Latest Posts

The Substandard Medicine Case -Shared Passwords and the Corporate Mafia That Exploited Procurement Exposed in High Court

The trial against 12 accused, including Sudath Janaka Fernando, the owner of Isolez Biotech Pharma, regarding 14 indictments including the criminal misappropriation of over Rs. 140 million in state funds by supplying substandard, counterfeit drugs to the Department of Health, was taken up for further hearing before the Colombo Permanent High Court at Bar.

Through the testimony provided by Darshana Bandara Rathnayake, a Medical Supplies Assistant at the Medical Supplies Division (MSD) of the Ministry of Health, before the three-judge bench comprising Presiding Judge Priyantha Liyanage, Judge Viraj Weerasuriya, and Judge Thilakarathne Bandara, the horrifying tragedy of the country’s healthcare administration was clearly exposed.

This trial logically proves not only the severe weaknesses within the state service but also how meticulously a criminal fraud was executed by a business entity that infiltrated a legitimate procurement process.

Systemic Loopholes: Shared Passwords and Warehouses Without Duty Lists

Responding to inquiries by Deputy Solicitor General Ms. Lakmini Girihagama, who led the prosecution, the witness revealed that the security of the computer system used to issue life-saving drugs is at an extremely weak level. It was confirmed in court that once logged in with one individual’s password, other officers also carry out their duties using the same access. Attorney-at-Law Harendra Banagala, representing the first accused, fiercely questioned this alarming situation.

  • Deputy Solicitor General: “Once one person logs in, do others also work using it?”
  • Witness: “Yes, they view the orders.”
  • Defense Counsel (Harendra Banagala): “Then what is the purpose of having three passwords for the three of you?”

This dialogue clarifies that corruption is not merely the act of a single individual; rather, the system itself is structurally designed in a way that allows individuals to evade accountability. Furthermore, during cross-examination by Attorney-at-Law Ashoka Serasinghe, representing the fifth accused, the witness admitted that warehouse keepers had not even been provided with a specific duty list.

Blind Signatures and the GRN Farce

How counterfeit drugs seamlessly entered government warehouses was clearly explained through the cross-examination by Attorney-at-Law Asela Serasinghe, representing the second accused. It was revealed that the Goods Received Notes (GRN), issued upon receiving stocks, were certified by officials without properly verifying the identity of the supplier.

  • Defense Counsel (Asela Serasinghe): “I suggest that when the three officials are certifying it, they must check who the supplier is.”
  • Witness: “We only check the quantity and the expiry date.”
  • Defense Counsel: “I suggest that the other details are also cross-checked.”
  • Witness: “We check the item code.”

Although the Deputy Solicitor General raised an objection during this cross-examination, the three-judge bench delivered a highly logical ruling and granted permission to proceed with those questions.

  • Presiding Judge: “If raising objections while questions are being asked is considered a hindrance, even illegal questions could be included… The cross-examination is inquiring into the reason for issuing a GRN. It concerns whether the goods were received properly. There is no illegality in that… Therefore, that question is allowed.”

Attorney-at-Law Nuwan Jayawardena, representing the third accused, further emphasized these severe structural weaknesses in the GRN process before the open court.

The True Root of the Crisis: Not a Flaw in Procurement, but Corporate Fraud

The most crucial factor in this trial report is understanding that the crisis did not merely arise within the legal framework of the procurement process itself. The primary crime here is that the business entity (Isolez Biotech Pharma / Live Health Bio Pharma), which submitted to the government procurement procedure and secured approval, fraudulently supplied substandard life-saving drugs such as Human Immunoglobulin and Rituximab, deceiving both the government and vulnerable patients.

The corporate mafia perfectly weaponized the inefficiencies within the state machinery and systemic weaknesses—like ‘blind’ document inspections (GRNs)—to successfully execute their fraud.

The Mystery of 189 Phone Calls and Hidden Connections

Through the points raised by Attorney-at-Law Amitha Ariyaratne, representing the eleventh accused, the suspected abnormal relationships that may have existed between state officials and corrupt suppliers were heavily scrutinized in court.

