(By Our Special Correspondent)
The ‘Substandard Immunoglobulin’ scandal, which sent shockwaves through the nation’s health sector involving an alleged fraud of over Rs. 140 million, was taken up again yesterday (10) before the Colombo Permanent High Court Trial-at-Bar.

During the proceedings, a crucial revelation by an official from the National Medicines Regulatory Authority (NMRA) shattered a common narrative, posing the explosive question:
“Can a Minister or a single authority figure unilaterally decide to import a drug to Sri Lanka?”
The unequivocal answer provided to the court was “No.”
According to facts revealed in court, importing medicine into Sri Lanka is not a simple transaction authorized by a single signature. It is a massive scientific and legal operation involving specialist doctors, technical evaluation committees, and the rigorous scrutiny of thousands of documents.
The “Safety Fence” That Cannot Be Breached by One Person
Mrs. Nishani Lanka Karunathilaka, a Pharmacist and Evaluation Officer at the NMRA who testified for the prosecution, emphasized that there is no legal provision to import drugs into Sri Lanka without a valid registration certificate. This process is not merely about issuing a permit; it is a multi-stage filter designed to ensure patient safety.
Based on her testimony, the gravity of this procedure can be broken down as follows:
- The “Wall” of 350 Documents:
A dossier submitted for the registration of a single drug must contain a minimum of 350 documents. In some instances, this expands to over 25–30 volumes. This is not a simple letter that a single individual can read and approve overnight.
- The Specialist Filter:
No single officer can recommend a drug. Approval requires the recommendation of a Technical Evaluation Committee (TEC) comprising medical specialists in the relevant field.
- The Drug’s “Birth Certificate”:
The imported drug must have been sold in its Country of Origin for at least three years. Certificates from that country’s Chamber of Commerce and regulatory approval (CoPP – Certificate of Pharmaceutical Product) are mandatory.
- Factory Inspections:
In line with World Health Organization (WHO) guidelines, approval is often granted only after a physical inspection of the manufacturing plant.
The Binding Law: NMRA Act No. 5 of 2015
The mechanism described by the witness is legally enshrined in the National Medicines Regulatory Authority Act No. 5 of 2015, which remains the law of the land.
- Section 109: Explicitly states that no person shall import, sell, or distribute any medicine unless it is registered by the Authority.
- Importer’s Liability: As highlighted in the trial, the importer is legally bound to provide “all information” related to the production of the drug to the Authority.
The Burning Question: Is it an Individual or a System Failure?
The most compelling argument arising from this testimony is simple: With such a rigorous Standard Operating Procedure (SOP) in place, how did 6,195 vials of “substandard antibodies” infiltrate the government hospital system?
The witness noted that the Authority is mandated to regulate the entire process—from the moment the drug arrives at the port, ensuring it is kept under the correct temperature (Cold Chain Management), to its storage and final administration to the patient.
If so, how did this entire defensive wall collapse? The implication is that this fraud could not have been executed solely on the “arbitrary decision” of one Minister or official. It suggests a manipulation that bypassed—or was facilitated by—the complex machinery of technical committees, pharmacists, and regulatory bodies. Fraudulently obtaining over Rs. 140 million through forged documents within a system that checks even the “birth certificate” of a drug is not a minor oversight; it points to a coordinated operation.
Current Status of the Case
The case has been filed by the Attorney General against 12 defendants, including former Health Minister Keheliya Rambukwella, under 13 charges including misappropriation of public funds.
Yesterday (10), the 8th accused, Keheliya Rambukwella, appeared in court, albeit with a delay as his counsel informed the court that he had to attend a separate High Court case earlier in the morning.
Led by Deputy Solicitor General Lakmini Girihagama, the evidence examination continues today (11).
Conclusion
Yesterday’s courtroom revelations made one fact distinctively clear: Importing medicine in Sri Lanka is not akin to “grocery shopping.” It is a rigid iron framework bound by science and law.
