The ongoing trial concerning the fraudulent procurement of substandard medicines, an issue that has severely unsettled the national health sector, continued before the Colombo Permanent High Court at Bar. The case, filed by the Attorney General against twelve individuals including former Health Minister Keheliya Rambukwella, centers on the misappropriation of nearly Rs. 140 million through the importation of fake Human Immunoglobulin and Rituximab.

Yesterday’s proceedings predominantly focused on the testimony and subsequent cross-examination of a key witness, Mr. Savinda Cooray, the former Chief Accountant of the Medical Supplies Division and the Acting General Manager of the State Pharmaceuticals Corporation. The testimonies meticulously dissected the financial processes, voucher approvals, and relevant state circulars tied to these massive disbursements.
The Prosecution’s Examination Tracing the Link Between Documents and Disbursements
Led by Deputy Solicitor General Lakmini Girihagama, the prosecution sought to establish a direct correlation between the preparation of vouchers, payment approvals, and the specific timelines of the transactions. During the examination-in-chief, the prosecution rigorously questioned the witness on the approval process for a substantial Rs. 44 million payment.
The critical exchange unfolded before the court as follows:
- Deputy Solicitor General: Regarding the approval received on September 1, 2023, as per P-386-5, was a payment schedule prepared to disburse Rs. 44 million?
- Witness: Yes, My Lord. It is included on page 26.
- Deputy Solicitor General: Was a cheque issued for this payment?
- Witness: Yes, My Lord.
- Deputy Solicitor General: Please direct your attention to voucher 399.
- Witness: By the time the funds were to be disbursed, that voucher had been received by the accounts division. The payment was not made.
- The Defense Strategy: Decentralization of Responsibility and Statutory Safeguards
Representing the second accused, former Medical Supplies Division Director Dr. Kapila Wickramanayake, Attorney-at-Law Asela Serasinghe anchored his cross-examination on a clear legal strategy. The defense aimed to demonstrate that the ultimate authority and responsibility for authorizing massive payments rested with higher-ranking officials. Furthermore, the defense emphasized that Dr. Wickramanayake was abroad during critical periods and established that the acknowledgment of goods via a Good Received Note and the actual execution of payments were two distinct administrative processes.
- Defense Counsel: Receiving goods at the Medical Supplies Division is one process, while processing payments for them is another. A voucher must be prepared for every payment. Who are the authorizing officers, and what are their respective financial approval limits?
- Witness: For amounts under Rs. 25 million, it is the Director. Between Rs. 25 million and Rs. 40 million, it is the Deputy Director. For amounts exceeding Rs. 40 million, it requires the approval of the Director General of Health Services or the Ministry Secretary.
Following this, the defense counsel strategically directed the court’s attention to disbursements that far exceeded the Rs. 40 million threshold. This leveraged the witness’s admission that such substantial payments necessitated authorization from the highest levels of the health administration.
- Defense Counsel: Shouldn’t some of those payments have obtained the approval of the Director General of Health Services? Could you identify such a voucher if you saw the original?
- Witness: Yes, if I see the original. [Upon inspecting the document] Yes, the number is 0000000271, and the pending list number is 3453.
- Defense Counsel: There are vouchers directed to the Director General of Health Services in the 2V 39 list, are there not?
- Witness: Yes, My Lord. For instance, voucher 0000670182, valued at Rs. 742 million. The Director General of Health Services has signed it.
The Cabinet Paper Dispute and Judicial Intervention
A highly contentious moment arose during the trial when the defense questioned the witness regarding the Indian Credit Line and the pertinent cabinet decisions. Deputy Solicitor General Girihagama raised strong objections when the defense counsel asserted the existence of two separate cabinet papers governing these procurements.
Intervening to defuse the courtroom tension, the President of the High Court bench clarified the legal standing on the matter. The presiding judge explained that in the event of two overlapping circulars, the provisions of the most recently issued circular take precedence. He further noted that since the second cabinet paper explicitly utilized the broader phrasing “under the Indian Credit Line or other funds,” administrative actions could be legally justified under those parameters.
This rigorous cross-examination underscores how the delegation of financial authority and the hierarchical chain of approvals within the Medical Supplies Division will be pivotal in determining the final verdict. As the witness is scheduled to continue giving evidence today, the legal fraternity and the media remain highly anticipatory of further revelations regarding the structural anatomy of this unprecedented institutional fraud.