  • Defense Counsel (Amitha Ariyaratne): “Would you accept it if I suggested that 189 phone calls were made from your phone to the aforementioned number between May 11, 2023, and October 10, 2023? The owner of that number is Sudath Janaka, the owner of Isolez Biotech Pharma. You have made 186 calls from Warehouse No. 6.”
  • Witness: “I don’t know the exact number… I may have spoken to him.”
  • Defense Counsel: “You have maintained an abnormal relationship with him.”
  • Witness: “I reject that.”

This High Court evidentiary hearing very clearly proves that the Rs. 140 million pharmaceutical tragedy is not merely a systemic error. It is a lethal financial crime, meticulously executed by a businessman who, having legally won the procurement process, subsequently exploited the weaknesses in the state system, the negligence of officials, and hidden personal connections to his absolute advantage.

නඩු වාර්තාව
2026/09/02

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා දී රුපියල් කෝටි දාහතරකට අධික රජයේ මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ “අයිසොලෙස්  බයෝටෙක් ෆාමා”  හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (01) යළි විභාගයට ගැනිණි.

ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැති මෙම  නඩු විභාගයේදී සාක්ෂි දීම සඳහා කැඳවා තිබුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ වෛද්‍ය සැපයුම් සහකාර දර්ශන බණ්ඩාර රත්නායකයි.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් ඔහු මෙසේ කීවේය.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; ඔබ ගබඩාවෙන් ආයතනවලට හා රෝහල්වලට ඖෂධ නිකුත් කරන්නේ කුමන ලේඛන මතද? 
සාක්ෂිකරු ; අපි System එකෙන් බලනවා. එහි allocated ස්ථාන බලලා අවශ්‍ය බෙහෙත් ප්‍රමාණ ගබඩාවෙන් නිකුත් කරනවා. එය ගණන් කර භාර දෙනවා.  
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ; ඔබේ ගබඩාවෙන් නිකුත් කරන තොග නිකුත් කිරීම සඳහා පරිගණක කීයක් තිබේද? 
සාක්ෂිකරු ; 2 යි. 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කොහොමද නිකුත් කරන්නේ? 
සාක්ෂිකරු ; පාස්වර්ඩ් ඒකෙන් පරිගණකයට ලොක් වෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ;  එක්කෙනෙක්  ලොග් වුනාට ඒකෙන් අනෙක් අයත් වැඩ කරනවද? 
සාක්ෂිකරු  ; ඔව්, ඕඩර්ස් විව් කරනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔය ලේඛනයට නමක් තියෙනවද? 
සාක්ෂිකරු - ඔව් STV 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එහි පෙන්වන්නේ කුමක්ද? 
සාක්ෂිකරු ; අනුමත ප්‍රමාණය 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; වයල් එකට අමතරව බැච් අංකයකුත් සඳහන්ද? 
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්රිය ; ඔබ ක්‍රම 2 ගැන කිව්වා.
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඒවා ගෙන යන්නේ කවර අන්දමේ වාහනවලද? 
සාක්ෂිකරු ; අදාල ශීතකරණ සහිත වාහනවල
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; අදාළ ආයතනවලින් ඇවිත් කොහොමද ගන්නේ? 
සාක්ෂිකරු ; අපි අදාළ ප්‍රමාණය නිකුත් කරනවා. ශීතකරණ සහිත වාහන ඇවිත් අරන් යනවා. 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබට ජාතික රෝහල නිකුත් කළ මෙම ලේඛන හඳුනාගත හැකිද? 
සාක්ෂිකරු - පුළුවන්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එහි කාබන් කොපිය තිබෙනවාද? 
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය  සොලිස්ටර් ජෙනරාල්වරිය ; වාහනය හා ගබඩාව අතර කොපමණ දුරක් තිබෙනවාද?
සාක්ෂිකරු - 20-30 m පමණ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මේ කියන රාජකාරිය 2-8 C° ශීත දාමය පවතින සෑම ඖෂධයකටම එකද? 
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබට 403/1 හඳුනාගත හැකිද? 
සාක්ෂිකරු ඔව් ස්වාමීනී. 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; අයිස්පැක් දමා ලබා දෙන අවස්ථා හැරුණු විට අයිතමයන් සහිත කාටුන් කුල් වාහනයට  පටවනවද?
