The trial concerning the fraudulent procurement of Human Immunoglobulin—a scandal involving the misappropriation of over Rs. 140 million in public funds—has reached a critical juncture. Heard before the Colombo Permanent High Court at Bar against twelve accused, including former Health Minister Keheliya Rambukwella, yesterday’s proceedings exposed the complete breakdown of the state procurement mechanism alongside glaring contradictions in the testimonies of high-ranking officials.
The extensive cross-examination of Savinda Cooray, a former Assistant Director of the Medical Supplies Division (MSD) and Acting General Manager of the State Pharmaceuticals Corporation (SPC), by Deputy Solicitor General (DSG) Lakmini Girihagama served as a prime example of these discrepancies. Through meticulous questioning, the prosecution systematically constructed a compelling logical argument, highlighting the massive disparity between statutory financial regulations and the arbitrary conduct of public officers.
The witness’s questionable stance regarding the authorization of public funds was starkly demonstrated during a pivotal exchange:-
Deputy Solicitor General: “Whose approval must the accounting authority obtain for recurrent expenditures?”
Witness: “The approval of the Treasury Secretary is required. It is stated by the Chief Accounting Officer in Financial Regulation 66/4 (a).”
Deputy Solicitor General: “Can such expenditures be incurred before receiving that authority?”
Witness: “No, My Lord.”
Deputy Solicitor General: “Who possesses that authority?”
Witness: “The Treasury Secretary or the Deputy Secretary.”
This testimony established the witness’s clear awareness of the Treasury Secretary’s ultimate authority over the disbursement of state funds. However, a profound logical contradiction emerged as he revealed acting in direct opposition to this legal framework. When asked whose authorization he relied upon to utilize Expenditure Head 1204, the witness replied, “The Health Secretary’s.” Furthermore, when questioned whether there was any legal impediment to acting upon that alternative approval, he asserted, “One must act upon it, My Lord.” This response completely fractured his initial admission regarding mandatory Treasury approval. Consequently, the witness’s attempt to justify executing unlawful orders from administrative superiors, despite his full knowledge of statutory regulations, unequivocally collapsed.
second grave inc-onsistency arose concerning drug stock control and the issuance of purchase orders. The prosecution probed the critical necessity of assessing existing inventory, leading to the following admission:
Deputy Solicitor General: “Are the stocks on hand and the pending stocks important?”
Witness: “Yes, we issue purchase orders based on those stocks. If they are sufficient for several months, we should not place new orders.”
Deputy Solicitor General: “If an order is placed regardless, does it incur a loss?”
Witness: “Yes, My Lord. The drug stocks will accumulate, causing a financial loss to the State.”
Despite possessing a lucid understanding of this financial detriment to the national health system, the witness’s subsequent actions were entirely contradictory. Acting on a directive signed by Additional Secretary Dr. Herath and instructions from the Director General, the witness proceeded to issue purchase orders for 181 drug items—completely ignoring both the stocks currently on hand and those pending delivery. This revelation explicitly exposes how an official, who indisputably acknowledges the resulting financial damage, facilitated the devastation of national wealth merely to comply with a top-down administrative directive.
Compounding these arbitrary decisions, the proceedings further underscored the severe dysfunction within the broader administrative apparatus. It was revealed that this very witness, who was suspended in September 2024 for failing to verify the accuracy of Waiver of Registration (WR) documents, was conspicuously reinstated to state service in 2026. Conversely, another key official implicated within the same division, Priyantha Kasturiarachchi, is currently reported to be abroad. These contrasting circumstances raise serious suspicions regarding the varying tactics employed by state officials facing investigative scrutiny.
Ultimately, the professional conduct of an experienced Assistant Director—a qualified pharmacist accustomed to managing formal audit queries—has been subjected to severe judicial scrutiny. While written laws and financial regulations stand clear, these glaring contradictions conclusively demonstrate how state funds were manipulated at the mere whim of high-ranking Health Ministry officials. Whether these actions constitute a mere administrative lapse or a consciously orchestrated financial crime is a determination that will be solidified as the trial proceeds.