නඩු වාර්තාව
2026/07/15
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයන් දොළොස් දෙනෙකුට එරෙහිව ව්‍යාජ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි දාහතරකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය ඇතුළු චෝදනා 14 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරන ලද නඩුව (15) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ යළි විභාගයට ගැනිණි.
එහිදී තවදුරටත් සාක්ෂිය සඳහා කැඳවා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු ප්‍රධාන ඝණකාධිකාරී සහ ඖෂධ සංස්ථාවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී සවින්ද කුරේය.
තවදුරටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු මෙසේද කියා සිටියේය.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; පැ 386 5 පරිදි 2023/09/01 දින අනුමැතිය ලැබුණ කිව්වනේ. ඒ අනුව රුපියල් මිලියන 44 ක් ගෙවීමට ශෙඩියුල් හැදුවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. එය 26 පිටුවට ඇතුළත්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ පේමන්ට් ශෙඩියුල් එක අනුව පැ 349 වව්චරයට ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ පැ 397 shedule එක සහ ගොනුවේ 349 වව්චරය භාවිතා කර තිබෙනවා. ඒ අනුව 346 හැඳිනිය හැකිද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 350 ට අවධානය යොමු කරන්න එය සහතික කළාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 350 සඳහා අමුණා එවන ලද 2V 35 , 2V 39 ලේඛන හඳුනාගත හැකිද?
සාක්ෂිකරු ; ඔව් පුළුවන් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 346 A අදාළ කර ගෙවීම් කරන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; පුළුවන්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම ගෙවීමට චෙක්පතක් නිකුත් කළාද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 399 ට අවධානය යොමු කරන්න ( පිටු අංක 55)
සාක්ෂිකරු ; එයට මුදල් ගෙවන අවස්ථාවේ එම වව්චරය ගිණුම් අංශයට ලැබිලා තිබුණා. ගෙවීම් කරලා නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 363 බලන්න. එහි ඔබේ අත්සන තිබේද?
සාක්ෂිකරු ; නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; පැ 396 සංඛ්‍යාවක් ඇතුළත් වෙලා තියෙනවා. එය ජුනි හය ලැබිලා තිබෙන්නේ.
සාක්ෂිකරු ; පැ 329 - 7 සටහන අනුව ඔව්.
දෙවන වග උත්තරකාර වෛද්‍ය සැපයීම ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහල සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥ ; දැනටත් ඔබ වෛද්‍ය සැපයීම ඒකකයේ ප්‍රධාන ඝනකාදීකාරිද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනි දැන් ගබඩා අංශයේ ප්‍රධාන ඝණකාධිකාරී
නීතිඥ ; ඔබ MSD කටයුතු කළේ කවර කාලයකදී ද?
සාක්ෂිකරු ; 2020 අවසානයේ සිට 2024 දක්වා
නීතිඥ ; ඔබ තනතුරට සුදුසුකම් සපුරා තිබෙනවද?
සාක්ෂිකරු ; වරලත් ගණකාධිකාර , intermediate level සමත්ව වරලත් ඝණකාධිකාරී ආයතනයට බැඳුණා. ඒ අනුව විවෘත විභාගයෙන් සමත්ව ඝණකාධිකාරී පත්වීම් ලැබුවා. පශ්චාත් උපාධියක්ද ලබා තිබෙනවා.
නීතිඥ ; මොකෙක්ද පශ්චාත් උපාධිය
සාක්ෂිකරු ; ව්‍යාපාර කළමනාකරන උපාධිය ස්වාමීනි
නීතිඥ ; රාජ්‍ය සේවා දුරාවලිය සඳහා විභාගවලට පෙනී සිටියාද?
සාක්ෂිකරු ; ඔහු ස්වාමීනී කාර්යක්ෂමතා කඩයිම් විභාගයට පෙනී සිටියා.
නීතිඥ ; ඔබ නීති රෙකුලාසි අධ්‍යයනය කර ඇති නේද?
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී. ප්‍රධාන වශයෙන් මුදල් රෙගුලාසි
නීතිඥ ; ඔබ දෙවැනි චූදිත කපිල වික්‍රමනායක වෛද්‍යවරයා හදුනනවාද
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔබ MSD එකට ආවේ කොයි කාලෙද?
සාක්ෂිකරු ; 2020 අන්තිමේ
නීතිඥ ; ඊට පෙර කොහෙද හිටියේ??
සාක්ෂිකරු ; මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රත්නපුර මහ රෝහල, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජනකාධිකාරී සැපයීම්, 2018-2020 මිනින්දෝරු දෙපාර්තමේන්තුව
නීතිඥ ; 2023 MSD සිටියදී ඔබේ දුරාවලී ස්ථානය කුමක්ද?