සාක්ෂිකරු - ඔව් 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ලොරි රථයේ 2-8 C° තිබේ නම් කුල් පැක්  ඉවත් කරනවා. 
සාක්ෂිකරු ; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මෙම ලේඛනවල ඔබේ අත්සන තිබේද? 
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; 1079 කියන STV අංකය යටතේ යැවූ ඖෂධ තොගය යැව්වේ අයිස්  පැක්ද නැත්නම් නිකම්ද කියා මතකද? 
සාක්ෂිකරු; මතක නැහැ.
නියෝජ්‍ය සොලිස්ටර්  ජෙනරාල් වරිය; ඔබ සාක්ෂි දුන්නා යම් ආයතනිකයින් ඇවිත් ඖෂධ තොග ගෙන යන හැටි.
සාක්ෂිකරු; ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; ඔබ මේ තොගය බාරදී ඇත්තේ කවදාද? 
සාක්ෂිකරු; 2023/8/15
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය; 69 බාර දී ඇත්තේ කෙසේද?
සාක්ෂිකරු; ජාතික රෝහලට බාර දීලා තියෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; කවුද දුන්නේ?
සාක්ෂිකරු; මම
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; ඔබ නිකුත් කර තිබෙන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් කොපමණක්ද?
සාක්ෂිකරු; වයල් 401 ක්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; අත්සන කාගෙද.?
සාක්ෂිකරු; මගේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය; රෝහලකින් පැමිණ හියුමන් ඉමියුනොග්ලෝබියුලින්  භාර ගන්න විට දෙන විදිය ඔබ කිව්වා.
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : ඔබ සමග සේවය කළ මදුසංඛ මහතා විදේශගත වුණා නේද? 
සාක්ෂිකරු- ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය: ඔහු විසින් මේ Advice note එක නිකුත් කරන්නේ කාටද? 
සාක්ෂිකරු -  MSD අධ්‍යක්ෂ  වෛද්‍ය විජේවික්‍රමට
නියෝජ්‍ය: සොලිස්ටර් ජෙනරාල්වරිය - 1235 දරන SBV පත්‍රය හඳුනාගත හැකිද බලන්න. එය කොහාට     යැවූ එකක්ද?
සාක්ෂිකරු - කරාපිටියට.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - මොන බැච් එකේද? 
සාක්ෂිකරු A 722 230 401, 2023/06/21 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය- කවුද නිකුත් කළේ
සාක්ෂිකරු -  මිලින්ද මහතා
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : ඒවා ගත්තේ කෙසේද?
සාක්ෂිකරු - කරාපිටියෙන් ඇවිත් අරන් ගියා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - 2925/2/11 ඇඩ්වයිස් නෝට් එක හඳුනා ගත හැකිද? 
සාක්ෂිකරු - ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මේ ලේඛනය අනුව මොනවද ඔබේ ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ?සොලිස්ටර්
සාක්ෂිකරු ; රිටොක්සිමැබ් 100 යි. හියුමන් ඉමියුනොග්ලෝබියුලින් ivv 5-6g 100 යි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - 2025/1/11 දිනට ඇඩ්වයිස් නෝට් එක බැච්වලට යොමු කළාද?
සාක්ෂිකරු - ඔව් 732 230401 බැච් එක
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - කල් ඉතුත් වීම කවදාද? 
සාක්ෂිකරු - 2025/4/01
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - මෙහි තිබෙන්නේ නිකුත් කරන්න ඇති හේතූන්
සාක්ෂිකරු - ඔව්
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - වම් පස ඉහලින්ම සඳහන් අංකය කුමක්ද?
සාක්ෂිකරු- මම දන්නේ නැහැ.
නියෝජ්‍යය සොලිස්ටර් ජෙනරාල්වරිය - ඔබේ ගබඩාවෙන් මේ ප්‍රමාණය නිකුත් කළාද? 
සාක්ෂිකරු;- ඔව්
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; කාටද?
සාක්ෂිකරු : ලැබ් එකේ අර්ජුන පද්මපෙරුම මහතාට.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; මෙම වයල් 100 බාර දුන්නේ කාටද?
සාක්ෂිකරු - අංක 2 ශීත කාමරයේ සෘජුෆෝම් බොක්ස්වල දාලා ඒ අය හදා ගත්තා
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - ඔබ ඒවා ලබා දුන්නා විතරද? 
සාක්ෂිකරු - ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : ඒක දෙද්දි කොහොමද තිබුණේ.
සාක්ෂිකරු - මුද්‍රා සහිතව. 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : ඔවුන් එය සීල් කළාද? 
සාක්ෂිකරු - ඔව් හතර පැත්තම
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය;- ඔබ කුමක්ද කළේද?
සාක්ෂිකරු - මම ඒ මත අත්සන් කළා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : තව කවුද අත්සන් කළේ?
