Latest Posts

රාජතාන්ත්‍රික රේඩාර්

මීගමුවෙන් ඇහුණ ‘ඩෝං’ සද්දෙට රටේ ලොකු මහත්තයාගේ පැරිස් ෆ්ලයිට් එක මිස් වෙයිද?

පැරිසියේ අයිෆල් කුළුණ ගාවින් ‘ක්‍රොසන්ට්’ (Croissant) එකක් කාලා, ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් උන්නැහේ එක්ක Chat එකක් දාලා, රටට වාසි ටිකක් ගේන්න රටේ ලොකු මහත්තයා ලේස්ති වෙලා හිටියේ මේ මාසේ අන්තිමට.

හැබැයි ඉතින්, අපේ රටේ දේශපාලන ග්‍රහචාරය හැමදාම වගේ ලොකු මහත්තුරුන්ගේ ටයිම් ටේබල් එක අවුල් කරන්න බලන් ඉන්නවනේ! අන්තිම මොහොතේ මීගමුව හිරගෙදරින් ඇහුණ ‘ඩෝං’ සද්දෙයි, ඇතුළේ සිද්ධ වුණ ලේ වැගිරීමයි හින්දා රටේ ලොකු මහත්තයාට සිද්ධ වුණා පැරිස් යන ෆ්ලයිට් එකේ ටිකට් එක කැන්සල් නොකර ‘පස්සට’ දාන්න.

“දැනට ලංකාවේ නැවතිලා ගේම බැලන්ස් කරමු, ප්‍රංශේ පස්සේ යමු” කියලා ලොකු මහත්තයා තීරණය කරලා. විදේශ ඇමති විජිත හේරත් උන්නැහේත් ඔළුව කහ කහ ප්‍රංශ බලධාරීන්ට කෝල් එකක් දීලා වැඩේ ශේප් කරගන්න ට්‍රයි එකක් දෙනවා කියලා ආරංචියි.

GSP+ සහනය: දෙසැම්බර් 31න් පස්සේ ‘බඩුම තමා’ ද?

රේඩාර් පණිවිඩය: මෙන්න මෙතනයි නියම සීන් එක තියෙන්නේ. ලොකු මහත්තයා පැරිස් යන්න හැදුවේ නිකන්ම “ටුවර්” එකක් යන්න නෙවෙයි. යුරෝපා සංගමයෙන් අපිට දෙන GSP+ බදු සහනය මේ අවුරුද්දේ දෙසැම්බර් 31න් ඉවරයි!

ලබන අවුරුද්දේ ඉඳන් (2027) අලුතින්ම මේක ඉල්ලන්න වෙන්නේ. හැබැයි GSP Plus නිකන් දෙන්නේ නැහැ. කොන්දේසි 27ක් තියෙනවා—මානව හිමිකම්, යහපාලනය, කම්කරු අයිතිවාසිකම් වගේ ලොකු ලොකු වචන ටිකක්.

ඉතින් ප්‍රංශයේ සපෝට් එක නැතුව මේක ගොඩදාගන්න අමාරුයි. හැබැයි දැන් මීගමුව හිරගෙදර සිද්ධිය දිහා ජාත්‍යන්තරේ ඇස් ඇරගෙන බලන් ඉන්නකොට, ලොකු මහත්තයාට සිද්ධ වෙනවා “අපි යහපාලනෙන් ඉන්නවා” කියලා මුලින්ම ගෙදර ඇතුළේ පෙන්නන්න.

අත්සන් කරන්න තිබ්බ ගිවිසුම් 3ට මොකද වෙන්නේ?

ප්‍රංශයත් එක්ක ආර්ථික, මූල්‍ය සහ ආරක්ෂක පැත්තෙන් ලොකු ගිවිසුම් (MoUs) 3ක් අත්සන් කරන්නයි ලිස්ට් එකේ තිබ්බේ. විදේශ ඇමති විජිත හේරත් වගේම මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්තත් සූට් කේස් ලෑස්ති කරගෙන හිටියේ ලොකු මහත්තයා එක්ක යන්න.

හැබැයි රට ඇතුළේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට, “විදේශ ප්‍රතිපත්තියට වඩා දේශීය ස්ථාවරත්වය ලොකුයි” කියලා ලොකු මහත්තයා කොළඹම නැවතුණා.

අපේ Take එක:
මැක්‍රොන් දුන්න ‘AI Impact Summit’ එකේ ඉන්විටේෂන් එක පැත්තක තියලා ලොකු මහත්තයා ගත්තු තීරණය දේශපාලනිකව වටිනවා ඇති. හැබැයි දෙසැම්බර් 31 වෙනකම් කාලය වේගයෙන් දුවනවා. ලොකු මහත්තයා වසර අවසානයට කලින් පැරිස් ගිහින් GSP+ එක ගොඩදායිද, නැත්නම් දේශීය අර්බුද අස්සේ අපේ බදු සහනෙට ‘හුලං’ යයිද?
රාජතාන්ත්‍රික රේඩාර් එකෙන් අපි බලන් ඉමු!

(ලබන ඉරිදා තවත් උණුසුම් කතාවකින් හමුවෙමු – HariDeshayaLk)

Latest Posts

spot_imgspot_img