The Colombo Permanent High Court-at-Bar yesterday (30) resumed proceedings in the high-profile case involving counterfeited Human Immunoglobulin, against former Health Minister Keheliya Rambukwella and eleven other defendants.

The accused face 14 counts, including the alleged supply of counterfeited drugs to the Department of Health and the criminal misappropriation of state funds exceeding Rs. 140 million. Chandani Mallawaarachchi, the former Assistant Director of the Health Ministry’s Medical Supplies Division (MSD), was called to the witness stand for the third consecutive day to provide evidence.
Yesterday’s proceedings were defined by a rigorous cross-examination conducted by defense counsel, who challenged the witness regarding her official duties and alleged procedural lapses during the drug acceptance process. The defense focused on establishing that approvals were granted without mandated verifications of drug quality or adherence to recognized storage standards.
Temperature Discrepancies and Evasions
Attorney-at-Law Isuru Jayawardena, appearing for the third defendant, directed a potent line of questioning concerning drug storage temperatures. Crucial discrepancies between data indicated on the invoices and actual storage practices were brought to light. While the witness rejected the counsel’s specific suggestion that the notation of storage methods on the documents was improper, the problematic nature of the documentation was exposed to the Court.
The questioning regarding the acceptance of Human Immunoglobulin marked another heated segment of the trial. When queried about the suitability of storing the said drug at room temperature, the witness’s responses prompted a direct accusation from defense counsel: “I suggest that you granted approval without verifying correctness in any aspect.”
While she denied the suggestion, Mallawaarachchi admitted to accepting the stocks based solely on documentation, without conducting mandatory chemical analysis of the samples. Furthermore, despite her attempt to deflect responsibility by stating that she might have accepted the drug on a day an officer named Shanthini was on leave, the defense firmly established that it was the witness herself who had signed and authorized the relevant invoices.
Procuring Drugs Worth Millions Without Chemical Testing
Cross-examination by Attorney-at-Law Serasinghe, representing the fifth defendant, focused on the procurement of drugs under the Waiver of Registration (WR) basis. The witness’s responsibility, as the superior officer of Stock Control Officer Priyantha Kasthurisinghe during the acceptance of drug stocks including Rituximab, was heavily scrutinized.
To counsel’s assertion that, “You are unable to check the chemical composition of these samples; you lack the facilities,” the witness replied, “We examine the documents to verify; a CO (Certificate of Analysis) sheet is sent with these drugs.” Consequently, the defense challenged the witness’s ‘good faith’ in approving drug stocks worth millions based purely on specifications and three invoices, without any verifiable chemical testing.
“Why are you hiding?” — Intense Attack by the Defense
Attorney-at-Law Amitha Ariyaratne, appearing for the eleventh defendant, tested the witness’s knowledge of drug management and the First-Expire-First-Out (FEFO) protocol. It was revealed during this segment that the Stock Control Officer who prepared the relevant documents, Priyantha Kasthurisinghe, is currently not in the country. However, it was established that the witness, along with other senior officers, possessed access to the ‘Pronto’ computer system.
The witness attempted to provide evasive answers regarding her capability to access the system, prompting Attorney-at-Law Amitha Ariyaratne to ask directly, “Why are you hiding?” — a remark that drew intense attention in the courtroom.
While she vehemently denied the accusation that she was hiding information, the counsel reiterated: “I suggest that you are misleading the Court by pretending not to know facts that you are aware of.” Ultimately, the witness was compelled to admit to the Court that it was her signature, under the endorsement ‘Recommended by’, that appeared on the relevant prosecution documents.
Analysis
Collectively, yesterday’s trial proceedings featured logical and rigorous cross-examination by defense counsel, which laid bare critical administrative gaps within the Medical Supplies Division and exposed a precarious reliance on documentation alone for high-stakes decision-making. It is evident from this line of questioning that a primary strategy of the defense is to establish dereliction of duty by official witnesses to counter the main charges leveled against the principal defendants.
The trial is scheduled to resume on the 31st.
නඩු වාර්තාව
2026/07/30
ව්‍යාජ ලෙස සැකසූ, ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි 14 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ (30) යළි විභාගයට ගැනිණි.
