Latest Posts

Undue Favoritism Towards Isolez Biotech Pharma: Crucial Revelations in the Fake Medicine Trial

The trial concerning the massive financial fraud that plunged Sri Lanka’s healthcare sector into a severe crisis has reached a critical juncture before the Permanent High Court at Bar in Colombo. The case revolves around the fraudulent supply of counterfeit Human Immunoglobulin and Rituximab, which resulted in the misappropriation of approximately Rs. 140 million from the government’s Consolidated Fund.

Ongoing testimonies in the case, filed by the Attorney General against twelve defendants including former Health Minister Keheliya Rambukwella, continue to expose severe negligence and gross procedural violations within the financial administration of the Ministry of Health.

Questionable Procurement and Financial Irregularities

At the hearing held on Friday the 17th, the cross-examination of the primary witness—former Chief Accountant of the Medical Supplies Division (MSD) and Acting General Manager of the State Pharmaceuticals Corporation, Savinda Cooray—by both defense counsel and the Deputy Solicitor General cast grave doubt on the integrity of the entire pharmaceutical procurement process.

The blatant violation of public financial regulations, specifically the issuance of multi-million rupee cheques without verifying supplier identities and the unjust granting of procurement priorities, was the primary focal point of the debate.

Challenging the financial coding process, Defense Counsel Nuwan Gunawardena argued that the payments were drawn from consolidated funds allocated for development projects, rather than standard administrative expenditure heads. He highlighted glaring discrepancies in company names and addresses during the approval of expenditures and the issuance of cheques.

"Refer to page 392 of file 93. The letterhead states 'Isolez Biotech Pharma AG LTD.' However, the Goods Received Note (GRN) bears 'Isolez Biotech Pharma,' and the invoice reads 'Isolez Biotech Pharma AG.' Did you not notice at a glance that these addresses and directors differ?" — Defense Counsel Nuwan Gunawardena

In response, the former Chief Accountant stated that his primary focus was strictly limited to the invoice number and the purchase order.

"As legal structures such as parent companies and group companies can exist, I did not consider the discrepancies in addresses. Because the purchase order and the voucher matched, I issued the cheques to that name." — Savinda Cooray

When questioned about the failure to verify the recipient’s identity upon handing over the cheques, the witness defended his actions by asserting that the cheques were crossed, thereby preventing third-party encashment and posing no apparent financial risk.

Judicial Scrutiny and Prosecutorial Intervention
However, judicial scrutiny intensified when High Court Judge Viraj Weerasuriya intervened, making a profound observation regarding public financial discipline.

"Is it acceptable to only verify the voucher while ignoring an apparent discrepancy on the face of the GRN?" — Judge Viraj Weerasuriya

The judge emphasized that under public financial management regulations, the entire board of officials, including the Chief Accounting Officer (the Secretary to the Ministry of Health), is strictly bound to identify and rectify such lapses.

The most decisive turning point in the trial emerged during the cross-examination by Deputy Solicitor General (DSG) Lakmini Girihagama. Presenting documentary evidence, she demonstrated that the company supplying the counterfeit drugs had flagrantly violated procurement conditions and delivery schedules, yet was treated with blatant bias.

Building a formidable argument before the High Court, the DSG directly challenged the witness:

"According to the purchase order, these drugs should have been supplied on December 7, 2022. But according to the GRN, the items were received five months later. Although the required quantity was 2,250 units, only 1,100 were received. Did you not grant this company priority without imposing any penalties, despite their complete default on the delivery schedule? Isolez Biotech Pharma should have been subjected to a fine. Did you fine them?" — DSG Lakmini Girihagama

The witness conceded before the court that while the company should have been penalized, no fine was ever recovered.

The Aftermath and Next Steps

These testimonies unequivocally reveal that behind one of the most devastating pharmaceutical scams in Sri Lankan history lies not only the forgery of legal documents but also the deliberate circumvention of state financial regulations and procurement laws. The prosecution’s compelling arguments confirm that the willful blindness of financial officers toward procurement delays and corporate name discrepancies paved the way for this massive financial fraud.

In light of these grave developments, the three-member High Court bench ordered the trial to be adjourned until July 20.