සාක්ෂිකරු ; ඝනකාධිකාරී සේවා විභාගය සමත්ව සංක්‍රාන්ති කාලයක ඉන්න වුණා. 2015 දි class 1 එන්න පුළුවන් වුණා. class 2 ඉදලා 1 එකට දින කිහිපයකින් එන්න ලැබුණා. තනතුර ලැබුණේ 2018 දී.
නීතිඥ ; වෛද්‍ය සැපයී අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක 2022 ජනවාරියේ වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදයට ගියා
සාක්ෂිකරු ; ඔව් ඔහු විදේශගත වුණ බව දන්නවා
නීතිඥ ; ඔහු පුහුණුව අවසන් කර 2020 දි ආපසු පැමිණි බව දන්නවද?
සාක්ෂිකරු ; ආපසු පැමිණි බව දන්නවා. නමුත් දින වකවාණු දන්නේ නැහැ.
නීතිඥ ; 2020 ජනවාරි 03 සිට දෙසැම්බර් 15 දක්වා වෙනත් මහත්වරු තමයි අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කළේ.
සාක්‍ෂිකරු ; ඔව්
නීතිඥ ; 2023 දි යම් රාජකාරි ගැන පැහැදිලි කිරීම් කළා.
සාක්‍ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; ඝණකාධිකාරී ලෙස සාමාන්‍ය ක්‍රියාවලිය තමයි ඒ පැහැදිලි කරගත්තේ
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; 2020 - 21 කාලයේ ඔබ රාජකාරි කළෙත් ඔය විදිහටම වෙන්න ඇති
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; 2023 වසරේ ඔබ වව්චර් හා ගෙවීම් ගැන කතා කළාද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; එහි ලැබෙන භාණ්ඩ සඳහා ගෙවීම් ප්‍රධාන ඝණකාධිකාරී හරහා සිදුවුණා
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; භාර ගැනීම් වලට වෙනම නිලධාරීන් ඉන්නවද.?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; නිසි පරිදි ගබඩා ගත කළාය කියන එක තහවුරු කරගත යුතුයි. ඒ සඳහා තමයි GRN ( good receive note ) දෙන්නේ
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; එය සැකසෙන්නේ ගබඩා ගත කළාය කියන තැනයි. GRN මගින් භාණ්ඩ නිසි ලෙස තැන්පත් වීය යන තහවුරුව දෙනවා.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඊට අමතරව ඉන්වොයිසියක් ලැබෙනවා
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; භාණ්ඩ MSD එකට භාර ගැනීම එකක්. ඒවාට ගෙවීම් කටයුතු කිරීම තව කාරණයක්. සෑම ගෙවීමකටම වව්චර පත්‍රයක් සෑදිය යුතුයි. ඒවා එකම පොදු ආකෘති පත්‍රයක්.
සාක්ෂිකරු ;
නීතිඥ ; එය සකස් කරන්න, පරීක්ෂා කරන්න, නිර්දේශ කරන්න, අනුමත කරන්න ඕන
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; අනුමත කිරීමේ නිලධාරීන් කවුද? ඔවුන්ට අනුමත කළ හැකි මුදල් ප්‍රමාණයක් කොපමණද?
සාක්ෂිකරු ; රුපියල් මිලියන 25 ට අඩු නම් අධ්‍යක්ෂ මිලියන 25 - 40 අතර නියෝජ්‍ය අධ්‍යක්ෂ මිලියන 40 ට වැඩි නම් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හෝ අමාත්‍යාංශ ලේකම්
නීතිඥ ; 74 ගොනුවේ පැ 313 මුල් ලේඛනය සාක්ෂිකරුට පෙන්වයි
ඔබ අත්සන් කර ඇති මෙම ලේඛනය ගැන කටයුතු කරපු අයගේ තොරතුරු කියන්න
සාක්ෂිකරු ; CAMSD ලෙස මම අත්සන් කළා, සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය දක්වා අත්සන් කර තිබෙනවා. මට පෙර එකවුන් සප්ලයි අත්සන් කර තිබෙනවා
නීතිඥ ; ඔබ අවිධිමත් එකක් ඉහල නිළධාරීන්ට යවන්නේ නැහැ නේද?
