Latest Posts

Critical Revelations in the Counterfeit Drug Trial: The Voucher Approval Network and the Mystery of 180 Phone Calls

The ongoing trial concerning the procurement of substandard Immunoglobulin—implicating former Health Minister Keheliya Rambukwella and 12 others—resumed yesterday (10) at the Permanent High Court Trial-at-Bar in Colombo. The proceedings pulled back the curtain on an allegedly irregular payment network and highly suspicious affiliations operating within the state healthcare system.

Taking the stand as the 155th witness for the prosecution, Nihal Ranjith, a Health Management Assistant at the Medical Supplies Division (MSD), delivered testimony that exposed severe procedural flaws in document approval processes and abnormal communications between state officials and pharmaceutical suppliers.

Payment Irregularities and Unverified Invoices

Led by Deputy Solicitor General (DSG) Lakmini Girihagama, the prosecution primarily focused on the preparation and approval of multimillion-rupee payment vouchers and invoices. During the examination, the witness admitted that certain invoices lacked the mandatory “Price Confirmed” official stamps.

  • Deputy Solicitor General (DSG): Look at the photocopy of the invoice on page 30 of your file. The original is in file 90. Have a look at that invoice.
  • Witness: Yes, Your Honour, that is the one.
  • DSG: Does it bear the official stamps confirming the price?
  • Witness: No.

The witness confirmed to the court that these payment vouchers were prepared by an individual named Nazeer, recommended by Niran Dhananjaya, and subsequently approved by the then-Director, Dr. Kapila Wickramanayake. Furthermore, the prosecution highlighted how substantial late delivery charges—such as Rs. 889,524.24 and Rs. 3,540,289.48—were recorded on the vouchers as deductions simply using a negative sign. It was also revealed that vouchers exceeding the Deputy Director’s financial approval limits were forwarded directly to the Director General of Health Services.

The Mystery of 180 Calls: Official Duty or Illicit Trade?

Following the DSG’s examination, Attorney-at-Law Amitha Ariyaratne, representing the 11th accused (former MSD Deputy Director Dr. Thusitha Sudarshana), commenced the cross-examination. A highly dramatic moment unfolded when the defense counsel rigorously questioned the witness regarding his statements to the Criminal Investigation Department (CID) and an exceptionally high volume of phone calls made to a specific supplier.

  • Defense Counsel: Do you recall how many statements you provided to the CID?
  • Witness: Yes, three.
  • Defense Counsel: It was during the recording of your third statement that they questioned you about your telephone conversations, correct? Specifically, conversations with an individual named Sudath Janaka Fernando?
  • Witness: Yes, Your Honour.
  • Defense Counsel: You had made 180 calls to this individual between January 2022 and January 2023, is that right?
  • Witness: Yes, Your Honour.

Justifying this massive volume of calls to a single supplier, the witness stated that Sudath Janaka Fernando was a local supplier providing 32 items, including face masks. He claimed the calls were made from the office strictly for “official coordination” purposes.

Defense Alleges Loopholes in CID Investigations

The defense counsel aggressively pressed the witness regarding 52 specific calls made exclusively during a critical five-month window (September 2022 to January 2023)—the exact period during which the alleged procurement irregularities peaked.

  • Defense Counsel: I am putting it to you that 52 calls were exchanged between September 2022 and January 2023.
  • Witness: I cannot remember.
  • Defense Counsel: You said you were questioned about supply matters. Do you really not remember what was discussed during those 52 calls alone?
  • Witness: No.
  • Defense Counsel: You are lying about forgetting!
  • Witness: We discussed matters when supplies were being delivered. I am the one who coordinates all the committee meetings and related tasks. I must have called him during such instances.

The defense counsel then raised severe doubts regarding the integrity of the CID’s investigative process, questioning how a state official working so closely with a supplier evaded arrest.

  • Defense Counsel: Did you not review any bills? There are 180 phone calls logged.
  • Witness: The CID made that observation, not me. I made those calls for our official duties.
  • Defense Counsel: When asked why you made so many calls, that is what you told the CID. You were never even questioned if all 180 calls were strictly for official purposes. You seamlessly became a state witness without any trouble. Did the CID ever attempt to arrest you?
  • Witness: No.
  • Defense Counsel: Regardless, you ultimately became a witness in this case.
  • Witness: Yes, Your Honour.

In his defense, the witness maintained that he did not personally review any vouchers and was only responsible for entering prices into the computer system under the EOI (Expression of Interest) scheme. However, the cross-examination cast heavy suspicion on whether the 180 abnormal phone conversations—particularly the 52 calls during the critical five months—were genuinely limited to routine administrative coordination.

Shedding further light on the hidden dynamics between the Ministry of Health’s supply network and state officials, the trial is scheduled to resume on the 13th, where the defense will continue its cross-examination of this witness.