Therefore, the verdict of this case will not merely be about punishing the corrupt. It will be a decisive moment in identifying and sealing the systemic “loopholes” that allowed a group to break this iron framework and gamble with the lives of innocent patients.

නඩු වාර්තාව
10/02/2026
ලියාපදිංචි සහතිකයක් නොමැතිව ලංකාවට ඖෂධ ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බවත් යම්කිසි ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නම් එකී ඖෂධය නිෂ්පාදනයට අදාළ සියලු තොරතුරු ඖෂධ නියාමන අධිකාරියට ලබාදීමට ආනයනකරු බැඳී සිටින්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරිනියක ලෙස රාජකාරී කරනා නිශානි ලංකා කරුණාතිලක මහත්මිය ඊයේ (10) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසුවාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් එම මහත්මිය එලෙස පැවසුවාය. එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකාරිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සත්‍ය ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා ලබා දෙමින් සාක්‍ෂි ලබාදීම ආරම්භ කළාය.
2015 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරා 2016 දෙසැම්බර් 26 වැනිදා ඖෂධ නියාමන අධිකාරියේ සේවයට එක් එක්වූ තමා නාවල රාජගිරිය විවෘත විශ්ව විද්‍යාලයෙන් 2024 වසරේදී සිය උපාධිය සම්පූර්ණ කළ බව පෙන්වා දෙමින් එම මහත්මිය සාක්ෂි ලබා දුන්නාය. ඖෂධ ආයතනයට අදාළ ලිපිගොනු 1100 ක් පමණ සිය රාජකාරී ජීවිතය තුළදී ඇගයීම් සිදුකර ඇති බවත් ඖෂධ ඇගයීම් කමිටුවේ සාමාජිකාවක ලෙස තමන් කටයුතු කරනා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් එම සාක්ෂිකාරිය තමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධව කටයුතු කරන්නේ යයිද පැවසුවාය.
සංවර්ධිත රටවලින් ලබා ගන්නා ඖෂධ වර්ග පරීක්ෂා කිරීමේ සායනික පහසුකම් ලංකාවේ නොමැති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් පිළිගත් ක්‍රමවේදයක් අනුව ලංකාවට ඖෂධ ආනයනය කරන්නේ යැයි පැවසූ සාක්ෂිකාරිය ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග නිර්දේශ කිරීම එක් එක් විෂයන් පිළිබඳව ප්‍රවීණතාවයක් හා සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කමිටුවක් මගින් සිදු කරන්නේ යයිද පැවසුවාය.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
ලංකාවට යම් ඖෂධයක් ආනයනය කිරීමේදී මුලින්ම අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද ?
සාක්ෂිකාරිය ;
මුලින්ම ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා ගත යුතුයි. එම ආනයනකරු ඒ සඳහා ඉල්ලුම් කිරීමේදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ආනයනකරුවෙක්ද කියන එක අපි සොයා බලනවා. ඊළඟට ඔහු ආනයනය කිරීමට ඉල්ලුම් කරන ඖෂධය නිෂ්පාදනය කරන නිෂ්පාදිත සමාගම එරටේ ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි කරුවෙක්ද ? වසර තුනක කාලයක් එකී නිෂ්පාදන එම රටේ අලෙවි කිරීමට අදාළ සහතික හිමිකරුවෙක්ද කියන එකත් සොයා බලනවා. එරටේ වාණිජ මණ්ඩලයේ සහතිකය නැතිනම් එම ඖෂධය අප රටට ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නෑ. එමෙන්ම එකී ඖෂධයේ සාම්පල අප රටේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කිරීමක් කළ යුතුය. බොහෝ විට එකී ඖෂධ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම සිදු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීමකින් තොරව ලේඛන පමණක් පරීක්ෂා කොට ඖෂධ ආනයනය කිරීමට අවසර ලබා දෙන ක්‍රමවේදයකුත් තිබෙනවා.
