notice obvious visual anomalies on crucial authorization documents—and by highlighting an ongoing internal audit against her regarding uninspected consignments—the defense successfully mounted an attack on the witness’s credibility (credibilitas) to create reasonable doubt regarding criminal intent.
2. Scientific Principles and Evidentiary Proof of Counterfeit Manufacturing
Led by Deputy Solicitor General Lakmini Girihagama, the prosecution called Senior Drug Analyst Dona Deepika Bulathsinhala of the NMQAL. Her expert testimony provided a technical foundation regarding the physical impossibility of the subject drug batch’s labeling.
- Deputy Solicitor General Lakmini Girihagama: “Is it possible for both liquid and dry powder formulations of Human Immunoglobulin to be issued under the exact same batch number?”
- Witness: “No, Your Honour. The manufacturing processes, raw materials, and formulations are completely distinct. Under no circumstances can both forms share the same batch number.”
The witness further disclosed that the initial complaint regarding Human Immunoglobulin—manufactured by ‘Live Health Bio Pharma’—originated on August 22, 2022, following a formal report from Consultant Neurosurgeon Dr. Gamini Pathirana at the National Hospital regarding severe Adverse Drug Reactions (ADRs) in patients.
- Deputy Solicitor General Lakmini Girihagama: “How many complaints regarding adverse reactions were received around 2023?”
- Witness: “On certain days, we received up to a hundred complaints. Reports of adverse reactions were flooding in from hospitals across the country, and we had to prioritize investigating those urgent cases.”
Analytical Legal Assessment:
The prosecution’s examination of the technical analyst serves to establish corpus delicti—irrefutable scientific proof that the distributed consignment was a fraudulent, counterfeit product rather than a mere manufacturing defect. Furthermore, the analyst’s testimony regarding critical institutional constraints (with analyst staff dropping from 13 to 7) during a surge in ADR reports contextualized the systemic vulnerabilities exploited during the procurement process.
The trial illuminates two distinct legal strategies: while the defense seeks to shift culpability toward administrative negligence and lack of due diligence by MSD officials, the prosecution continues to build a technical framework proving that the procurement involved deliberate falsification and caused widespread public harm.
නඩු වාර්තාව
2026/08/03
ව්‍යාජ ලෙස සකස් කළ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි 14 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේය යන චෝදනාව ඇතුළුව තවත් චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ (3) විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂිය සඳහා පස්වන දිනටත් කැඳවා තිබිණි.
එහිදී පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විජේසේකරගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය මෙසේ කීවාය.
නීතිඥ ; මෙම නඩුවට අදාළ ප්‍රසම්පාදන කටයුත්තට අභිලාෂ කැඳවීම් ලේඛනය promise.lk වෙබ් අඩවියේ උඩුගත කොට තිබුණ 2022/09/27 එය දුටුවාද?
සාක්ෂිකාරිය ; නැත ස්වාමීනී
නීතිඥ ; මෙම නඩුවේ ප්‍රසම්පාදනයට අදාල විමසීම කළේ 2022/10/03 දින කියා ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී. මම දන්නේ නැහැ. ප්‍රසම්පාදන කටයුතු කරන්නේ නෑ
නීතිඥ ; 2023 ජනවාරි වෙද්දි, මේ නඩුවට අදාළ ප්‍රසම්පාදනවල ප්‍රදානයන් පවා සිදුකර අවසන් බව දන්නවද?
සාක්ෂිකාරිය ; ලේඛනයක් ඉදිරිපත් කළොත් පරීක්ෂා කර බලා පැවසිය හැකි. නැතිව මම ඒ ගැන දන්නේ නැහැ. ඇණවුමක් නිකුත් කළ බව දන්නවා. නමුත් දින වකවානු මට මතක නැහැ
නීතිඥ ; 105 ගොනුව බලන්න මෙය කාට එවන ලද්දක්ද? මෙහි කැබිනට් සංදේශයක් ගැනත් සඳහන් වෙනවා. ඒ ගැන දැක්කාද?
