ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) ඉහළ නිලධාරින් පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට කැඳවීමට යන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
South Asians & Diasporaඒ එහි අභ්‍යන්තර නිලධාරීන් පිරිසක් විසින් සිදුකර ඇතැයි පැවසෙන මහාපරිමාන වංචාවක් සම්බන්ධයෙනි.
වංචාවේ තරම බිලියන 13.2ක් බව NDB බැංකුවම කියයි.
මේවන විට එම බැංකුවේ නිලධාරීන් පිරිසක් සේවයෙන් ඉවත් කර ඇති අතර තවත් පිරිසකගේ සේවය අත්හිටුවා ඇති බවද වාර්තා වේ.
මේ අතර, NDB බැංකුව 2026 අප්‍රේල් 6 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කර ඇති ලිපියකට අනුව බැංකුව විසින් සිදු කරන ලද අභ්‍යන්තර විමර්ශනයකින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 13.2ක වංචාවක් සිදුව ඇති බව දන්වා තිබේ.
අදාළ වංචාව බැංකුවේ “එක් නිශ්චිත මෙහෙයුම් අංශයකට පමණක් සිමා වූවක්” වන බවද අදාළ ලිපියෙන් කියා සිටී.
ඊට අදාළ ලිපිය පහත දැක්වේ.

රුපියල් මිලියන 290 වංචාව
මේ අතර, ජාතික සංවර්ධන බැංකුවේ (NDB) පොදු ලෙජර් ගිණුමේ තිබූ රුපියල් මිලියන 290කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධාන ශාඛාවේ නියෝජ්‍ය කළමනාකරුවෙකු හා තොරතුරු තාක්ෂණ සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ඉකුත් 2025 වසරේ දෙසැම්බර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම එම වසරේ ම නොවැම්බර් මස 27 වැනිදා නියෝග කර තිබිණි.
එම නඩු විභාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණේ, අදාළ ගිණුමේ තිබී අස්ථානගත වූ මුදල්වලින් කොටසක් මෙම සැකකාර නිලධාරීන් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට බැර වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය කර ගෙන ඇති බව ය.
තව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පවසා තිබිණි.
මෙම විමර්ශනයට අදාළව ඉදිරියේදී බැංකු නිලධාරීන් ඇතුළුව සැකරකුවන් 60කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඒ අනුව අනාවරණය කර ගන්නා තොරතුරුවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් NDB බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන සිදු කරන බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබිණි.
මීට අදාළ නඩු විභාගය නැවත 2026 වසරේ ජනවාරි මස 7 වැනිදා ද කැඳවුණු අතර ඒ වන විට එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම බැංකුවේ සේවකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
මෙම වංචා සිද්ධිය නොසලකා හැරිය නොහැකි සිදුවීමක් වන අතර ඒ හේතුවෙන් මේ ගැන විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිශ්චිත කාලයක් ලබා දෙන බවත් එහි විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එදින නියෝග කර තිබිණි.
අධ්යක්ෂ මණ්ඩලය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සභාපති, අධ්යක්ෂ (ස්වාධීන) ලෙස ශ්‍රියාන් කුරේ මහතා කටයුතු කරයි.
South Asians & Diasporaඑහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ කැලුම් එදිරිසිංහ මහතාය. ඔහු එහි අධ්යක්ෂවරයකු ද වේ.බර්නාඩ් සින්නයියා (ස්වාධීන නොවන), සුජීව මුදලිගේ (ස්වාධීන), කුෂාන් ද අල්විස් (ස්වාධීන), කස්තුරි චෙල්ලරාජා (ස්වාධීන), ශ්වේතා පාණ්ඩේ (ස්වාධීන), හසිත ප්‍රේමරත්න (ස්වාධීන), සංජය මොහොට්ටාල (ස්වාධීන නොවන) හා ශනිල් ප්‍රනාන්දු (ස්වාධීන) අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.
මෙම වංචා සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් (Sri Lanka Mirror) වෙබ් අඩවිය විසිනි. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කිරීමට කටයුතු කරමින් සිටී.
උපුටාගැනීම – Sri Lanka Mirror