නඩු වාර්තාව
2026/07/17

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ව්‍යාජ ඖෂධ ලබා දී රුපියල් කෝටි 14කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා  14ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ඊයේ (17) යළි විභාගයට ගැනිණි

එහිදී සිව්වන දිනටත් සාක්ෂි සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු ප්‍රධාන ඝණකාධිකාරී සහ ඖෂධ සංස්ථාවේ වැඩ බලන  සාමාන්‍යාධිකාරී සවින්ද කුරේ කැඳවා තිබිණි.

හයවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ගුණවර්ධන සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න නැගූ අතර එහිදී ඔහු මෙසේද කීවේය.


නීතිඥ ; පැ 391 ලේඛනයේ සම්බන්ධ වැය ශීර්ෂය ගැන විමසුවා. වැය විෂය අංක ගත කිරීමක් කර තිබෙනවා. එහි කේත අතර III යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශය

නීතිඥ ; ඒ කියන්නේ ආයතනික කේතය

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; 2 කියන්නේ කුමක්ද? 

සාක්ෂිකරු ; වැඩසටහන. වැඩසටහන් දෙකයි තියෙන්නේ.මෙහෙයුම් හා පරිපාලන එකක්. අනෙක සංවර්ධන

නීතිඥ ; මෙහි තියෙන්නේ සංවර්ධන පමණයි

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඊළඟ කේතය කුමක්ද?

සාක්ෂිකරු ; 25 ව්‍යාපෘතිය

නීතිඥ ; ඊළඟට ඇත්තේ උප ව්‍යාපෘතිය සඳහන් කේතයයි

සාක්ෂිකරු ; 1204 යනු වැය විෂයයි

නීතිඥ ; මෙය කුමක් සඳහා එන වැය විෂයක්ද?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම්

නීතිඥ ; 11 කියලා එකක් තියෙනවා ඒ කුමක්ද?

සාක්ෂිකරු ; වැය විෂය සඳහා වන මූල්‍ය කාරණයයි

නීතිඥ ; ඒ අනුව MSD මගින් මුදල් ගෙවන්නේ රජයෙන්ද?

සාක්ෂිකරු ; ඒකාබද්ධ අරමුදලේ මුදල්වලින්

නීතිඥ ; විදේශ ආධාර ණය කියන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; අපේ රටට විදේශ රටවලින් ලැබෙන ණයයි

නීතිඥ ; එවැනි අවස්ථාවක ණය මුදලක් ලැබුණොත් මේ අංකය කුමක් විය යුතුද?

සාක්ෂිකරු ; බොහෝ විට 12 විය යුතුයි. 

නීතිඥ ; 12 කියන්නේ විදේශ ආධාර/ ප්‍රධාන කියන්නේ කුමක්ද කියා පැහැදිලි කරන්න

සාක්ෂිකරු ; විදේශ රටකින් දෙන ප්‍රදානයක් විය හැකියි

නීතිඥ ; ප්‍රතිපූරණය කළ යුතු විදේශ ආධාර ප්‍රදාන ලැබෙන ඒවාත් මෙවැනි මුදල් විය හැකිද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී 11 වෙන්න බෑ

නීතිඥ ; පැ 391 අත්සන් කරද්දි එහි නිර්දේශ ක්‍රියාත්මක කළායින් පසුව අධ්‍යක්ෂ ( MSD) වෛද්‍ය වික්‍රමනායක නිර්දේශ කර අත්සන් කර තිබෙනවා. සෞඛ්‍ය ලේකම් අනුමත කර තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; වැය විෂය යටතේ ඇති ගෙවීමක් අනුමැතිය සඳහා වන ක්‍රමවේදය පැ 391 යටතේ ඇති කාර්යයමද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට පමණක් අදාළ එකක්ද වෙනවා. සියලු සැපයුම්කරුවන්ට අනුමැතියක් ලබාගත් එකක්ද ඒ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි,

නීතිඥ ; රිටක්සිමැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වලට අදාල ඉදිරිපත් කරන ලද ඖෂධ වල කේතාංක වෙනස්. ඔබට පෙර අත්සන් කළ නිලධාරියෙක් නිසා මේ කේතාංක වෙනස්ව ඇති බව සාකච්ඡා කළාද?

සාක්‍ෂිකරු ; අනුමත කිරීම පමණයි කළේ

නීතිඥ ; ගෙවීම් සහතික කිරීමට අදාළව සහතික කරන නිලධාරී විසින් වව්චර් දක්වා මෙම 391 ලේඛනය යටතේ අනුමැතිය ලබාගෙන තිබෙනවා. එසේ කිරීමේදී අනුමත නොවන පදනම යටතේ කටයුතු කර තිබෙනවා

සාක්ෂිකරු ; අප එවිට 13 ප්‍රකාරව පරීක්ෂා කර බලා එම මුදල්, නිවැරදිදැයි බලනවා. 