සාක්ෂිකාරිය ; නැත ස්වාමීනී
නීතිඥ ; 22/1523/610/018 දරන මෙම කැබිනට් සංදේශය ගැන දන්නේ නැහැ?
සාක්ෂිකාරිය ; නැත ස්වාමීනී
මේ අවස්ථාවේ නීතිඥ අමිත ආරියරත්න නම වන චූදිත වෙනුවෙන් පෙනී සිටින බව අධිකරණයට පැවසීය. එහෙත් ඒ වන විටත් නමවන චූදිත වෙනුවෙන් පෙනී සිටීමක් නැතැයි සටහන් කර තිබූ අතර පසුව විනිසුරු මඩුල්ල ඔහුගේ ඉල්ලීම පිළිගත්තේය.
12 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චමින්ද අතුකෝරාල සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.
නීතිඥ ; ඔබ රිටක්සිමැබ් කී වතාවක් බාරගත්තද?
සාක්ෂිකාරිය ; අවස්ථා දෙකයි
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කී වතාවක් භාර ගත්තද?
සාක්ෂිකාරිය ; අවස්ථා තුනකදී
නීතිඥ ; ඒ අනුව අවස්ථා පහකදී ඖෂධ භාරගෙන තිබෙනවා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; ඔබ ඖෂධ භාර ගැනීමකදී පරීක්ෂා කළ යුතු දත්ත කිව්වා. ඒ හැර වෙනත් කරුණු පරීක්ෂා කරන්නේ නැතැයි කිව්වා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; 97 ගොනුවේ පැ 135 ලේඛනය යටතේ ඇති රිටක්සිමැබ් ඔබ බාරගෙන තිබෙන්නේ.
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; පැ 134 ලේඛනය යටතේ අවස්ථා තුනකදී හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් භාරගෙන තිබෙනවා.
සාක්ෂිකාරිය ; නැත ස්වාමීනී. මම භාර ගන්න අවස්ථාව වන විට මෙය කිහිප වතාවක් භාරදී තිබුණා
නීතිඥ ; ඔබ අවස්ථා තුනකදී භාර ගත්තේ නැද්ද ?
සාක්ෂිකාරිය ; භාර ගත්තා
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සම්බන්ධයෙන් ඔබ පරීක්ෂාව කලාද නැද්ද?
සාක්ෂිකාරිය ; මම භාරගන්න අවස්ථාව වන විටත් කිහිප වරක් එය භාරගෙන තිබුණේ
නීතිඥ ; මම අහන්නේ ඒක දිහා බැලුවෙවත් නැද්ද?
සාක්ෂිකාරිය ; තොග පාලන ගොනුව සමග ආවම බලන්න අවශ්‍ය නැහැ
නීතිඥ ; ඒ කියන්නේ ඔබ බැලුවෙ නැද්ද?
සාක්ෂිකාරිය ; තෙවැනි ගොනුව සමග ඉදිරිපත් කළා
නීතිඥ ; මම අහන්නේ බැලුවද නැද්ද?
සාක්ෂිකාරිය ; බලන්න අවශ්‍ය වුණේ නැහැ
නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ අහන ප්‍රශ්න මගහරිමින් පිළිතුරු දෙන විශ්වාසය කළ නොහැකි සාක්ෂිකාරියක් කියා.
සාක්ෂිකාරිය; මම ප්‍රතික්ෂේප කරනවා
නීතිඥ ; රිටක්සිමැබ් ගැන අවධානය යොමු කරන්න. ඔබට ලේඛනයක් ඉදිරිපත් කළා. requestion කියල තියෙනවද බලන්න.
සාක්ෂිකාරිය ; ඒක ඡායාස්ථ පිටපතක්
නීතිඥ ; එහි viewers reqistration තියෙනවද
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී
නීතිඥ ; WR ලේඛන ඔබේ රාජකාරී කටයුතුවලදී ඉදිරිපත් වෙනවා ඇති නේද? ඒක බලනවද?
සාක්ෂිකාරිය ; අපට අවශ්‍ය දේවල් බලනවා
නීතිඥ ; මාතෘකාවවත් බලනව ඇති
සාක්ෂිකාරිය ; NMRA කියල තියෙනවනේ ඡායාස්ථ පිටපතක් එක්කයි බඩු භාර දෙන්නේ කියලා.
