Sunday, December 21, 2025
spot_img

Latest Posts

ප්‍රවෘත්ති නිවේදනය: විශ්ව දැනුම සොයන ඔබ වෙනුවෙන් ‘විශ්ව පාසල’ ඇරඹෙයි!

එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ මාධ්‍ය ඒකකය විසින්  ‘විශ්ව පාසල’ නමින් අලුතින්ම ආරම්භ කරන ලද දැනුම කේන්ද්‍රය මගින්, ගෝලීය දේශපාලනය, ආර්ථිකය, ඉතිහාසය සහ තාක්ෂණය වැනි විෂය ක්ෂේත්‍රවල අතීත, වර්තමාන සහ අනාගත තොරතුරු ගැඹුරින් සාකච්ඡා කර, විසංවාද කිරීමේ සහ ඉගෙනීමේ විප්ලවීය අවස්ථාවක් උදා කර තිබේ.

ප්‍රථම සැසියට අදම ලියාපදිංචි වන්න!

‘විශ්ව පාසල’ හි ප්‍රථම සැසිය 2025 නොවැම්බර් මස 29 වැනි සෙනසුරාදා දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.

දිනය2025.11.29 (සෙනසුරාදා)
වේලාවපෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා
ස්ථානය4/120, තලකොටුව උද්‍යානය, නාරාහේන්පිට

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, “විශ්ව දැනුම අතැඹුලක් ලෙස” ගෙන, විවෘත සංවාද තුළින් දැනුම හුවමාරු කර ගැනීමයි. ඒ අනුව, ගෝලීය සිදුවීම් පිළිබඳව විචාරශීලීව අවබෝධ කර ගැනීමට කැමති ඕනෑම අයෙකුට මෙම සැසි සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි වේ.

ආසන වෙන් කර ගැනීම

විශ්ව පාසලේ සංවිධායකයින් දන්වා සිටින්නේ, මෙම දැනුම් සන්නිවේදනයේ පෙරළිකාර අවස්ථාවට සහභාගී වීමට කැමති සියලු දෙනාට වයස් බේදයකින් තොරව අවස්ථාව විවෘත වන බවයි.

පළමු සැසිය සඳහා පහත Google Form පිරවීමෙන් ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න:

👉 ලියාපදිංචි වීමට: https://forms.gle/nvBPxeZLWWtXLCZB6

‘විශ්ව පාසල’ විසින් මෙලෙස සංවාද, විසංවාද සහ අධ්‍යාපනය යන තේමා පාඨ යටතේ ගෝලීය තොරතුරු පිළිබඳව ගැඹුරු දැනුමක් සොයන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත නව මාර්ගයක් විවෘත කරමින් සිටින බව මෙම ප්‍රවෘත්ති නිවේදනය මගින් අවධාරණය කරයි.

Latest Posts

spot_imgspot_img