නීතිඥ ; ඔය කියන කරුණ ලේඛනගත කලාද?

සාක්ෂිකරු ; වව්චරයට අදාළ උපලේඛනය මගින් ඒ බව තහවුරු වෙනවා.

විනිසුරු විරාජ් වීරසූරිය; 

විනිසුරු ; ඔබේ රාජකාරි කාලය තුළ එසේ ප්‍රමුඛත්වය දී කටයුතු කළ අවස්ථා තිබේද?

සාක්ෂිකරු ; ඔව් එහෙම විශේෂ අනුමැතිය ලබා දුන් අවස්ථා තිබෙනවා. එය සාමාන්‍ය දෙයක්

සභාපති විනිසුරු ;ප්‍රශ්නය තේරුම් අරන් උත්තර දෙන්න

නීතිඥ ; 74 ගොනුවේ 318 ලේඛනයට අවධානය යොමු කරන්න. එහි දෙක පිටුවේ කොන්දේසි මාලාවක් ඇති බව ඔබ පැවසුවා.

 සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි ; 

විනිසුරු ; පැ 318 ලිපියේ දිනය කවදාද?

සාක්ෂිකරු ; 2022/10/02 

විනිසුරු ; පැ 313 ට සෞඛ්‍ය ලේකම් අත්සන් කළ දිනය කවදාද?

සාක්ෂිකරු ; 2022/11/06 

විනිසුරු ; 318 4 ට සටහන් යොදා නැහැ

සාක්ෂිකරු ; නැහැ ඉදිරිපත් කළා පමණයි

නීතිඥ ; 318 ට ආයතනික මට්ටමින් මුදල් ගෙවන්න කියන කාරණය ඇතුල් වෙලා නැහැ.

සාක්ෂිකරු  ; නැහැ ස්වාමීනී. එය මුදල් රෙගුලාසි වල සිදුවන ක්‍රියා පටිපාටියක්

නීතිඥ ; ඔබ සහතික කිරීමේ නිලධාරියා වශයෙන් ඖෂධ භාරදීමේ සිට ගෙවීම් සඳහා සහතික කිරීම දක්වා ICL ක්‍රියාවලිය සඳහා පොදු එකක්ද?

සාක්ෂිකරු ; ICL කියලා එකක් නැහැ. ක්‍රම දෙකටම කටයුතු කළා

නීතිඥ ; වීරමන් ක්‍රියා පටිපාටිය කියන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; වැය විෂයක ඉතිරි මුදල තවත් වැය විෂයකට මාරු කිරීමේ ක්‍රියාවලියක්

නීතිඥ ; ආයතනික මට්ටමින් වෙන්න පුළුවන්ද?

සාක්ෂිකරු ; ඔව් ඒක ඊට එහාට ගිහින් මුදල් අවශ්‍ය තැනට යෙදවිය හැකි ක්‍රියාවලියක්

නීතිඥ ; එතකොට 318 තියෙන තත්ත්වය හිතකරද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නීතිඥ ; ගෙවීම් සහතික කරද්දී WR ඉදිරිපත් කරන අයයි ඒ ගැන අභ්‍යන්තර විනය පරීක්ෂණයකුත් තියෙනවා නේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා AG වෙත සම්බන්ධ ප්‍රදානයක් නිකුත් කළා. කියා දන්නවද?

සාක්ෂිකරු ; ගෙවීම් ඇනවුමක් නිකුත් කලා

නීතිඥ ; ප්‍රසංපාදන තීරණ සහ සහතික කිරීමේ ක්‍රියාවලි සිදුු කළාද?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝ ෆාමා ආයතනයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකළා.

නීතිඥ ; එතකොට ඖෂධ සැපයුම්කරුට ඖෂධ ලබා දෙන ප්‍රදානයන් හිඳී  සෞඛ්‍ය ලේකම් එම ප්‍රදානය දුන් ලිපියක් දුන්නාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඔබ ගැනුම් ඇණවුම පරීක්ෂා කර බැලුවාද?