සාක්ෂිකරු : සී. අයි. ඩී එකේ ලක්සිරි මහතා මම සහ අර්ජුන මහතා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - ඔබ පත්මපෙරුමගේ අත්සන හඳුනනවාද?
සාක්ෂිකරු - නැහැ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : ඔබට රිටොක්සිමැබ් ඖෂධය භාර දීම හඳුනා ගත හැකිද? 
සාක්ෂිකරු - ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්වරිය - ඔබට ඊට අදාළ Advice note එක හඳුනාගත හැකිද? 
සාක්ෂිකරු - ඔව්.
නියෝජ්‍යය සොලිස්ටර් ජෙනරාල්වරිය - කාගේ නියෝග මත ද එය නිකුත් කළේ. 
සාක්ෂිකරු - සහකාර අධ්‍යක්ෂක ඖෂධවේදී
නියෝජ්‍ය සොලිස්ටර්  ජෙනරාල්වරිය - ඔබ මීට පෙර ඔහුගේ අත්සන හදුනා ගත්තා 
සාක්ෂිකරු - ඔව්
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : වයල්  කීයද?  
සාක්ෂිකරු- 100 යි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - නිකුත් කළ අත්සන කාගේද? 
සාක්ෂිකරු;- මගේ...
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - මෙය: කොතනින්ද නිකුත් කලේ?
සාක්ෂිකරු - අංක  2 ශීත ගබඩාවෙන්
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : කොහොමද නිකුත් කළේ? 
සාක්ෂිකරු- මම ඒ ප්‍රමාණය ලබා දුන්නා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : එවිට අර්ජුන මහතා එය ලබා ගත්තා.
සාක්ෂිකරු - ඔව් 
නියෝජ්‍ය සොලිස්ටර්  ජෙනරාල්වරිය : රිටොක්සිමැබ් වලට ඩේටා ලොගර් යෙදුවද?
සාක්ෂිකරු : ඔව් එයටත් ලක්සිරි සහ මම අත්සන් කළා.  අර්ජුනත් අත්සන් කලා. 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - මේ ලිපිය යටතේ ඔබ මොනවද බාරගෙන ඇත්තේ.?
සාක්ෂිකරු :  හියුමන් ඉමියුනාග්ලොබ්යුලින්  වයල්  100 ක්  ලයිව්හෙල්ත්  බයො ෆාමා සමාගමේ 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - කවුද මේක භාරදී ඇත්තේ?
සාක්ෂිකරු ; ඉන්ද්‍රජිත් මහතා. 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - ඔහු SBV පත්‍රපත්‍රවලට අත්සන් කරලද? 
සාක්ෂිකරු - ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය  - කුමන බැච් අංකය යටතේද?
සාක්ෂිකරු - A 732230401 බැච් එකේ 2025/02/10 ද?
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය - ඔබට රෝහලකින් මොනවහරි ගෙනාවාම කොහොමද භාර ගන්නේ? 
සාක්ෂිකරු -  කූල් රූම් එකේදි තත්ත්වය පරීක්ෂා කළා  ඉන්ද්‍රජිත් හා චානක මහත්වරු ඉදිරියේ...
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - කාගේ නිර්දේශ මතද..? කවුද ඔබව අධීක්ෂණය කළේ. 
සාක්ෂිකරු;- චානක මහතා.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - Physical comdition සීල් ආදිය ආදිය බලලද බාර ගත්තේ.
සාක්ෂිකරු - ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය - ඔබ ශීත දාමයේ නිකුත් කර අන්දමටම යළි භාර ගනිද්දී අසුරා තිබුණාද? 
සාක්ෂිකරු - ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - ඒ ගැන සෑහීමකට පත් වුණාද?
සාක්ෂිකරු - චානක මහතා අනුමත කළ නිසා මම බාරගත්තා.
නියෝජ්‍යා සොලිස්ටර් ජෙනරාල්වරිය - ඉන්ද්‍රජිත් මහතා කවර නිලධාරියෙක්ද..?
සාක්ෂිකරු - ඖෂධවේදියෙක් .
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - 2025/02/10 කරාපිටියේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් 100 ක් බාරගෙන  තිබේද?
සාක්ෂිකරු - ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : පැ 434 advice note  එක බලන්න.
සාක්ෂිකරු - එහිදී අධිකරණ නියෝගයට අදාල සහකාර අධ්‍යක්ෂ (ඖෂධවේදී) ගේ නියෝග පරිදි පද්මපෙරුම මහතා ගත්තේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය - කොහේ තිබිලද? 
සාක්ෂිකරු - ශීත කාම්බර අංක 2
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය : ඒක නිකුත් කරල තියෙනවද?
සාක්ෂිකරු : නැහැ. MSD එකේ තියනවා.
නියෝජ්‍යා සොලිස්ටර් ජෙනරාල්වරිය සෘජුවම සැපයුම්කරුගෙන් ඇවිත්..? 
සාක්ෂිකරු - ඔව්.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :  පැ. 433 යටතේ වයල් 100  ක් නිකුත්කර තිබුණා. ඒවා කොහෙන්ද?
සාක්ෂිකරු - කරාපිටියෙන්.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය - කරාපිටිය රෝහලින් 2025/02/10 දින ලද වයල් 100 හැරුණු කොට MSD හි වෙනත් වෙනත් හියුමන්  ඉමියුනොග්ලොබියුලින්   A 732230400, A732230403 හෝ A732230402 යටතේ තිබුණද?
සාක්ෂිකරු - නැහැ.