නීතිඥ ; බැලූ බැල්මට වෙනසක් තිබුනෙ නැද්ද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි
නීතිඥ ; ඔබ මෙතෙක් දැක ඇති ඒවාට වඩා කුඩා හෝ වෙනසක් දැක්කේ නැද්ද?
සාක්ෂිකාරිය ; ඡායාස්ථ පිටපත එක්ක සංසන්දනය කළේ නැහැ
නීතිඥ ; ( WR ලේඛන සහිත පහ ගොනුව පෙන්වයි) මේකේ WR තියෙනවා නේද?
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; මේ 2021 ජනවාරි සිට ප්‍රශ්නගත අවධිය දක්වා NMRA මගින් නිකුත් කළ ඒවා.
සාක්ෂිකාරිය ; මෙහි 2023/10/16 මුද්‍රාව තිබෙනවා
නීතිඥ; මෙහි ඇති ඕනෑම ලේඛනයක් සමග ඔය ලේඛනය සසඳන්න. එහි අක්ෂර ප්‍රමාණයේ වෙනසක් තිබේද?
සාක්ෂිකාරිය ; ඒ නමින් දැන් බලල කියන්න පුළුවනි. නමුත් මේ ලේඛන අපට ලැබුණේ නෑ. දැන් බැලුවම වෙනසක් පේනවා
නීතිඥ ; හැට WR එක්ක පොදු වගන්තියක් 3 ඡේදයේ තිබෙනවා. මේ කොටස 5 ගොනුවේ තියෙන සියලුම WR වල සඳහන් වෙන්නේ ඇල අකුරු ( ITLIC) වලින්
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; නමුත් පැ 135 ඇල අකුරු නොවේ
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; මෙහි නමක් සඳහන් නැහැ
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී. මෙම නිල මුද්‍රාව ලත් නමක් සඳහන් නැහැ.
නීතිඥ ; පැ 135 නිල මුද්‍රාව WR එකකවත් තිබුණද?
සාක්ෂිකාරිය ; ඒව ලැබිලා තිබුනේ 2022දී
නීතිඥ ; මම ඒක ඇහුවේ නැහැ. මම යෝජනා කරනවා, WR නිල මුද්‍රාව NMRA ආයතනයන් නිකුත් කළ WR එකක සඳහන් නැති බව.
සාක්ෂිකාරිය ; මම දන්නෙ මට ලැබෙන එක පමණයි
නීතිඥ; මම යෝජනා කරනවා ඔබ මේ රිටක්සිමැබ් භාර ගත්තා කියලා.
සාක්ෂිකාරිය ; මම ප්‍රතික්ෂේප කරනවා
නීතිඥ; ඔබට දැන් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් යන්නේ 9 ඖෂධය පරීක්ෂා කර බලා භාර නොගැනීම ගැන.
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නීතිඥ ; ඔබේ නොසැලකිල්ල මගින් මේ ඖෂධ තොගය MSD එකට ආවා කියලා මම යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; මම ප්‍රතික්ෂේප කරනවා
නීතිඥ ; 2V 49, 2V 50 ලේඛන ඔබ විසින් යැවූ ඒවාද?
සාක්ෂිකාරිය ; නැත ස්වාමීනි
ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඇති ජාතික ඖෂධ තත්ත්වාරක්ෂණ විද්‍යාගාරයේ (NMQAL) ඖෂධ විශ්ලේෂකයා දෝන දීපිකා බුලත්සිංහල ඊයේ (03) සාක්ෂි දීම සඳහා පැමිණිල්ල විසින් කැඳවා තිබිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ඇය මෙසේද කීවාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ NMQAL බැඳෙද්දි ඖෂධ විශ්ලේෂකවරු කීදෙනෙක් සිටියද?
සාක්ෂිකාරිය ; 13 දෙනෙක් පමණ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ විදේශ පුහුණුව ලැබුවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී, 1996 වසරේ මැලේසියාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරුවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබට පැවරුණු රාජකාරි මොනවාද?