නඩු වාර්තාව
2026/07/10

බාල ඖෂධ ලබා දී රජයට පාඩු කළේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (10) විභාගයට ගැනුණු අවස්ථාවේ පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකරණ සහායක කෝරාධිපති නිහාල් රංජිත්, නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.



නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 
ඔබේ ගොනුවේ ඇති 30 පිටුවේ ඉන්වොයිසියේ ඡායාපිටපතේ ඔරිජිනල් පිටපත වන්නේ 90 ගොනුවේ ඇති. ඉන්වොයිසිය ද බලන්න

සාක්ෂිකරු  ; 
ඔව් ඒක තමයි ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 
එහි මිල තහවුරු කරන මුද්‍රා තබා තිබේද?

සාක්ෂිකරු ; 
නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 
මෙම ඉන්වොයිසිය ගෙවීම්වලට ඉදිරිපත් කළා. එහි GRN පොදුවේ තිබෙනවාද? 

සාක්ෂිකරු ;  
ඔව් ස්වාමීනි 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; 
මෙය හදා ඇත්තේ කවුද?

සාක්ෂිකරු ; 
නසීර් මහතා 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 
නසීර් මහතා එය සකසා නිර්දේශයට මිනිට් සටහනක් තබා තිබේද?

සාක්‍ෂිකරු ; 
එසේය ස්වාමීනී 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඒ කොතනද 

සාක්ෂිකරු ; එහි තුන්වැනි සටහනේ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 362 හි නසීර් තව වව්චර් පත් කීයක් යොදා ඇත්ද?  

සාක්ෂිකරු ; තුනක් , 396, 397, හා 398 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය නිර්දේශ කළේ කවුද?

සාක්ෂිකරු ; නිරාන් ධනංජය මහතා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ ගොනුවේ 33 පිටුවේ ඇති ඡායස්ථ ඉන්වොයිසියේ පිටපත 92  ගොනුවේ 44පිටුවේ තිබෙන  බව දන්නවද ? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 363 ලේඛනය ගෙවීම් සඳහා ඔබේ අංශයට ලැබුණේ කවදාද?

සාක්ෂිකරු ; 2023/08/08 වැනිදා 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 365 සකසා ඇත්තේ කවුද?

සාක්ෂිකරු ; නසීර් මහතා. ඔහු වම් පස අත්සන් කර තිබෙනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඊට නිර්දේශ ලැබී තිබේද?

සාක්ෂිකරු ; ඔව් නිරාන් ධනංජය මහතාගෙන්. එය කපිල වික්‍රමනායක අධ්‍යක්‍ෂතුමා අනුමත කර තිබෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම ඉන්වොයිසියට අදාල GRN තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ගෙවීම් වවුචරයේ අංකය කීයද?

සාක්ෂිකරු ; 000 0000 464 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 373 ට අදාල මිනිට් සටහන කොහෙද තියෙන්නේ?

සාක්ෂිකරු ; 2023?08/17 හතර වෙනියට තියෙන සටහන

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබේ ගොනුවේ 45 පිටුවේ ඡායාස්ථ පිටපතක් සහිත ඉන්වොයිස් පත හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් එහි මුල් පිටපත 92 ගොනුවේ තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ මත Price conform මුද්‍රාව තබා තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි මුල් ලේඛනය 92 ගොනුවේ 39 ලේඛනය නේ

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 374, 375 ගෙවීම් වලට අදාල ඩුප්ලිකේට් ඔබේ ගොනුවේ කොයි පිටුවද? 

සාක්ෂිකරු ; 47 පිටුව 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 376 නිර්දේශයට යැවූ රිසිට් පත හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකරු ; ඔව් පුළුවන් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කවුද එය නිර්දේශ කළේ?

සාක්ෂිකරු ; නිරාන් ධනංජය

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පිටු අංක 54 හි ෆොටෝ කොපි invoice එක 92 ගොනුවේ තිබෙනවාද?

සාක්ෂිකරු ; තිබෙනවා ස්වාමීනි 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; 64 ගොනුවේ 2V 34 ලේඛනය බලන්න. එහි තිබෙන වගුවේ ගෙවීම් වව්චර් වල අගයන් ඔබ කලින් හඳුනා ගත් ඒවාද.?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙහි සඳහන් late charges යනු මොනවාද?

සාක්ෂිකරු ; ඇණවුම දෙන්න ප්‍රමාද වුණොත් ඒ දින සඳහා අය කරන ප්‍රමාද ගාස්තුව.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි කොපමණ අය කර තිබෙනවාද? 

සාක්ෂිකරු ,; රු 314,64ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ගැනුම් ඇනවුම නිකුත් කරන්න ඇත්තේ කවුද?