එහිදී තෙවන දිනටත් සාක්ෂි සඳහා කැඳවා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂ චාන්දනී මල්ලවආරච්චිය.
තෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන සාක්ෂිකාරියගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න අසන ලදී. එහිදී සාක්ෂිකාරිය මෙසේද පැවසුවාය.
නීතිඥ ; 294 දත්ත මත, 2023/11/24 වන විට රිටක්සිමැබ් 2148 ක් ජාතික තලයේ තිබුණා කියා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; එය පිළිගැනීමට දත්ත ප්‍රමාණයක් නැහැ ස්වාමීනි. ජාතික යනුවෙන් එහි සඳහන් වී නැහැ.
නීතිඥ ; පැ 400 ලේඛනය ඔබලා සැකසූ එකක්. එහි නෝට් කියන තැනට පහලින් temperature කියන තැන සඳහන් වන්නේ කුමක්ද?
සාක්ෂිකාරිය ; 2-8 යනුවෙන්
නීතිඥ ; MSD V අක්‍ෂරය සහිත ඇරඹුම් ලැයිස්තුව ඔබ විසින් ඉදිරිපත් කළ පසු ඔබේ ඊළඟ රාජකාරිය වුණේ භාණ්ඩ භාර ගැනීමයි. ඔබ ඒ භාර ගැනීම ගැන සාක්ෂි දුන්නා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; ඒ කුමන දිනවලද?
සාක්ෂිකාරිය ; මැයි බව මතකයි
නීතිඥ ; මැයි එකොළහ දොළහ දිනවල කිව්වොත්
සාක්ෂිකාරිය ; ලේඛනයක් පෙන්නුවොත් පිළිගන්න පුළුවන්
(පැ 336ලේඛනය සාක්ෂිකාරිය වෙත පෙන්වයි)
නීතිඥ ; මේ අනුව 2023 මැයි එකොළහ භාරගෙන බෙන්නේ
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; invoice පත්‍රයේ ස්ටෝරේජ් ටයිප් කියන්නේ කුමක්ද ?
සාක්ෂිකාරිය ; 2-8
නීතිඥ ; එය හරිද? ඩී කුමක්ද?
සාක්ෂිකාරිය ; ඩිග්‍රී යන වචනය එහි අංශක ගණන සඳහන් වෙන්නේ.
නීතිඥ ; පැ 338 A ලේඛනයද 2CD - 8 CD කියලා සඳහන් වෙන්නේ
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; ඇනවුම් ලැයිස්තුවේ වගේ නෙවෙයි. මෙහි සඳහන් වන්නේ?
සාක්ෂිකාරිය ; ඇණවුම් ලැයිස්තුව සකසන්නේ අපි. නිෂ්පාදකයා මෙය සඳහන් කරන්නේ
නීතිඥ ; ස්ටෝරේජ් D - 20 - 8C කියා සඳහන් කරන ක්‍රම දෙකක් නැහැ කියා මා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; මේ නිවැරදි ක්‍රමයයි ස්වාමීනි
නීතිඥ ; ඔබ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය භාර ගත්තාද?
සාක්ෂිකාරිය ; මතකයක් නැහැ
නීතිඥ ; භාර ගත්තා කියා මා යෝජනා කළොත්?
සාක්ෂිකාරිය ; ලේඛනයක් පෙන්නුවොත් කිව හැකි ස්වාමීනි
නීතිඥ ; (ඉන්වොයිස් පත්‍රයක් පෙන්වයි) මේ ලේඛනය කුමක්ද?
සාක්ෂිකාරිය ; ඉන්වොයිස් පත්‍රයක්
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් භාරදීමේ ඉන්වොයිස් පත්‍රයක් ලෙස හැඳින්විය හැකිද?
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; භාණ්ඩ භාරගෙන තිබෙන්නේ කවුද?
සාක්ෂිකාරිය ; සුජිත් මහතා
නීතිඥ ; එය භාර ගැනීමට අවසර දුන්නේ කවුද?
සාක්ෂිකාරිය ; මම විසින්
නීතිඥ ; අනුමැතිය දුන්නේ කවදාද?