සාක්ෂිකරු ; නාමය  මුහුණතේ දී හරිද බලනවා

නීතිඥ ; හැබැයි ගෙවීම් සහතික කරද්දි අදාල සමාගමේ විස්තර ඇතුළත් කළාද?

සාක්ෂිකරු ; ඇමුණුමේ ඇති සම්පූර්ණ ලේඛණයට ලැබෙන ප්‍රධානයන් ඇතුළත් කළා

නීතිඥ ; 93 ගොනුවේ පැ 392 බලන්න. එහි ලිපි ශීර්ෂය අයිසොලස් බයෝටෙක් ෆාමා AG LTD 

සාක්ෂිකරු ; අත්සන පෙනෙනවා. director බැලූ බැල්මට RD රෝලන්ඩ් වගේ පෙනෙන්නේ.

නීතිඥ ; එතකොට ඒ ජී ලිමිටඩ් කියලා තියෙන්නේ ලිපිනය 251 A තිබෙනවා. මුද්‍රාවට පහළින් AG රෝලන්ඩ් අයිසොලෙස් බයෝ ෆාමා AG LTD කියලා තියෙනවා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; 379 කියන්නේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සඳහා මිනිට් දමා එවන ලද ලේඛනයක්. 337A කියලා ගෙවීමේ වව්චර් ගැන සාක්ෂි ලබා දුන් ඒවා සැකසීමේදී GRN Invoice පරීක්ෂා කරනවා කියලා. 

නීතිඥ ; 335 A කියන GRN එක බලන්න

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා  කියලා තියෙනවා. 336 A ඉන්වොයිස් එකේ ලිපි ශීර්ෂය තියෙන්නේ. අයි සොලෙස් බයෝ ටෙක්ෆාමා  AG කියලයි. එහි අත්සන් කර තිබෙන්නේ GS ග්‍රෙගරි ඩිරෙක්ට වගෙයි පේන්නේ. ලිපිනය තිබෙන්නේ 251/1A කියලයි

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; බලන්න ඔබ විසින් ගෙවීම් වව්චරය සහතික කරන අවස්ථාවේදී අවබෝධයක් තිබුණද කුමන ආයතනයක් නමින්ද මෙම ඉන්වොයිස් එක දීලා තියෙන්නේ කියලා


සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා AG කියලා මම තහවුරු කර ගත්තා.

නීතිඥ ; ඒ කොහොමද ?

සාක්ෂිකරු ; GRN මගින්

නීතිඥ ; ප්‍රසංපාදන කටයුත්තෙන් පසු GRN දීම සාමාන්‍ය දෙයක්

සාක්ෂිකරු ; මම තහවුරු කලේ ගැනුම් ඇණවුමෙන්

නීතිඥ ; එහි දෝෂ පරීක්‍ෂණය කළේනැද්ද?

සාක්ෂිකරු; මම ගැනුම් ඇණවුම පරීක්ෂා කළා

නීතිඥ ; 392 පරීක්ෂා කලාම ලිපින 2ක් ආයතන 2ක්  කියල දැක්කේේ නැද්ද?

සාක්ෂිකරු ; මම බලන්නේ ඉන්වොයිස් නම්බර් එක ස්වාමීනී. මව් සමාගම, ශාඛා සමාගම් වැනි කරුණු පැවතිය හැකි නිසා ඒ ගැන හිතුවේ නැහැ.

විනිසුරු විරාජ් වීරසූරිය ; වව්චර් පමණක් බලන එක GRN එකේ බැලූ බැල්මට වෙනසක් පෙනෙන්න තියෙද්දි නොසලකා හැරීම හරිද?

සාක්ෂිකරු ; මව් සමාගම, සමූහ සමාගම් වගේ ඒවා තියෙන්න පුලුවන්. ඒ නිසා ඉන්වොයිස් එක පමණක් බැලුවා.

විනිසුරු ; නිවැරදි කිරීමක් කර ගත්තාද?

සාක්‍ෂිකරු ; ඔව් ගැනුම් ඇනවුම අනුරූපයි ස්වාමීනි. ගැනුම් ඇනවුම මේ නමට ගෙවලා තියෙන්නේ

විනිසුරු ;   ගැටලුවක් වෙලා කියලා වාර්තා වෙලා තිබුණද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

විනිසුරු ; විගණනය වෙන්නේ කොහොමද?

