Latest Posts

යාපනයේ පැරණි ළිඳක් අස්සෙන් මතුවූ රහස: T56 පතොරම් 2,000කට වැඩි තොගයක් සොයාගත් හැටි

යාපනය, ඇන්තනීපුරම් ප්‍රදේශයේ කාලයක් තිස්සේ වල් බිහිවී තිබූ අත්හැර දැමූ ළිඳක් ශුද්ධ පවිත්‍ර කිරීමට යාමේදී, කිසිවෙකුත් නොසිතූ අබිරහස් පෙට්ටියක් මතු කරගැනීමට ඉඩමේ හිමිකරුවන්ට හැකිවී තිබේ.

සැකකටයුතු ලෙස ළිං පතුලේ තිබූ මෙම පෙට්ටිය පිළිබඳව ඉඩම් හිමියන් වහාම ක්‍රියාත්මක වී පොලීසිය දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විශේෂ ගවේෂණාත්මක පරීක්ෂාවේදී අනාවරණය වූයේ, එහි T56 වර්ගයේ සජීවී පතරොම් 2,249ක් ඉතා සුරක්ෂිතව අසුරා තිබූ බවයි.

යුද සමයේදී හෝ ඊට පෙර සඟවන්නට ඇතැයි සැකකෙරෙන මෙම පතරොම් තොගය දීර්ඝ කාලයක් ජලයට යටවී තිබීම නිසා දැඩි ලෙස දිරාපත්ව පැරණි තත්ත්වයේ පවතින බව අනාවරණය වී ඇත.

අදාළ පතරොම් තොගය පිටතට ගෙන මහජන ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි විනාශ කර දැමීම (නිෂ්ක්‍රීය කිරීම) සඳහා අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීමට පොලීසිය මේ වන විට ගවේෂණාත්මක ඉදිරි නීතිමය පියවර ගනිමින් සිටී.

Latest Posts

spot_imgspot_img