සාක්ෂිකාරිය ; 2022/08/25
නීතිඥ ; ඔබේ අවධානය ස්ටෝරේජ් වෙත යොමු කරන්න
සාක්ෂිකාරිය ; room storiege 30 (2-8C) යනුවෙන් සඳහන් වෙනවා.
නීතිඥ ; මූලික සාක්ෂි ගනිද්දී, මෙහෙම සටහන් කරන්න බැහැ කිව්වා නේද?
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; මේ ගැන සැලකිල්ලක් දැක්වූවාද?
සාක්ෂිකාරිය ; සැලකිල්ල දැක්විය යුතු පළමු තොගය පිළිබඳවයි. වරදක් ඇතොත් පළමු තොගයේදී " කොරි ෂිට් " එකක් දැමිය යුතුයි
නීතිඥ ; මම යෝජනා කරනවා msd දෙද්දී පරීක්ෂා කළ යුතුයි කියා
සාක්ෂිකාරිය; නැහැ ස්වාමීනි. මේ තොගයේ කොටසක් පමණ සම්පූර්ණ තොගයක් තිබී ඇති
නීතිඥ ; ඔබ එය භාරගත් නිසා කිසි ප්‍රශ්නයක් නැති බව කියන බව මම යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; මම අත්සන් කර ඇති බව ඇත්ත. පළමු කොටස තමයි පරීක්ෂා කළ යුතු
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය dry freage තිබියදී කාමර උෂ්ණත්වය සෙල්සියස් අංෂක තිහකට තැබිය හැකියි.
සාක්ෂිකාරිය ; මෙහි එය සඳහන්
නීතිඥ ; මෙහි හෝ කියා වචනය තිබුණු බව මම යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; මට ඉන්වොයිස් එකක් බලා ඇල ඉර ගැන ප්‍රකාශ කළ හැකියි. මම ප්‍රතික්ෂේප කරනවා. මම මේ ඖෂධය භාරගන්න ඇත්තේ, ශාන්තිනී මහත්මිය නිවාඩු ගිය දිනයක විය හැකියි. සුජිත් මහතා සේවය කරන්නේ ශාන්තිනී මහත්මිය සමඟයි.
නීතිඥ ; (පැ 337 ලේඛනය පෙන්වයි) මෙය හඳුනා ගත හැකිද?
සාක්ෂිකාරිය ; පුළුවන් ස්වාමීනි
නීතිඥ ; මේකත් පෙර පෙන්වූ ලේඛනය වගේමයි
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; කිසිදු අංශයකින් නිවැරදි දැයි සොයා බැලීමකින් තොරව අනුමත කර ඇතැයි මම යෝජනා කරනවා
සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි
නීතිඥ ; මෙම තොගය භාර ගනිද්දී ස්ටෝරේජ් ගැන කිසිවක් නොබලා භාරගත් බවට මම යෝජනා කරනවා.
සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි
නීතිඥ ; msd සහකාර අධ්‍යක්ෂ ලෙස ඔබ සේවය කළා. ඒ අන්දමින්ම සහකාර අධ්‍යක්ෂකවරියක් ඔබ හා සේවය කළා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නීතිඥ ; තුන්වන චූදිත යටතේ තිබූ ඖෂධ ගබඩා ඔබට භාර දුන්නා.
සාක්ෂිකාරිය ; 2024 දී මට ඒ ගබඩා බලන්න වුණා.
නීතිඥ ; භාර ගැනීමේ ක්‍රමවේදය කුමක්ද?
සාක්ෂිකාරිය ; රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන, spc හරහාත් සැපයුම්කරුවන් හරහාත් නිෂ්කාශනය කළා.
නීතිඥ ; පැ 334 ලේඛනයේ දෙක අංකය යටතේ ඩිළිවරි ෂෙඩියුල් කළේ කවදාද ?
සාක්ෂිකාරිය ; 2022/12/07
නීතිඥ ; මේ අයිතමය ලැබුණේ ප්‍රමාද වෙලා
සාක්ෂිකාරිය ; උපදෙස් සහිත මිනිට් යටතේ භාරගත්තේ.