නඩු වාර්තාව
2026/07/27
ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීම, රුපියල් කෝටි 14 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ (27) යළි විභාගයට ගැනිණි
එහිදී පස්වන දිනටත් සාක්ෂි දීම සඳහා කැඳවනු ලැබ තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු ප්‍රධාන ඝණකාධිකාරී සහ ඖෂධ සංස්ථාවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී සවින්ද කුරේය.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම සාක්ෂිකරුගෙන් තවදුරටත් පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසුවාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පුනරාවර්තන වියදම් සඳහා ගණන් තැබීමේ බලධාරියා විසින් කාගේ අනුමැතිය ලබා ගත යුතුද?
සාක්ෂිකරු ;භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය අවශ්‍යයි. මුදල් රෙගුලාසි 66/4 අ හි ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියා කියා තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අධිකාරී බලය ලැබෙනකල් එවැනි වියදම් කළ හැකිද?
සාක්ෂිකරු ;නොහැකි ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ බලය තිබෙන්නේ කාටද?
සාක්ෂිකරු ; භාණ්ඩාගාර ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ට
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; හයවන චූදිත ගෙන් අනුමැතිය ලබා ගනිද්දී spc ආයතනයේ මුදල් වලින් වියදම් කර තිබුණා. ඊට අවසර තිබුණාද?
සාක්ෂිකරු ; නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;ඔබ 391 වැය විෂය භාවිතා කරද්දී ඔබට අවසර ඇති ලේඛනයක් තිබුණාද?
සාක්ෂිකරු; නැහැ ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 66/4 අ මුදල් රෙගුලාසිය කෙරෙහි අවධානය යොමු කළා. එහි සඳහන් කාරණ ගැන කටයුතු කිරීමට පෙර ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරී විසින් භාණ්ඩාගාර ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ගෙන් අවසර ලබා ගත යුතුද ?
සාක්ෂිකරු; ඔව් වැය විෂය වැඩසටහන් හා ව්‍යාපෘති යන කරුණු දෙකක් තිබෙනවා. ව්‍යාපෘතියක වැඩ ගැනයි 4/අ හි කියැවෙන්නේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 3/4 ගැන අවධානය යොමු කලාම 1-64 දක්වා පිටුවල අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබුනේ පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම් සිදුකිරීමට.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කැබිනට් මණ්ඩලය විසින් ICL මුදල් ගණනය කර ඉතිරිය පුද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීමට පැ 314 න් ගන්න කියලා ඔබ කිව්වද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 313 යටතේ ගැනුම් ඇණවුම් වලට ගෙවීමට අවසර ගැනීම කියන කාරණාවට අදාළව මේ සාකච්ඡාවේදී යම් කරුණක් ඉදිරිපත් වුණාද?
සාක්ෂිකරු ; නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ අවසර ඉල්ලු පැ 391 ට අදාළව අවසර ලැබුණේ නැහැ කියා ඔබ කිව්වද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ වැඩසටහන සම්බන්ධයෙන් 1204 වැය විෂය පාවිච්චි කළේ කාගේ අවසර ඇතිවද?
සාක්ෂිකරු ; සෞඛ්‍ය ලේකම්ගේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ අවසර මත කටයුතු කිරීමට නීතිමය බාධාවක් තිබෙනවාද?
සාක්ෂිකරු ; ඒ මත කටයුතු කළ යුතුයි ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැප්තැම්බර් 26 කැබිනට් පත්‍රිකාව ගැන අමාත්‍ය මණ්ඩලය දුන් තීරණය අනුව ඔක්තෝම්බර් 31 අනුමැතිය දුන්නා යැයි කීවාද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 339 ලේඛනයේ ඇනෝම් ලැයිස්තුවට අවධානය යොමුු කරන්න. 10 චූදිතට පැ 339 පෙන්නුවා
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඔබෙන් ඇහුවා මේ ප්‍රසම්පාදනයට අදාළ SR අංක හැර අනික් ඒවා ගැන
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගමගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් ඇය මෙසේද කීවාය
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඔබේ සේවා කාලය තුළ වෛද්‍ය සැපයීම ඒකකයේ කී වතාවක් සේවය කළාද?
සාක්ෂිකරු ; අවස්ථා දෙකකදී ස්වාමීනී. 2011 වසරේ මුලින්ම එහි සේවය කළා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ වන විට ඔබ සුදුසුකම් සපුරා සිටියාද?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනී, මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඖෂධ වේදි උපාධිය සම්පූර්ණ කර සිටියා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2011 වසරේ සේවය කළේ මොන අංශයද?