(විත්තියේ නීතිඥවරුන් හරස් ප්‍රශ්න ප්‍රශ්න ඇසීම අරඹයි. දෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ)
නීතීඥ ; ඔබ ගබඩා ආශ්‍රිතව GRN නිකුත් කිරීම ආරම්භ කළේ කොයි කාලේ සිටද?
සාක්ෂිකරු - 2019 ජනවාරියේ සිට
නීතීඥ ; ඔබ දිගටම රාජකාරී කළේ යම් ගබඩාවක් ආශ්‍රිතවද?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි.
නීතීඥ ; ; අංක 6 ගබඩාව පමණයි.
සාක්ෂිකරු : ඔව් 2-8 C° සහ Below 25C° ගබඩාව.
නීතීඥ ; ඔබ ස්ලීඩා හි මොනවද හැදෑරුවේ.?
සාක්ෂිකරු; ගබඩාකරණය
නීතීඥ ; කවුද ඒ අවස්ථාව දුන්නේ?
සාක්ෂිකරු ; රජයෙන්.
නීතීඥ ; 2023 වෙද්දි හදාරලා ඉවරද?
සාක්ෂිකරු; එතකොට ඉවරයි.
නීතීඥ ; ඔබ සේවය කරන්නේ ගබඩාවට රාජකාරී වාර්තා කළේ සහකාර අධ්‍යක්ෂකට 
සාක්ෂිකරු; ඔව්
නීතීඥ ; මේ නඩුවට අදාළව හියුමන් ඉමියුනොග්ලොබියුලින්  බාරගත් බවට ලේඛන පෙන්නුවේ 92 ගොනුවෙන්.
සාක්ෂිකරු ; ඔව්
නීතීඥ ; GRN පතක් නිකුත් කරන්න කලින් ඉන්වොයිස් බලලා GRN බලනවා ඇති?
(නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විරෝධය පළ කරයි.)
නීතීඥ ; Recived, pripared by කියලා කවුද මේක අත්සන් කලේ.
සාක්ෂිකරු; මිලින්ද මහතා.
නීතීඥ ; PH Indent number ඇතුළත් වුණෙ  කොහොමද?
සාක්ෂිකරු; ඒක ගැන දන්නේ නැහැ.
නීතීඥ ; Supolier name ඇතුළත් වන්නේ කොහොමද?
සාක්ෂිකරු; ඒකත් මම දන්නේ නැහැ.
නීතීඥ ; ඔබ ඇත්තද මේ කියන්නේ?
සාක්ෂිකරු; ඔව්
නීතීඥ ; අයිටම් කෝඩ් මොනවාද?
සාක්ෂිකරු; දන්නේ නැහැ.
නීතීඥ ; ඩිස්ක්‍රිප්ෂන්  කොහෙද ඇලෙව්වේ. 
සාක්ෂිකරු; ඒවා මූලිකව සිදුව එන ඒවා.
නීතීඥ ; GRN ප්‍රමාණය කොහෙද ඇතුල් වෙන්නේ.
සාක්ෂිකරු; එය ඇතුළත් කරනවා.
නීතීඥ ; ඒ සඳහා පරීක්ෂා කළ යුතුයි.
සාක්ෂිකරු; ඔව්
නීතීඥ ; ඩැමේජ් බලන්නත් පරීක්ෂා කළ යුතුයි. ෂෝටේජ් කියා සඳහන් වන්නේ කුමක්ද?
සාක්ෂිකරු; වෙන් වෙන් වශයෙන් භාණ්ඩ පරීක්ෂාව.
නීතීඥ ; ඇනවුම් අංක මොනවාද?
සාක්ෂිකරු; දන්නේ නැහැ.