නීතිඥ ; 2024/04/18 ඇතුළු අවස්ථා හතරකදී ඔබ ප්‍රකාශ දුන්නා. එහිදී අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ කියන වචනය ප්‍රකාශ කළාද? නැද්ද?
සාක්ෂිකාරිය ; ඒ ප්‍රකාශය දුන් දිනය මතක නෑ
නීතිඥ ; ඔබ ලබාදුන් ප්‍රකාශ කියවා තේරුම් කරදී, අත්සන් කරනු ලැබුවාද?
සාක්ෂිකාරිය ; එය එවේලේ එසේ සිදු වුණා
නීතිඥ ; 2023/05/22 දින රිටක්සිමැබ් භාර ගැනීමට දායක වුණාද?
සාක්ෂිකාරිය ; දායක වුණා ස්වාමීනී
නීතිඥ ; තොග ගැන අවධානය යොමු කළාද?
සාක්ෂිකාරිය ; පරීක්ෂා නොකළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් මත
නීතිඥ ; 2023/05/11 දිනට කොපමණ තිබුණද?
සාක්ෂිකාරිය ; තුන්දහස් ගණනක් කියා මතකයි ගණන හරියට මතක නෑ.
නීතිඥ ; මම යෝජනා කරනවා 6131 ක් තිබුනා කියා
සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා. ඖෂධ ගණන් ගැනීමේදී ගනන් ගන්නේ ඇතුලේ ඇති තොග.
නීතිඥ ; රිටක්සිමැබ් ගැන මතකද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි
නීතිඥ ; රිටක්සිමැබ් 50ml 6131 ක්ද ජාතික තොග 7321 ක්ද තිබුණා කියා පිළිගන්නවද?
සාක්ෂිකාරිය ; එම ඇණවූම නිකුත්කිරීමේදී සටහන් කර තිබෙනවා
නීතිඥ ; ඔබ රාජකාරි කටයුතු සද්භාවයෙන් කළාද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
නීතිඥ ; මම යෝජනා කරනවා යම් දෝෂයක් තිබුනනම් සලකා බැලීමට හැකියාවක් තිබුණා කියා.
සාක්ෂිකාරිය ; එසේ විය හැකියි ස්වාමීනි.
නීතිඥ ; තුන්වන චූදිත කිසිදු වරදකාරී හැඟීමක් නැතිව සද්භාවයෙන් කටයුතු කර ඇතැයි මායෝජනා කරනවා
සාක්ෂිකාරිය ; ඇගේ සත්භාවය ඇගෙන්ම අසා දැනගත යුතුයි
පස්වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සේරසිංහ හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය
නීතිඥ ; මේ නඩුවට පදනම් වූ ඖෂධ මිලදී ගැනීම ගැන ඔබ දැනුවත්ද?
සාක්ෂිකාරිය ; මිලදී ගැනීම ගැන දැනුවත් නැහැ
නීතිඥ ; රිටක්සිමැබ් ඖෂධය භාර ගැනීමේ ක්‍රියාවලිය භාරව ඔබ කටයුතු කළේ. එහි තොග පාලන නිලධාරී ප්‍රියන්ත කස්තුරිසිංහ චෝදනා කරනවා කරනවා ඔබ වැරදි අන්දමින් තොගය භාර ගත්තා කියා
සාක්ෂිකාරිය ; එවැනි චෝදනාවක් මම දන්නේ නැහැ
නීතිඥ ; සී අයිඩීය ඔබෙන් කට උත්තර ගත්තානේද ?
සාක්ෂිකාරිය ; එහිදී භාණ්ඩ මිලදී ගැනීම් ගැන කීවා
නීතිඥ ; එහෙනම් කුමක් සඳහා ද සාක්ෂි දෙන්නේ?