සාක්ෂිකරු ; සහකාර අධ්යක්ෂ අංශයට. විගණන විමසුම් සඳහා පිළිතුරු සකසා සහකාර අධ්‍යක්ෂකට ඉදිරිපත් කිරීම මගේ රාජකාරිය වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි කොපමණ කල් සේවය කළාද?
සාක්ෂිකරු ; 2017 වර්ෂය දක්වා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දෙවැනි වර එහි මොන අංශයටද ආවේ?
සාක්ෂිකරු ; තත්ත්ව පාලන අංශයට වැඩ බලන සහකාර අධ්යක්ෂ ලෙස
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි රාජකාරිය කුමක්ද?
සාක්ෂිකරු ; වට්ටෝරු සමාලෝචන කමිටුවේ ස්වාමීනි
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; තවත් රාජකාරී කළාද? ඒ මොනවද.?
සාක්ෂිකරු ; ප්‍රමිතියෙන් අඩු ඖෂධ withhold කරන්න වාර්තා සකස් කළා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද ඒ ගැන චක්‍රලේඛ නිකුත් කළේ
සාක්ෂිකරු ; අධ්යක්ෂ ජනරාල්වරයා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් අංශයේ අය ඒ ගැන දැනුවත් වෙන්නේ කොහොමද?
සාක්ෂිකරු ; රජයේ රෝහල්වලින් ප්‍රමිතියෙන් අඩු ඖෂධ ගැන පැමිණිලි එනවා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ කියන චක්‍රලේඛය නිකුත් කළේ ඒ නිසා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; රසායනාගාරයේ නිකුත් කරන quality log එකට අදාල පරීක්ෂණ සිදුවෙනවද ?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි, වෛද්‍ය සැපයීම අංශයෙන් අදාල ලේඛනය නිකුත් කරනවා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; චක්‍රලේඛ ආයතන වෙත යවන්නේ කෙසේද?
සාක්ෂිකරු ; තැපෑලෙන් යවනවා ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පද්ධතිය හරහා යවන්න බැරිද?
සාක්ෂිකරු ; සැකසෙමින් පැවතුනා. එය නිරන්තර යාවත්කාලීන කරමින් උත්සාහා කලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඉන්පසු ඔබ කොතැනද සේවය කළේ?
සාක්ෂිකරු ; ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ, ඉන්පසු යලිත් වෛද්‍ය සැපයීම් අංශයේ. ඖෂධ සහකාර අධ්යක්ෂ ලෙස වැඩ භාර ගත්තා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2020 අග භාගය වෙද්දි සහකාර අධ්යක්ෂවරු කීදෙනෙක් සිටියද?
සාක්ෂිකරු ; මමත් තව එක් අයකුත්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කොපමණකල් රාජකාරි කළාද?
සාක්ෂිකරු ; 2023 වසර දක්වා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ හා අනෙක් සහකාර අධ්යක්ෂ ශාන්තිනී මහත්මිය අතර වැඩ බෙදී තිබුණේ කොහොමද
සාක්ෂිකරු ; ගබඩා අප දෙදෙනාට පවරා තිබුණා. මට 8,910,21 හා නාමික ඖෂධ යන ගබඩා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සහකාර අධ්යක්ෂ වශයෙන් ඔබට යම් රාජකාරියක් තිබුණද?
සාක්ෂිකරු ; ඔව් ඖෂධවේදීන් හරහා ඖෂධ ඇනවුම් සකස් කිරීම, ඇනවුම් නිකුත් කිරීම ඒ වගේම ඒවා භාර ගැනීමේ වැඩ කටයුතු තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොග පාලන නිලධාරීන් ගැන ඔබට ඇති වගකීම කුමක්ද?
සාක්ෂිකරු ; තොග පාලන නිලධාරීන් ලැයිස්තු හැදුවම ඒවායේ පුරෝකතන නිවැරදිද කියලා බැලිය යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇනවුම් කරද්දි ඒවා බලනවද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇනවුම් හැදීමේ වගකීම කාගෙද?
සාක්ෂිකරු ; ශාන්තිනී මහත්මියගේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ නිර්දේශ නිවැරදිද කියලා බලා පාවිච්චි කළ මූලාශ්‍ර කුමක්ද?