සාක්ෂිකරු ; වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඉහළට යවලා අහගන්නවා ස්වාමීනී
නීතිඥ ; යම් විශේෂිත කරුණක් ඇත්නම් එය යවන්න අධ්‍යක්ෂගේ අනුමැතිය ඉල්ලා ගන්න පුළුවන්.මෙම ලේඛනයේ දිනය 2022-11-22. ඒ කපිල වික්‍රමනායක මහතා විදේශගතවී සිටි කාලය නේද.?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; සෞඛ්‍ය ලේකම් approve කළ කරුණු තුනක් තියෙනවා.
1 ගෙවීම් - ICL හෝ වෙනත් මූලාශ්‍ර
3 වැන්න ගැනුම් ඇනවුම් නිකුත් කරන මිලදී ගැනීම් ගිවිසුම් හා කාර්ය සහාය සුරක්ෂාව නොමැතිව ගැනුම් ඇණවුම් ගැනීමට අනුමැතිය දී තිබීම.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; 2023 වසරේදී ඔබේ රාජකාරී කටයුතුවලට අදාලව යම් කටයුතු තිබුණා. 92 ගොනුවේ පැ 391 ඔබේ අවධානය යොමු කළා නේද?
සාක්ෂිකරු ; ඔව් එය ප්‍රධාන කළමනාකාර සහායක එවපු එකක්
නීතිඥ ; එහි නිර්දේශ හා අනුමැතිය ඉල්ලලා තිබුණා පැ 391 මගින් ඉල්ලීම් නිර්දේශ කර ඉහළට දන්වා තිබුණා. අවසන් වශයෙන් අමාත්‍යාංශ ලේකම් ගේ අනුමැතිය ලැබුණා
නීතිඥ ; 90 ගොනුවේ වව්චර පත් රාශියක් තියෙනවා නේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; එහෙම වෙලාවක කාටද වාර්තා කරන්නේ?
සාක්ෂිකරු ; සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන වව්චර් තිබුනා කියා මා යෝජනා කරනවා
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; තවත් වවුචර් හතරක් 93 ගොනුවේ ඔබේ අවධානයට යොමු වුණා. එහි පැ 344 ඉන්වොයිස් පත්‍ර 4 ක් තිබෙනවා. මේ සැපයුම්කරුවන්ට ලබා දුන් ඒවාද?
සාක්ෂිකරු ;ඔව් ස්වාමීනී
නීතිඥ ; 343 ඔබ සහතික කළ එකක්. එහි චෙක් පත මුදා හැර තිබෙනවා. 349 කියන්නෙත් එවැනි ඒවා
සාක්ෂිකරු ; ඔහු ස්වාමීනී
නීතිඥ ; 343, 343 AI , 341 A , 346 A , යන ඒවාත් එහෙමයි. ඒ සියල්ලම මුදල් රෙකුලාසි ප්‍රකාරව සහතික කළ ඒවා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; ඒවා රිටක්සිමැබ් ඖෂධයට අදාළ ඒවා කියා මම යෝජනා කරනවා.
සාක්ෂිකරු ; එය පමණක් නෙවෙයි ඖෂධ විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් භාණ්ඩ භාරගෙන ගෙවීම් කර තිබෙනවා.
නීතිඥ ; මේ EOI ක්‍රම දෙකම අනුවයි. 92 ගොනුවේ පැ 391 අනුමැති අරන් හෝ මිලදී ගැනුම් ඖෂධ 158 වෙනුවෙන් ගෙවීම් සඳහා ඔය යටතේ ගෙවීම් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ් ආදිය සඳහා ගෙවූ ඒවා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නීතිඥ ; 64 ගොනුවේ 2V 39 බලන්න
සාක්ෂිකරු ; මේක ගැන මට පැහැදිලි විස්තරයක් කළ නොහැකියි
නීතිඥ ;එහි වෛද්‍ය ජී විජේසූරියගේ අත්සන හා මුද්‍රාව තිබෙනවා
සාක්ෂිකරු ;1 සිට 45 දක්වා ලැයිස්තුවක් තිබෙනවා
නීතිඥ ; මෙම 2 V 39 ලේඛනයේ GRN වව්චර් ආදී තොරතුරු තිබෙනවා. මේ ඖෂධ 45 ම ගත්තම ඒ ගෙවීම්ද ඔබ පැහැදිලි කළ ගෙවීම් විය යුතුයි.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; අර සමහර ගෙවීම් වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ගත යුතුයි නේද? එවැනි වවුචරයක් දැක්කොත් හඳුනාගන්න පුළුවන්ද?