සාක්ෂිකාරිය ; නිශ්චිත හඳුනාගත් ඖෂධ දෙකක් ගැන
නීතිඥ ; රිටක්සිමැබ් වෛද්‍ය සැපයුම් ඒකකයට භාර ගද්දී සිටි තොග පාලන නිලධාරී කස්තුරිසිංහ. ඔබ ඔහුට උඩින් සිටි නිලධාරියා.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි, එය ව්‍යාජ ලෙස සකසන ලද්දක් බවට චක්‍රලේඛයක් නිකුත් කළා
නීතිඥ ; මේ නඩුවත් ඒක ගැන තමයි
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නීතිඥ ; ඔය භාර ගැනීමේ ක්‍රියාවලියට ඔබත් දායක වෙලා තියෙනවා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නීතිඥ ; ප්‍රියන්ත කස්තුරිසිංහත් දායක වෙලා තියෙනවා.
සාක්ෂිකාරිය ; ඔහු ගබඩා භාරකරු
නීතිඥ ; ඔබත් ඔහුත් විත්තිකරු නෙවෙයි
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; එම ඖෂධ තොගයේ වටිනාකම කොපමණද?
සාක්ෂිකරු ; මතක නැහැ ස්වාමීනී
නීතිඥ ; පොදු දේපළ පනත යටතේ මුදල් අවභාවිතාවක් වෙලා තියෙනවා කියලා කියනවා .
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නීතිඥ ; ඖෂධ වර්ග දෙකෙන් වැඩි වටිනාකමක් ඇත්තේ කුමක්ද?
සාක්ෂිකාරිය ; එය ඝනකාධිකාරී දන්නේ. මට ඇත්තේ ඇණවුම් ටික බලා ගැනීමයි.
නීතිඥ ; මම යෝජනා කරනවා එම ඖෂධ වර්ග දෙක කෝටි දාහතරක් කියාත් , එයින් කෝටි දෙකක් රිටක්සිමැබ්වලට කියා මම යෝජනා කරනවා
සාක්ෂිකාරිය ; මම ප්‍රතික්ෂේප කරනවා. මම සේවය කරන්නේ ගිණුම් අංශයේ නෙවෙයි.
නීතිඥ ; ඔබ සේවය කරන තැන වංචාවක් වෙලා. ඔබ බලන්නේ ඇණවුම විතරයි
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නීතිඥ ; සහකාර අධ්‍යක්ෂකටත් චෝදනාවක් තිබෙන බව දන්නවද?
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; තොග පාලක ගොනුව සංසන්දනය කරලා තොගය භාර ගන්නවා. එය එසේ කරලද?
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඉන්වොයිස් තුනකට ඔබ අත්සන් කරලා.
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; මෙම නඩුවේ 25 ට ඉන්වොයිස් තුනක් ඔබ අනුමත කර තිබෙනවා.
සාක්ෂිකරු ; එසේය ස්වාමීනි
නීතිඥ ; පැ 377, 378, 380 කියන ලේඛන වලින් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් භාර ගැනීමට ඔබ අනුමැතිය දුන් අවස්ථා තුනක් ඔබ අවංකව හරියට එය කරලා තියෙනවා.
සාක්ෂිකාරිය ; ස්වාමීනි, මෙහි වරදක් තිබුනනම් පළමු තොගයේදී බලන්න ඕන
නීතිඥ ; භාණ්ඩ තොග වශයෙන් භාරගත් ඉන්වොයිස් තුනක්. මේ අවස්ථා තුනම ඔබ අනුමත කර භාරගෙන තිබෙනවා
සාක්ෂිකාරිය ; සංසන්දනය කර භාරගෙන තිබෙනවා රාජකාරිමය වශයෙන්
නීතිඥ ; එහෙමනම් ඔබගේ රාජකාරිමය ස්වභාවය ගැන සීඅයිඩී ගිය වෙලාවේ , භාණ්ඩ භාර ගැනීමේ කටයුත්ත කරන්නේ භෞතිකමය වශයෙන් ඒවායේ ගුණාංග පරීක්ෂා කරලද කියලා බැලුවද?
සාක්ෂිකාරිය ; සාම්පලය බලන්නේ පිරිවිතර විතරයි.