සාක්ෂිකාරිය ; ඖෂධ විශ්ලේෂණය, අධීක්ෂණ රිපෝර්ට් කිරීම, අධ්‍යක්ෂතුමාට ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටත් බැඳී ඉන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒවා යොමු කරන්නේ කවුද?
සාක්ෂිකාරිය ; තාක්ෂණ අංශයෙන්. එහි ලැබෙන සාම්පල් අංශ තුනට යැවෙනවා. ඒ අංශ තුන වෙන්නේ, භෞතික හා රසායනික අංශය, ශුද්‍ර ජීව විද්‍යා අංශය සහ ඖෂධවේද ජීව විද්‍යාත්මක අංශයයි.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; සාම්පල ලබාගැනීම් කාර්ය පටිපාටිය කෙබඳුද?
සාක්ෂිකාරිය ; spc මඟින් කරන ටෙන්ඩර් වලදී සාම්පල් එනවා. රෝහල් නියැදි පරීක්‍ෂා කරනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඖෂධවල තත්ත්වය රැකගන්න කුමක්ද කරන්නේ?
සාක්ෂිකාරිය ; ඖෂධවල ප්‍රශ්න තියේ නම් තවදුරටත් සාම්පල බලනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; NMQAL එකට පුළුවන්ද ගිහින් සාම්පල් බලන්න.
සාක්ෂිකාරිය ; MSD එකට පුළුවන් රෝහල්වලට ගිහින් සාම්පල බලන්න
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ගයිඩ් ලයින් වලට ප්‍රමිති දායකත්වයක් තිබෙනවාද?
සාක්ෂිකාරිය ; ඒ ගයිඩ් ලයින් අපි අනුගමනය කරනවා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබලා සාම්පල පරීක්ෂාවට පෙර එහි නිශ්චිත උෂ්ණත්වයේ තැබුවා දැයි බලනවද?
සාක්ෂිකාරිය ; ඔව් අපිට අවශ්‍ය ප්‍රමිතියට අනුව ඒවායේ තත්ත්වය බිඳලා නම් අපි භාරගන්නේ නෑ. දුරකථනයෙන් දැනුම් දෙනවා භාර නොගන්න බවට
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; රසායනාගාරයේ වෙන වෙනමද එකටද ගබඩා කර තිබෙන්නේ?
සාක්ෂිකාරිය ; වෙන වෙනම
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ගබඩා තුළ පවතින කාලය තුළ සාම්පල භාර කාටද?
සාක්ෂිකාරිය ; අංශ ප්‍රධානීට.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අදාළ සාම්පල පරීක්ෂාව පියවරෙන් පියවර අධීක්ෂණය කරනවද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය විස්තර කරන්න
සාක්ෂිකාරිය ; එම පරීක්ෂාව වෙන් වෙන්ව කළ යුතුයි. මම 2005 දී පර්යේෂණයක් කළා. ප්ලාස්ටික් බෝතල් වලට බෙහෙත් උරාගන්නා බව එවිට ඖෂධයේ ශක්තිය අඩුවන බවත් මම හෙළි කළා. ප්ලාස්ටික් වලට බෙහෙත ගියාම අනුමත ප්‍රමාණය එහි නැහැ.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; 2005 වසරේ උපාධිය අවසන් වූ පසු යළි ආවේ රසායනාගාරයටද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි. එය 2015 දී ජාතික ඖෂධ නියාමන අධිකාරියට පවරා ගත්තා. ඉන් පසු ජාතික වෛද්‍ය තත්ත්ව රසායනාගාරය වුණා.
ඒවනන විට එහි විශ්ලේෂකවරු දහතුනක් හා අනෙක් නිලධාරීන් විස්සක් සිටියා. ඒ කාර්ය මණ්ඩලය ටිකෙන් ටික අඩු වුණා. විශ්ලේෂකවරු හත් දෙනෙක් විශ්‍රාම ගියා. දැන් මුළු ආයතනයටම ඉන්නේ පහළොස් දෙනයි.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ඔබේ සේවා කාලය තුළ විශ්ලේෂණ කීයක් කර තිබෙනවද?