(එම සාක්ෂිකාරිය සිය සාක්ෂිය ලබාදීමේදී සිංහල වචන භාවිතයට වඩා ඉංග්‍රීසි වචන භාවිතා කිරීම නිසා හැකිතාක් දුරට සිංහල භාෂාවෙන් සාක්ෂි ලබාදෙන ලෙසට සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකාරියට අවවාද කළේය )
සාක්ෂිකාරිය ;
නිෂ්පාදනාගාර අනුමැතිය හිමිවුණාට පසුව ආනයනකරු ඉදිරිපත් කරන ඖෂධ ලියාපදිංචියට අදාළ ලිපිගොනුවේ අවම වශයෙන් ලේඛන 350ක් වත් අඩංගුයි. අපි ලබාදී තිබෙන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔහු මුලින්ම ඊට අදාල ඉල්ලුම් පත්‍රය සමඟ එම ලිපි ගොණුව ඖෂධ නියාමන අධිකාරියට භාර දෙන්න ඕනා. එකී ලේඛන ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් විසින් නිසි ලෙස පරීක්ෂා කර ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් ගොනුව අදාල බලධාරීන්ට ලබා දෙනවා. ඒවා විශේෂඥ තාක්ෂණ කමිටුව විසින් නිර්දේශ කලාට පසු තමයි ආනයනය ක්‍රියාවලිය සඳහා අනුමැතිය හිමිවන්නේ.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය.-
ඒ සඳහා ක්‍රමවේද දෙකක් තිබෙන බව ඔබ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා නේද ?
සාක්ෂිකාරිය ;
ඔව් ජීව විද්‍යාත්මකව නිෂ්පාදන හා රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් සිදුකරන ඖෂධ නිෂ්පාදනය ප්‍රධාන කොටස් දෙකයි. ඉමියුහෝගිලොබියන් එන්නත් එලෙස ජීව විද්‍යාත්මකව නිෂ්පාදනය කරන ඖෂධයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒවා ජීව සංඝටක ඇතුළත් කොට නිෂ්පාදනය කරන ඖෂධ වර්ගයක් බවත් රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ගත් තිබෙනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
ඖෂධයක් ආනයනය කිරීමට අවසර ලබාදීමට පෙර සලකා බලන වෙනත් විශේෂ කරුණුු මොනවාද?
සාක්ෂිකාරිය ;
ඒක අත්‍යවශ්‍ය ඖෂධයක්ද? එම ඖෂධය අපේ රටට මාසයක භාවිතය සඳහා කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද? මේ දක්වා තිබෙන තොග ප්‍රමාණය හා ඇනවුම් කර ඇති තොග ප්‍රමාණය වගේ කරුණුත් සොයා බලනවා. ඊට අමතරව එම ඖෂධයේ උප්පැන්න සහතිකය අපේ භාෂාවෙන් කියනවා නම් ඖෂධයේ උප්පැන්න සහතිකය ගැන අපි සොයා බලනවා. එම ඖෂධය එරටේ නිෂ්පාදනය කරන්න බලධාරීන් සත්‍ය වශයෙන්ම අවසර ලබාදීලා තියෙනවාද? කියන එක. ඒවා එම රටේ වෙළඳ පොලේ අලෙවි කරන්න එරට බලධාරීන් අවසර දීලා තියෙනවාද කියන සහතික කළ යුතුයි. ආනයනකරුත් මෙන්ම අපනයනකරුත් වෙනත් රටවල අලෙවි කරන්න ලබා දී තිබෙන සහතිකයට අපේ රටට ඖෂධ ගෙන්වන්න අවසර දෙන්නේ නෑ. එම ඖෂධය අපේ රටේ අලෙවි කිරීමට අපේ රටට නිකුත් කළ සහතිකයක් ඇත්නම් විතරයි ඒවා රටට ගෙන්වන්න අවසර දෙන්නේ. එකී නිෂ්පාදනය වෙනත් රටවලට අලෙවි කර ඇති බවට නිකුත් කරන සහතිකය පමණක් මදි. මේ සියලු තොරතුරු සහතික ඖෂධ ආනයනයකරු. ඖෂධ නියාමන අධිකාරියට ලබාදීමට බැඳී සිටිනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
තවත් මොනවාද සොයා බලන්නේ?