නීතිඥ ; ඔබට බැහැනේ! ඔය සාම්පලවල රසායනික තත්ත්වය බලන්න. ඊට පහසුකම් නැහැනේ
සාක්ෂිකාරිය ; ලිපි ලේඛන බලන්නේ එය තහවුරු කර ගැනීමට. මෙම ඖෂධ සමග co පත්‍රය එවලා
නීතිඥ ; මම කියන්නේ රසායනික මෙනුල පරීක්ෂා කරන්න බැරි එක. ලේඛන සමග භෞතික පරීක්ෂා කරනවා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; WR ලේඛනය ගැන විමසිලිමත් වුණා. ..... මැයි ජූනි වෙද්දි WR ගැන ඔබ ඇතුළු නිලධාරීන්ට පූර්ණ දැනුමක් දුන්නා.
සාක්ෂිකාරිය ; නැත ස්වාමීනි
නීතිඥ ; ඔබේ කට උත්තර වල කියා තිබුණා WR ගොනුව සමග එන්නේ WR හි ඡායාස්ථ පිටපතක් කියා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; spc සහ දේශීය සැපයුම් භාණ්ඩ වෙනම පරීක්ෂා කර පලපුරුද්ද තිබෙනවාද? විදේශීය රටකින් එන ඖෂධ භාර ගැනීමට පලපුරුද්ද තියෙනවද ?
සාක්ෂිකාරිය ; මතකයක් නැහැ
නීතිඥ ; WR විදේශීය සැපයුම් සඳහාද ? දේශීය ඖෂධ සඳහාද?
සාක්ෂිකාරිය ; ආයතනික ඖෂධ සඳහා
නීතිඥ ; ඔබේ ආයතනය තුළ WR නිසි ලෙස ක්‍රියාත්මක වුණාද කියා විමර්ශන වුණා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නීතිඥ ; ඔබෙත් වැඩ තහනම් කොට විනය පරීක්ෂණයක් තැබුවා WR පරීක්ෂාව ගැන
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; පස්වන විත්තිකරුටත් එවැනි පරීක්ෂණයක් තිබුනා කියා දන්නේ නැද්ද ?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී
නීතිඥ ; ඔබ පරීක්ෂණයට ගියේ කුරුකුලසූරිය නමැති රැකවල්කරු සමග. ඔහු පස්වන විත්තිකරුටත් ඉදිරිපත් වූ බව ඔබ දන්නේ නැද්ද?
සාක්ෂිකාරිය ; දන්නේ නැහැ ස්වාමීනි
නීතිඥ ; WR ගැන නිසි තහවුරු කර ගැනීමක් නොකළාය කියන එකට ඔබ නිදහස් කළාද?
සාක්ෂිකාරිය ; පරීක්‍ෂණ තවම යනවා
නීතිඥ ; ඔබ සේවයේ පිහිටෙව්වා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; ඔබට මතකද සුජිත් වසන්ත කුමාර නැවත සේවයට එනවා
සාක්ෂිකාරිය ; මුලදී දැනුවත්. දැන් දන්නෙ නැහැ
නීතිඥ ; ප්‍රියන්ත කස්තුරිසිංහත් වැඩ තහනමට ලක්වුණාද?
සාක්ෂිකාරිය ; මම වැඩ තහනමට ලක්වුණා. ඔහු ගැන මම දන්නේ නැහැ. මම ඔහු දන්නේ 2024/09 මාසය වනතුරු පමණයි. ඉන්පසු දන්නේ නැහැ
නීතිඥ ; ඔහුට පරීක්ෂණය තිබුණා කියලා දන්නෙත් නැද්ද?
සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනි
නීතිඥ ; spc යෙන් ලැබෙන ඖෂධ ඔබලා භාර ගත්තා.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නීතිඥ ; ඔවුන් සියලු පරීක්ෂා කිරීම් කරලා ඔබට තොග භාර දුන්නා.
සාක්ෂිකාරිය ; ඔව්
නීතිඥ ; එහි මිලදී ගැනීම් ආස්ථීන් වෙනස් වුණාද ?
සාක්ෂිකාරිය ; මට ඒ ගැන කිව නොහැකියි
නීතිඥ ; ආධාර දෙන ආයතන වලින් ඖෂධ දෙනවා නේද?