සාක්ෂිකරු ; වෛද්‍ය හේරත් මහතා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි ඩිළිවරි. shedule තිබුනේ කවදද ? 

සාක්ෂිකරු ; 2022 දෙසැම්බර් 17දා 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි ප්‍රමාද ගාස්තු අය කළාද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ බව සඳහන් වන්නේ කොතැනද? 

සාක්ෂිකරු ; වව්චරයේ  වටිනාකමට පහළින් අඩු කිරීමේ ලකුණක් දාලා අඩු කරලා පෙන්වනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; බලන්න මෙයට අනුමැතිය හා නිර්දේශ ලැබිලද කියලා?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී නිරාන් ධනංජය මහතාගේ නිර්දේශ හා අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතාගේ අනුමැතිය ලැබිලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2V 39 වගුවේ ICL /P/ 2/ 15 / 2022 තීරුවේ ප්‍රමාද ගාස්තු අයකර තිබේදැයිි බලන්න?

සාක්ෂිකරු ; ඔව් තිස් හතර අයිතමයට ප්‍රමාද  ගාස්තු 889524.24 අය කරලා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; එම ප්‍රමාද ගාස්තු අය කරන ලද වව්චර පත හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් පුළුවන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 52 ගොනුවේ අට පිටුවේ වව්චර් පත බලන්න. එහි අංකය කුමක්ද?

සාක්ෂිකරු ; 000007142 ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය හඳුනා ගත හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; එහි ප්‍රමාද ගාස්තු සකසා ඇත්තේ කෙසේද?

සාක්ෂිකරු ; වව්චරයේ වටිනාකමට පහළින් සෘණ ලකුණක් යොදා අඩුකර අගය පෙන්වනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙහි ඡායාස්ථ පිටපතට ඩුප්ලිකේට් ඡායාස්ථ පිටපත අධිකරණයට ඉදිරිපත් කළ හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී 

නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල්වරිය  ; 2V 39 ලේඛනයේ අංක 9 යටතේ කෑෂ් අගය නැති බව පෙනෙනවා. නමය තීරුවේ ප්‍රමාද ගාස්තු අයකර තිබෙනවා.

සාක්ෂිකරු ; 00000 70 741 වව්චර් පත අනුව රුපියල් 35 40 289. 48ක් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එයට අනුමැතිය හා නිර්දේශය ලැබී තිබේද?

සාක්ෂිකරු ; එහි කාබන් පිටපත් මුද්‍රාව නැති නිසා නිර්දේශ කපිල වික්‍රමනායක මහතාගේ විය යුතුයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මිනිට් සටහන්වල නිර්දේශ හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඝනකාධිකාරී සැපයුම් , අධ්‍යක්ෂ සැපයුම් හා ඉන් ඉදිරියට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැපයුම්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊළඟට ගොනුව කාටද ගියේ?

සාක්ෂිකරු ; සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඇයි මේක එහෙම ගියේ?

සාක්ෂිකරු ; මෙම වව්චරයේ වටිනාකම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට අනුමත කළ හැකි ප්‍රමාණය ඉක්මවා ඇති නිසා විය යුතුයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/12/27 EOI ප්‍රගතිය සම්බන්ධව සැපයුම්කරුවන්ට යැවිය යුතු ලිපිය 68 පිටුවේ තිබෙනවා. එයට අත්සන් කළේ කවුද?

සාක්ෂිකරු ; වෛද්‍ය කපිල වික්‍රමනායක

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මුද්‍රා තැබුවද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම රැස්වීම පැවැත්වෙන බවට දැනුම් දුන්නේ කවදාද?

සාක්ෂිකරු ; ජනවාරි 17

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරියගේ, ප්‍රශ්න නිමාවූ අතර විත්තියේ හරස් ප්‍රශ්න ආරම්භ විය.

ආරම්භයේ 11 වන චූදිත වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන වෙනුවෙන් නීතිඥ අමිත ආරියරත්න හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. 

නීතිඥ ; ඔබට accountan (Supply)   division එකේ රාජකාරි කරලා පුරුද්දක් ඇති. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී 

නීතිඥ ; ඔබට මතකද ඔබ සීඅයිඩීයට ප්‍රකාශ කීයක් දුන්නද කියලා?

සාක්ෂිකරු ; ඔව් තුනයි

නීතිඥ ; අවසන් එක 2025 මැයි කිව්වොත් හරිද? ඒ තුන්වෙනි අවස්ථාවේ ප්‍රකාශය ගනිද්දි නේද ඔබේ දුරකථන සංවාද ගැන ප්‍රශ්න කළේ? සුදත් ජානක ප්‍රනාන්දු නමැති අයෙක් සමග කළ දුරකථන සංවාද ගැන ප්‍රශ්න කළේ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔහු වෛද්‍ය සැපයීම් අංශයට සැපයීම් කළ කෙනෙක්.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; එම තැනැත්තා සමග 2022 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඇමතුම් 180 ක් අරන් තිබුණා. 