නීතීඥ ; බැච් නම්බර්?
සාක්ෂිකරු; අපි නෙවෙයි කරන්නේ.
නීතීඥ ; කල් ඉකුත් වීමේ දිනය?
සාක්ෂිකරු; අපි නෙවෙයි කරන්නේ?
නීතීඥ ; ප්‍රමාණය.? 
සාක්ෂිකරු; අපි තුන්දෙනාගෙන් කෙනෙක්.
නීතීඥ ; පැකින් ඩීටේල්.?
සාක්ෂිකරු; මම දන්නේ නැහැ.
නීතීඥ ; 92  ගොනුවේ ඉන්වොයිස් පත්‍ර ඔබ හඳුනා ගත්තා නොවේද?
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; 90 ගොනුව බලන්න.
සාක්ෂිකරු; invoice පත්‍ර 4 ක් තියෙනවා. 
නීතීඥ ; ඒවාට අදාළ GRN පත්‍ර හඳුනා ගත්තා.
සාක්ෂිකරු; ඔව්
නීතීඥ ; ආකෘති පත්‍රය අනුව තොරතුරු ඇතුලත් කරලා  තියෙන්නේ.?
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; PA Number, invoice item cide, ආදී සියල්ල.
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; 92, 93, ගොනුවල GRN බලන්න.
සාක්ෂිකරු; බැච් එකට අදාලව ප්‍රමාණය පරීක්ෂා කරන්න.
නීතීඥ ; එකම ඉන්වොයිස් පත්‍රයේ බලන්න ඕන නේද? ඖෂධයේ කල් ඉකුත් වීමේ දිනය ඇතුල් කළ යුතුයි නේද?
සාක්ෂිකරු; ඒක අපි නෙවෙයි ඇතුල් කරන්නේ.
නීතීඥ ; මම යෝජනා කරනවා GRN පත්‍රයේ තියෙන්නේ සහකාර අධ්‍යක්ෂගේ අත්සන කියා.
සාක්ෂිකරු; ඔව්. 
නීතීඥ ; Check by කියා ඔබේ අත්සන තියෙනවා.
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; සමහර ඒවා චෙක් බයි කියා අත්සන් කර ඇත්තේ මිළින්ද?
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; මහත්මයලා මේ GRN ලේඛනය පිණිවරදි කියා මතයේ හිඳ කටයුතු කරනවා.
සාක්ෂිකරු; ඔව්
නීතීඥ ; මම යෝජනා කරනවා නිලධාරීන් 3 දෙනා සහතික කරද්දි සැපයුම්කරු කවුද කියා බැලිය යුතුය කියා.
සාක්ෂිකරු; අපි බලන්නේ ප්‍රමාණය හා ;කල් ඉකුත් දිනය පමණයි.
නීතීඥ ; මම යෝජනා කරනවා අනිත් ඒවාත් සංසන්දනය කරන බව.
සාක්ෂිකරු; අයිටම් කෝඩ් එක බලනවා.
නීතීඥ ; ඔබට පැමිණිල්ලෙන් පෙන්නුවාදුන් සියලු GRN පත්‍ර එහෙම තමයි නිකුත් කලේ නේද?
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; ඒ විතරක් නෙවෙයි ඔබට පෙන්වා දුන් අගෝස්තු මැයි වගේ කාලවලත් තව ඖෂධ භාර ගන්න ඇත්තේ ඒ කාලෙත් මේ කාරිය පටිපාටිය අනුගමනය කරන්න ඇත්තේ?
සාක්ෂිකරු; ඔව් ස්වාමීනි.
නීතීඥ ; GRN පිටපත් කීයක් හැදුවාද?
සාක්ෂිකරු; කාට කාටද?
නීතීඥ ; original එක හා කොපියක් සැපයුම්කරුවට, අනෙක ගබඩාවට.
(මේ අවස්ථාවේ නියෝජ්‍ය සොලිස්ටල් ජෙනරාල් වරිය චෝදනා කරන ලද්දේ විත්තියේ නීතිඥ උත්තර අඟවමින් ප්‍රශ්න අසන බවය. අනෙක් අයගේ රාජකාරී නොදැන පිළිතුරු දෙන බවය.
නීතිඥවරයා; අවස්ථා ගණනකදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය මට බාධා කළා. විත්තියේ නීතිඥවරයෙක් වශයෙන් මට උත්තරය ඇඟවෙන ප්‍රශ්න යොමු කිරීමට සාක්ෂි ආඥා පනතේ ඉඩ තියෙනවා. ඔහු නොදන්නේ නම් නොදන්නා බව කිව යුතුයි. පිළිතුරු දීමට බාධා තිබෙනවා. අධිකරණයේ නියෝග වලට යටත්ව හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටිනවා. 