සාක්ෂිකාරිය ; ඒවාට msd නිලධාරීන් පත් කර තිබෙනවා
නීතිඥ ; මේ ප්‍රදානය කවදා කොහෙදී කලාද දන්නවද?
සාක්ෂිකාරිය ; දන්නේ නැහැ. ප්‍රදාන ලැබී තිබුණා
නීතිඥ ; එහි ප්‍රසම්පාදන අවස්ථා දන්නෙත් නැද්ද?
සාක්ෂිකාරිය ; නැහැ
නීතිඥ ; WR පදනම් වන්නේ ආයතනික ඖෂධ වලට
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නීතිඥ ; පැ 380 ඔබ විසින් අනුමැතිය පළ කරන ලද එකක්. එහි උෂ්ණත්වය කවරාකාරයෙන් ගබඩා කරන්නද කියා තිබුණේ?
සාක්ෂිකාරිය 2-8 ප්‍රමාණයෙන්
නීතිඥ ; පැ 330 පරීක්ෂා කළාද?
සාක්ෂිකාරිය ; ප්‍රශ්නයක් ඇත්නම් මුල් තොගය පරීක්ෂා කළ යුතුයි
නීතිඥ ; ප්‍රශ්නයක් ඇත්නම් ඉහලට පැමිණිලි කළ යුතුයි.
සාක්ෂිකාරිය ; මෙය භාර අධ්‍යක්ෂවරියක් සිටියා. ඇය නිවාඩු දිනක මෙය මා භාර ගත්තා නම් ඒත් ඇය වගකිව යුතුයි.
නීතිඥ ; ඔබත් සහකාර අධ්‍යක්ෂවරියක්. කොටු මුද්‍රාව යට ඔබත් අනුමැතිය පළ කර තියෙනවා.
සාක්ෂිකාරිය ; ඔව් තොගය භාර ගැනීම් කළා.
නීතිඥ ; ඔබ අධිකරණය ඉදිරියේ දිවුරා තිබෙනවා මේ ලේඛනවල අනුමැතිය දක්වා අත්සන මගින් නිරූපිත සියලු දේ නිවැරදි බවට අත්සන් කර අනුමැතිය දී තිබෙනවා.
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නීතිඥ ; රිටක්සිමැබ් ගැන කලෙත් එහෙමයි
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන කළෙත් ඒ වගේමයි
එකොළොස්වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අමිත ආරියරත්න හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.
නීතිඥ ; ඔබ දේශන පවත්වා තිබෙනවා
සාක්ෂිකාරිය ; ඖෂධ වේදය ඉගෙන ගන්න සිසුන්ට දේශන පැවැත්වුවා
නීතිඥ ; ඒ කියන්නේ ඉගැන්වීමට දන්නවා
සාක්ෂිකාරිය ; දායක වෙලා තියෙනවා
නීතිඥ ; ඔබට දැනුම තිබෙනවා ක්ෂේත්‍රය ගැන
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; අතිරික්ත කියන්නේ ඖෂධ තිබුණාම කල්ලිකුත් වීමද?
සාක්ෂිකාරිය ; අතිරික්ත කියන්නේ අනවශ්‍ය ලෙස ඇනවුම් කිරීමයි
නීතිඥ ; එහෙම හිතු හිතු විදියට ඇනවුම් කරන්න බැහැනේ. අතිරික්ත පැවතීම රජයට පාඩුවක් නේද?
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනි
නීතිඥ ; ඔබ දන්නවා සෑම ඖෂධයකටම අපේක්ෂිත ආයු කාලය. ආයතනික ඖෂධ වල ජීව කාලය සියයට අසූවක් දක්වා තිබිය යුතුයි.
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ; spc තොග නම් මාස 21 ක් දක්වා අපේක්ෂිත ආයු කාලය තිබිය යුතුයි.
සාක්ෂිකාරිය ; මට මතක මාස විසි හතරක් කියලයි.
නීතිඥ ; ඒ ඒ ඖෂධ ඇනවුම් කිරීමේදී ඒ ලයිෆ් එක ගැන තීරණය ගත යුතුයි
සාක්ෂිකාරිය ; ඖෂධ සපයා ගැනීම රජයේ වගකීමක්
නීතිඥ ; රටක ඖෂධ සැපයීම කළමනාකරණය නොවුනොත් මොකද වෙන්නේ?