සාක්ෂිකාරිය ; NMQAL මගින් දහසක් පමණ කළා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ සාම්පල් ලබාගත හැකි ක්‍රමවේද මොනවාද?
සාක්ෂිකාරිය ; අපටත් ගිහින් ගන්න පුළුවන්. ඒත් අප වෙත ගෙන්ව ගන්නවා. MSD හෝ ...... වලින් ගෙන්වා ගන්න පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධ ගබඩාවේ ඇති සෑම සාම්පලයක්ම පරීක්ෂා කළ හැකිද?
සාක්ෂිකාරිය; නොහැකියි. එහි පරීක්ෂා කළ නොහැකි ඒවා වෙනත් පරීක්ෂණාගාර වලදී පරීක්ෂා කරනවා. දේශීය මෙන්ම විදේශීය රසායනාගාරත් යොදා ගන්නවා. එය ඉල්ලුම් කළ යුතුයි.
2022-2023 වෙද්දි අපිට පැමිණිලි ගොඩක් ලැබුනා රටේ ඖෂධ ප්‍රශ්න ගොඩක් තිබුනා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ මොනවා ගැනද?
සාක්ෂිකාරිය ; 2023 ලැබුණා ඇස් වලට දමන බෙහෙත් වර්ගයක් ගැන පැමිණිල්ලක්. එයින් රෝගීන්ගේ ඇස් අන්ධ වුණා. අපි සාම්පල් පරීක්ෂණයෙන් එය හඳුනා ගත්තා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; එය පැමිණිල්ලක්ද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කොහෙන්ද පැමිණිල්ල?
සාක්ෂිකාරිය ; රෝහල්වලින් සංකූලතා, රැසක් ගැන වාර්තා වුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; සාමාන්‍ය ව්‍යවහාරයේදී කොහොමද එය හඳුන් වන්නේ?
සාක්ෂිකාරිය ; සංකූලතා තමයි ( ඒ ඩී ආර් කියලා කියනවා.)
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; සංකූලතා ගැන පැමිණිලි කීයක් විතර ආවද?
සාක්ෂිකාරිය ; සමහර දවසට සීයක් විතර ආවා. 2023 ජනවාරි මම එහි වැඩ බලන අධ්‍යක්ෂ වුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය. ; ඒවා කළේ ඔය 11 ට අඩු පිරිසද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; රටට ගෙන ඒමේදී එකතු කරන ද්‍රව්‍ය අත්දැයි බලන්න ඔබට බලය තිබුණද?
සාක්ෂිකාරිය ; අපට බලය නැහැ
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; භාවිතා කරන්නන් ඉදිරිපත් කරන සාම්පලත් ඔබලා වෙත ඉදිරිපත් වෙනවද?
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; අධිකරණය ඔබට සාම්පල ලබාදෙන්න ඕනද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි, නැත්නම් අපට ගිහින් ගන්න බලය දෙන්න ඕන
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධ විශ්ලේෂණය කරන්නේ කෙසේද?
සාක්ෂිකාරිය ; ෆාමකෝබියා කියන පොත් තියෙනවා US, British, Indian ආදී වශයෙන් එම ග්‍රන්ථ තිබෙනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය; EU කියලා එකක් නැද්ද ?
සාක්ෂිකාරිය ; තියෙනවා EU කියන්නේ රෝ මැටීරියල් වලට
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 100ml- 5-6 g ගැන පරීක්ෂණයක් කළාද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි, පහසුකම් නැහැ. ඒක අපිට ආපු පැමිණිල්ලක්. ඒත් අපිට පහසුකම් තිබුණේ නැහැ.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; සාමාන්‍යයෙන් එන්නත් ප්‍රක්ෂේපණයක් ලබාදෙන්නේ කෙසේද.?
සාක්ෂිකාරිය ; IM හෝ 1V. 1M කියන්නේ පේෂි වලට විදින ඒවා. IV කියන්නේ නහරවලට විදින ඒවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; රුධිරයට විඳින ඖෂධයක් friges dry formation එකෙන් තියෙන්න පුළුවන්ද.?