නියෝජ්‍ය සොලිස්ටල් ජනනල්වරිය; සාක්ෂිකරු කර හැකි රාජකාරීන් රාශියක් ඒ තුළින් අන්තර්ගතය කර තිබූ නිසා මම විරුද්ධ වුනේ ස්වාභීනි.

විනිසුරු; පැමිණිල්ලට මෙන්ම අනෙක් පාර්ශවයටද, ප්‍රශ්න යොමු කරන අවස්ථාවේදී සාක්ෂි නීතිය මත පදනම්ව විරෝධතා ඉදිරිපත් කිරීමට අයිතියක් ඇත. ඒ නිසා ප්‍රශ්න විමසද්දීමත් විරෝධතා ඉදිරිපත් කිරීම බාධාවක් සේ සැලකුව හොත් නීති විරෝධී ප්‍රශ්න වුවද ඇතුළත් විය හැක. මෙම අවස්ථාවේ සාක්ෂිකරු පිළිතුරු දීමට පෙර ඉවත් කරන ලදී. ඒ නිසා බාධාවක් සිදු නොවන බව අධිකරණයට හැඟෙයි. හරස් ප්‍රශ්නයෙන් විමසනු ලබන්නේ GRN පත්‍රයක් නිකුත් කිරීමට හේතුවයි. එය භාණ්ඩ නිසි පරිදි ලබා ගැනීමක්ද යන්නයි. එහි අනීතික බවක් නැත. ඊට සාක්ෂිකරුවන්ගේ රාජකාරිය වශයෙන්  පිළිතුරු දිය හැක. එම නිසා ඒ ප්‍රශ්නයට ඉඩ දෙනු ලැබේ. 