සාක්ෂිකරු ; වාර්ෂිකව රජයේ විගණන සිදුවෙනවා

විනිසුරු ; ජාතික විගණන ආයතනය විගණනය කරද්දී මේ සිද්ධිය වෙනම විගණනය වුණාද?

සාක්ෂිකරු ; විගණන විමසුම් ආවා. අධීක්ෂණය කළා

විනිසුරු ; රාජ්‍ය මුදල් පරිපාලනය, නීති රීති රෙගුලාසි අනුව කළමනාකරන කටයුතු සිදුවීම විගණනය වෙනවද?

සාක්ෂිකරු ; ජාතික විගණන ආයතනය යම් යම් දේවල් විගණනය කරනවා

විනිසුරු ; රෝගීන්ට ලබාදීමට පෙර ඖෂධ පරීක්ෂා කරන්න අවශ්‍ය බව කතා කරනවද?

සාක්ෂිකරු ; නිරන්තර එවැනි විමසුම් එනවා ස්වාමීනි

නීතිඥ ; දැරිය හැකි මිලකට බෙහෙත් ලබා ගැනීම ගැන ඔබලා දැනුවත් කරනවද?

විනිසුරු ; දැරිය හැකි මිලකට බෙහෙත් ලබා ගැනීම ගැන ඔබලා දැනුවත් කරනවද? මේ කාරණය ගැන රටේ විශාලම ආයතන විගණනය ඉදිරිපත් කර තියෙනවද නැද්ද යන්න ගැන අවබෝධයක් නැද්ද? ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරී කවුද?

සාක්ෂිකරු ; සෞඛ්‍ය ලේකම්තුමා

විනිසුරු ; අඩුපාඩු සොයා බලා කරන්න ඕන කවුද? 

සාක්ෂිකරු ; ප්‍රධාන ගණන් දීම ඇතුළු සියලු දෙනා

විනිසුරු ; ගෙවීම් කරද්දි ආයතන දෙකේ වෙනස දැක්කේ නෑ

සාක්ෂිකරු ; ගැනුම් ඇනවුම හා වව්චරයේ මුහුණත බැලුවේ

නීතිඥ ; පැ 392 සඳහන් නම හා ගැනුම් ඇනවුම එහි සමාගම හා GRN අතර වෙනස්කම් දැක්කේ නැද්ද?

සාක්ෂිකරු ; මෙතන වෙනස්කම් තියෙනවා. නමුත් දෙකේම ඉන්වොයිස් සමාන නිසා වෙනස්කම් නොසලකා කටයුතු කළා

නීතිඥ ; පැ 18 චෙක් පත් ලිව්වේ අයිසොලෙස් බයෝටෙක් ෆාමා AG වෙත. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; සමාන වගේ පෙනුනත් 392 ඒ හි නෛතිකව වෙනස්.

සාක්ෂිකරු ; මම චෙක්පත නිකුත් කලේ. වව්චරයේ නමට

නීතිඥ ; පැ 393 A කියන වව්චරයේ චෙක්පත භාර ගන්නේ කවුරුහරි අත්සන් කරලද?

සාක්ෂිකරු ; ඔව් එහි ඉංග්‍රීසි A හා J අකුරු සහතික නමක් තියෙනවා

නීතිඥ ; ඝනකාධිකාරීවරයෙක් වශයෙන් රජයේ ආයතනයක යම් මුදලක් නිකුත් කරද්දී , තහවුරු කරගන්නේ නැද්ද?

සාක්ෂිකරු ; චෙක් පත් ලේඛනයේ තොරතුරු සටහන් කළා. 

නීතිඥ ; අනන්‍යතාව තහවුරු කිරීම වැදගත්

සාක්ෂිකරු ; නැහැ චෙක් පත රේඛණය කොට ඇති බැවින් කවුරු අරන් ගියත් එහි සඳහන් නම පමණයි ගිණුම්ගත කළ හැක්කේ.

නීතිඥ ; මෙතන සමාගමකට අයත් එකක් නම් කවුද චෙක්පත රැගෙන යා යුතු?

සාක්ෂිකරු ; අදාළ සමාගමේ නියෝජිතයෙක්. හැඳුනුම්පත් අංකය දුරකථන අංකය ඇතුළු විස්තර සටහන් කර චෙක්පත රැගෙන යනවා. 