සාක්ෂිකරු ; පරිගණක පද්ධතිය ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊළඟට යන්නේ කොතැනටද
සාක්ෂිකරු ; තොග පාලන අංශයට
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ නිවැරදිව වෙලාවට අනුගත වෙලා යවනවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇනවුම් හදන්නෙ කවර කාලයකද?
සාක්ෂිකරු ; සාමාන්‍යයෙන් වසර මුල
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වාර්ෂික ඇනවූමකින් කොපමණ ඇණවූම් කරනවද?
සාක්ෂිකරු ; මුළු වර්ෂයටම. අපට තියෙන ප්‍රමාණ මදි නම් අතිරේක ඇනවුමක් දැමිය හැකියි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පවතින තොග මදි නම් කුමක්ද කරන්නේ?
සාක්ෂිකරු ; අතිරේක ඇනවුමක් දමනවා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇණවුමක් කරද්දි කාල සටහනක් ක්‍රියාත්මක වෙනවද?
සාක්ෂිකරු ; ඔව් ඒක අවශ්‍යයි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම කාලය තොගය ලබා ගැනීමේදී වැදගත් වෙනවද?
සාක්ෂිකරු ; ඖෂධයක තොගය ශුන්‍ය වීම වැනි කාරණා සඳහා එය වැදගත්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 270 ලේඛනය ගැන ඔබට යම් රාජකාරියක් තිබුණද?.
සාක්ෂිකරු ; ඔව් එයට අනුව ප්‍රධාන තොග නිලධාරි හා ඖෂධ වේදීන් එක්ව මාසයකට අඩු ඖෂධ ලැයිස්තුවක් හැදුවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ ඇයි?
සාක්ෂිකරු ; පැ 270 හි සඳහන් වෙනවා මාස 2 ක ප්‍රමාදයක් පවතින බව
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ වෙනුවෙන් ලැයිස්තුවක් හැදුවේ ඇයි?
සාක්ෂිකරු ; ස්වාමීනී, පෙන්ඩින් ඕඩරයේ බලන්න එපා කියනව නම් අපට ජාතික තලයේ තොග බලන්නත් බැහැ. මාසයකුත් දවසක් තියෙන ඖෂධ ලැයිස්තුවට ගන්නත් බැහැ. මෙහි සඳහන් වන්නේ spc ඇණවුම්වල මාස දෙකක ප්‍රමාදයක්. එවිට ජාතික තලයේ ඖෂධ හිඟ වෙන්න පුළුවන්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ නිසා ඔබලා පැ 270 ප්‍රකාරව ලැයිස්තුවක් හැදුවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි ප්‍රධාන තොග නිලධාරී සහ ඖෂධවේදීන් එක්ව හැදුවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහිදී යම් ප්‍රශ්නයක් වුණාද?
සාක්ෂිකරු ; ඖෂධය ලැයිස්තු සැකසීම පිළිබඳව නිවැරදිද බැලීමට පද්ධතිය හරහා බැලුවා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ නිර්දේශවලට එකඟ නොවුන අවස්ථා තිබුනද?
සාක්ෂිකරු ; ඔව් එවිට මම යළි පරීක්ෂා කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 210 පරිදි ඔබ නිකුත් කළ ඒවා ගත්තා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කවුද ගත්තේ?
සාක්ෂිකරු ; චන්දන විජේසිංහ මහතා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; (පැ 303 ලේඛනය පෙන්වයි)
මේ ඔබ නිර්දේශ කල ලැයිස්තුවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එයට අනුමැතිය ලැබුණාද? චන්දන විජේසිංහ මහතා අත්සන් කළාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 270 ඔස්සේ සකස් කරන ලද පැ 260 ලේඛනය ඔබ දැක තිබේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලිපිය අත්සන් කර ඇත්තේ කවුද?
සාක්ෂිකරු ; අතිරේක ලේකම් වෛද්‍ය හේරත්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම ලැයිස්තුව හරහා එව්වාද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ඖෂධය කුමක්ද?
සාක්ෂිකරු ; රිටක්සිමැබ්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි නිර්දේශය අවශ්‍ය වුණාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ ගැන පැ 260හි සඳහන්ද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබලා නිකුත් කළ මේ ලැයිස්තුවට අනුමැතිය ලැබුණාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ පිරිවිතරයට ඔබ ඉන්වොයිස් එක බැලුවද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 173 ලේඛනයේ තිබෙන අත්සන කාගෙද?