සාක්ෂිකාරිය ; ඖෂධ නැතිවෙනවා
නීතිඥ ; ඖෂධ නැති වුනොත් මොකද වෙන්නේ? නරක ප්‍රතිවිපාක ඇතිවෙනවා
සාක්ෂිකාරිය ; එය වෙලා ස්වාමීනි
නීතිඥ ; ඔබ F 1, F0 කියලා සිස්ටම් එකක් ගැන දන්නවද?
සාක්ෂිකාරිය ; first expire , first out කියලා නම් දන්නවා
නීතිඥ ; මම අදහස් කලේ කලින් ලැබෙන ඖෂධ කලින් පිට කළ යුතුයි කියලයි.
සාක්ෂිකාරිය ; මට හරියට මතක නෑ.
නීතිඥ ; short expiary කියලා හඳුනා ගත්තොත් කළමනාකරණය කරනවා.
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; අතිරික්ත වෙලා අහක දැම්ම කියලා දැනගන්න තියෙනවද?
සාක්ෂිකාරිය ; එසේ දැනගන්න නැහැ
නීතිඥ ; ඖෂධ කළමනාකරණයේදී Risk management කරනවා
සාක්ෂිකාරිය ; එය ක්‍රමවේදයකට කළ යුතුයි
නීතිඥ ; ඔබ දන්නවා ලෝකල් පර්චස් කියන්නේ මොනවද කියලා
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි, ප්‍රාදේශීය මිලදී ගැනීම්
නීතිඥ ; ඖෂධ හිඟනම් මිලදී ගන්න අවසර දෙනවා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නීතිඥ ; රිටක්සිමැබ්වල රාජකාරිය පැවැරිලා තිබුණේ ඔබට
සාක්ෂිකාරිය ; තොග පාලන නිලධාරියාට. ඔහු අත්සන් කළ පසුවයි මම නිර්දේශ කරන්නේ.
නීතිඥ ; දැන් ඔහු කෝ?
සාක්ෂිකාරිය ; මගේ සේවය අත්හිටවන කොට ඔහු ලංකාවේ නැහැ
නීතිඥ ; කස්තුරිසිංහට ප්‍රොන්ටෝ පද්ධතියට ඇතුල් විය හැකිද?
සාක්ෂිකාරිය ; පුළුවන් ස්වාමීනී
නීතිඥ ; ප්‍රධාන තොග පාලකට ඇතුල් වියහැකිද?
සාක්ෂිකාරිය ; මම දන්නේ නැහැ
නීතිඥ ; ඇයි හැංගෙන්නේ?
සාක්ෂිකාරිය ; තරයේ ප්‍රතික්ෂේප කරනවා.
නීතිඥ ; මොකක්ද?
සාක්ෂිකාරිය ; හැංගෙනවා කියන එක
නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ දන්නා කරුණු නොදන්නා බව අඟවා අධිකරණය නොමග යවන බව.
සාක්ෂිකාරිය ; ප්‍රතික්ෂේප කරනවා
නීතිඥ ; මම අහන්නේ නන්දන බණ්ඩාරට පද්ධතියට පිවිසිය හැකිද කියලයි
සාක්ෂිකාරිය ; පුළුවන්කම තිබුණා
නීතිඥ ;ඔබටත් පිවිසිය හැකියි.
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී
නීතිඥ ; පැ 400 අත්සන කස්තුරිගෙ නේ. ඔහු මේ ලේඛන සකස් කලේ තොග පරීක්ෂා කිරීමට හැකියාව තිබියදී. ඔහු අධිකරණයේ කොතැනක හෝ ඉන්නවාද?
සාක්ෂිකාරිය ; නැත ස්වාමීනී
නීතිඥ ; Recommend by කියා අත්සන් කළේ ඔබ. ඔබ සාක්ෂි දෙනවා
සාක්ෂිකාරිය ; එසේය ස්වාමීනී
නඩුව යළි (31) දින විභාගයට ගැනේ .