නීතිඥ ; පැ 392 හි අධ්‍යක්ෂ රෝලන්ඩ් කෙනෙක්. පැ 343 A හි AJ කියලා වෙනම කෙනෙක්. චෙක්පත භාර දෙද්දී කළ යුතු කරුණු අසම්පූර්ණයි. මෙම චෙක්පත භාරගන්නේ කවුද?

සාක්ෂිකරු ; අත්සන් කරලා භාරගෙන ඇති පුද්ගලයා මතක නැහැ

නීතිඥ ; 93 ගොනුවේ 394 ලේඛනයේ ලිපි ශීර්ෂය 391 අතර නම වෙනස්. ඊට අදාලව 2022 ඉන්වොයිස් එක 341 A ට වඩා වෙනස්. 394 හි 341 අධ්‍යක්ෂවරු බැලූ බැල්මට වෙනස්.

නීතිඥ ; ඔබ සහතික කිරීමෙන් පසු චෙක්පත නිකුත් කළාද?

සාක්ෂිකරු ; ගෙවීම් වවුචරය ප්‍රකාරව invoice/ වව්චර් / GRN සමාන නිසා ඒ නමට නිකුත් කළා 

නීතිඥ ; චෙක් පත භාර  ගැනීමේදීත් අසම්පූර්ණව පුරවලා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; පැ 349 ලෙස සහතික කළ ගෙවීම් වව්චරය වෙනත් නමක්.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

විනිසුරු ; මේකෙ වව්චර දහතුනක් තියෙනවා. කාටද ඒ ඉන්වොයිස් දහතුනක්. 

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා AG ට 

විනිසුරු ; නමට වෙනස්කම් තිබුණත් ඊට අදාළ චෙක් පත් නිකුත් වී තිබෙනවා. පැ 20 හි GRN හා වව්චරයේ සඳහන් නමට වඩා වෙනස් නමකට චෙක්පත නිකුත් කළ හැකිද?

සාක්ෂිකරු ; බැහැ ස්වාමීනි

විනිසුරු ; ඝනකාධිකාරී කෙනෙක් ලෙස එහි නෛතික තත්ත්වය කුමක්ද?

සාක්ෂිකරු ; අපි ගෙවීම් කළ යුතු කෙනාමයි ගෙවන්නේ.

නීතිඥ ; නමේ වෙනසක් තියෙනවද

සාක්ෂිකරු ; ඔව් O අකුරක් අඩුයි ස්වාමීනී

නීතිඥ ; ඉන්වොයිස් පත ලබා දුන්නා නම් ඉන්වොයිස් පත හා වව්චරය සමාන විය යුතුයි.නමුත් චෙක් පත නිකුත් කරලා.

සාක්ෂිකරු ; ඔව් ගිණුමට බැර කළා

නීතිඥ ; ඔබ කියන්නේ ගැටලුවක් නැහැ කියලද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. ගැටලුවක් තිබුණා නම් චෙක් පත රිජෙක්ට් වෙනවා. එසේ වෙලා නැහැ

නීතිඥ ; චෙක්පත  ලිවීමේ දී යම් ප්‍රතිපාදන දක්වා තිබෙනවාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. ලියද්දි වවුචරයට අනුකූල විය යුතුයි. පුළුවන් තරම් දකුණු පසින් ඇරඹිය යුතුයි. වෙනත් කරුණු ඇතුළත් කළ නොහැකි වන සේ.

නීතිඥ ; ඔබේ රාජකාරී දුරකථනයට ලැබුණ කෙටි පණිවිඩ හා ඇමතුම් ගැන ප්‍රශ්න කළා. ඔබ කිව්වා රාජකාරියේදී එවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; මොනවද සැපයුම්කරුගෙන් කතා කරලා ඉල්ලන්නේ?

සාක්ෂිකරු ; මුදල් ලැබිලද චෙක්පත ලබා දෙනවද කියන එක තමයි. බැංකුවට දෙන්න ලියුම් ඉල්ලා ගන්නවා. 

නීතිඥ ; මේ ගැන සීඅයිඩී ප්‍රකාශයේ සඳහන් කළාද?  

නීතිඥ ; පැ 20 දරන චෙක්පත පිළිබඳ සාක්ෂි දුන්නා. ඔබේ දැනුම අනුව පැ 20 අභ්‍යන්තර විමර්ශනයක් පැවැත් වුනාද?