නීතීඥ ; යම් ඖෂධ තොගයක් ගබඩාවලට බාරගන්න කියන එක නේද GRN කියන්නේ?
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය.
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; 92 හොඳට බලන්න ඔබ සීල් එකක තබා තිබුණා.
සාක්ෂිකරු; මම දැනුවත් නැහැ ඒ ගැන.
නීතීඥ ;  ඉන්වොයිස් එක හා පර්චස් ඕඩරය රැගෙන එන්නේ සැපයුම්කරු.
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; එය සැපයුම්කරුට ලබා දුන්නා නේද? 
සාක්ෂිකරු; ඔව් එලෙසම හෝ පසුව දෙනවා.
(පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල.
නීතීඥ ; ඔබට රාජකාරී ලැයිස්තුවක් දීලා තිබුනද.?
සාක්ෂිකරු;  නැත.
නීතීඥ ; රාජකාරියට බැඳුන දා සිට අත්දැකීම් පමණයි.
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ;ඔබ කරන්නේ ගේන ගාන ගැනල ගිහින් තියාගන්න එක;
සාක්ෂිකරු; නිකුත් කිරීමක් කරනවා.
නීතීඥ ; ඒ කියන්නේ ගැනල අරන් ගැනල බෙදනවා.
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ; ඖෂධ එනකොට ඒවා තියෙන ගාන පුරුද්දක් විදිහට දන්නවද?
සාක්ෂිකරු; ඔව්.
නීතීඥ ;ශීත කාමරවල යතුරු තියෙන්නේ කොහෙද?
සාක්ෂිකරු ;ආරක්ෂක අංශයේ.
නීතීඥ ;  මුරපද එකක්ද.වෙන වෙනම තියේද.
සාක්ෂිකරු; ලොග් වුණ කෙනාගේ ලොගින් එකෙන් අපි වැඩ කරනවා. 
නීතීඥ ; එහෙනම් තුන් දෙනාට මුර පද තුනක් මොකටද? ඖෂධයක් භාවිතයෙන් ඉවත් කළ පසු ලොග් එකක් වැටෙනවද? 
සාක්ෂිකරු; නැහැ ලොග් එකක් දමනවා.
(5 වන චූදිත වෙනුවෙන් නීතිඥ අශෝක හේරසිංහ ප්‍රශ්න කිරීම ඇරඹීය)
නීතීඥ ; ඔබට රාජකාරී ලැයිස්තුවක් නැද්ද?
සාක්ෂිකරු; නැහැ.
නීතීඥ ; රාජකාරි ලැයිස්තුවක් නැහැ කිව්වට රාජකාරී පිළිවෙලක් තියෙනවා.
සාක්ෂිකරු; ඔව්.
(තෙවන චූදිත වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන.
නීතීඥ ; මේ සිද්ධිය සිදුවූ දිනය මතකද?
සාක්ෂිකරු; මතක නෑ.
නීතීඥ ; GRN පතක් ඉදිරිපත් කරන අන්දම පැහැදිලි කළ හැකිද?
සාක්ෂිකරු; ගබඩාවලට ලැබුණම  GRN කරනවා.
නීතීඥ ; දේශීය නිෂ්පාදනත් එහෙමද?
සාක්ෂිකරු ; ඔව්.
නීතීඥ ; ආයතන මගින් ගන්න තොග MSD එකට ලැබෙන්නේ නැහැ කියා මා යෝජනා කරනවා.
සාක්ෂිකරු ; ඒ ගැන මා දැනුවත් නැහැ.
(11 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අමිත ආරියරත්න.)
නීතීඥ ; හියුමන් ඉමියුනාග්ලොබ්යුලින් බාර ගැනීමට පෙර ඒ සැපයුම්කරුවන්ගෙන් වෙන කිසිවක් සපයා නැහැ. 
සාක්ෂිකරු ; නැහැ.
නීතීඥ ; මොකක්ද ඔහු හා තියෙන සම්බන්ධය.
සාක්ෂිකරු; කිසි සම්බන්ධයක් නැහැ.
නීතීඥ ; 0713815232 දුරකථන අංකය දන්නවද?
සාක්ෂිකරු ; නැහැ.
නීතීඥ ;ඔබට මතක නෑ. මම යෝජනා කළොත් පිළිගන්නවද 2023/5/11 සිට 2023/10/10 දක්වා දුරකථන ඇමතුම් 189 ක් ඉහත අංකයට ඔබේ දුරකථනයෙන් අරන් තියෙනවා තියෙනවා කියලා.
සාක්ෂිකරු; කතා කරලා ඇති.
නීතීඥ ; කවුද එහි හිමිකරු.
සාක්ෂිකරු; දන්නේ නැහැ.
නීතීඥ ; ඒ හිමිකරු අයිසොයිලෙස් බයෝ ෆාමා හිමිකරු සුදත් ජානක. ඔබ අංක 6 ගබඩාවේ සිට  ඇමතුම් 186  අරන්.
සාක්ෂිකරු; ගාන දන්නෑ.... කතාකරලා ඇති.
නීතීඥ ; ඔහු සමග අසාමාන්‍ය සබඳතාවක් පවත්වාගෙන ගිහින් තියෙනවා.
සාක්ෂිකරු; මම ප්‍රතික්ෂේප කරනවා.
නඩුව යළි (03) විභාගයට  ගැනේ.

Latest Posts

spot_imgspot_img