සාක්ෂිකාරිය ; පුළුවන් , ද්‍රාවණය ආයු උෂ්ණත්වයකට යොමු කර පව්ඩර් එකක් වශයෙන් තබා ගත හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය නිෂ්පාදකයා විසින් කළ යුතුයි.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පවුඩර් තබාගත යුතු උෂ්ණත්වයක් තිබේද?
සාක්ෂිකාරිය ; අනිවාර්යයෙන් ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔය කියන එන්නත ද්‍රාවණයක් ලෙස තබාගත හැකිද?
සාක්ෂිකාරිය ; පුළුවන් ස්වාමීනි
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; එහි උෂ්ණත්වය තීරණය කරන්නේ කවුද?
සාක්ෂිකාරිය ; නිෂ්පාදකයා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පව්ඩර් එක එන්නත් කළ යුතු යම් ද්‍රාවණයක දිය කරලද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි. Frege dry form තියෙන ඖෂධයක් ද්‍රාවණයක දිය කළ යුතුමයි. එය දියකළ යුතු කුමකද කොපමණද කියලා සඳහන් කළ යුතුයි. නැත්නම් නිෂ්පාදකට එම ද්‍රව්‍ය ලබාදිය හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එකම නිෂ්පාදනය ද්‍රාවණයක් ලෙස හා කුඩු ලෙස දෙකෙන්ම තියෙන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය ; ක්‍රම දෙකෙන්ම සපයන්න පුළුවන්. ඒත් වෙන වෙනම සැපයිය යුතුයි. නැත්නම් ගබඩා කරද්දි ප්‍රශ්න එනවා. ඒ වගේම නිෂ්පාදනයේ දී වෙන වෙනම නිෂ්පාදනය කළ යුතුයි.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; එකම ලයින් එකක ලික්විඩ් හා පව්ඩර් සෑදිය හැකිද?
සාක්ෂිකාරිය ; බැහැ නිෂ්පාදන දෙකේ ක්‍රම වෙනස්. එකට බැච් නම්බර් දෙන්න බැහැ.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; එකම බැච් අංක යටතේ ලික්විඩ් හෝ පවුඩර් තියාගන්න බැරිද?
සාක්ෂිකාරිය ; එහෙම කරන්න බැහැ, නිෂ්පාදන ක්‍රමය, අමුද්‍රව්‍ය, formulations වෙනස්. කොයි විදිහකින්වත් එකම බැච් එකේ දෙකම තියන්න බැහැ.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; එකම බැච් අංකයක් යටතේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් liquid or dry 2-8 c කියලා සඳහන් කල හැකිද?
සාක්ෂිකාරිය ; නොහැකි ස්වාමීනි . උෂ්ණත්වය ......වීම මත ඖෂධයේ තත්ත්වය වෙනස් විය හැකියි.එයින් ......පෙන්වීමක් විය හැකියි. ඖෂධ විශ්ලේෂණයේදී පරීක්ෂා කළ යුතු තවත් දේ තිබෙනවා. ශුද්‍ර ජීවීන් අපද්‍රව්‍ය ආදිය පරීක්ෂා කරනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ඔබට කිව හැකිද ඇයි සෑම ඖෂධයක්ම පරීක්ෂා කර බැලිය නොහැක්කේ කියා?
සාක්ෂිකාරිය ; අවශ්‍ය උපකරණ, ඒජන්ට් ආදිය අවශ්‍යයි
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ඒජන්ට් කියන්නේ මොනවාද?
සාක්ෂිකාරිය ; සංකීර්ණ පරීක්‍ෂණ සඳහා යොදන දෙයක්. අදාළ පනතෙන් බලය දීල තියෙන්නේ ඒ සඳහා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබලාට කරන්න පුළුවන්ද ඒ පරීක්ෂණ?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී.ඉස්සර අපි අවශ්‍ය ඖෂධ යවලා පරීක්ෂා කළා. නමුත් කාර්ය මණ්ඩල අඩුව මත ඒක අඩු කළා. 2023 වන විට පැමිණිලි වැඩි. රෝහල් පද්ධතියෙන් පැමිණිලි එන්න ගත්තා. ඒවාට ප්‍රමුඛතාව දෙන්න වුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; 2023 වෙද්දි ඔබ වැඩ බලන අධ්‍යක්ෂ.