සාක්ෂිකරු ; මම සෘජුව  ඊට සම්බන්ධ නැහැ. එවැන්නක් තිබෙන බව විමර්ශනයෙන් දැනගත්තා

නීතිඥ ; විගණන ගැන කිව්වා පැ 20 චෙක්පත් ආදායකගේ ගිණුමට මෙම චෙක්පත බැරවීමට අදාළ යම් හෝ විගණන යම් හෝ සඳහන් වීමක් වුණාද?

සාක්ෂිකරු ; නිශ්චිත මතකයක් නැහැ ස්වාමීනි

නීතිඥ ; ඔබ දින ගණනක් මේ අධිකරණයේ ගෙවීම් සම්බන්ධව සාක්ෂි දුන්නා. එකී ගෙවීම්වල නීත්‍යානුකූල හෝ නිත්‍යානුකූල නොවන ද ප්‍රශ්න තිබුණා.

සාක්ෂිකරු ; විගණන වාර්තාවක් තිබුනා නිශ්චිතවම දන්නේ නැහැ

7 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අරවින්දු මහතුගේ ආරච්චි සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. 

නීතිඥ ; 337 A තුල නිලධාරීන් දෙදෙනෙක් අනුමත කරනවා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; මෙම වව්චර් පත සහ 335 A දරන GRN පත ඉන්වොයිස් කළ යුතුයි

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; 335 A , 335 A සමග සසඳා ද නිලධාරීන් වව්චර පත් සහතික කළේ 

සාක්ෂිකරු ; ඔව් මුහුණත නම් තහවුරු වුණා ස්වාමීනී

නීතිඥ ; වව්චර් පත, GRN හෝ ඉන්වොයිස් පත සසඳද්දී ගැටලු සහගත තත්ත්වයක් ඇතිවුණාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නීතිඥ ; පැ 303 හා 339 ගිණුම් සාරාංශය ප්‍රකාරව ගෙවීම් උපලේඛනය ප්‍රකාරව ගෙවීම් සිදුකර තිබෙනවා.

සාක්ෂිකරු ; නිලධාරියකුගේ වාචික උපදෙස් මත මිලියන 50 ගෙවා තිබෙනවා

නීතිඥ ; ලිඛිත අනුමැතිය සෞඛ්‍ය ලේකම්ගේ තිබෙනවා නේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 1 - 55 දක්වා ලේඛන විස්සක් සලකුණු කළා. පැ 392 ලෙස සටහන් කර ඇති ලිපිය ගැන අවධානය යොමු කළා. ශීර්ෂය නොව ඉන්වොයිස් අංකය යටතේ ගෙවීම් කළා කිව්වා. ගෙවීම් උපලේඛණය ඔබ හඳුනා ගත්තා. ඊට අදාලව ගොනු කළ වව්චර් පැ 337 A , පැ 335

සාක්ෂිකරු ; අදාල BRN පතෙන් අයිතම 550ක් ලබා දී තිබෙන දිනය 2023 මැයි 11 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ගැනුම් ඇනවුම පැ 347 ඔබ හඳුනා ගත්තා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ අයිතමය ලබාදිය යුතු කවදාද?

සාක්ෂිකරු ; 2022 දෙසැම්බර් 7

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; GRN පත අනුව අයිතමය ලැබී ඇත්තේ කවදාද?

සාක්ෂිකරු ; මාස පහකට පසුව.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022 දෙසැම්බර් 7 දින ලබාදිය යුතු අයිතම ගාන කීයද  ?

සාක්ෂිකරු ; 2250 යි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ලැබුණේ කීයද?

සාක්ෂිකරු ; 1100 යි 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා AG ලබාදිය යුතු වූ ඖෂධ ඒකක ගණන කීයද? 

සාක්ෂිකරු ; 22500 යි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; ඩිළිවරි ෂෙඩියුල් එකේ දිනය කවදද?

සාක්ෂිකරු ; 2023 ජනවාරි 23දා 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; දඩ ගෙවීම්වලින් තොරව ප්‍රමුඛතා දුන්නා. 

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 346 A 1 න් රිටක්සිමැබ් වලට අදාල ගැනුම් ඇණවුම ප්‍රකාරව මෙම වවුචරය සකස් කළාද.? අයිසොලෙස් බයෝටෙක් ෆාමා දඩයකට යටත් විය යුතුද?

සාක්ෂිකරු ; යටත් විය යුතුයි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දඩ ගැහුවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නඩුව යළි, ජූලි 20 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

Latest Posts

spot_imgspot_img