Latest Posts

ශ්‍රී ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කරමින් ‘ප්‍රයිම්’ සහ ‘මෙල්වා’ වෙතින් වරාය නගරයට නවමු අත්දැකීමක්: Prime Marina Sales Suite විවෘත වෙයි

ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තබමින්, ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) එක්ව කොළඹ වරාය නගරයේදී (Port City Colombo) ‘ප්‍රයිම් මරීනා සේල්ස් සූට්’ (Prime Marina Sales Suite) ඉතාමත් උත්කර්ෂවත් අයුරින් විවෘත කරන ලදී. ගෝලීය දේපළ වෙළඳාමේ කලාවේ නව පෙරළියක් සනිටුහන් කළ මෙම අවස්ථාව , ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාමේ ඉතිහාසය මෙතෙක් නොදුටු ආකාරයේ ඉහළම ප්‍රමිතියක් පිළිබිඹු කරනු ලබයි. මුළු කලාපයටම නවමු අත්දැකීමක් එක් කරන මෙම අලෙවි පරිශ්‍රය, ලෝක මට්ටමේ දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ජාත්‍යන්තරය හමුවේ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳව නවතම නිර්ණායකයක් සනිටුහන් කර ඇත.

ජාත්‍යන්තරය ඉලක්ක කළ දැවැන්ත දැක්ම

මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගීවීම සඳහා දිවයිනේ සතර දිගින් මෙන්ම විදේශයන්ගෙන් ද පැමිණි සම්භාවනීය අමුත්තන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයින් විශාල පිරිසක් සහභාගී වූහ. එහිදී ඉදිරිපත් කෙරුණු ව්‍යාපෘති දැක්ම එහි මහා පරිමාණ ස්වභාවයෙන්, අද්විතීය සැලසුම්කරණයෙන් සහ ශ්‍රී ලංකාව ගෝලීය සිතියම තුළ ඉහළින්ම ඔසවා තැබීමේ ඒකායන අභිලාෂයෙන් පරිපූර්ණ වූවක් විය.

ප්‍රයිම් සමූහයේ (Prime Group) සම-සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය මෙම ව්‍යාපෘතියේ ගෝලීය ප්‍රමිතිය පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවාය:

"අපි ප්‍රයිම් මරීනා සේල්ස් සූට් පරිශ්‍රය නිර්මාණය කරන්න පටන් ගත්තෙම, මෙතැනට පියනඟන සෑම කෙනෙක්ම ජාත්‍යන්තර දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඉහළම සහ විශිෂ්ටතම නිර්මාණ දැකලා පුරුදු අත්දැකීම් බහුල අය බව හොඳින්ම දැනගෙනයි. එතනදී අපේ මිනුම හෝ ප්‍රමිතිය වුණේ ශ්‍රී ලංකාව නෙවෙයි අපේ එකම මිනුම වුණේ මුළු ලෝකයමයි."

හුදෙක් නිවාස සංකීර්ණයක් නොව, ගෝලීය ගමනාන්තයක්

උත්සවයේ සුවිශේෂීම සහ ආකර්ෂණීයම අවස්ථාවක් වූයේ ප‍්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂ සන්මිත් තරුණ්‍ය මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රබල දේශනයයි. හුදෙක් ගොඩනැගිලි සැලසුම් හෝ සැපපහසුකම් පිළිබඳ විස්තර කිරීමෙන් ඔබ්බට යමින්, ප‍්‍රයිම් මරිනෝ ව්‍යාපෘතිය පිටුපස ඇති සුවිශේෂී මහා දැක්ම ඔහු එහිදී සභාව හමුවේ අනාවරණය කළේය. ඔහු එතැන සිටි සැමට ආරාධනා කර සිටියේ මෙය හුදෙක් තවත් එක් නිවාස සංකීර්ණයක් ලෙස නොව, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුළ ඔසවා තබන සැබෑ ගෝලීය වෙරළබඩ ව්‍යාපෘතියක (Global Waterfront Destination) අභිමානවත් සම්ප්‍රාප්තියක් ලෙස දකින ලෙසයි.

අද්විතීය පිහිටීම සහ ලෝක මට්ටමේ නිර්මාණ දායකත්වය

මෙම අතිසුඛෝපභෝගී අලෙවි පරිශ්‍රය ඔස්සේ දිග හැරෙන්නේ, ජාත්‍යන්තර තත්වයේ සැබෑ ගෝලීය ඇගයීමක් හිමි ප්‍රයිම් මරිනෝ (Prime Marina) ව්‍යාපෘතියයි.