සාක්ෂිකාරිය ; ඔව්
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; එතකොට ඔබ නිල බලයෙන්, ඖෂධ කමිටුවට ඇතුළත් වෙනවා
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ කාලයේ කවුද NMRA ප්‍රධාන විධායක නිලධාරී.
සාක්ෂිකාරිය ; වෛද්‍ය විජිත් ගුණසේකර
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; NMQAL හි ශක්‍යතාව ඔබලාගේ රැස්වීම් වල කතා කරනවද?
සාක්ෂිකාරිය ; ඔව් කාර්ය මණ්ඩල ඉල්ලා සිටියා කරගෙන යන්න බැරි නිසා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; බැක්ටීරියල් ටෙන්ට් කියන්නේ කුමක්ද ?
සාක්ෂිකාරිය ; injection එකක්. තනිකරම ශුද්‍ර ජීවීන්ගෙන් තොරවිය යුතුයි. ඒ ගැන පරීක්ෂාව බැක්ටීරියල් ටෙස්ට් කියන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ පරීක්ෂණයන්ගේ මාර්ගෝපදේශ කොයින්ද?
සාක්ෂිකාරිය ; ෆාමකෝබියා එකෙන් injection වල ටෙස්ට් කළ යුතු ප්‍රමාණය දැනුම් දී තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ලියාපදිංචි මුද්‍රා කරන ලද ඉන්ජක්ෂන් ගැන ඔය කියන ලේඛන ලැබෙනවද?
සාක්ෂිකාරිය ; නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එවිට ඔබලා අදාළ ෆාමකෝබියා ගන්නේ කොහොමද?
සාක්ෂිකාරිය ; ලේබල් එකෙන්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2023 අගෝස්තු 21 ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එවූ ලේඛනයක් පෙන්වුවොත් හඳුනාගත හැකිද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය ලබා දුන්නේ කවර නියෝගයක් මතද?
සාක්ෂිකාරිය ; සී අයිඩී ඉල්ලීම මත.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රථම වතාවට පැමිණිල්ලක් ආවේ 2022 අගෝස්තු 21දා.
සාක්ෂිකාරිය ; අගෝස්තු 22 දා ස්වාමීනී. සාම්පලයක්ද සමග ලැබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; මේ ෆෝරමයද අධිකරණයට ඉදිරිපත් වූ සාම්පලය සමඟ පැමිණිලි කරන්නට ගොනු ගන්නේ?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද මේ පැමිණිල්ල කලේ?
සාක්ෂිකාරිය ; ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ W K වික්‍රමසිංහ
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කවුරු කළ පැමිණිල්ලක් මතද ඔහු එය ඒවා ඇත්තේ?
සාක්ෂිකාරිය ; ස්නායු පිළිබඳ ශල්‍ය වෛද්‍ය ගාමිණී පතිරණගේ පැමිණිල්ලක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ පැමිණිල්ල කුමක්ද?
සාක්ෂිකාරිය ; රෝගීන්ට ඇතිවූ සංකූලතා කිහිපයක්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධය කුමක්ද?
සාක්ෂිකාරිය ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; නිෂ්පාදක කවුද?
සාක්ෂිකාරිය ; ලයිව් හෙල්ත් බයෝ ෆාමා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධයේ SR අංකය තිබුනද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; තොරතුරු ගත්තෙ කොහෙන්ද?
සාක්ෂිකාරිය ; ලේබලයෙන්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒවන විට තව වයල් කොච්චර තිබිලද?
සාක්ෂිකාරිය ; 222ක්
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ඔබේ රාජකාරී අතරතුර පැමිණිලි ලැබිලා තිබේද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
සාක්ෂිකාරියගෙන් තවදුරටත් සාක්ෂි ලබා ගැනීමට නියමිත අතර වැඩිදුර විභාගය අද (4) පැවැත්වේ.