සාක්ෂිකරු ; මුල් පිටපත දැක්කොත් පුළුවන්
(මුල් පිටපත පෙන්වයි) ඔව් මෙහි අංකය 0000000271 පොරොත්තු ලේඛන අංකය 3453
නීතිඥ ; ඔය ඉන්වොයිස් එකට අදාල ලේඛණය 2V 39 අංක 24 ද කියලා බලන්න
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; එතකොට 2V 39 වගේ අවස්ථා ගණනාවක් තිබිය හැකියි
සාක්ෂිකරු ; 64 ලේඛනයේ සංඛ්‍යා ගණනක් තිබෙනවා. අගය ගත්තම මිලියන 40 වඩා වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය වෙනවා.
නීතිඥ ; අනුමැතියට වවුචර් යවන්නේ නැහැ නේද? එය මුදල් රෙගුලාසි වලට පටහැනියි කියා මම යෝජනා කරනවා.
සාක්ෂිකරු ; එය MSD යට දුන්න බලයක්
නීතිඥ ; 2V 39 තියෙන වවුචරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට යොමු කරන වව්චර් තිබෙනවා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී, 0000670182 , වටිනාකම මිලියන 742 ක් . සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අත්සන් කරලා.
නීතිඥ ; මෙයට අවසාන අනුමැතිය 2V 39 ලැයිස්තුව ගෙවීම අනුමත කරලා. එකම ක්‍රමවේදයකට කරලා තියෙන්නේ.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔබට අවබෝධයක් තිබේද ICL ගැන
සාක්ෂිකරු ; ආරම්භ කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් විදේශීය සැපයුම්කරුවන්ගෙන් තොරතුරු ලැබුණා.
නීතිඥ ; ඉන්දියානු සැපයුම්කරුවන්ගෙන් සෘජුව මිලදී ගැනීම් පහසුකම් ලැබුණා. එම මුදල බැංකුවේ තැන්පත් කළ හැකියි. නමුත් මේ ගොනුවට සම්බන්ධ තැනැත්තා ක්‍රියා කර තිබෙන බව පෙනෙනවා.
සාක්ෂිකරු ;කොහොම කළත් සැපයුම්කරුට චෙක් පතකින් ගෙවනවා. ප්‍රමුඛතා ගෙවීම් වලට ඉල්ලුම් කළ අයත් හිටියා.
නීතිඥ ; ඒ ගැන ලියුම් එවන අයත් ඇති
සාක්ෂිකරු ;ඔව්
නීතිඥ ; වෙන සැපයුම්කරුවන් වුණත් එහෙමයි
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; අත් මුදල් ගැනීමට චෙක්පත් නිකුත් කළ හැකිද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නීතිඥ ; මම යෝජනා කරනවා ICL හා වෙනත් අරමුදල් ඖෂධ සපයා ගැනීමට අවස්ථාව තිබූ බවට මම යෝජනා කරනවා.
සාක්ෂිකරු ; මම ඒ කැබිනට් පත්‍රිකාව බලන්න ඕනා.
නීතිඥ ; ඒක දැකල තියෙනවද?
සාක්ෂිකරු ; ඒක පරීක්ෂා කර පිළිතුරක් දිය යුතුයි.
නීතිඥ ; 2020 නොවැම්බර් එක කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බව මම යෝජනා කරනවා.
සාක්ෂිකරු ; පරීක්ෂා කිරීමකින් අනතුරුව පිළිතුරු ලබාදිය හැකියි.
නීතිඥ ; සැපයුම්කරුවන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා අවම කරන චක්‍රලේඛ තිබුනද?
සාක්ෂිකරු ; එහෙම මතක නැහැ.
මෙම අවස්ථාවේ කැබිනට් පත්‍රිකා දෙකක් පවතින බවට නීතිඥ අසේල සේරසිංහ කළ ප්‍රකාශයට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම විරෝධය පළ කළාය.
එහිදී සභාපති විනිසුරුවරයා කියා සිටියේ. චක්‍රලේඛ දෙකක් පවතින බැවින් පසුව නිකුත් වූ චක්‍ර ලේඛය අනුව කටයුතු කළ හැකි බවය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් හෝ වෙනත් අරමුදල් වලින් යනුවෙන් දෙවන කැබිනට් පත්‍රිකාව පැහැදිලිව සඳහන් කර ඇති බැවින් ඒ අනුව ක්‍රියා කළ හැකි බව විනිසුරුවරයා පැහැදිලි කළේය.



