Latest Posts

මිලින්ද ජිනීවා ගියා වගේ

කෝරාළගේ ලියුම – (3)

උදේ නැගිට්ට ගමන්, හීනෙන් වගේ ඔළුවට ආවේ, මිලින්ද රාජපක්ෂව. සමහර වෙලාවට, මට හිතිලා තියෙනවා, මිලින්ද ඇත්තටම මහින්දගේ පුතා කියලා. මොකද කිව්වොත්, මිලින්දට,.මහින්දගේ ගතිගුණ හා මූහුනු ලක්ෂණ ගොඩාක් පිහිටලා තියෙනවා, ඔය නාමල්, යෝෂිත හා රෝහිතට වඩා. 

අනෙක් දෙය තමයි, දෙන්නාගෙම, නම පටන් ගන්නේ, මයන්නෙන්. මිලින්දට වංචා චෝදනා නැහැ. මිලින්දට කිසිම එකෙක් චෝදනා කරලා නැහැ. 

මිලින්දට තියෙන එකම චෝදනාව, රාජපක්ෂලාව කොන්දේසි විරහිතව ආරක්ෂා කරන එක. ජීනිවා ගිහිල්ලා හරි. 

සමහර වෙලාවට මට හිතෙනවා, මහින්දගේ කට්ටකම මිලින්දට එහෙම් පිටින්ම ගිහිල්ලා කියලා. ඔය මහින්ද ලොක්කා, ජාතික දේශපාලනය් පොරක් වුනේ, ජවිපේ විප්ලවාදින්ව බේරගන්න ජිනීවා ගිහිල්ලා. මිලින්ද ගියෙත් ජිනීවා. ඒ වගේම, 2005 දී, මහින්ද ලොක්කාට වඩා කීර්තිමත් කට්ටිය හිටියා, චන්ද්‍රිකාගෙන් පස්සේ නායකයා වෙන්න. අනුර බණ්ඩාරනායක පවා හිටියේ නායකයා වෙන්න ඔන්න මෙන්න. 

බොරු රාජපක්ෂලා හිරේ ගියොත්, අන්තිමට ඉතිරිවෙන්නේ, මිලින්ද රාජපක්ෂ විතරයි. මහින්ද, මිලින්දව, පොහොට්ටුවේ නායකයා කරනවා. රනිල්ගේ අලියා පවා, මිලින්දට උදව් කරනවා. හැබයි, සාගලව අගමැති කරනවා නම්. 

2029 ජනාධිපතිවරන සටන තියෙන්නේ, අනුර හා මිලින්ද අතර. එකම උස, එකම පාට, දෙන්නාම ගමෙන් ඇවිල්ලා, හරියට රොස්මීඩ් මාවතේ ඉපදුණා වගේ ඉන්නේ, දෙන්නාම තමුන්ගේ බිරිඳව රටට පෙන්නන්නේ නැහැ, දෙන්නාටම සල්ලි තියෙනවා නමුත් පෙන්නන්නේ නැහැ. දෙන්නාටම ඇත්ත බොරු කරන්නත්, බොරු ඇත්ත කරන්නත් පුලුවන්, මේ දෙන්නාම දේශපාලනයේ උඩට ආවේ, උඩින් හිටපු, ඔක්කොම එවුන්ව අයින් කරලා. 

මිලින්ද ජනාධිපති වුනාම, හිරේ ඉන්න රාජපක්ෂලාව නිදහස් කරන්නේ නැහැ. ඒ ගොඩට අනුර, ලාල්, විජිත, බිමල් කට්ටියම හිරේ දානව. රනිල්වයි, සාගලවත් දානවා. හැබයි, හරිනිව අගමැති කරලා, මාලිමාව ළඟට ගන්නවා. 

ඔන්න ඔහොමයි, මේ දවස්වල දේශපාලනයේ එවුන් ගනන් හදන්නේ. උන්ගේ ඔළුවේ තියෙන මනස්ගාත , උන්ම ඇත්ත කියලා හිතෙනවා. 

අදට එච්චරයි.

Latest Posts

spot_imgspot_img