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී 

නීතිඥ ; ඔබෙන් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇසුවා නේද?

සාක්ෂිකරු ; දේශීය සැපයුම්කරුවන්ගේ අයිතම 32 ක් තිබුණා. ඔහු ෆේස් මාස්ක් ඇතුළු අයිතම සැපයූ කෙනෙක්. spc හරහාත් අයිතම සපයනවා. එවැනි රාජකාරී වෙනුවෙන් ඇමතුම් ගත්තේ.

නීතිඥ ; සුදත් ජානක ප්‍රනාන්දු සමඟ ඇමතුම් 180 ක් ලබාගෙන ඇතැයි ඔබ පිළිගෙන තිබෙනවා.

සාක්ෂිකරු ; ආයතනය තුළ ඉඳගෙන සම්බන්ධීකරණ කටයුතු කරද්දී, දුරකථනයෙන් තමයි සම්බන්ධ වෙන්නේ.

නීතිඥ ; වෙනත් ඒවා ගැනත් ප්‍රශ්න කළාද? විශේෂයෙන් ඔබෙන් ඇහුවේ සුදත් ජානක ප්‍රනාන්දු ගැන විතරයි නේද?

සාක්ෂිකරු ; මතක නැහැ

නීතිඥ ; ඉන්පසු විශේෂ කාරණය 2022 සැප්තැම්බර් සිට 2023 ජනවාරි දක්වා ඇමතුම් පනස් දෙකක් ලබාගෙන තිබීමයි. 

සාක්ෂිකරු ; මට ඒ ගැන මතක නෑ. 

නීතිඥ ; මම කියන්නේ 2022 සැප්තැම්බර් ඉඳලා 2023 ජනවාරි දක්වා ඇමතුම් 52 ක් හුවමාරු කරගෙන ඇති බවයි.

සාක්ෂිකරු ; මට මතක නැහැ

නීතිඥ ; සැපයීම් කටයුතු ගැන විමසුවා කිව්වා නේද? ඇමතුම් පනස් දෙක ගැන ඔබට විතරක් කී දේ මතක නැද්ද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; ඔබ බොරු කියනවා අමතක බවට

සාක්ෂිකරු ; සැපයුම් සිදු කරන අවස්ථාවල සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවල කමිටු ආදී සියල්ල සම්බන්ධීකරණය කරන්නේ මම. ඒ වගේ අවස්ථාවල ගන්නන ඇති. 

නීතිඥ ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බිල්පත් ඉදිරිපත් කළාද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; කිසිම බිල්පතක් පරිශීලනය කළේ නැද්ද? දුරකථන ඇමතුම් 180 ක් තිබිලා තියෙනවා.

සාක්ෂිකරු ; මට නෙමෙයිනේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවනේ නිරීක්ෂණය කළේ. අපේ රාජකාරී සඳහා ඇමතුම් ගත්තා.

නීතිඥ ; ඒ තරම් ඇමතුම් ගත්තෙ ඇයි කියලා ඇහුවම ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕක කීවා. නමුත් EOI යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වුණ කාලේ ලිපි කටයුතු වුනා. 

සාක්ෂිකරු ; මම EOI වැඩ කළේ නැහැ. වව්චර් පත් හදන්න විතරයි සම්බන්ධ වුණේ. පරිගණක පද්ධතියට මිල ඇතුළත් කිරීමයි මම කරන්නේ. 

නීතිඥ ; ඔය කාල සීමාව තුළ ඔබ වෛද්‍ය සැපයුම් අංශයෙන් නිලධාරීන් සැපයුම්කරුවන්ට කතා කළා. ඔබ ඇමතුම් 180 ක් ම ගත්තේ රාජකාරි හේතූන්වලටද කියලා ප්‍රශ්න ආවෙත් නැහැ. ඔබ කිසිම කරදරයක් නැතුව සාක්ෂිකාරයෙක් වුණා. සී අයිඩීය ඔබව අත්අඩංගුවට ගන්න හැදුවද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; කෙසේ හෝ අවසානයේ ඔබ මේ නඩුවේ සාක්ෂිකාරයෙක් වුණා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි 

සාක්ෂිකරුගෙන් තවදුරටත් විත්තියේ හරස් ප්‍රශ්න විමසීමට නියමිතය. නඩුව ලබන 13  වනදා යළි විභාගයට ගැනේ.

Latest Posts

spot_imgspot_img