අනභිභවනීය පිහිටීම: කොළඹ වරාය නගරයේ හදවත බඳු සුවිශේෂී මරීනෝ කලාපයේ (Marina Precinct) පිහිටි මෙම ව්‍යාපෘතිය, සුප්‍රකට වෙරළබඩ පාලම (Iconic Waterfront Bridge), ඉන්දියන් සාගරය සහ මරීනා තටාකය යන තුනම එකිනෙක හමුවන මධ්‍ය ලක්ෂ්‍යයේම ස්ථානගත වී ඇත. මෙම අනභිභවනීය පිහිටීම, නගරයේ ඇති වෙනත් කිසිදු බිම් කොටසකට උරුම කරගත නොහැක්කකි.

ද්විත්ව සෞන්දර්යය
මෙම මහා ව්‍යාපෘතියේ දෙපසින්ම බාධාවකින් තොරව සුන්දර දිය දහරාවන්ට මුහුණලා පිහිටා ඇත. එහි එක් පසෙක ජාත්‍යන්තර මට්ටමේ යාත්‍රාංගනයක (Marina) ඇති සජීවී සහ ක්‍රියාශීලී ස්වභාවයත්, අනෙක් පසින් ස්වභාවික දිය කඩක (Natural Creek) ඇති නිසල, ශාන්ත පරිසරයත් එකට මුසුව පවතියි.

දැවැන්ත නිවාස සංකීර්ණය
අහස සිඹින මෙම මහා මන්දිර රැස, නිවාස 550 කට අධික ප්‍රමාණයකින් සමන්විත කුළුණු ලෙසින් නැගී සිටියි. කාමර 1, 2, 3 සහ 4 කින් යුත් සුවිසල් නිවාස මෙන්ම සුවිශේෂී අතිසුඛෝපභෝගී පෙට්හවුස් (Penthouses) නිවාසයන්ගෙන් ද මෙය සන්නද්ධය.

ජාත්‍යන්තර සැලසුම්කරණය
මෙහි සමස්ත සැලසුම නිමවා ඇත්තේ ලෝකයේ වඩාත්ම දැඩි සහ ඉහළම දේපළ වෙළඳාම් වෙළඳපොළවල් පවා තම නිර්මාණවලින් හැඩකළ, සිංගප්පූරුවේ සුප්‍රකට ‘P&T Singapore’ ආයතනය විසිනි.

අභ්‍යන්තර සහ බාහිර අලංකරණය
අභ්‍යන්තර පරිසරය හැඩගැන්වීම සඳහා සිංගප්පූරුවේ ඉහළම පෙළේ අභ්‍යන්තර අලංකරණ සමාගමක් වන ‘Index Design Pte Ltd’ ආයතනයේ දායකත්වය ලබාගෙන ඇත. එමෙන්ම, මෙහි බාහිර පරිසර සහ භූමි සැලසුම්කරණය (Landscape Architecture) පවරා ඇත්තේ තිරසාර පරිසර පද්ධතීන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් එක්සත් රාජධානියේ ‘Grant Associates’ ආයතනය වෙතය.

අනාගතය වෙනුවෙන් වටිනා ආයෝජනයක්

මෙවැනි සුවිශේෂී මෙන්ම දැවැන්ත පරිමාණයේ ව්‍යාපෘතියක් යථාර්ථයක් බවට පත් කිරීමට හැකි වූයේ, දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ දේපළ වෙළඳාමේ ක්ෂේත්‍රය හැඩගැස්වූ ප්‍රමුඛ පෙළේ දැවැන්ත සමූහ ව්‍යාපාර දෙකක් වන ප‍්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) සතු ඒකාබද්ධ ශක්තිය නිසාවෙනි.

එබැවින් ප්‍රයිම් මරීනෝ හි ආයෝජනය කරන පාරිභෝගිකයින් මිලදී ගන්නේ හුදෙක් තමන්ට ජීවත් වීමට නිවසක් පමණක් නොවේ. ඔවුන් මේ හිමිකර ගන්නේ සමස්ත කලාපයේම වෙරළබඩ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය උඩුයටිකුරු කිරීමට සමත්, ලෝක මට්ටමේ නැගී එන මහා නගරයක අනාගතයෙන් ඉතාමත් දුර්ලභ සහ වටිනා කොටසකි.

කොළඹ වරාය නගරය (Port City Colombo) ජාත්‍යන්තර තලයේ පෙරමුණටම ගමන් කරද්දී, එහි පෙරගමන්කරුවා වෙමින් නැගී සිටින්නේ ප‍්‍රයිම් මරීනා ව්‍යාපෘතියයි. එය සමස්ත දකුණු ආසියාව තුළම යාත්‍රාංගනයක් අද්දර ගත කරන සුඛෝපභෝගී ජීවන රටාව (Marina-front living) පිළිබඳ නවතම සන්නාම ප්‍රමිතියක් සනිටුහන් කරන අතරම, මතු පරම්පරාවන් ගණනාවක් පුරා නොමැකෙන අභිමානවත් උරුමයක් ද මෙරට තුළ ස්ථාපිත කරයි.

Latest Posts

spot_imgspot_img