සාක්ෂිකාරිය ;
ඖෂධයේ ලේඛනය සපයා තිබෙන දත්තවලට සමානද කියන එක. ඒ වගේම එම ඖෂධය භාවිතා කිරීමට අදාළ නිර්දේශත් දැඩි ලෙස සොයා බලනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
ඔබ කීවා නේ ! ඖෂධය ආනයනකරුවකු. ඉදිරිපත් කරන එක් ඉල්ලුම් පත්‍රයක් අඩංගු ලිපි ගොණුවක සාමාන්‍යයෙන් ලේඛන 350 ක් විතර අඩංගුයි කියලා? සාමාන්‍යයෙන් එවැනි ගොනුවක් පරීක්ෂා කරලා අදාළ නිර්දේශය දෙන්න කොපමණ කාලයක් විතර ගතවෙනවාද?
සාක්ෂිකාරිය ;
සමහර අවස්ථාවල එවැනි වෙළුම් 25-30 කට අධික වන අවස්ථා තිබෙනවා. වැඩ කරන දින තුන්සීයක් ඇතුළත එම ඇගයීම් කටයුතු කරන්න පුළුවන්. ඖෂධ ආනයනය කිරීමට අදාලව ඖෂධ නියාමන අධිකාරිය අඛණ්ඩව නියාමනය කරනවා. ඒවා නිසි උෂ්ණත්වය යටතේ වරායට හෝ ගුවන්තොටුපළට රැගෙන එනවාද ? ඊට පසු ඒවා එකී උෂ්ණත්වය යටතේම ගබඩා වෙත ප්‍රවාහනයනය කරනවාද? එම ගබඩාවල නිසි ක්‍රමවේදය යටතේ ගබඩාකොට තිබෙනවාද කියා නියාමනය කරනවා. ගබඩා බලපත්‍රයක් ගැනීම ගබඩාකොට තැබීම මෙන්ම ප්‍රවාහනය කිරීමටත් නිසි බලපත්‍රයක් තිබිය යුතුයි. එකී ඖෂධ ආනයනය කළ අවස්ථාවේ සිට රෝගියාට ලබාදෙන අවස්ථාව වනතුරු අපි නියාමනය කරනවා.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
ඖෂධයේ ආයු කාලයත් බලපානවා නේද? ඒ ගැනත් නියාමනය කරනවා නේද? ඖෂධ ආනයනකරු ඒ සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ කාගේ ආවරණ ලිපියක් යටතේද?
සාක්ෂිකාරිය ;
සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එම ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුයි. එවැනි අයදුම් පත් ඖෂධ නියාමන අධිකාරියට භාරදිය යුතුයි. ඊට පසු තමා තාක්ෂණ කමිටු ඒවා සලකා බලන්නේ.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකු ඊයේ (10) දිනයේත්, විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි අතර නම වන විත්තිකරු නොමැතිව එම නඩු විභාගය පැවැත්වේ. නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණය හමුවේ. පෙනී නොසිටි අතර ඔහුට එරෙහිව වෙනත් මහාධිකරණයක් හමුවේ ගොනුකර ඇති නඩුවක් කැඳවීම සිදුවන නිසා එම අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි. නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. කෙසේ නමුත් පෙරවරු 10.30 ට පමණ වන විට ඔහුව විවෘත අධිකරණය හමුවට රැගෙන ඒම සිදු කරන ලදී.
වැඩිදුර විභාගය අද (11) දක්වා කල් තැබිණි.
සටහන - සුජීවා



