මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ජනාධිපති පරිසර සම්මාන – 2026” වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත. රජයේ “සෞභාග්‍යමත් දේශයක් – සුන්දර ජීවිතයක්” ප්‍රතිපත්තියට සමගාමීව මෙවර සම්මාන උළෙල සංවිධානය කෙරේ.

පරිසර සංරක්ෂණය උදෙසා කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකරන පුද්ගලයින්, ආයතන සහ කර්මාන්ත ඇගයීම අරමුණු කරගත් මෙම වැඩසටහන සඳහා 2026 අප්‍රේල් මස 30 වන දිනට පෙර අයදුම්පත් යොමු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
සම්මාන ප්‍රදානය කෙරෙන ප්‍රධාන අංශ
මෙවර සම්මාන උළෙල ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් යටතේ පැවැත්වේ:
- කර්මාන්ත අංශය: මෙය මහා පරිමාණ සහ සුළු හා මධ්‍ය පරිමාණ ලෙස උප අංශ දෙකකට බෙදා ඇත. මහා පරිමාණ කර්මාන්ත යටතේ අපද්‍රව්‍ය කළමනාකරණය, රසායනික කර්මාන්ත, රෝහල්, හෝටල්, ඇඟලුම්, තේ කර්මාන්ත සහ ඖෂධ නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර 16ක් ඇගයීමට ලක්වේ. සුළු හා මධ්‍ය පරිමාණ යටතේ ක්ෂේත්‍ර 14ක් සඳහා අයදුම් කළ හැකිය.
- ව්‍යාපෘති අංශය: කුඩා ජල විදුලි ව්‍යාපෘති, සූර්ය බලශක්ති (වහල මත සවිකරන සූර්ය පැනල හැර) සහ සුළං බල ව්‍යාපෘති ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මේ යටතේ ඇගයීමට ලක් කෙරේ.
- ආයතන, මාධ්‍ය සහ සමාජීය අංශය: පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, පළාත් පාලන ආයතන, පරිසර හිතකාමී නව නිපැයුම්කරුවන් මෙන්ම ජනමාධ්‍ය (පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී) සහ සමාජ මාධ්‍ය (Facebook පිටු සහ YouTube නාලිකා) මෙම අංශයට ඇතුළත් වේ.
ඇගයීම් ක්‍රියාවලිය සහ සම්මාන
විෂය ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් මගින් අයදුම්පත් ඇගයීමට ලක් කරන අතර, ජයග්‍රාහකයින් සඳහා ජනාධිපති පරිසර සම්මාන (රන්), රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන පිරිනැමේ. විශේෂත්වයක් වන්නේ මෙම සම්මාන සියල්ලම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇලුමිනියම් කෑන් භාවිතයෙන් පරිසර හිතකාමී ලෙස නිපදවා තිබීමයි.
සම්මාන ප්‍රදානෝත්සවය 2026 ඔක්තෝබර් මාසයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අයදුම්පත් ලබා ගැනීම
වැඩි විස්තර සහ අයදුම්පත් මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙතින් ලබා ගත හැක. එසේම පහත දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකිය:
- මධ්‍යම පරිසර අධිකාරිය: 0112873447 / 0112872278 / 0112888999 (හදිසි ඇමතුම්)
- සහකාර අධ්‍යක්ෂවරුන්: 0725064285 (ලක්මිණි රාධිකා මහත්මිය), 0712691109 (සංජීව පුලුක්කුට්ටිආරච්චි මහතා), 0777960357 (ඩී.එම්.එස්.එස්. බණ්ඩාර මහතා).
- මාධ්‍ය විමසීම්: 0776252288 (ශ්‍රියාංජනී ලොකුලියන මහත්මිය).