සාක්ෂිකරු ; ප්‍රියන්ත කස්තුරිආරච්චි මහතාගේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔහු කොපමණ කලක් සිටියාද?
සාක්ෂිකරු ; 2020 සිට
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොග පාලන අංශයේ ඔබේ සේවය අවශ්‍ය වන්නේ කවදද?
සාක්ෂිකරු ; 2024/09/27 දා මම වැඩ තහනමකට ලක්වුණා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇයි ඒ කවුද එය කළේ?
සාක්ෂිකරු ; සෞඛ්‍ය ලේකම් විසින්. WR ලේඛන නිර්වද්‍යතාව පරීක්ෂා කළේ නැහැ කියලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; නැවත ඔබ රාජ්‍ය සේවයට අනුයුක්ත කළේ කවදද?
සාක්ෂිකරු ; 2026 දි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ කාලයේ ප්‍රියන්ත කස්තුරි ආරච්චි සේවයේ සිටියාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ඉවත්වනතුරු සිටියාද?
සාක්ෂිකරු ; නැහැ. ඔහු විදේශගත වුණා කියා ආරංචියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දැනට ඔහු ඉන්නේ විදේශගතවද?
සාක්ෂිකරු ; එහෙම ආරංචියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 305 ලේඛනය හඳුනාගත හැකිද?
සාක්ෂිකරු ; ඔව් එය හේරත් වෛද්‍ය තුමා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබට එම ලේඛනය ලැබුනාද?
සාක්ෂිකරු ; සහකාර අධ්යක්ෂ වශයෙන්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි උපදෙසක් තිබේද?
සාක්ෂිකරු ; ඔව් එහි ඔහු සඳහන් කර තිබෙනවා කැබිනට් අනුමැතියට යටත්ව ඖෂධ 184 ක් තෝරා ඇති බව.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ ඖෂධ 181 මගින් කුමක් කරන්නද කියා තිබෙන්නේ?
සාක්ෂිකරු ; V කැටගරියට යටත්ව තිබූ ලැයිස්තු MSD Vහෝ EOI අංක යටතේ පැමිණෙන තොග සඳහා ඇනවුම් නිකුත් කරන ලෙසයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මීට පෙර V කැටගරිය යටතේ නිකුත් කළාද?
සාක්ෂිකරු ; එක අවස්ථාවක නිකුත් කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; spc එක ඊට පෙර V කැටගරි එක යටතේ ඖෂධ නිකුත් කළේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයීම අංශයේ තොග පාලන ඒකකයට මේ සම්බන්ධ ලියුම ලැබුනාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ අවස්ථාවේ අයිතම 181 ක් තෝරා ගත්තේ ඇයි?
සාක්ෂිකරු ; ඔව් එය විශේෂ අවස්ථාවක්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 305 හඳුනා ගත හැකිද?
සාක්ෂිකරු ; පුළුවන් එය මට ලැබී තිබෙනවා. සහකාර අධ්යක්ෂ (ඖෂධ) වෙත නිකුත් කළ එකක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අදාල තොග පාලන නිලධාරීන්ට වෛද්‍ය සැපයුම් අංශයේ. අධ්යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි ඖෂධ නිකුත් කරන්න කියලා තියෙනවා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අත ඇති තොගයත්, ලැබීමට නියමිත තොගයත් නොසලකා හරින්න කියා තිබෙනවා.
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අත ඇති තොග හා ලැබීමට නියමිත තොග වැදගත් ද?
සාක්ෂිකරු ; ඔව්, එම තොග අනුවයි අපි ඇනවුම් නිකුත් කරන්නේ. ඒවා මාස කිහිපයකට ප්‍රමාණවත් නම් අප ඇනවුම් කළ යුතු නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එසේ ඇනවුමක් කළොත් පාඩු ද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ කොහොමද?
සාක්ෂිකරු ; එයින් ඖෂධ තොගය ගොඩ ගැහෙන හෙයින් රජයට පාඩු වෙනවා.
නඩුව යළි අද දිනයේ (28) කැඳවීමට නියමිත අතර සාක්ෂිකාරියගෙන් තවදුරටත් සාක්ෂි ලබා ගැනීමට නියමිතය.



